Wednesday, April 8, 2015

Windows os සදහටම නොමිලේ..

      තම ආයතනය Windows 10  පටන් ඉන් ඉදිරියට නිපදවන Windows මෙහෙයුම් පද්ධති නොමිලේ ලබා දෙන (open-source)තත්වයට පත් කරන බව microsoft සමාගම කියා සිටී.ව්‍යාජ වර්ෂන් ලොව පුරා පැතිරී යාමත් සමග ඒවා අත් හිටුවීමට ගත් සියලු ක්‍රියාමාර්ග වලින් ඵලක් නොවූ බවත්
එම නිසා එය කාටත් ලබා ගත හැකි පරිදි නොමිලේ දෙන මහා දානයක් බවට පත් කරන බව එම ආයතනය කියා සිටි.මෙම නව මෙහෙයුම් පද්ධතිය ලබන ජුනි මස නිකුත් කරන බව ඔවුන් කියා සිටි.මෙම සියලු විස්තර ඔවුන්ගේ නිල වෙබ් අඩවියේද ප්‍රකාශයට පත් කර ඇත.මේ සමග ඔබ දැනට භාවිතා කරන Windows 7,8 නොමිලේම Windows 10 බවට පත් කල හැක.ඔබ භාවිතා කරන්නේ නියම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් වීමට උවමනා  නැත.හොර එකකක් වුවත් එය අප්ග්‍රේඩ් කිරීමත් සමග genuine බවට පත්වේ.
ඔවුන් මෙලෙස Windows 10 නොමිලේ ලබා දී ඉන් අහිමිවන ආදායම ලබා ගැනීමට ටැබ්ලට් හා වෙනත් උපකරණ විකුණා එය පියවා ගැනීමට සැලසුම් කරති.ඇරත් ඔවුන් එසේ කරන්නේ ලොව සියලු පරිගණක වෙත Windows ලබා දීමේ උපක්‍රමයක් ලෙස බව පෙනේ.එවිට සිය මෙහෙයුම් පද්ධතිය හරහා අතිවිශාල දැන්වීම් මගින් ආදායමක් ලැබීමට ඔවුන්ට හැකි වනවා නියතය.උදාහරණ ලෙස නොමිලේ දෙන gmail වැනි සේවා හරහා අතිවිශාල දැන්වීම් වෙළෙඳ පොළක් ඔවුන් නිර්මාණය කරගෙන සිටී.
ඔබට ජය.!

Tuesday, April 7, 2015

ටෝච් එකටත් LED බල්බ් දාමු..

    දැන් ලංකාව පුරාවටම LED බල්බ පැතිරෙමින් පවතිනවා..ගොඩක් දෙනෙක් නිවසේ සියලු වෙනත් බල්බ ඉවත් කරලා LED බල්බ දැම්මා කියල අපට EMAIL කරලා තිබුනා..අපේ වෙබ් එකෙන් නොමිලේ ඒ දැනුම ලබා ගත් අයත් පැකේජ ලබා ගත් අයත් අති විශාලයි.ඇත්තටම කියනවා නම් ඔබට LED බල්බ නිවසටම භාවිතා කරන්න පුළුවන් නම් නිවසේ විදුලි බිල අඩකින් අඩුවෙනවා දකින්න
ලැබේවි.හොඳයි LED බල්බ භාවිතා කරන්න පුළුවන් තවත් විදිහක් මා ඔබට හදුන්වා දෙන්නම්.ඔයාල ලග ඇති ටෝච් වල භාවිතා වෙන්නේ සාමන්‍ය සුත්‍රිකා පහනක්.එය ඉතාම අකාර්යක්ෂමයි.බැටරි කැබලි ඉතා ඉක්මනින් බස යනවා..ඔය ටෝච් වලට LED දන්නා බැරිද?පුළුවන්..ඔයාලගේ ටෝච් එකේ බැටරි ගාන අනුව බල්බය තෝරා ගත යුතු වෙනවා..සාමන්‍ය බල්බය ඉවත් කර ඉතාම පහසුවෙන් LED බල්බය එම සොකට් එකටම සවිකල හැක.එම බල්බ අප වෙතින් මිලට ගන්න පුළුවන්..මෙන්න එම බල්බය සවිකළ ටෝච් එකේ පින්තුර..

බල්බ අවශ්‍ය කට්ටිය ටෝච් එකේ බැටරි ගණනත් එක්ක EMAIL එකක් දාන්න ලිපිනයත් එක්ක.
ඔබට ජය.

Friday, April 3, 2015

වෙසක් උත්සවය සදහා LED බල්බ හදමු පාඩම 1.

      ළඟ එන වෙසක් එකට සුදානම් වෙන ගොඩක් දෙනෙක් තමන් සකස් කරන වෙසක් කුඩු වලට දාන්න LED බල්බ හදන හැටි කියලා දෙන්න කියලා කිහිපදෙන්ක්ම Email කරලා තිබුනා..මේ සදහා ඔබට ඉතාම අඩු වියදමකින් LED බල්බ සාදා ගැනීමට හැකි ආකාරය කියලා දෙන්නම්..ඉක්මනින් හා නැවත අලුත් වැඩියා කල හැකි පරිදි එය සකස් කර ගැනීම වටිනවා..මෙම බල්බ තොරන් වලටද භාවිතා කල හැක.අවශ්‍ය උපාංග ඔබට පිටකොටුවේ පළමු හරස් විදියේ 88 අතුල බිල්ඩිමේ කඩසාප්පු කීපයකින්ම මිලට ගන්න පුළුවන්.තනි LED බල්බයක් හෝ LED
බල්බ දෙකක් යොදා වුවද ඔබට බල්බ සෑදිය හැක.ඔබ මිලට ගන්නා උපාංග මා පින්තුර වල දමා ඇති පරිදි සකස් කර ගන්න.සකස් කරන පරිපථය හැකි තරම් කුඩා කරගන්න.LED බල්බය තුල ස්ථානගත කරන තැන බල්බයේ කර ආසන්නයේ මාධ්‍යව තැබීමට වග බලා ගන්න.නැතිනම් ඩොට් එකක් ලෙස ආලෝකය බල්බයේ ඉදිරි කෙලවරින් පෙනේවි.ඔබට ලැබෙන ඇඩප්ටරය කොටස ප්ලාස්ටික් ආවරණයට සුපර් ග්ලු වැනි ගම එකක් හෝ නැතිනම් ඇනයකින් ඒ වටා කුඩා සිදුරු සකසා සවිකළ හැක.






ඇලවූ බල්බය නැවත ගැලවිය යුත්තේ බලබයේ මැදින් ඇති කොටස මගින්.ඒ සදහා බල්බයේ මැදින් සෙමින් මිරිකීම ප්‍රමාණවත්.සකස් කල පරිපථය වටා සෙලෝ ටේප් කැබැල්ලක් එතීමට අමතක නොකරන්න.වීඩියෝ දර්ශන හා තවත් අලුත් ක්‍රම ලගදීම බලාපොරොත්තු වන්න.
ඔබට ජය

Thursday, March 12, 2015

LED නාම පුවරු අළුත්වැඩියාව..1.

   අති විශාල පිරිසක් අපේ ස්වයං අධ්‍යන පැකේජ අරගෙන දැන් LED නාමපුවරු නිෂ්පාදනය කරන්න පටන් අරන් කියල අපට දන්වලා තිබුනා..ගොඩක් දෙනා අහන ප්‍රශ්න අනුව මට පෙනීගිය කරුණක් වුයේ කාලයත් සමග LED නාම පුවරු වල
DATA CABLE අක්‍රිය වීමකට ලක්විය හැකි බව.පැනල විශාල ප්‍රමාණයක් සහිත නාම පුවරුවක  DATA CABLE පරික්ෂා කරන එක ලේසි නැහැ.එමෙන්ම DATA CABLE එකක් පරික්ෂා කිරීමට උපකරණ මිලට ගැනීමට තිබුනත් ඒවායේ මිල ඉතා ඉහලයි.ඉතින් මා කල්පනා කළා නාම පුවරු හදන සියලු දෙනාට ඉතා පහසුවෙන් සාදා ගත හැකි ඉතා අඩු වියදමකින් උපකරණයක්  නිර්මාණය කිරීමට..
අවශ්‍ය උපාංග.
1.වෙරෝ බෝර්ඩ් එකක්.
2.LED ඩයෝඩ16ක්
3.මල්ටි මීටරයක්.
4.තඹ කම්බි
5.DATA CABLE MAIL වර්ගයේ සොකට්
ඔබ දැක ඇති LED නාමපුවරු වල භාවිතා වන CONTROLLER එකේ ඇති සොකට් එකක පින් 16 ක් ඇති බව.එම නිසා අප යොදා ගන්නා සොකට් එක එක පැත්තක පින් 8 ක් ලැබෙන පරිදි කපා ගත යුතුයි.එක මා දක්වා ඇති ආකාරයට වෙරි බෝර්ඩ් එකට පාස්සා ගත යුතුයි.LED දියෝද නිවැරදිව අග්‍ර මාරු නොවන පරිදි සවි කර ගත යුතුයි.බලය සැපයීමට මල්ටිමිටරයක් නැති නම් පෙන්ටෝච් බැටරි කෑලි දෙකක් භාවිතා කරන්න පුළුවන් කියලත් ඔයාලට හිතේවි.ඔබ මෙය සකස් කල පසු මල්ටිමිටරය මගින් බලය ලබා දුන් පසු බල්බ සියල්ලම නිවැරදිව දැල්වේ නම් කේබලය හොඳය.බල්බ දෙකක් හෝ කීපයක් එක වර දැල්වේ නම් කේබලය ෂෝර්ට් වී ඇත.මෙහි පරිපථය ඊළඟ පොස්ට් එකකින් දාන්නම්..මෙයට වඩා හොඳ එකක් ඔයාල හැදුවොත් ඒක එවන්නත් අමතක කරන්න එපා..

ඔබට ජය!

Friday, March 6, 2015

ගුවන් විදුලි තාක්ෂනය හා රුපවාහිනී තාක්‍ෂණය.2

රේඩියෝ තරංග ප්‍රචාරණය (propagation of radio waves)
 ශබ්ධ තරංගයක් විකාශනය කල හැකි දුර ඉතා සීමිතය.එමන්ම ශබ්දය ගමන් කිරීමට මාධ්‍යක් අවශ්‍ය.ගුවන්විදුලි තරංග වලට මාධ්‍යක්  තිබුනත් නැතත් ඉතා දිගු දුරක් ගමන් කල හැක.ගුවන් විදුලි තරංග විද්‍යුත් චුම්භ ගති ලක්ෂණ වලින් හෙබි තරංග වර්ගයකි.මෙම තරංග ය සරල රේකීය මගක ගමන් කිරීමට නිතරම උත්සාහ කරයි..අප වසන ලෝකය ගෝලාකාර බැවින් ගුවන් විදුලි තරංග වලට යා
හැක්කේ සීමිත දුරකි.එසේ නම් ලොව මුලින්ම දියුණු වූ ගුවන් විදුලි තරංග ලොව පුරා විකාෂනය කලේ කෙසේද?මෙයට විදුදරයන් යොදා ගත්තේ අප පෘතුවිය වටා ඇති යන ගෝලයයි.

මොකක්ද මේ යන ගෝලය(Ionosphere).
      අප පෘතුවි වායුගෝලයේ ඉහල ස්තර කීපයක් තිබේ.පොලවට කිලෝමීටර් 40 කට වඩා එපිටින් ඇති මෙම ස්තරය අයන ගෝලය ලෙස හැදින්වේ.
ප්‍රභල හිරු කිරණ හා වෙනත් අන්තරීක්ෂ කිරණ වලින් ඉහල වායුගෝලයේ ඇති වායු අනුවල ඉලෙක්ට්‍රෝන හා ඔක්සිජන් හා නයිට්‍රජන් වායු වලින් මෙම ස්ථරය සමන්විතය.මෙය රේඩියෝ තරංග පරාවර්තනය කරන කැඩපතකට සමාන කල හැක.මෙලෙස සෑදී ඇති අයන ගෝලය දිවා කල හා රාත්‍රි කාලයේදී වෙනස්වේ.
මෙහි ස්ත්‍ර හතරක් පවතින අතර පහළින්ම පවතින ස්තරය පොලවට කිලෝමීටර 45-100 අතර පිහිටයි.ඉහලින්ම පවතින ස්තරය පොලවට කිලෝමීටර 600 ක් පමණ ඉහලින් පිහිටයි.දිවා කලට ස්තර හතරක් ලෙස තිබුනද ශීත කාල වලදී හා රාත්‍රී කාලයේදී ඉහලින්ම පිහිටන ස්තර දෙක තනි එකක් බවට පත්වේ එවිට එහි ගණකම අඩුවේ.
    මිනිසා මුලින්ම නිෂ්පාදනය කල ගුවන්විදුලි යන්ත්‍ර වලමධ්‍යම තරංග හා කෙටි තරංග ලෙස තරංග වර්ග දෙකක් භාවිතා විය.ඔබ ලංකාවට FM තාක්‍ෂණය පැමිණීමට පෙර ගුවන්විදුලියට සවන්දී ඇතිනම් මධ්‍යම තරංග හා කෙටි තරංග වලින් ශ්‍රවණය කල වැඩසටහන් ගැන දන්නවා ඇත.මධ්‍යම තරංග දිවා කලට හොදින් ඇසුනද කෙටි තරංග රාත්‍රියට හොදින් ශ්‍රවණය වන බව ඔබ දන්නවා ඇත.
මෙයට හේතුව අයන ගෝලයේ ඉතා ඉහල ස්තරය ඝනකම අඩු වී කෙටි තරංගය හොඳින් පරාවර්තනය වේ.යන ගෝලයේ ඝනකම වැඩිවත්ම රේඩියෝ තරංග උරාගැනීමෙන් ශ්‍රවණයට භාදා පැමිණේ.
ඔබට ජය!

Wednesday, March 4, 2015

පට්ට ලාබෙට LED බල්බ හදන්නේ මෙහෙමයි..

    තම නිවසට අවශ්‍ය LED බල්බ ඇත්තටම අපටම සකසා ගන්න බැරිද?ඉලෙක්ට්‍රොණික විෂය නොදන්නා අයට මේක කරන්න බැරිද?මුලිම කියන්න ඕනා දැන් LED බල්බ නිෂ්පාදනය ඉස්සර වගේ අමාරු නැති බව..විශාල LED ප්‍රමාණයක් පාස්සමින් දැන් කරදර විය යුතු නැහැ..ඔබට බවුත් එක භාවිතා කිරීමට දන්නවා නම් එය හොදටම ඇති LED බල්බයක් ඔබටම සකසා ගැනීමට..ඔබට ඉතා අඩු මුදලට LED
PLASTIC බල්බ සැකසිය හැක..සාමානයෙන් 3W පමණ ප්ලාස්ටික් LED බල්බයක් ඔබට රු 95 කට පමණ එහි උපාංග මිලට ගත හැක.මුලින්ම නිවසට අවශ්‍ය බල්බ ඔබම සකසා ගන්න..ඔබේ නිවසේ LED බල්බ සවිකර ඇති බව දකින අසල්වාසීනුත් ඔබගෙන් අසාවි එම බල්බ පිළිබඳව.එමගින් සැලකියයුතු ලෙස විදුලි බිල අඩුවන බව දකින විට ඔබේ බල්බ වලට විශාල ඉල්ලුමක් තියේවි..ඔබට තියෙන්නේ ලාබෙකුත් තියාගෙන ගෙදර ඉඳන් බල්බ නිෂ්පාදනය පටන් ගන්න එකයි..ඔබ 3W,5W,7W,9W,12W,කුමන ප්ලාස්ටික් LED බල්බ හැදුවත් එය නිර්මාණය කර ගන්නා අන්දම මෙන්න මේ වගෙයි..

ඔබට ජය!

Monday, March 2, 2015

LED බල්බ අපිම හදමු..

  අපේ බ්ලොග් එක කියවලා සුවිශාල පිරිසක් බල්බ නිෂ්පාදනය කර සෑහෙන ලාභයක් ලබනවා කියල දන්වල එවල තිබුනා..පාසල් ළමුන් අතර ඉතා ජනප්‍රිය අපේ බ්ලොග් එක කියවන හුඟදෙනෙක් ඉල්ලා තිබුනා බල්බ නිෂ්පාදනය වීඩියෝ පාඩම් මාලාවක් දාන්න කියලා..හුඟ දෙනෙකුගේ ඉල්ලීම ඉටු කරන්න කියලා අලුතින් පාඩම් මාලාවක්
හැදුවා..අන්තර්ජාල පහසුකම් ඇති සැමට අපේ බ්ලොග් එක කියවලා නොමිලේ දැනීම ලබා ගෙන ඔබටම කියා බල්බ නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න හැකි වෙයි කියලා හෙටදින සිතනවා..

ප්ලාස්ටික් LED බල්බයක් හදන හැටි..

ඇලුමිනියම් LED බල්බයක් හද හැටි..

උපකරණ ගන්න මෙන්න නියම තැනක්..

ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස්
නො.59/16/2 දෙවන මහල,
වික්‍රම ප්ලාසා බිල්ඩිම,
පළමු හරස් විදිය.
කොළඹ 11