ඔයාලා විශාල ප්‍රමාණයක් මට කතාකරලා ස්තුති කළා.. අපේ ළිපි මාලාවට.මිලකළ නොහැකි ලිපි තොගයක් අපේ බ්ලොග් එකේ තියෙනවා කියල නන් දෙසින් එන ඇමතුම් වලින් පැහැදිලි වෙනවා..ඉතින් මා මිට පෙර පොස්ට් එකකින් කියලා දුන්නා මතක ඇති SOLAR CONTROLLER ගැන.අද මම කියලා දෙන්න යන්නේ ඊටත් වඩා වටින කොටසක්.ඔයාලා දන්නවා සුර්ය විදුලි උත්පාදකයක දවල්ට
ලැබෙන හිරුඑලියෙන් තමා බැටරිය ආරෝපණය වී අපට රාත්‍රී කාලයේදී එම ගබඩාවූ ශක්තිය මගින් විදුලිය ලෙස ලැබෙන්නේ.ඉතින් ඔය ආකාරයට රාත්‍රී කාලයේදී අපට ඉන්වර්ටරය මගින් ලබා දෙන 230V විදුලිය නිවසේ විදුලි පරිපතයට සව්කරන්නේ කොහොමද?මේකට ක්‍රම කීපයක් තියෙනවා..සුර්ය විදුලි ජනක පත්දතියට වෙනම වයරින් එකක් දීම ඉන් පළමු වන්නැයි.මෙය කරදර කාරී වැඩක් කියල ඔබට පෙනේවි.හැමතැනම ආයෙත් මකුළු දැල් වගේ වයර් ඇද්දම කාටත් ඉතින් අප්සෙට් තමයි.
ලැබෙන හිරුඑලියෙන් තමා බැටරිය ආරෝපණය වී අපට රාත්‍රී කාලයේදී එම ගබඩාවූ ශක්තිය මගින් විදුලිය ලෙස ලැබෙන්නේ.ඉතින් ඔය ආකාරයට රාත්‍රී කාලයේදී අපට ඉන්වර්ටරය මගින් ලබා දෙන 230V විදුලිය නිවසේ විදුලි පරිපතයට සව්කරන්නේ කොහොමද?මේකට ක්‍රම කීපයක් තියෙනවා..සුර්ය විදුලි ජනක පත්දතියට වෙනම වයරින් එකක් දීම ඉන් පළමු වන්නැයි.මෙය කරදර කාරී වැඩක් කියල ඔබට පෙනේවි.හැමතැනම ආයෙත් මකුළු දැල් වගේ වයර් ඇද්දම කාටත් ඉතින් අප්සෙට් තමයි.
තව විදිහක් තමයි.නිවසේ ප්‍රධාන විදුලි ස්විචය OFF කරලා ප්ලග් පොයින්ට් එකකට ඉන්වර්ටරයේ OUTPUT එක ලබා දීම.මෙවිට පහසුවෙන් බල්බ හා වෙනත් උපකරණ ක්‍රියා කල හැකියි.නමුත් ශීතකරණයක් ස්තිරික්කයක් වගේ එකක් එම කාලය තුල භාවිතා කරන්න බැරි වෙනවා..කරනවා නම් ඒවාට වෙනම වයර ප්‍රධාන පුවරුවේ සිට අදින්න වෙනවා..අනික ඉන්වර්ටරය ක්‍රියාත්මක නොවන විට නැවත විටින් විට ප්‍රධාන ස්විචය ON/OFF කරන්න වෙනවා..ඒ කියන්නේ මෙයත් අසාර්ථක කරදර කාරී වැඩක්.ගොඩක් දෙනෙක් මේ විදිහට හයි කරගෙන අමතක වෙලා අයන්,හීටර් වගේ ඒවා හයිකරලා බැටරිය ඉක්මනින් බැහැලා..වැඩේ අවුල් කරගෙන..
අනික මෙම SOLAR SYSTEM එක වඩාත් ගැලපෙන්නේ නිවසේ ආලෝකය ලබා ගැනීම සඳහා..විදුලි පංකා,TV දාන්න ගියොත් ඔයාලට බැටරියේ උපරිම ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා.අනික එම උපකරණ වල කාර්යක්ෂමතාව අඩුයි.එනිසා ශක්තිය හානි වෙනවා..නමුත් LED හෝ CFL සවිකර ඒවාට පමණක් මෙම පත්දතිය මගින් බලය ලබා දීමෙන් අපට විශාල කාර්යක්ෂමතාවක් ලබා ගත හැක.මම නම් නිවසේ සියලුම බල්බ වලට led බල්බ් දාල තියෙන්නේ..ආලෝකය ලබා ගැනීමට මෙය යෙදීම වඩාත් වටිනේ අප බොහෝ වෙලාවට බල්බ අනවශ්‍ය ස්ථානවල නිකරුනේ දල්වා තබන නිසයි.
හරි.ඔයාල කැමති ඇති..රාත්‍රී කාලයේදී සුර්ය විදුලි ජනක මගින් නිකුත්වන විදුලිය ස්වයංක්‍රීයව නිවසේ ආලෝක කරන හෝ වෙනත් විදුලි පත්දතියකට ලබා දීමට.ආලෝක කරන වැඩේට පමණක් යොදා ගන්නවානම් ගොඩක් හොඳයි.ඉතින් මේකට මම කියලා දේන්නම් පුංචි ගැජට් එකක්.හරිම ලේසි වැඩක්.රිලේ උපාංගයක් හරහා තමයි මේක කරන්නේ.මෙය ක්‍රියාත්මක වන්නට SOLAR CONTROLER එක අවශ්‍ය වෙනවා.දවල්ට OUTPUT LOAD එක OFF වෙලා හිරු බැසගිය පසු ඉබේම OUTPUT 12V නිකුත් කරන සෙටින්ග්ස් ඔයාල CONTROLLER එකේ හදන්න ඕනා.එම OUTPUT එක පැය 5 ක් පමණ ක්‍රියාත්මකව තබන අදාළ සෙටින්ග්ස් සකසා තබන්න.
කොහොමද මේක වැඩ කරන්නේ..සුර්ය පැනලයට හිරු එළිය නොවැටී අදුර වැටීමත් සමග SOLAR CONTROLLER එක ක්‍රියාත්මක වී එහි OUTPUT LOAD එක ON කරනවා..එවිට ඒ හා සම්බන්ද කර ඇති ඉන්වර්ටරය ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා..එම OUTPUT 12V වලින්ම ගැජට් එකේ රිලේ එක ON වෙනවා..එවිට ඉන්වරටරය මගින් නිකුත්වන විදුලිය ස්වයංක්‍රීයව නිවසේ විදුලි පත්දතියට ගමන් කරනවා..නැවත බැටරිය බැස යත්ම CONTROLLER එක මගින් ස්වයංක්‍රීයව LOAD OUTPUT එක නතර කරනවා..එවිට රිලේ ස්විචය අක්‍රිය වෙනවා..එවිට රිලේ උපාංගයේ සම්බන්දය නිවසේ ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ද වෙනවා..මේ ආකාරයට ඔබට කිසිවක් නැවත ගලවන්නෙවත් ස්විච් ON/OFF කරමින් කරදර වීමට අවශ්‍ය නොවනු ඇති.ඔබ ආලෝකය සඳහා භාවිතා කරනවා නම් නිවසේ විදුලි පාලන පුවරුවේ විදුලි බල්බ සඳහා යන විලායක ස්විචයන් OFF කර තැබිය යුතුයි.විදුලි බල්බ වලට යන පරිපථ පමණක් එම විලායක ස්විච් අසලදී එකතුකරන්න.එවිට නිවසේ සියලුම විදුලි බල්බ ඔබට දල්වා ගත හැකියි.ප්ලග් එකක් තුලින් ලබා ගන්නා ප්‍රධාන විදුලිය රිලේ සුවිචයට ලබා දිය හැකි බැවින් බ්‍රේකර්ස් ස්විච් සදාකාලිකවම OFF කර තැබිය හැක.රිලේ උපකරණය ක්‍රියාත්මක වන අයුරු පහත රූප සටහනින් පෙන්වා දී ඇත.
ඔබට ජය!
No comments:
Post a Comment