Friday, October 24, 2014

සුර්ය විදුලිය රජයට විකුණමු..

  අපි ගෙදර නිපදවන සුර්ය විදුලිය රජයට විකුනනේ කොහොමද?මෙය ඔබට ගැටලුවක් ව ඇති .හරි මම කියලා දෙන්නම් ඒක කරන හැටි..ඒ කියන්නේ දවල්ට විදුලි බල මණ්ඩලය පැත්තට කැරකි රෑට පමණක් අපේ පැත්තට කැරකෙන විදුලි මීටරයක් සවිකර ගන්න ඔබ කැමති වියයුතුයි..කවුද අකමැති මේ වැඩේට..රජයත් මේකට ෆුල්
සපෝට් නිසා ලේසියෙන්ම වැඩේ කරන්න පුළුවන්..
ඉතින් මේ වගේ විදුලි මීටරයක් සවිකරන්න නම් ඔබේ නිවසේ සුර්ය විදුලි උත්පාදක යන්ත්‍රයක් තියෙන්න ඕන.ඔබ පත්ධතිය මගින් නිපදවන විදුලිය දිවා කාලයේදී ජාතික විදුලි බල පත්ධතියට එකතුවෙනවා..එවිට විදුලි මීටරය ආපස්සට කැරකෙනවා..රාත්‍රියේදී අපි විදුලිය භාවිතයට ගනිද්දී මීටරය ඉදිරියට කැරකෙනවා..දවල්ට ආපස්සට කැරකෙන ප්‍රමාණය වැඩිනම් අපට මාසෙකට විදුලි බිලක් එන්නේ නැහැ..හරි ඉතින් කොහොමද රජයට විකුනන්න පුළුවන් ක්‍රමයට සුර්ය බල පත්ධතියක් හදා ගන්නේ..මේකට තමයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය තියෙන්නේ..එයාල අපේ වැඩේට ෆුල් සපෝර්ට් එකක් දෙන්න නිතරම සුදානම්..නිත්‍යානුකුලව වැඩේ කරන හැටි සරලව කියලා දෙන්නම්..
සුර්ය බලශක්තිය පුනර්ජනනීය එකක් නිසා මෙහි වටිනා කම මිල කල නොහැකියි.මම කලින් කීවක් මෙන් ඔබ නිපදවන විදුලිය රජයට අතිරික්ත ලෙස ලබා දුන්න හොත් ඒවා වසර දහයක් ඇතුලත අපට නැවත ලබා ගත හැකියි..
සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිපුරම ඉන්නේ විදුලි එකක 100-120 විතර භාවිතා කරන අය.අපි හිතමු විදුලි එකක 115 භාවිතා කරන පවුලක් ගැන.ඔවුන්ට මාසික විදුලි බිල රු 2550 ට ටිකක් අඩුයි.එතකොට ඔවුන් කිලෝවොට් භාගයක් විදුලිය නිපදවන සුර්ය කෝෂයක් සවිකර ගත්තොත් ඔවුන්ට සාමානයෙන් වැයවන්නේ ජාතික විදුලි බල පත්ධතියෙන් මාසිකව ඒකක 55 ක ප්‍රමාණයක් විතරයි.ඒ කියන්නේ මාසික විදුලි බිල රු 340 ට ටිකක් අඩුයි.කිලෝ වොට් භාගයක සුර්ය කෝෂයක් වෙළෙඳ පොලේ රු 175000 පමණ වෙනවා..කිලෝ වොට් එකක සුර්ය කෝෂයක් සහිත පත්දතියක් රු ලක්ෂ්‍ය තුනක් පමණ වෙනවා..සාමානයෙන් කිලෝ වොට් භාගයක් විතර එකක් සවිකර ගන්න පුළුවන් අයට  මේක ගොඩක් වටිනවා..
ඉතින් සුර්ය කෝෂයක් සවිකරගෙන මේ ක්‍රමයට එකතු වෙන්න කැමති අය ඔයාලගේ ප්‍රදේශයේ විදුලි අධිකාරි තුමාගෙන් අදාළ අයදුම් පත ලබා ගෙන පුරවා භාර දෙන්න.එවිට ඔවුන් ඔබට සුහිත්‍ය විදුලි අධිකාරියේ ලියාපංචි සුර්ය කෝෂ බෙදා හරිනන්ගෙන් කෙනෙක් තෝරා ගෙන සුර්ය කෝෂයක් මිලදී ගෙන සවිකර ගත හැකියි.ඒ වගේම කියන්න ඕනා ඔබ සුර්ය කෝෂයක් තෝරා ගන්න කොට එයට රක්ෂණ සහතිකයක් දිගුකාලින වගකීමක් ලබා දෙන ආයතනයක් තෝරා ගත යුතු වෙනවා..ඔබට වැඩි විස්තර ලබා ගැනීමට පහත ස්ථානයට යන්න නැතිනම් අමතන්න.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, Block 5,පළමු මහල,BMICH,බෞද්ධාලෝක මාවත 
කොළඹ 07.(011 2 677 445) www.energy.gov.lk





ඔබට ජය!

No comments:

Post a Comment