ගොඩක් සතුටුයි.ලංකාවෙත් පිටරටත් ගොඩක් කට්ටිය අපේ බ්ලොග් එක කියවලා නිවෙස් වලට සුර්ය විදුලිය ගත්තා කියලා මට email කරලා තිබුනා.ඔයාලා තම solar system එක ස්ථාපනය කරන විට පහත උපදෙස් යොදා ගන්න.එවිට ඇතිවන කරදර ගොඩක් අඩුවේවි.ඔයාලට මේ ගැන ඇති
ඕනෑම ගැටලුවක් අපේ email එකට යොමු කරලා නොමිලේ පිළිතුරු ලබා ගන්න පුළුවන්..1.ඔබ සතු පැනලය දවල් කාලය තුල හොඳින් ආලෝකය ලැබෙන තැනක සවිකරන්න.වහලය මත නම් වඩා හොඳයි.
2.මාසයකට වරක්වත් පැනලයේ හිරු එලියට නිරාවරණය වන පැත්ත මොප් එකකින් හොඳින් පිරිසිඳු කරන්න.
3.පැනලය ඉතා හොඳින් භූගත කරන්න.
4.අකුණු සැර සහිත විට පැනලයේ සිට solar controller එකට එන වයරය විසන්දි කරන්න.
5.හැම විටම solar controller එකකින් පමණක් බැටරිය ආරෝපණය කරන්න.
6.පැනලයේ සිට controller එකට විදුලිය ගෙන එන වයරයට වැඩි ඇම්පියර් ගණනකින් යුතු වයර් යොදා ගන්න.
7.බැටරිය ඇම්පියර් 30,32,35 නම් අඩුම වශයෙන් වොට් පනහක හෝ හැටක solar පැනලයක් භාවිතා කරන්න.
8.එකම වෝල්ටීයතාවයකින් යුතු පැනල කීපයක් සමාන්තර ගත ලෙස සවිකර වොට් ගණන වැඩි කර ගත හැක.
9.එකම වෝල්ටීයතාවයකින් යුතු බැටරි සමාන්තර ගත ලෙස සවිකර වැඩි ඇම්පියර් ගණනක් ඇති බැටරි පත්දතියක් තනා ගත හැක.
10.නිවසේ ප්ලග් පොයින්ට් හරහා solar විදුලිය නිවසට සවි නොකරන්න.ඒ සඳහා මා කලින් කියා දුන් පරිදි ස්වයංක්රීය ගැජට් එක සවිකරන්න.
11.ආලෝකය ලබා ගැනීමට බහුලව පත්දතිය භාවිතා කරන්න.
12.ස්වයංක්රීය solar controller එකක් යොදා ගන්න.
13.ඉන්වර්ටරය 500 w පමණ වීම නිවසකට ප්රමාණවත්ය.
14.බැටරිය සිසිල් ස්ථානයක තබන්න.
15.බැටරිය මසකට වරක්වත් සර්විස් කර ගන්න.
16.ඔබට ආසන්තම නිවස සමග එකතු වී ඔවුන්ද හවුල් කරගෙන වැඩි බලයකින් යුතු පැනල සවිකර වැඩි ප්රයෝජන ලබා ගන්න.
17.බැටරිය ආරෝපණයට යොදා ඇති විට එය විසන්දි නොකරන්න.
18.ඩිජිටල් මල්ටිමිටරයක් යොදා බැටරි වෝල්ටීයතාව නිරීක්ෂණය කරන්න.
19.පැනලය controller එකට සවිකිරීමට පෙර බැටරිය controller එකට සවිකරන්න.
20.ගැලවීමේදී පළමුව load එක ඉවත් කරන්න.දෙවනුව solar පැනල වලින් එන වයර් ගලවන්න.තෙවනුව බැටරි ගලවන්න.
21.ඉන්වර්ටරය solar controller එක හරහා සවි කරන්න.
ඔබට ජය!
No comments:
Post a Comment