ඔබ නිවසේ භාවිතා කරන ශීතකරණය නිවසේ විදුලි බිල වැඩිකරන මාරයකු බව ඔබ නොදන්නා කරුණක් නොවෙයි.මසකට සෑහෙන විදුලි ප්‍රමාණයක් ගිල ගන්නා මෙයට ඇත්තටම විසදුමක් නැද්ද?හෙටදින ඒ ගැන කල්පනා කලේ මිට වසර කිහිපයකට උඩදීයි.ඔන්න ගොඩක් ට්‍රයි කරලා එවැනි එකක් සකස් කර වසරක් පමණ භාවිතා කරලා එහි ප්‍රතිඵල ගොඩක් හොඳ නිසා ඔයාලටත් කියලා දෙන්න සිතුනා..අපි වෙළෙඳ පොළින් ගන්න තියෙන POWER SAVER වලත් තියෙන්නේ මිට ටිකක් වෙනස්
පරිපථයක්.ඒවායේ වියදම ටිකක් ඉහලයි.ඉතින් මම කියලා දෙන්නේ අඩු මුදලට ගෙදරම හදා ගන්න පුළුවන් පරිපථයක්.මුලින්ම කියන්න ඕනා ප්‍රධාන විදුලිය සරණ මෙවැනි පරිපත ඉතා හොඳින් ප්ලාස්ටික් ආවරණයක බහා භාවිතා කලයුතු බව.විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස් වල මෙය ඉතා ආරක්ෂාකාරී ලෙස භාවිතා කල යුතුයි.ඔබ මෙහි දක්වා ඇති උපාංග වලට සමාන උපකරණ භාවිතයට නිතරම උත්සාහ කල යුතුයි.සොයා ගැනීමට අපහසුනම් අගයන් එකතුවන වන පරිදි හෝ අඩුවන පරිදි සකසා හෝ ආසන්න අගයන් ඇති උපාංග යොදා සකස් කරන්න පුළුවන්.වෙරෝ බෝර්ඩ් කැබැල්ලක හොඳින් ඉඩ සිටින පරිදි අනවශ්‍ය තඹ පටි ඉවත් කර පරිපත ගොඩනගන්න.මා මුලින් දී ඇති රුපයේ අදාළ උපාංග පසෙකින් දක්වා ඇත.දෙවන රුපයේ ඇති පරිපථයේම අදාළ උපාංග දක්වා ඇත.පරිපථවල N හා L ලෙස දක්වා ඇති OUTPUT අග්‍ර දෙක මගින් ශීතකරණයට විදුලිය ලබා දෙන්න.මෙමගින් විදුලි භාවිතය අඩු වෙන්නේ කොහොමද කියලා ඊළඟ පෝස්ට් එකකින් කියා දෙන්නම්.මෙම උපකරණය සවිකලාම ශීතකරණයට යන විදුලි බිල 20%-30% කින් පමණ අඩු කර ගන්න පුළුවන්.
ඔබට ජය!
godak sthuthiyi.
ReplyDeleteiilanga lipiyen meke kriyakarithwaya kiyala denakan balan innawa.
ps: deweni paripathaye resistors wala 'W' gana kiyada?
මේකෙන් ශීතකරණයට හානියක් සිද්දවෙන්නෙ නැද්ද?
ReplyDelete