Friday, August 29, 2014

සුර්ය විදුලි ජනක සවිකරමු..ගැටළු..හා විසදුම්..

  ගොඩක් අය අපේ බ්ලොග් එකේ ලිපි කියවලා සුර්ය ජනක හදල කියල ආරංචියි.සමහර අයට යොදන බැටරිය ගැන අවබෝයක් නෑ වගේ..නිවසකට නම් ඇම්පියර් 35 ක කාර් බැටරියක් ප්‍රමාණවත් වෙනවා..ඊට වැඩිය බැටරි ගණනක් සමානතරගතව සවිකරලා ලැබෙන ඇම්පියර් ගණන වැඩි කරන්න පුළුවන්.ඒත් එවිට සුර්ය පැනල වල වැඩි වොට් ගානක එකක් දාන්න වෙනවා..මතක
තියාගන්න ඇම්පියර් 35 ක කාර් බැටරියක් ආරෝපණයට ඇම්පියර් තුනකට වැඩි ධාරාවක් අවශ්‍ය  වෙනවා..එම සුර්ය පැනල ඔබට ගන්න පුළුවන් තැන් මම කලින් ලිපියෙන් දක්වා තිබෙනවා..බැටරිය ස්වයන්ක්‍රීයව ආරෝපණයට SOLAR POWER CHARGING CONTROLLER එකක් යෙදීම ඉතා වැදගත් වෙනවා..මේවා දැන් පිටකොටුවෙන් ගන්න පුළුවන්..ඇම්පියර් 20 ක එකක් රු 2800 විතර වෙනවා..මේ තියෙන්නේ එවෙගේ එකක්.ඒක තුල තියෙන විවිධ ඔප්ෂන් පහත පරිදි දක්වන්න පුළුවන්.
Solar controller12/24v solar controller for home use solar controller with 5v 1A USB output economical solar controller

  • Feature

1.Electrical system voltage identification.

2.System identification voltage after a few seconds,it display the current controller maximum output current. 

3.Overload protection, Low voltage protection, Overvoltage protection .

4.SW series solar charger has a total of 18 load control configuration mode for the user to choose from.

5.Load control mode 0 display.

6.Shows the load control mode(cycle approach).

7.2 shows the load control mode(Pure light-operated switch mode).

8.3 shows that the load control mode(electric drive,1-15 hours delay).

9.Set real time clock.

10.Mode 1 cycle to make an appointment time to adjust.

11.Load patterns memory function.
  • Technical Parameters:
1.     SMART,intelligent controller.
2.     Highly efficient,PWM controller.
3.     Reverse polarity & high/low voltage battery protection.
4.     Output current & short circuit protection.
5.     LED display shows system status at all times.
6.     ON/OFF load switch at front of controller for convenience.
7.     Available in 12V/24V 10A 20A 30A
තවත් අවුලක් තමයි සුර්ය පැනලය ආලෝකය ලැබෙන දිශාව අනුව තැබිය යුතු වීම.හිරු ආලෝකයට අංශක අනුවකට කෙලින්ම නිරාවරණ වීමට සැලැස්වීමට හැකිනම් එය වඩා කාර්යක්ෂම වෙනවා..ඉතින් මම කියලා දෙන්නම් ස්වයංක්‍රීයව හිරු එලිය දෙසට හැරෙන පැනලය සකස් කර ගන්නා හැටි..තවත් දෙයක් තමයි පැනලය දැඩි ලෙස රත් වීම.මෙය පාලනය කිරීමටත් ලේසි ක්‍රමයක් තියෙනවා ඔක්කොම කරුණු තවත් පොස්ට් එකකින් කියා දෙන්නම්..

ඔබට ජය!

Thursday, August 28, 2014

ළිඳට බහින්නේ බලාගෙනයි..

  පසුගිය දිනෙක ඔබට මාද්‍ය මගින් අසන්නට ලැබෙන්න ඇති කිසියම් පුද්ගලයකු ලිඳක් සුද්ද පවිත්‍ර කිරීමට ළිඳට බැසීමෙන් පසු මිය ගිය පුවතක්..හැබෑටම එහෙම වෙන්නේ ඇයි?හෙටදින මේගැන හිතලා ආයෙත් ඒ වගේ දේවල් නොවෙන්න ඔබ දැනුවත් කිරීමට සිතුවා..ලිඳක් පමණක් නොවෙයි.ගැඹුරු වලක්,දොර ජනේල වසා ඇති ගෑස් ගබඩා වකට වුවත් ඔබ එකවරම පිවිසීමේදී දෙවරක් කල්පනා කල යුතුයි.

පසුගියදා සිදුවූ ඒ විපතේදී කියවුනේ ළිං පතුලේ විෂවායු තිබී ඇති බවයි.ළිං පත්ලට විෂ වායු කොයින්ද?මෙයඅපට ඉතා සරලව කියා දෙන්න පුළුවන්..මෙහෙමයි වෙන්නේ..කාලාන්තරයක් තිස්සේ ළිඳට කොළ රොඩු වැටෙනවා..ඒවා ක්‍රමයෙන් පතුලට කිඳා බසිනවා..මේ කොළ රොඩු වල ත් ළිං පතුලේත් වායු රහිතව ජිවත්වන බැක්ටීරියා සිටිය හැක.උන් මොකද කරන්නේ..පතුලේ තියෙන කොලරොඩු ආහාරයට ගනිමින් මීතේන් නමැති වායුව පිට කරනවා..දින මාස ගනාවක් තිස්සේ එම වායුව ළිඳ තුල එකතුවන්නේ ළිඳේ වතුර පිරෙනවා වගේමයි..එම වායුව ඉහලට පැමිණ ළිං කටින් පිටව යන්නේ නැහැ..මොකද එම මීතේන් වායුව සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩියි.එනිසා එම වායුව ළිං පතුලේ සිට ඉහලට පිරෙමින් පවතිනවා..මෙම වායුව මිනිසාට හුස්ම ගැනීම අපහසු කරනවා..මොලයට ඔක්සිජන් ලැබීම අඩුවීමෙන් මුලින්ම වෙන්නේ ක්ලාන්ත වීමයි.එවිට ළිඳ තුල සිටින පුද්ගලයා කෙලින්ම වැටෙන්නේ වතුරට.පෙනහළු වලට ජලය ගමන් කර ඔහුට හුස්ම ගැනීම තවත් අවහිර වෙනවා..ඒ කියන්නේ විනාඩි ගණනක් ඇතුලත ඔහු මිය යනවා.ඉතින් ළිඳට වැටුන කෙනා ගොඩ ගන්න තව අයකු ඉක්මනින් ළිඳට බහිනවා..ඔහුටත් වෙන්නේ කලින් වූ පුද්ගලයාට වූ දේමයි..ඔබට පෙනෙනවා ඇති මෙය කෙතරම් අනතුරු දායක වැඩක්ද කියලා..මීතේන් වායුව ගිණි ගන්නා සුළු වායුවක්..මෙය වගුරු වායුව ලෙසද හැදින්වෙනවා..ළිඳ ගැඹුරු වන තරමට අවධානම වැඩි වෙනවා.මොකද පතුලට වාතය ගමන් කිරීම තවත් සිමා වෙන නිසා..

  • ඉතින් ළිඳට බහින්න කලින් එම විෂවායුව ඉවත් කරන්න බැරිද?ළිං පතුලේ රැඳී ඇති මීතේන් ඉවත් කිරීමට පහත ක්‍රමය හෙට දින යෝජනා කරනවා..කම්බි දෙකක ආධාරයෙන් ලෑලි කැබැල්ලක සවි කල දල්වන ලද ඉටි පන්දමක් ළිං පතුලට කඹයක ආදාරයෙන් බැස්ස වීමෙන් එහි පතුලේ වන මීතේන් වායුව දවා අවසන් කල හැකියි..වැඩි පුර ගින්දර පතුලට නොදැමිය යුත්තේ කාබන්ඩයොක්සයිඩ් වායුවද එම නිසා එකතුවිය හැකි නිසයි.එමෙන්ම ඉටි පන්දම පතුලට දමන විට එය නිවී ගියහොත් කිසිසේත්ම ළිඳට බැසීම සුදුසු නැහැ..


ඔබට ජය!

Tuesday, August 26, 2014

මුල්ල හරියට ගහමු...

LED නාම පුවරු සකස් කරන විට ඔබට ඇතිවන ප්‍රධානම ගැටලුවක් විදිහට මට කියන්නේ රාමුව හදා ගැනීම අපහසු බවයි.ඉතින් අපේ හෙටදින LED පැකේජ් එකේ නම් ඒක සරලව කියලා දීල තියෙනවා..තවත් අය වෙන කොහෙන්ද හොරට ගහපු පැකේජ අරන් මට කෝල් කරලා අහනවා කොහොමද රාමු හදන්නේ කියලා..ඉතින් හැමෝටම උදවුවක් විදිහට තමයි මේ
පොස්ට් එක දාන්නේ..
මුලින්ම කියන්න ඕනා LED නාම පුවරුවට ඔබ රාමුව හදන විට එහි ප්‍රාමාණය ගැන සැලකිලිමත්විය යුතු බව.විශේෂයෙන් මිනුම් ඉතා නිවැරදිව ලබා ගත  යුතු වෙනවා.නැතිනම් පැනල සවිකරන්න ගියාම මල පනිනවා..සෑම විටම වාගේ අඟල් තුනේ ඇලුමිනියම් බොක්ස් බාර් එක යොදා ගන්න.බලසැපයුම් වෙනත් තැනක සවිකරනවා නම් අඟල් තුන්කාලේ බොක්ස් බාර් එකෙන් රාමුව ගහන්න පුළුවන්.ගොඩක් අයට තවත් අවුලක් තමයි රාමුවේ මුල්ල හරියට හදා ගන්න බැරි එක..අංශක 45 ට නිවැරදිව කෙළවර කපා ගන්න බැරි වුනොත් කිරිබත් කෑල්ලක හැඩය ඇති රාමුවක් තමයි ලැබෙන්නේ..ඉතින් මම කියා දෙන්නම් ඒකටත් පහසු ක්‍රමයක්..ඔයාලා ඔය අංශක 45 ට මුල්ල කප කප ඉන්න ඕනා නෑ..පිට කොටුවේ බඩු ගෙන්න ගියාම එකට අවශ්‍ය ප්ලාස්ටික් කෝනර් ටිකක් අරන් එන්න.ඔබේ බොක්ස් බාර් එකට සරිලන ඒවා.එය භාවිතා කර ඔබට ඉතා පහසුවෙන් රාමුව හදා ගන්න  පුළුවන්..මෙන්න මේ කඩේට ගියොත් ඔය කියන ප්ලාස්ටික් මුල්ල ගන්න පුළුවන්..Asian group,55 Maha vidyala mw,(barber street),colombo 13,0117400200
පහත රූප බලන්න අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාන්න..



ඔබට ජය!

Friday, August 22, 2014

සුර්ය විදුලි උත්පාදක සඳහා උපකරණ ලබා ගැනීම.

       ගොඩක් අය අපේ බ්ලොග් එකේ ලිපි කියවලා solar generator හදන්න පටන් අරන්.ගොඩක් අය අහන්නේ උපකරණ අඩුවට ගන්න තැන්.සුර්ය පැනල ගොඩක් ගණන් නිසා අඩුවට ගන්න ගන්න ක්‍රමයක් තමයි ඕන.මම පහතින් දක්වා තියෙන්නේ ඔයාලට අවශ්‍ය සියලු උපකරණ ලබා ගත හැකි තැන් කීපයකි.මෙය බා ගන්න.මෙහි දුරකථන අංක වලට අමතා විස්තර දැන ගන්න.0718301069/0718367371




ඔබට ජය!

Thursday, August 21, 2014

රෙසිස්ටර් වල අගය හොයන්න පට්ට ලේසි ක්‍රමයක්.

   දැන් අපේ කට්ටිය LED බල්බ හදන්න පටන් අරන්.සමහර අයට නම් ඉලෙක්ට්‍රොණික දැනුම මදි බව පේනවා..බල්බ වලට දාන රෙසිස්ටර් වල අගය මාරු කරගෙන හයි කරලා අවුල් වුනාම මට කතා කරලා අහනවා මොකක්ද අවුල කියලා..හොඳයි එහෙම වෙන්න පුළුවන්..මොකද සාමානය පෙළ පන්තිවල උගන්වන ප්‍රතිරෝධක වර්ණ වගුව හුග දෙනෙකුට මතක නෑනේ.ඉතින් දැන් ගොඩක් ය අන්තර්ජාලය භාවිතා කරන නිසා මම හිතුවා online ක්‍රමයට රෙස්සිස්ටරයක අගය ඉතා ඉක්මනින් හොයන හැටි කියා දෙන්න.ඉලෙක්ට්‍රොණික විද්‍යාව ගැන දන්න අයට නම් මේ වා
මොනවත් ඕනා නෑ..ඒ යට නෙමේ මේක දැනුම අඩු අයට හොඳේ.
ඕනෑම ප්‍රතිරෝධකයක් අතට ගත්තාම ඔබට පෙනේවි එහි එක කෙලෙවරක සිට වර්ණ වළලු කිහිපයක් ඇති බව.මේ වර්ණ වලට අගයන් තියෙනවා..ඉතින් මේ වර්ණ වළලු කියවීම ආරම්භ කරන්නේ කලින් කියූ පරිදි ප්‍රතිරෝධකයේ අයිනේම වර්ණ වළල්ලේ සිටයි..මුලින්ම මෙතනින් ගිහින් අදාළ වෙබ් අඩවියට ලොග් වෙන්න.ඉතිරි හරිය කරන හැටි පහත පින්තූර පෙලේ ඇති..රූප ලොකුවට බලන්න රූපය මත ක්ලික් කරන්න.







ඔබට ජය!

Monday, August 18, 2014

LED බල්බ සවිකර මාස අටකින් ඇතිවන ගැටළු..

  ඔයාල දැන් විවිධ වර්ග වල LED බල්බ හදල ඇති.ඒ අතරින් පලමුව ඔබ නිර්මාණය කල සාමානය LED 48,67,100,108,126 වැනි බල්බ වල මාස හයකට වඩා භාවිතා කරනවිට ඇතිවුන ගැටළු මොනවාද?විශේෂයෙන්ම කියන්න ඕනා හෙටදින අඩවිය ලංකාවේ පළමු වරට වෙබ් අඩවියක් හරහා LED බල්බ නිෂ්පාදනය කරන හැටි මා නොමිලේ කියලා දීල ඉන් අතිවිශාල පිරිසක් ප්‍රයෝජන ගත් බව.අදටත් එම බල්බ නිෂ්පාදන සියලු පාඩම් මාලා මා නොමිලේ තමයි ලබා දෙන්නේ..සමහර අය ගෙදරට ඇතිවෙන්න බල්බ හදා ගෙන.තවත් අය බල්බ කඩවලට විකුනන්න දාල හොඳ ගානක් හොයාගෙන..ඉතින් කියන්නම් ඔය අතරේ
ඔබට මතුවන ගැටළු හා ඊට පිළිතුරු..බලන්න මේ ගැටළු ඔබටත් ආවද කියලා..
1. මුළු බල්බයම නිවී නිවී දැල්වීම.
2.බල්බය එක වරම නිවී යාම.
3.එලිය අඩු වීම.
4.බල්බ නැවත යොදන විට ඉක්මනින් පිලිස්සීයාම

මෙන්න ඒවාට විසදුම්.

1. මුළු බල්බයම නිවී නිවී දැල්වීම.
ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ LED බල්බ වලින් එකක් ක්‍රියා විරහිත වීම නිසයි.එවිට බල්බ ශ්‍රේණිගත ලෙස සවිකර ඇතිනම් බල්බයම නිවී නිවී දැල්වෙන්නේ එම අක්‍රිය බල්බය හරහා විටින් විට ධාරාව ගලා යන විට.පාස්සන ලද ඊයම් ඩොට් බුරුල් වීමෙන්ද මෙය ඇති වෙන්න පුළුවන්.කරන්න තියෙන්නේ මල්ටිමිටරය මගින් බල්බ සියල්ල පරික්ෂා කර අක්‍රිය එක වෙනුවට හොඳ බල්බයක් යෙදීමයි.නැති නම් බුරුල් වුන අග්‍ර නැවත ඊයම් යොදා පාස්සන එකයි.

2.බල්බය එක වරම නිවී යාම.

මෙහෙම වෙන්නේ බලබ්යේ LED එකක් හෝ කීපයක් නැතිනම් බලසැපයුම අක්‍රිය විමෙනුයි.මුලින්ම බල සැපයුම හොඳින් නිරීෂණය කරන්න.බල්බ දැවී ගොස් ඇතිනම් අලුතින් යොදන්න.බුරුල් අග්‍ර තිබේනම් යලි පාස්සන්න.

3.එලිය අඩු වීම.

ලාභෙ ගැන හිතල අඩු මුදලට LED අරන් බල්බ හදපු අයට මේක වෙලා ඇති.කරන්න දෙයක් නෑ..හොඳ බල්බ අලුතින් යොදන්න.

4.බල්බ නැවත යොදන විට ඉක්මනින් පිලිස්සීයාම

මෙහෙම වෙන්නේ බොහෝවිට බල්බ පරිපතයට ධාරාව සපයන ප්‍රතිරෝධකයේ අගය අඩු වීමෙනුයි.එහි එක අන්තයක් පරිපතයෙන් පන්නා මල්ටිමිටරයෙන් පරික්ෂා කරන්න.අවුලක් නම් අලුතින් දාන්න.

තවත් ගැටළු ඇති කොමෙන්ට් කරන්න.

ඔබට ජය.!

අමතක නොවන හැර යාමක්..මහේල..

  ලොව විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන මහතා අද දින ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.එදා මෙදාතුර ලොව පහල වූ ආවේනික ගතිලක්ෂණ වලින් හෙබි නිරහන්කාරම මහත්මා ගතිලක්ෂණ ඇති මොහු අප ක්‍රිකට් ටෙස්ට් පිටියෙන් සමු ගැනීම ශ්‍රී ලාංකීය අපට දැරිය නොහැකි පාඩුවක්.. එහෙත් නවකයන්ට අවස්තාව දෙනු රිසියෙන් මෙලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තත් ඔහු ලබන එක්දින ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලිය දක්වා එක් දින පිටියේ පිතිහරබය දියත් කරනු ඇති.තමා දේපාලනයට පැමිණීමට හෝ පුහුණු කරුවෙකු ලෙස ක්‍රියාකිරීමට තවම අදහසක් නැති බව අද මාද්‍ය වෙත ප්‍රකාශ කර
තිබුනා.mahela-jayawardhana ක්‍රිකට් තරුව තවත් චිරාත් කාලයක් අප රටට නිහතමානි සේවය සපයන්න...හෙටදින හදපිරි සෙනෙහසින් ඔබට සුභ පතන්නෙමු.
ඔබට ජය!