Friday, October 24, 2014

සුර්ය විදුලිය රජයට විකුණමු..

  අපි ගෙදර නිපදවන සුර්ය විදුලිය රජයට විකුනනේ කොහොමද?මෙය ඔබට ගැටලුවක් ව ඇති .හරි මම කියලා දෙන්නම් ඒක කරන හැටි..ඒ කියන්නේ දවල්ට විදුලි බල මණ්ඩලය පැත්තට කැරකි රෑට පමණක් අපේ පැත්තට කැරකෙන විදුලි මීටරයක් සවිකර ගන්න ඔබ කැමති වියයුතුයි..කවුද අකමැති මේ වැඩේට..රජයත් මේකට ෆුල්
සපෝට් නිසා ලේසියෙන්ම වැඩේ කරන්න පුළුවන්..
ඉතින් මේ වගේ විදුලි මීටරයක් සවිකරන්න නම් ඔබේ නිවසේ සුර්ය විදුලි උත්පාදක යන්ත්‍රයක් තියෙන්න ඕන.ඔබ පත්ධතිය මගින් නිපදවන විදුලිය දිවා කාලයේදී ජාතික විදුලි බල පත්ධතියට එකතුවෙනවා..එවිට විදුලි මීටරය ආපස්සට කැරකෙනවා..රාත්‍රියේදී අපි විදුලිය භාවිතයට ගනිද්දී මීටරය ඉදිරියට කැරකෙනවා..දවල්ට ආපස්සට කැරකෙන ප්‍රමාණය වැඩිනම් අපට මාසෙකට විදුලි බිලක් එන්නේ නැහැ..හරි ඉතින් කොහොමද රජයට විකුනන්න පුළුවන් ක්‍රමයට සුර්ය බල පත්ධතියක් හදා ගන්නේ..මේකට තමයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය තියෙන්නේ..එයාල අපේ වැඩේට ෆුල් සපෝර්ට් එකක් දෙන්න නිතරම සුදානම්..නිත්‍යානුකුලව වැඩේ කරන හැටි සරලව කියලා දෙන්නම්..
සුර්ය බලශක්තිය පුනර්ජනනීය එකක් නිසා මෙහි වටිනා කම මිල කල නොහැකියි.මම කලින් කීවක් මෙන් ඔබ නිපදවන විදුලිය රජයට අතිරික්ත ලෙස ලබා දුන්න හොත් ඒවා වසර දහයක් ඇතුලත අපට නැවත ලබා ගත හැකියි..
සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිපුරම ඉන්නේ විදුලි එකක 100-120 විතර භාවිතා කරන අය.අපි හිතමු විදුලි එකක 115 භාවිතා කරන පවුලක් ගැන.ඔවුන්ට මාසික විදුලි බිල රු 2550 ට ටිකක් අඩුයි.එතකොට ඔවුන් කිලෝවොට් භාගයක් විදුලිය නිපදවන සුර්ය කෝෂයක් සවිකර ගත්තොත් ඔවුන්ට සාමානයෙන් වැයවන්නේ ජාතික විදුලි බල පත්ධතියෙන් මාසිකව ඒකක 55 ක ප්‍රමාණයක් විතරයි.ඒ කියන්නේ මාසික විදුලි බිල රු 340 ට ටිකක් අඩුයි.කිලෝ වොට් භාගයක සුර්ය කෝෂයක් වෙළෙඳ පොලේ රු 175000 පමණ වෙනවා..කිලෝ වොට් එකක සුර්ය කෝෂයක් සහිත පත්දතියක් රු ලක්ෂ්‍ය තුනක් පමණ වෙනවා..සාමානයෙන් කිලෝ වොට් භාගයක් විතර එකක් සවිකර ගන්න පුළුවන් අයට  මේක ගොඩක් වටිනවා..
ඉතින් සුර්ය කෝෂයක් සවිකරගෙන මේ ක්‍රමයට එකතු වෙන්න කැමති අය ඔයාලගේ ප්‍රදේශයේ විදුලි අධිකාරි තුමාගෙන් අදාළ අයදුම් පත ලබා ගෙන පුරවා භාර දෙන්න.එවිට ඔවුන් ඔබට සුහිත්‍ය විදුලි අධිකාරියේ ලියාපංචි සුර්ය කෝෂ බෙදා හරිනන්ගෙන් කෙනෙක් තෝරා ගෙන සුර්ය කෝෂයක් මිලදී ගෙන සවිකර ගත හැකියි.ඒ වගේම කියන්න ඕනා ඔබ සුර්ය කෝෂයක් තෝරා ගන්න කොට එයට රක්ෂණ සහතිකයක් දිගුකාලින වගකීමක් ලබා දෙන ආයතනයක් තෝරා ගත යුතු වෙනවා..ඔබට වැඩි විස්තර ලබා ගැනීමට පහත ස්ථානයට යන්න නැතිනම් අමතන්න.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, Block 5,පළමු මහල,BMICH,බෞද්ධාලෝක මාවත 
කොළඹ 07.(011 2 677 445) www.energy.gov.lk





ඔබට ජය!

Monday, October 20, 2014

තැපැල් කාර්යාලවල postal codes මෙන්න.

ගොඩක් අය ලිපි තැපැල් කරන විට postal code එක ලිපිනයට යටින් ලියන්නේ නැහැ.එයින් පාඩුව සිදුවන්නේ ඔබටමයි.postal code එක සඳහන් කිරීමෙන් ඔබේ ලිපිය ඉක්මනින් හා නිවැරදි ලෙස ලිපිනයට යැවීමට හැකි වෙනවා..විශේෂයෙන් ඔබ පිට රටින් යම් භාණ්ඩයක් ඇනවුම් කරන විට postal code එක අනිවාර්ය වෙනවා..දියණු රටවල මෙම තැපැල් සංකේතය අනිවාර්යයෙන් භාවිතා කලයුතු වෙනවා..අංක පහකින් යුතු තැපැල් සංකේතයේ පහත කරුණු අඩංගු වෙනවා..

තවත් දෙයක් ඔයාලා අප ආයතනය මගින් පැකේජ ලබා ගැනීමට ලිපිනය එවීමේදී postal code එක ලිපිනය යටින් ලියා එවන්න.එවිට ඉක්මනින් හා නිවැරදිව ඔබට අදාළ පැකේජය ලැබේවි.මෙතනින් ගිහින් ලංකාවේ සියලුම තැපැල් කාර්යාල වල postal code ටික බා ගන්න.
ඔබට ජය!

Saturday, October 18, 2014

solar විදුලි ජනක නිවැරදිව ස්ථාපනය කර ගනිමු..

ගොඩක් සතුටුයි.ලංකාවෙත් පිටරටත් ගොඩක් කට්ටිය අපේ බ්ලොග් එක කියවලා නිවෙස් වලට සුර්ය විදුලිය ගත්තා කියලා මට email කරලා තිබුනා.ඔයාලා තම solar system එක ස්ථාපනය කරන විට පහත උපදෙස් යොදා ගන්න.එවිට ඇතිවන කරදර ගොඩක් අඩුවේවි.ඔයාලට මේ ගැන ඇති
ඕනෑම ගැටලුවක් අපේ email එකට යොමු කරලා නොමිලේ පිළිතුරු ලබා ගන්න පුළුවන්..
1.ඔබ සතු පැනලය දවල් කාලය තුල හොඳින් ආලෝකය ලැබෙන තැනක සවිකරන්න.වහලය මත නම් වඩා හොඳයි.
2.මාසයකට වරක්වත් පැනලයේ හිරු එලියට නිරාවරණය වන පැත්ත මොප් එකකින් හොඳින් පිරිසිඳු කරන්න.
3.පැනලය ඉතා හොඳින් භූගත කරන්න.
4.අකුණු සැර සහිත විට පැනලයේ සිට solar controller එකට එන වයරය විසන්දි කරන්න.
5.හැම විටම solar controller එකකින් පමණක් බැටරිය ආරෝපණය කරන්න.
6.පැනලයේ සිට controller එකට විදුලිය ගෙන එන වයරයට වැඩි ඇම්පියර් ගණනකින් යුතු වයර් යොදා ගන්න.
7.බැටරිය ඇම්පියර් 30,32,35 නම් අඩුම වශයෙන් වොට් පනහක හෝ හැටක solar පැනලයක් භාවිතා කරන්න.
8.එකම වෝල්ටීයතාවයකින් යුතු පැනල කීපයක් සමාන්තර ගත ලෙස සවිකර වොට් ගණන වැඩි කර ගත හැක.
9.එකම වෝල්ටීයතාවයකින් යුතු බැටරි සමාන්තර ගත ලෙස සවිකර වැඩි ඇම්පියර් ගණනක් ඇති බැටරි පත්දතියක් තනා ගත හැක.
10.නිවසේ ප්ලග් පොයින්ට් හරහා solar විදුලිය නිවසට සවි නොකරන්න.ඒ සඳහා මා කලින් කියා දුන් පරිදි ස්වයංක්‍රීය ගැජට් එක සවිකරන්න.
11.ආලෝකය ලබා ගැනීමට බහුලව පත්දතිය භාවිතා කරන්න.
12.ස්වයංක්‍රීය solar controller එකක් යොදා ගන්න.
13.ඉන්වර්ටරය 500 w පමණ වීම නිවසකට ප්‍රමාණවත්ය.
14.බැටරිය සිසිල් ස්ථානයක තබන්න.
15.බැටරිය මසකට වරක්වත් සර්විස් කර ගන්න.
16.ඔබට ආසන්තම නිවස සමග එකතු වී ඔවුන්ද හවුල් කරගෙන වැඩි බලයකින් යුතු පැනල සවිකර වැඩි ප්‍රයෝජන ලබා ගන්න.
17.බැටරිය ආරෝපණයට යොදා ඇති විට එය විසන්දි නොකරන්න.
18.ඩිජිටල් මල්ටිමිටරයක් යොදා බැටරි වෝල්ටීයතාව නිරීක්ෂණය කරන්න.
19.පැනලය controller එකට සවිකිරීමට පෙර බැටරිය controller එකට සවිකරන්න.
20.ගැලවීමේදී පළමුව load එක ඉවත් කරන්න.දෙවනුව solar පැනල වලින් එන වයර් ගලවන්න.තෙවනුව බැටරි ගලවන්න.
21.ඉන්වර්ටරය solar controller එක හරහා සවි කරන්න.
ඔබට ජය!

Friday, October 17, 2014

ඔබේ දුරකතනයේ බැටරියේ හැටි මෙන්න..

   අප වෙබ් අඩවිය මගින් ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම ගැන පාඩම් මාලාවක් ආරම්භ කළා ඔබට මතක ඇති.පසුගිය දින වල එහි ඉතිරි පොස්ට් ටික ලියන්න වෙලාවක් තිබුනේ නෑ..මම ඔයාලට ඒ සියල්ල ටිකටික කියලා දෙනවා.අපිත් එක්ක ඉන්න. අදත් ටිකක් ලිවුවා..මෙන්න ඔබේ දුරකතනයේ බැටරියේ හැටි..
සාමාන්‍යයෙන් ජංගම දුරකථන වල භාවිතා වන බැටරි වර්ග කීපයකි.

1.ලිතියම් අයන් බැටරි.
2.ලිතියම් පොලිමර් බැටරි.
3.නිකල් කැඩ්මියම් බැටරි.
සාමාන්‍ය දුරකථන වල ඇත්තේ ලිතියම් අයන් වර්ගයේ බැටරිය.tab වර්ගයේ පරිගණක වල ත්තේ ලිතියම් පොලිමර් වර්ගයේ බැටරිය.
බැටරියක අග්‍ර කීයක් තියෙනවාද?
අග්‍ර තුනකි.ධන ඍන හා BSI ලෙස.ඔබට බැටරිය පරික්ෂා කල විට එහි අග්‍ර 3 ක් නිරික්ෂණය කල හැකි වනු ඇත.එම අග්‍ර පිහිටන පිළිවෙල බැටරියෙන් බැටරියට වෙනස් විය හැක.එය බොහෝ විට බැටරිය මත මුද්‍රණය කර තිබේ.BSI යනු.(Battery site indicator) යන්නයි.එමගින් කරනුයේ බැටරියේ ආරෝපණ වෝල්ටීයතාව පිළිබඳව අදහසක් ප්‍රොසෙසරය වෙත ලබා දීමයි.බැටරිය තුල පවතින විදුලි ප්‍රමාණය,ආරෝපණ මට්ටම,බැටරිය බැස ඇති බව සියල්ල මෙම අග්‍රය හරහා දුරකතයේ ප්‍රොසෙසරයට ලබා දේ.

සාමාන්‍යයෙන් බැටරියක වෝල්ටීයතාවය 3.7v වේ.
බැටරිය 2.9 v පමණ වන විට චාජරය මගින් ආරෝපණය කල නොහැක.එවිට එය යතාතත්වයට පත් කිරීමට වෙනම ක්‍රමයක් ඇත.එය පසුව කියා දෙන්නම්.4.2 v පමණ දක්වා ආරෝපණය වුවහොත් දුරකතනයේ power ic වලට හානි පැමිණේ.BSI අගය වල දෝෂ ඇතිනම් පහත දෝෂ ඔබේ දුරකතනයට උරුම වේ.
1.දුරකතනය ON කිරීමට නොහැකි වේ.
2.INSERT SIM ලෙස පණිවිඩයක් තිරය මත පෙන්වයි.
3.NOT CHARGING ලෙස පෙන්වයි.
4.ඔන් කර සිග්නල් ලැබෙන විටම OFF වී යයි.
5.ඇමතුමක් ගන්නා විට OFF වී යයි.
මේවට බොහෝ විට හේතුවන්නේ BSI අග්‍රයේ පවතින දුර්වල සම්බන්දතාවයි.මකන කැබැල්ලක් මගින් එම අග්‍රය හොඳින් පිසදා නැවත බැටරිය සවිකරන්න.බොහෝ විට දෝෂ මග ඇරේ.එමන්ම සම්බන්ධක අග්‍ර හොඳින් තදවේදැයි බලන්න .අවුලක් නම් ඒවා තද කර බැටරිය නැවත සවි කරන්න.
දුරකථන බැටරිය බිම වැටීමෙන් හෝ නිතර නිතර ආරෝපණය කිරීමෙන් එහි ආයු කාලය අඩුවේ.අදික වෙලාවක් බැටරිය ආරෝපණය කළහොත් බැටරිය නිතැනින්ම විනාශවේ.තවත් බොහෝ දේ ඊළඟ දුරකථන අලුත්වැඩියාව පොස්ට් එකින් කියාදෙන්නම්..
ඔබට ජය!

Thursday, October 16, 2014

SOLAR CONTROLLER එකකින් වැඩ දාමු..2.

ඔයාලා විශාල ප්‍රමාණයක් මට කතාකරලා ස්තුති කළා.. අපේ ළිපි මාලාවට.මිලකළ නොහැකි ලිපි තොගයක් අපේ බ්ලොග් එකේ තියෙනවා කියල නන් දෙසින් එන ඇමතුම් වලින් පැහැදිලි වෙනවා..ඉතින් මා මිට පෙර පොස්ට් එකකින් කියලා දුන්නා මතක ඇති SOLAR CONTROLLER ගැන.අද මම කියලා දෙන්න යන්නේ ඊටත් වඩා වටින කොටසක්.ඔයාලා දන්නවා සුර්ය විදුලි උත්පාදකයක දවල්ට
ලැබෙන හිරුඑලියෙන් තමා බැටරිය ආරෝපණය වී අපට රාත්‍රී කාලයේදී එම ගබඩාවූ ශක්තිය මගින් විදුලිය ලෙස ලැබෙන්නේ.ඉතින් ඔය ආකාරයට රාත්‍රී කාලයේදී අපට ඉන්වර්ටරය මගින් ලබා දෙන 230V විදුලිය නිවසේ විදුලි පරිපතයට සව්කරන්නේ කොහොමද?මේකට ක්‍රම කීපයක් තියෙනවා..සුර්ය විදුලි ජනක පත්දතියට වෙනම වයරින් එකක් දීම ඉන් පළමු වන්නැයි.මෙය කරදර කාරී වැඩක් කියල ඔබට පෙනේවි.හැමතැනම ආයෙත් මකුළු දැල් වගේ වයර් ඇද්දම කාටත් ඉතින් අප්සෙට් තමයි.
තව විදිහක් තමයි.නිවසේ ප්‍රධාන විදුලි ස්විචය OFF කරලා ප්ලග් පොයින්ට් එකකට ඉන්වර්ටරයේ OUTPUT එක ලබා දීම.මෙවිට පහසුවෙන් බල්බ හා වෙනත් උපකරණ ක්‍රියා කල හැකියි.නමුත් ශීතකරණයක් ස්තිරික්කයක් වගේ එකක් එම කාලය තුල භාවිතා කරන්න බැරි වෙනවා..කරනවා නම් ඒවාට වෙනම වයර ප්‍රධාන පුවරුවේ සිට අදින්න වෙනවා..අනික ඉන්වර්ටරය ක්‍රියාත්මක නොවන විට නැවත විටින් විට ප්‍රධාන ස්විචය ON/OFF කරන්න වෙනවා..ඒ කියන්නේ මෙයත් අසාර්ථක කරදර කාරී වැඩක්.ගොඩක් දෙනෙක් මේ විදිහට හයි කරගෙන අමතක වෙලා අයන්,හීටර් වගේ ඒවා හයිකරලා බැටරිය ඉක්මනින් බැහැලා..වැඩේ අවුල් කරගෙන..

අනික මෙම SOLAR SYSTEM එක වඩාත් ගැලපෙන්නේ නිවසේ ආලෝකය ලබා ගැනීම සඳහා..විදුලි පංකා,TV දාන්න ගියොත් ඔයාලට බැටරියේ උපරිම ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා.අනික එම උපකරණ වල කාර්යක්ෂමතාව අඩුයි.එනිසා ශක්තිය හානි වෙනවා..නමුත් LED හෝ CFL සවිකර ඒවාට පමණක් මෙම පත්දතිය මගින් බලය ලබා දීමෙන් අපට විශාල කාර්යක්ෂමතාවක් ලබා ගත හැක.මම නම් නිවසේ සියලුම බල්බ වලට led  බල්බ් දාල තියෙන්නේ..ආලෝකය ලබා ගැනීමට මෙය යෙදීම වඩාත් වටිනේ අප බොහෝ වෙලාවට බල්බ  අනවශ්‍ය ස්ථානවල නිකරුනේ දල්වා තබන නිසයි.
හරි.ඔයාල කැමති ඇති..රාත්‍රී කාලයේදී සුර්ය විදුලි ජනක මගින් නිකුත්වන විදුලිය ස්වයංක්‍රීයව නිවසේ ආලෝක කරන හෝ වෙනත් විදුලි පත්දතියකට ලබා දීමට.ආලෝක කරන වැඩේට පමණක් යොදා ගන්නවානම් ගොඩක් හොඳයි.ඉතින් මේකට මම කියලා දේන්නම් පුංචි ගැජට් එකක්.හරිම ලේසි වැඩක්.රිලේ උපාංගයක් හරහා තමයි මේක කරන්නේ.මෙය ක්‍රියාත්මක වන්නට SOLAR CONTROLER එක අවශ්‍ය වෙනවා.දවල්ට OUTPUT LOAD එක OFF වෙලා හිරු බැසගිය පසු ඉබේම OUTPUT 12V නිකුත් කරන සෙටින්ග්ස් ඔයාල CONTROLLER එකේ හදන්න ඕනා.එම OUTPUT එක පැය 5 ක් පමණ ක්‍රියාත්මකව තබන අදාළ සෙටින්ග්ස් සකසා තබන්න.
කොහොමද මේක වැඩ කරන්නේ..සුර්ය පැනලයට හිරු එළිය නොවැටී අදුර වැටීමත් සමග SOLAR CONTROLLER එක ක්‍රියාත්මක වී එහි OUTPUT LOAD එක ON කරනවා..එවිට ඒ හා සම්බන්ද කර ඇති ඉන්වර්ටරය ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා..එම OUTPUT 12V වලින්ම ගැජට් එකේ රිලේ එක ON වෙනවා..එවිට ඉන්වරටරය මගින් නිකුත්වන විදුලිය ස්වයංක්‍රීයව නිවසේ විදුලි පත්දතියට ගමන් කරනවා..නැවත බැටරිය බැස යත්ම CONTROLLER එක මගින් ස්වයංක්‍රීයව LOAD OUTPUT එක නතර කරනවා..එවිට රිලේ ස්විචය අක්‍රිය වෙනවා..එවිට රිලේ උපාංගයේ සම්බන්දය නිවසේ ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ද වෙනවා..මේ ආකාරයට ඔබට කිසිවක් නැවත ගලවන්නෙවත් ස්විච් ON/OFF කරමින් කරදර වීමට අවශ්‍ය නොවනු ඇති.ඔබ ආලෝකය සඳහා භාවිතා කරනවා නම් නිවසේ විදුලි පාලන පුවරුවේ විදුලි බල්බ සඳහා යන විලායක ස්විචයන් OFF කර තැබිය යුතුයි.විදුලි බල්බ වලට යන පරිපථ පමණක් එම විලායක ස්විච් අසලදී එකතුකරන්න.එවිට නිවසේ සියලුම විදුලි බල්බ ඔබට දල්වා ගත හැකියි.ප්ලග් එකක් තුලින් ලබා ගන්නා ප්‍රධාන විදුලිය  රිලේ සුවිචයට  ලබා දිය හැකි බැවින් බ්‍රේකර්ස් ස්විච් සදාකාලිකවම OFF කර තැබිය හැක.රිලේ උපකරණය ක්‍රියාත්මක වන අයුරු පහත රූප සටහනින් පෙන්වා දී ඇත.
ඔබට ජය!

Wednesday, October 15, 2014

ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කරන්න ක්‍රමයක්..

ඔබ නිවසේ භාවිතා කරන ශීතකරණය නිවසේ විදුලි බිල වැඩිකරන මාරයකු බව ඔබ නොදන්නා කරුණක් නොවෙයි.මසකට සෑහෙන විදුලි ප්‍රමාණයක් ගිල ගන්නා මෙයට ඇත්තටම විසදුමක් නැද්ද?හෙටදින ඒ ගැන කල්පනා කලේ මිට වසර කිහිපයකට උඩදීයි.ඔන්න ගොඩක් ට්‍රයි කරලා එවැනි එකක් සකස් කර වසරක් පමණ භාවිතා කරලා එහි ප්‍රතිඵල ගොඩක් හොඳ නිසා ඔයාලටත් කියලා දෙන්න සිතුනා..අපි වෙළෙඳ පොළින් ගන්න තියෙන POWER SAVER වලත් තියෙන්නේ මිට ටිකක් වෙනස්
පරිපථයක්.ඒවායේ වියදම ටිකක් ඉහලයි.ඉතින් මම කියලා දෙන්නේ අඩු මුදලට ගෙදරම හදා ගන්න පුළුවන් පරිපථයක්.මුලින්ම කියන්න ඕනා ප්‍රධාන විදුලිය සරණ මෙවැනි පරිපත ඉතා හොඳින් ප්ලාස්ටික් ආවරණයක බහා භාවිතා කලයුතු බව.විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස් වල මෙය ඉතා ආරක්ෂාකාරී ලෙස භාවිතා කල යුතුයි.
ඔබ මෙහි දක්වා ඇති උපාංග වලට සමාන උපකරණ භාවිතයට නිතරම උත්සාහ කල යුතුයි.සොයා ගැනීමට අපහසුනම් අගයන් එකතුවන වන පරිදි හෝ අඩුවන පරිදි සකසා හෝ ආසන්න අගයන් ඇති උපාංග යොදා සකස් කරන්න පුළුවන්.වෙරෝ බෝර්ඩ් කැබැල්ලක හොඳින් ඉඩ සිටින පරිදි අනවශ්‍ය තඹ පටි ඉවත් කර පරිපත ගොඩනගන්න.මා මුලින් දී ඇති රුපයේ අදාළ උපාංග පසෙකින් දක්වා ඇත.දෙවන රුපයේ ඇති පරිපථයේම අදාළ උපාංග දක්වා ඇත.පරිපථවල N හා L ලෙස දක්වා ඇති OUTPUT අග්‍ර දෙක මගින් ශීතකරණයට විදුලිය ලබා දෙන්න.මෙමගින් විදුලි භාවිතය අඩු වෙන්නේ කොහොමද කියලා ඊළඟ පෝස්ට් එකකින් කියා දෙන්නම්.මෙම උපකරණය සවිකලාම ශීතකරණයට යන විදුලි බිල 20%-30% කින් පමණ අඩු කර ගන්න පුළුවන්.
ඔබට ජය!

Sunday, October 12, 2014

Facebook වීඩියෝ ක්ලිප් පට ගාල බා ගන්න ක්‍රමයක්..

  ඔයාල නිතරම facebook යන නිසා ඕන තරම් ඔබට වටින වීඩියෝ ක්ලිප් දැකලා ඇති.මේවා ඩවුන්ලෝඩ් කර ගන්න තිබුනානම් කියලා හිතිලත් ඇති.ඒත් ඩවුන්ලෝඩ් මැනේජර් එක හරහා නම් සමහර ඒවා බාන්න බැහැ..ඉතින් මම කියලා දෙන්නම් එයට පහසු ක්‍රමයක්..ඔයාලට තියෙන්නේ මුලින්ම ඉන්ටර්නෙට් සම්බන්දය පරිගණකයට ලබා දෙන එක.ඊළඟට facebook එකේ තියෙන වීඩියෝවක් ධාවනය වීමට සලස්වන්න.ඊළඟට බ්‍රවුසර් එකේ ඇඩ්රස් බාර් එකේ
ලිපිනය සම්පුර්ණයෙන්ම කොපි කර ගන්න.(ctrl+A)දැන් මෙතනින් ගිහින් මේ අඩවියට ඇතුළු වන්න.
එහි ලියාපදිංචි වීමට අවශ්‍ය නැහැ.එහි පහලට ගියාම ඔබට පෙන්වී දිග කොටුවක් තියෙනවා හරහට.එකේ කෙලවරේ DOWNLOAD කියලත් ඇති.අන්න ඒ කොටුව මත ඔබ කලින් කොපි කර ගත් ඇඩ්‍රස් එක past කරන්න.
දැන් ඊට ඉදිරියෙන් ඇති download කියන බට්න් එක ඔබන්න.කොහොමද වැඩේ නියමයි නේද?
ඔබට ජය.

Thursday, October 9, 2014

solar controller එකෙන් වැඩ දාමු..

  අපේ බ්ලොග් එක කියවලා කට්ටිය solar විදුලි ජනක නිර්මාණය කරලා.දැන් ගෙදර ලයිට් දාන්නේ බැටරියෙන් කියලා සතුටින් මට email කරපු ගණන ඉතා විශාලයි.තරහා වෙන්න එපා හැමෝටම රිප්ලයි දෙන්න බැරි වුනාට.හරි ඔයාලට තවත් ටිකක් හෙල්ප් එකක් දෙන්න එක්ක මම කියලා දෙන්නම් solar controller එක ගැන තව ටිකක්.අද මම කියා දෙන්නේ ST-G1210 කියන solar controller
එක ගැන.ගොඩක් දෙනාට මේගැන උනන්දුව තිබුනාට ඉංග්‍රීසි ටිකක් අවුල් අය මට නිතරම කියනවා සිංහලින් ඒවා කියලා දෙන්න කියලා..
  • solar controller එක හයි කරන නිවැරදි ක්‍රමය කුමක්ද?

මුලින්ම බැටරියට controller එක සවි කරන්න.දෙවනුව සුර්ය පැනල වලින් එන කේබල් දෙක controller එකට සවි කරන්න.බැටරියට controller එක සවිකළ ගමන් එය ස්වයංක්‍රීයව බැටරියේ වෝල්ටීයතාව හදුනා ගන්නවා..24v හරි 12 v වුනත් මෙයට කිසිම අවුලක් නැතිව හදුනා ගන්න පුළුවන්.මම මුලින් කිව්වුව විදිහට මුලින්ම බැටරියට controller එක සවිකළේ නැතිනම් හරියට controller එකට නියමිත වෝල්ටීයතාවය හදුනා ගන්න බැහැ.
  • controller එකට සවිකළ යුතු සුර්ය පැනලයේ වෝල්ටීයතාව කීයද?

මෙය මම ඉහත දැක්වූ එකේ නම් 40 v ලෙස දැක්වෙනවා..ඊට වඩා වැඩිවුනොත් හානි වෙන්න පුළුවන්.අවම ගණන 16v ඇම්පියර් 32 ක බැටරියක් දිනකදී සම්පුර්ණ නම ආරෝපණයට 50 w විතර පැනල එකක් ඇති.ST-G1210 controller එකේ බැටරිය ආරෝපණය පෙන්වන led තිරයක් තියෙනවා..එහි රතුපාටින් led දැල්වෙමින් ආරෝපණය පෙන්වනවා..හරියට phone එකේ ආරෝපණය පෙන්වනවා වගේ.කට්ට, ටික ටික පිරෙනවා කියන්නේ බැටරිය ආරෝපණය වෙනවා කියන එකයි.එහි අගය ප්‍රතිශතයක් ලෙස ඉහලින් දක්වා තිබෙනවා.
  • controller settings මොනවාද?

ඔවු ඔයාලට ඕන විදිහට මේක පාලනය වෙන්න කලින් ටයිමින් තියන්න පුළුවන්.මෙහි දකුණු පැත්තේ ඇති ඩිස්ප්ලේ එකේ ඔබ තෝරා ගත් ප්‍රෝග්‍රෑම් එක පෙන්වනවා අංකයකින්.මෙහි 0 සිට 17 දක්වා අංක ලබා ගත හැකියි.ඒ සඳහා වම් පස ඇති time/mode ලෙස දක්වා ඇති බට්න් එක තත්පර කීපයක් ඔබා ගෙන ඉන්න එවිට පෙනේවි දකුණු පස led ඩිස්ප්ලේ එක නිවී නිවී දැල්වෙනවා..දැන්  time/mode බට්න් එක ඔබමින් අත හරිමින් ඔබට අවශ්‍ය අංක තෝරා ගත හැකියි.
එම අංක වලින් දැක්වෙන්නේ මේ කරුණු.
0 -මේක දැම්මම බැටරිය ආරෝපණය වෙනවා controler එකෙන් output එක දෙන්නේ නැහැ..
1 සිට 15 මේක දැම්මොත් දවල්ට බැටරිය ආරෝපණය වෙනවා..හිරු එලිය නැතිවීමත් එක්ක රෑ වෙන කොට ස්වයංක්‍රීයව output එක ලැබෙනවා.එය පිට වන්නේ ඔබ අංකණය කල පැය ගණන අනුවයි.උදා හරණයක් ලෙස අංක 10 ලෙස ඔබ තැබුවහොත් output එක ලැබී පැය 10ක් පවතිනවා..
16- දැම්මොත් ඔබට මැනුවල් තමයි on/off කරන වෙන්නේ..ඒකට load ON/OFF බට්න් එක යොදා ගන්න පුළුවන්.
17- තැබුවොත් ඔබ කලින් සකස් කල සියලු සෙටිග්ස් මැකෙනවා..
මම හිතනවා ඔබට ගොඩක් දැනුමක් ලැබෙන්න ති කියලා..මේ සියල වීඩියෝ පාඩම් ලෙස අපේ සිංහල පැකේජ් එකේ සකස් කර තියෙනවා..
  • බැටරිය දිගු කලක් භාවිතා කරන්නේ කොහොමද?

වෝල්ටා බැටරියකට වසර එක හමාරක වොරන්ටියක් තියෙනවා..මාසයකට වතාවක් සර්විස් පාරක් දා ගන්න.අනික ඔයාල ඉන්වර්ටරය සවිකරන විට කිඹුල් ක්ලිප්ස් යොදන්න එපා..එවිට බැටරි කණු වලට හරියට සම්බන්ද වන්නේ නැහැ.තාවකලිකවනම් අවුලක් නෑ.මේකට ධන රින සම්බන්ධක ඔයාලා බැටරි ගන්න කඩෙන්ම ලබා ගන්න පුළුවන්.
අනික කෙලින්ම සුර්ය පැනල බැටරියට සවිකරන්න එපා..ආරෝපණය වැඩි වුනොත් ගෑස් පිටවෙලා බැටරියට හානි වේවි.හැම විටම solar controller එකක් යොදා ගන්න.ඔබට අවශ්‍ය controller අප වෙතින්  ලබා ගත හැකියි.
ඔබට ජය! 

LED බල්බයක් විනාඩි දෙකෙන් හදමු..

  අපේ බ්ලොග් එකේ කට්ටිය පට ගාල LED බල්බ හදනවා කියල ඇමතුම් ලැබෙනවා..ගොඩක් අය අහන්නේ ඉක්මනින් හදන්න පුළුවන් බල්බ ගැන.ඒ හැමෝටම හරියන්න තමයි මේ පොස්ට් එක.මම අද කියලා දෙන්නම් 3W LED බල්බයක් විනාඩි දෙකෙන් හදා ගන්න හැටි.හරිම සරලයි.මේකේ තියෙන්නේ SMD වර්ගයට අයත් LED ඒවා ප්ලේට් එකට පාස්සලා එන නිසා වැඩේ ලේසියි.400V
Condenser එක හා  50 uf එකත් වයර් කැබලි දෙකක් විතරයි පාස්සන්න තියෙන්නේ.ඕකට පොට සහිත ඇඩප්ටරය ගන්න එතකොට වැඩේ ගොඩක් ලේසියි.ඇඩප්ටරය ඇතුලින් වයර් එකේ කම්බිය කුඩා සිදුරින් එලියට ඇර ගෙන ඔබට ලැබෙන කුඩා ඇණය එම කම්බිය සිරවන පරිදි සවිකළ යුතු වෙනවා.අනික් වයරය ඇඩප්ටරය හා ස්පර්ශ වන පරිදි ප්ලාස්ටික් කොටසේ කට්ටය තුලින් එලියට ගන්න.දැන් ඇඩප්ටරය හොඳින් තද කරන්න.මම මේ දාල තියෙන පින්තුර අනුව වැඩේ කරන්න.led බල්බ හදන ආධයුනික කට්ටියට මේ බල්බය ලේසියෙන්ම හදා ගන්න පුලුවන්.ගෙදර තියෙන වෝල් ලාම්පු වලට මෙය කදිමට ගැලපෙනවා.බලන්න සවිකරලා නියම සුදු ආලෝකය ලැබේවි.මේ බල්බයකට වියදම රු 110 ක් විතරයි.පිටකොටුවේ වික්‍රමප්ලාසා එකේ ඩිජිටල් එකේ ඔය බල්බ් එක ගන්න තියෙනවා. ඔබට අර සුත්‍රිකා පහන් වලින් එන කහ පාට කණ එළියට ආයුබෝවන් කියන්න හොඳම කාලයයි මේ.










ඔබට ජය. 

Sunday, October 5, 2014

LED බල්බ වල ඇඩප්ටරය සවිකරන්න පහසු ක්‍රමයක්..

LED ADAPTER
     ඔයාල දැන් අපේ බ්ලොග් එක අද්‍යනය කරලා LED බල්බ හදන්න පටන් අරං කියල ආරංචි නිතරම මට ලැබෙනවා..ලංකාවෙන් විතරක් නෙමෙයි පිට රට ගිහින් ඉන්න අපේ රටේ සිංහල කට්ටියත් වැඩේට බැහැලා කියලා මට දන්වලා තියෙනවා..බ්ලොග් එක කියවලා විතරක් LED බල්බ හදන්න පටන් ගත්ත අය දහසකට වැඩියි..මට වැඩේ පටන් ගත්ත හුඟ දෙනෙක් තැන්ක්ස් කරලා ඊමේල් කරලා තිබුනා..ඒ හැමෝටම රිප්ලයි කරන්න බැරි වුනාට සමා වෙන්න.ගොඩක් අයට බල්බය හදන කොට ඒකෙ ඇඩප්ටර
කොටස ප්ලාස්ටික් කොටසට සවිකර ගන්න ගියාම ටිකක් අවුල් වගේ.කට්ටිය කතාකරලා අහනවා..සුපර් ග්ලු වලින් හරි මල්ටිබෝන්ඩ් වලින් අලවන්නද කියලා..ඒක අවුලක් නෑ..ඒත් අපි මොකටද ඒකට වියදම් කරන්නේ..ඒකත් නිකම්ම කර ගන්න කියලා දෙන්නම් ක්‍රමයක්..මේ විදිහට ඇඩප්ටර් සවිකරන උපකරණ මිලට ගන්න තියෙනවා..එවැනි එකක් රු.5000 ක් විතර වෙනවා..මොටද ඉතින් නිකං අත පුච්ච ගන්නේ..සුළු පරිමාණයෙන් කරන අයට ඉතා පහසු වැඩක් තමයි මේක..මීටත් වඩා සරල ක්‍රම ඔයාලා දැනට කරනවා නම් දන්වන්න.හැබැයි නොමිලේම කරගන්න ක්‍රම විතරයි..
මෙයට අවශ්‍ය වෙන්නේ අඟල් දෙකක පමණ කොන්ක්‍රීට් ඇණයක්,LED බල්බයේ ඇඩප්ටරයට සවිවන ප්ලාස්ටික් කොටසේ ඇතුළත විෂ්කම්භයට සමාන අඟල් හයක පමණ වියළි ලි කැබැල්ලක්..බරින් අඩු මිටියක්.පමණයි.ලි කැබැල්ල ප්ලාස්ටික් කොටස තුළට හොඳින් තදවන පරිදි ඇතුළු කරන්න.
පසුව ඇඩප්ටරය ප්ලාස්ටික් කොටසට ඇතුළු කර ඇණය මගින් එහි කෙළවර කුඩා සිදුරු සාදන්න.මිටිය මගින් ඇනයට සෙමින් තට්ටු කිරීමෙන්.
තදින් ගහන්න එපා ප්ලාස්ටික් කොටස පුපුරයි.ඉතා හොඳින් සවිවිමට ඇඩප්ටරය වටා පස් පොළකින් පමණ සිදුරු විදින්න.
ඔබට ජය!

Friday, October 3, 2014

ඉලෙක්ට්‍රොණික උපාංග දන්සැල..

හෙටදින තාක්‍ෂණික ආයතනය මීට වසර කීපයකට පෙර විවිධ පරීක්ෂණ සඳහා පිටරටින් ගෙන්වන ලද IC තොගයක් ඔබට පරීක්ෂණ සඳහා නොමිලේ ලබා දෙන්න තීරණය කළා..හැබැයි එක අයකුට IC 2 ක් පමණයි ලබා දෙන්නේ.තැපැල් කරලා ගෙදරටම එවන්න පුළුවන්.පහත දාල තියෙන්නේ එම ලිස්ට් එක.අවශ්‍ය අය කොමෙන්ට්
කරන්න.එවිට මට ඉතිරිව තිබේනම් එවන්න පුළුවන්.ඔයාලගේ නිවැරදි ලිපිනය හා ලියාපදිචි තැපෑලෙන් එවීමට නම ලිපිනය ලියු දිග ලියුම් කවරයක් රු.45 ක මුද්දර සමග එවන්න.ලබා ගන්න අයට මගේ ලිපිනය දෙන්නම්.hetadina@gmail ලිපිනයට විස්තර එවන්න.

පහත උපාංග ලබා ගත හැක.තිබෙන ගණන ඉදිරියෙන් දක්වා ඇත.
COP85AB728N9-02
MM5480N-01
LMC1973N-02
DAC0830LCN-01
COP85AC720N9-02
MC1408P7-01
LM2917N-01
DAC0830LCN-01
LM3915N-01
ADC0848BCN-01
MM5480N-01
LM324N-10
VC384N-10
FQPF7N60B-01
12F508-01
16F48A-01
LMC1983CIN-01
LMC835V-01
LMC7011-01

ඔබට ජය!