Thursday, February 28, 2013

බෙහෙත් වල අතුරු අබාධ සැනින් දැන ගන්න..

                               අපේ කට්ටිය පොඩි උණ හෙම්බිරිස්සාවකටත් බටහිර ඖෂධ අහුරු පිටින් ගිල දැමීමට හරිම රුසියෝය.එහෙත් එවැනි බෙහෙත් වලින් ඇතිවන අතුරු අබාධ ගැන ඔවුන්ට නිච්චියක් නැත.මම අද ඔබලාට කියලාදෙන්න යන්නේ ඔබ ලබා ගන්නා බෙහෙත් වල අතුරු අබාධ සැනෙකින් සොයා ගත හැකි ක්‍රමයක්.මෙහිදී බෙහෙත ලබා ගන්නා පුද්ගලයාගේ වයසට හා පිරිමි ගැහැනුද යන කාරනාව මතත් එහි අතුරු ආබාධ පිළිබඳව තොරතුරු නිවැරදිව ලබා ගත හැකියි.මෙම සියලු තොරතුරු ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය විසින් පිළිගත් ඒවාය
නැතිනම් රෝගීන් විසින් එම බෙහෙත් ලබාගැනීමෙන් පසුව ඇතිවූ අතුරු ආබාධ ගැන ලියා එවූ ඒවාය.
ඔබ ලබාගැනීමට යන බටහිර ඖෂධයෙහි අතුරු අබාධ ගැන දැනගැනීමට මෙතනින් යන්න
ඔබට ජය!

Wednesday, February 27, 2013

ඩොන්ගල් එකක් අන්ලොක් කරන්නේ මෙහෙමයි..

   ඔබ දැනටමත් අන්තර්ජාල සම්බන්දතාවය ලබා ගැනීම සඳහා ඩොන්ගල් එකක් භාවිතා කරනවා ඇති.නමුත් එය එක වර්ගයක සිම් පතක් පමණක් භාවිතා කළහැකි ලොක් වර්ගයේ එකක් ක් විය හැක.මෙය ඔබට අවශ්‍ය සිම්පතක් යොදා ක්‍රියාත්මක කළහැකි පරිදි එහි ලොක් එක ඉවත් කර ගන්නා අයුරු මම අද කියලා දෙනවා.හැබැයි ඔබ එකක් මතක තබා ගතයුතුයි.මෙම අන්ලොක් කිරීමත් සමගම ඔබ එය ලබාගත් සේවා දායකයා සමගින් පැවති වගකීම අවසාන වනාවා..

දැනට ලංකාවේ බොහෝවිට භාවිතා වන්නේ Huawei සහ ZTE යන ඩොන්ගල්ය.මේවා පහසුවෙන් අන්ලොක් කරගත හැක.ඔබට මෙලෙස ඩොන්ගල් අන්ලොක් කිරීමේදී ඉතා වැදගත් දෙයක් කිව යුතුයි. ඒ තමා ඔබ ඩොන්ගල් එක අන්ලොක් කරමින් සිටියදී හදිසියේ විදුලිය බිඳ වැටුනහොත් ඔබේ ඩොන්ගල් එක සදහටම භාවිතා කල නොහැකි පරිදි හානි විය හැකියි.එනිසා ඔබට UPSඋපකරණයක් නැතිනම් මෙලෙස අන්ලොක් කිරීම එතරම් ගුණ දායක නැත.

ZTE වර්ගයේ ඩොන්ගල් එකක් අන්ලොක් කරමු..
මේ සඳහා වෙබ් අඩවියක් භාවිතා කල යුතු වෙනවා.ඒ සඳහා මෙතනින් ගොස් වෙබ් අඩවියට ඇතුළු වන්න.එම වෙබ් අඩවියේ STEP1 ලෙස දැක්වෙන කොටුවට ඔබේ ඩොන්ගල් එකේ IMEI අංකය ඇතුලත් කරන්න.එය සොයා ගැනීමට ඩොන්ගලයට සිම් එක යොදන ස්ථානයේ අංක 15කින් යුතු අගය නිවැරදිව ලියාගෙන ඉහත දැක්වූ පරිදි ඇතුල් කරන්න.දැන් GET NCKයන්න ක්ලික් කරන්න.Unlok Code ලෙසින් කේත පෙලක්ම දිස්බනු ඇති.එය නිවැරදිව ලියා ගන්න.දැන් ඔබේ ලොක් ඩොන්ගල් එකේ ඇති සිම්පත ඉවත් කර වෙනත් ජාලයක සිම් පතක් ඇතුළු කර පරිගණකයට සම්බන්ද කරන්න.එවිට මද වෙලාවකින් ඔබේ ඩොන්ගල් එක විවුර්ත වී Unlok Code එකක් විමසනු ඇත.දැන් ඔබ ලියා ගත් අන්ලොක් කෝඩ් එක ලබා දෙන්න.එතන පටන් එම ඩොන්ගල් එක ඕනෑම ජාලයකට ඔට්ටු වනු ඇත.මෙහිදී පහත අංක දරන ඩොන්ගල් හා වෙනත් මාදිලිවල ඩොන්ගල් ද අන්ලොක් කලහැකිදැයි බලන්න.    SFR 114, SFR 231, SFR 232, SFR 241, SFR 341, SFR 342, SFR 343, Orange Vegas, Vodafone India, T-Mobile Vairy Touch, ZTE A261+, ZTE X760, ZTE X761, ZTE X960, ZTE GX760,  ZTE GX761, ZTE GR230 & Many more....
Huawei ඩොන්ගල් අන්ලොක් කරමු..
මේ සඳහා කලින් පරිදිම IMEI අංකය සොයා ලියා ගන්න.දැන් මෙතනින් අන්ලොක් වෙබ් අඩවියට යන්න.එහිHuawei modem/dongle unlok code calculator යනුවෙන් දැක්වෙන ස්ථානයට පහලින් කොටුවේ ඉහත IMEI අංකය ඇතුළු කර සබ්මිත් කරන්න.එවිට කොළ පාටින් අන්ලොක් කෝඩ් එක දිස්වනු ඇත.එයද නිවැරදිව සටහන් කරගෙන ඔබේ දොන්ගලයට වෙනත්ජාලයක සිම් එකක් ඇතුළු කර පෙර පරිදිම ඉහත අන්නලොක් කෝඩ් එක ලබා දෙන්න.දන ඔබේ ඩොන්ගලය අන්ලොක් වී ඇත.ඕනෑම ජාලයකට සම්බන්ද විය හැක.
ඔබට ජය!

Monday, February 25, 2013

බ්ලුරේ තැටි අනෙකුත් තැටි වලින් වෙනස්වෙන හැටි..

බ්ලුරේ තැටිය
            ෆ්ලොෆි ඩිස්ක්කයේ පටන් බ්ලුරේ තැටිය දක්වා අප ආ ගමන දිගුය.CD/VCD/DVD යනුවෙන් අප අතරට ආ ඩිස්ක් වර්ග ගණනාවකි.නවතම තැටි වර්ගය වන්නේ බ්ලුරේ තැටිය.අනෙකුත් සියලු තැටි වලට වඩා වැඩි ධාරිතාවක්‌ මෙම තැටියට හිමිය.
ඉහත ඕනෑම තැටියක් තනා ඇත්තේ ප්ලාස්ටික් තැටි දෙකක් අතර ඉතා තුනී පිරිසිඳු ඇලුමේනියම් තට්ටුවක් තැබීමෙනි.මෙම තහඩුව රත්තරන් වලින් සැදුව හොත් එහි දත්ත නොනැසී ඉතා දිගු කාලයක් පවතී.තැටියේ මතුපිට ඇති ස්තරය තුනී ඇක්‍රිලික් ප්ලාස්ටික් තහඩුවකි.තැටියේ යටි පැත්ත ඝන පොලිකාබනේට් ප්ලාස්ටික් වලින් නිමවා තිබේ.

ඕනෑම තැටියක තොරතුරු ගබඩා වී ඇත්තේ ඇලුමිනියම් තහදඩුව මතුපිට වලයාකාරව කුඩා කුහර (pit)සැකසීමෙනි.මෙම කුහරයක් සාමාන්‍යයෙන් නැනෝමීටර් 100ක් ගැඹුරුය.නැනෝමීටර් 500ක් පළලය.(නැනෝමිටරයක් යනු මිලිමිටරයකින් දශලක්ෂයෙන් කොටසකි)මෙම ගැඹුර හා පළල ඉතා සුළු වශයෙන් වෙනසක් කෙරිමෙන් තැටියේ දත්ත තැන්පත් වේ.මෙලෙස කුඩා කුහර දෙකක් අතර දුරට කියන්නේ නෙරුමක්(Lands)කියාය.CD තැටියක නෙරුම් දෙකක් අතර දුර මයික්‍රෝ මීටර් 1.6ක් පමණවේ.CD/VCD/DVDතැටි වල නෙරුම් දෙකක් අතර දුරට වඩා බ්ලුරේ තැටියක නෙරුම් දෙකක් අතර දුර අඩුය.එය 0.32මයික්‍රෝ මිටර් පමණ වේ.මෙම දත්ත කියවීමට CDතැටියක භාවිතා කරනුයේ 780තරංග ආයාමය සහිත ලේසර් ධාරාවකි.මෙම ලෙසර් ධාරාව තැටියේ ඇති ඇලුමිනියම් තහඩුවේ වැදී පරාවර්තනය වන්නේ ආලෝක සංවේදී සංවේදකයක් වෙතය.එම සන්වේදකයෙන් ලබාගන්න තොරතුරු පරිගණකයේ ඇති විශේෂ පරිථයක් මගින් කියවනු ලබයි.බ්ලුරේ තැටියක දත්ත කියවීමට යොදාගන්නා ලේසර් ධාරාවේ ආයාමය 405නැනෝමීටර් පමණ වේ.

blu ray disk information
මෙවැනි තැටි වර්ග වල නැවත නැවත දත්ත තැන්පත් කලයුතු තැටි වල ඇලුමිනියම් ස්තරයක් වෙනුවට වර්ණ රසායන ද්‍රව්‍යක් භාවිතාවේ.CD RW/DVD RW ලෙස හැඳින් වෙන්නේ මේවාය.මෙහිදී වර්ණක වශයෙන් සයනනීන්,තැලෝසයනනීන්,මෙටල් ඇසෝ යොදා ගනුලබයි.තැටි ධාවකයේ ලියවනය මගින් විදිනු ලබන ලේසර් ධාරාවේ තාපයයට රත්වන මෙම වර්ණක තට්ටුවේ වලයාකාර කුහර ඇතිකරයි.මෙම කුහර වල රටාව පරිගණකය මගීන් ලබාදුන් දත්තවලට අනුරූපී ලෙස ඇතිවේ.නැවත ලේසර් කදම්භයක් මෙයට එල්ල කල විට කලින් සටහන් කල දත්ත නැවත ප්‍රතිනිර්මාණයය වේ.සාමාන්‍යයෙන් CD තැටියක 700MBද DVD තැටියක 4.7GB ද බ්ලුරේ තැටියක 25GB වශයෙන් දත්ත තැන්පත කල හැකිය.

ඔබට ජය!.

ඔබේ බ්ලොගයේ වටිනාකම කීයද..

                      බ්ලොගයක් පවත්වාගෙන යන ඔබ ඔබගේ බ්ලොගයේ වටිනා කම කීයද යන්න නිවැරදිව කිව හැකි ක්‍රමයක් දන්නේ නම් ඊට බෙහෙවින්ම කැමති ඇති.අද මම කියලා දෙන්න යන්නේ එවැනි සයිට් එකක්.ඔබ එම සයිට් එකට ගිහිල්ලා ඔබේ බ්ලොගයේ ඩොමේන් එක නිවැරදිව දුන්නාම හරි.
ඔබට ඔබේ අඩවිය ගැන සෑහෙන විස්තර ප්‍රමාණයක් දැන ගත හැකි වේවි.
ඔබේ බ්ලොගයේ වටිනාකම බලන්න මෙතනින් යන්න.
ඔබට පහතින් දැක්වෙන විස්තර සියල්ල දැක ගත හැකි වනු ඇත.

1.Blog address-
2.Alexa Traffic-2.Website Load Time-
3.How to optimize website-
4.Website SEO Score-
5.Website Daily Pageviews-
6.Website Daily Visitors-
7.Website Daily Revenue-
8.Website Worth-
9.Website IP Address--
10.Website Server Location-
11.Website Daily Bandwidth/Monthly Bandwidth-
12.Website Categories-
13.Daily Visitors Country Map-
14.Domain Information-
15.Directory listing-
16.HTTP Headers-
17.Theme Colors-
18.Website Metas-
19.Similar websites-
20.Same IP websites-
21.Same network websites-
22.DNS Records-
23.Website Keywords-
24.Keyword Ranking Position-
25.Other related domains-
26.Websites with similar rank-
27.Indexed Pages Graph-
28.Backward Links Graph-
29.Google Pagerank Graph
30.W3C HTML Validation Graph

ඔබට ජය.

Sunday, February 24, 2013

මොකක්ද මේ බින්නෝන්මාදය..

     බින්නෝන්මාදය එහෙමත් නැතිනම් (schizophrenia)හැදින්වෙන්නේ ලොව පුරා වැඩිපුරම සෙනගක් පිඩා විඳින මානසික රෝගයකි.මානසික රෝග අතුරින් මෙය පිළිකාවක් බඳුය.
මෙම රෝගය හටගැනීමත් සමග පුදගලයෙකුගේ හැසිරීමෙහි හා සිතිවිලි වලත් හැඟීම් වලත් වෙනස්කම් ඇතිවේ.වයස අවුරුදු 15-35 අතර දී බහුලව ඇතිවන අතර ඕනෑම වයසකදීද ඇතිවිය හැක.පුද්ගලයින් සිය දෙනෙකු ගත්විට ඉන් එක අයෙකුට මෙම රෝග සිය ජිවිත කාලය තුලදී ඇතිවිය හැක.ගැහැණු පිරිමි බේදයක් නොමැතිව ඇතිවන අතර රෝගය හට ගැනීමත් සමග පහත ලක්ෂණ ඇතිවේ.
1.හුදකලාව ජීවත්වීම.
2.ශාරීරික පවිත්‍රතාව නොසලකා හරිම.
3.නින්ද නොයාම,අදික ලෙස කේන්තියාම,කලහකාරිවිම,
4.රෝගියා විසින් තරයේ එල්බගෙන සිටින වැරදි මත(Delusions)පැවතීම. උදා:තමන් 'මෛත්‍රී බුදුන්' යැයි පැවසීම.

5.දැඩි සැකය හා බිය.
6.වෙනත් පුද්ගලයෙකු විසින් හෝ යම් උපකරණ මගින් තමා පාලනය කරන බව කීම.
7.තමන්ට නොපෙනෙන කෙනෙකුගේ කටහඬ ඇසෙන බව කීම.මෙය රෝග්‍යා විසින් ඇත්තක් ලෙස දකින අතර බහුල රෝග ලක්ෂණයකි.
8.අසාමාන්‍ය රූප පෙනීම.බිත්තිවල රූප ඇඳ ඇතිලෙස පෙනීම.යම් පුද්ගලයෙකු වෙනත් සත්වයකු ලෙස පෙනීම.උදා-මෑත කාලයේ මෙවැනි රෝගියෙකු නිදාසිටින තම පියා දැක ඇත්තේ නයෙකු ලෙසය.වහා ක්‍රියාත්මක හෙතෙම උදැල්ලෙන් කොටා තම පියා මරා දැමිය.පසුව කල විමසීම් වලින් හෙලිවූයේ ඔහු මෙම රෝගයෙන් පෙලෙන බවය.

රෝගය ඇතිවන්නේ කෙසේද?
1.ජානමය බලපෑම.
2.මවට ගැබිණි සමයේ ඇතිවන වෛරස් රෝග නිසා
3.උපතේදී මොලයට හානි වීම.
4.ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතය.
මෙම රෝග සුව කල හැකිද?
1.රෝගය ඇතිවූ මුල් කාලයේදීම වහවහා ප්‍රතිකාර දීමෙන රෝගය නිට්ටාවට සුව කලහැක.
2.රෝගය ඇතිවී මාස ගණනක් හෝ වසර ගණනක් නම් ඖෂධ මගින් රෝගය පාලන කර ගත හැක. දිගටම ප්‍රතිකාර අවශ්‍ය.
3.ඖෂධ සඳහා ඇබ්බැහිවීමක් නොවන අතර කල යත්ම අතුරු අබාධ ද නැතිවී  යයි.
4.දිගුකලක් තිස්සේ මෙම රෝගයට පාත්‍ර රෝගීන්ට පුනරුප්තාපන ක්‍රියාකාරකම් අවශ්‍යවේ.උදා-තම දෛනික කටයුතු ඔහුට නැවත කුඩා දරුවකුට පරිද්දෙන් පියවරෙන් පිය වර කියා දිය යුතුය.(ඇඳුම් සේදීම,අහාර ගැනීම,නිවස අතුගෑම,ඇඳුමක් නැවීම වැනි දෑ ..)
මෙම රෝගීන් විශයෙන් පහත කරුණු කීහි සැලකිල්ල තබා ගතයුතුය.
1.මත්ද්‍රව්‍ය හා දුම්පානයෙන් වැලකීම.
2.ඖෂධ නිය මිත පරිදි භාවිතා කිරීම.
3.නියමුත කාලය තුලදී වෛද්‍ය උපදෙස් පැතීම.
4.ඉහල කායික සෞඛ්‍යය මට්ටමක තබා ගැනීම.
ඉහත දැක්වූ රෝග ලක්ෂණ ඇති අයෙකු හමුවුවහොත් ඔහු වහාම ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුය.නැතිනම් රෝග තත්වය උස්සන්න විය හැක.

තවත් තොරතුරු සඳහා පිවිසෙන්න ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනයේ වෙබ් අඩවියට..

ඔබට ජය!

ප්‍රවේසම් වන්න..අන්තර්ජාල රෝගය සීග්‍රයෙන් පැතිරේ..


        අද නුතන ලෝකයේ අන්තර්ජාලය අපට නැතිවම බැරි සම්පතකි.අප අලුත් තොරතුරු සෙවීමට අද්‍යාපන කටයුතුවල ට,ක්‍රීඩා හා චිත්‍රපට නැරඹීමටත් යාළුවන් හඳුනා ගැනීමටත් යන එන ඕනෑම තැනකදී අප භාවිතා කරන්නේ අන්තර්ජාලයයි.එය කෙතරම් ද යන්න පෙනේනේ facebook සමාජ ජාලයට ලංකාවේ පමණක් දිනපතා ඇදෙන සෙනග මිලියන ගණනක් වීමය.ඇත්තෙන්ම මිනිසා අන්තර්ජාලයට ඇබ්බැහි වන්නේද යන්න දැන් බරපතල ගැටලුවක්ව ඇත.'ඇබ්බැහිවිම'යම් කාර්යයක් කෙතරම් අත්‍යවශ්‍යය කටයුතු තිබුනද ඒවා අතපසුකර අන්තර්ජාලයේ එල්ලී  සිටීමත් එයින් බලෙන් ඉවත්කර දැමුවහොත් ඊට අකමැත්ත පෙනුම් කිරීමෙනුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත්ය.

ඇත්තවශයෙන්ම ලෝක ජනයා අන්තර්ජාලයට ඇබ්බැහිවීමේ අවදානමක් පවතින බව ලෝක විද්වත්හු පෙන්වා දෙති.මෙය ඉන්ටනෙට් ඇබ්බැහිය (internet addiction)ලෙස විද්‍යාත්මකව තවම පිළිගෙන නැත.එහෙත් රෝග තත්ව විග්‍රහ කෙරෙන හා වෛද්‍යවුර්තිකයන්  පොදුවේ රෝග විමර්ශනය සඳහා භාවිතා කරන Diagnostic and Statistical Menual of Mental Disorders මීළඟ සංස්කරණයෙන් ඉන්ටර්නෙට් ඇබ්බැහිය මානසික රෝගයක් ලෙස වර්ග කරන බවට දැන් ප්‍රචලිත වී තිබේ.
මෙය විග්‍රහ කරනුයේ ඇමරිකාවේ ඔරිගොන් විශ්ව විද්‍යාලයේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු  වන ජෙරල්ඩ් බි ලොක්ය.ඔහු ලියු ලිපියක ඉන්ටර්නෙට් රෝග ලක්ෂණ ගණනාවක් දක්වා ඇත.

1.අසීමිත ආශාව-කෑම බිම පවානොගෙන,තම දිනපතා කටයුතු අතහැර අන්තර්ජාලයට පිවිස සිටීම.
2.නොලැබීමේ පීඩාව-අන්තර්ජාලයට සම්බන්ද වීමට නොහැකි වුවහොත් හෝ ඉන් ඉවත් කලහොත් දැඩිලෙස කනස්සලු වීම.
3.තාක්ෂනය පිළිබඳව අධික තන්හාව.-අන්තර්ජාල වේගය කෙතරම් වැඩි වුවත් එය තමන්ට ප්‍රමාණවත් නොවන බව කීම.තම පරිගණකයේ  වැඩසටහන් අන්තර්ජාලය සඳහා ප්‍රමාණවත් නොවන බව සිතමින් අලුත් අලුත් වැඩ සටහන් සොයා යාම.
4.නරක පසුවිපාක -අන්තර්ජාලය භාවිතා කිරීමෙන් පසුව සාමන්‍ය ජීවිතය කලහකාරිවවීම,නිදිමත ගතිය,හුදකලාවීම,නිතර තෙහෙට්ටුවෙන් සිටීම,අන්තර්ජාලෙන් ඉවත්වීමෙන් පසුව වුවද තමන් නැවත ඊට සම්බන්ද වුවිට කරන කියනා දෑ පිළිබඳව මෙනෙහි කිරීම.

මෙවැනි රෝග ලක්ෂණ තිබෙන මිනිසුන් බුරුතු පිටින් ලොව සෑම තැනක සිටින බව දැන් හෙළිවී තිබේ.
මොහොතක් සිතන්න ඔබටත් ඉහත රෝග ලක්ෂණ තිබෙනවාද?මින් අපට පිළිඹිඹු වන්නේ 'ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනා නෑ'යන කතාවේ සත්යාර්තයයි.

ඔබට ජය..!

Friday, February 22, 2013

පෙන් ඩ්‍රයිව් එකක ඇති වයිරස් හදුනා ගන්නා අයුරු..

               ඔබ පෙන් ඩ්‍රයිව් භාවිතා කරන විට වයිරස් පරිගණකයට ඇතුළුවීම බලවත් හිසරදයක් වී ඇතිවාට සැක නැත.එහෙත් ප්‍රති වයිරස් මෘදුකාංගයක් ස්ථාපනය කර ඇති නම් ඔබ බිය විය යුතු නැත.එහෙත් එය මසකට වරක්වත් අන්තර්ජාලයට සම්බන්ධකර යාවත්කාලීන කලයුතුය.
දැන් අපි වයිරස් ආරක්ෂාව යොදා ඇති පරිගණකයකින් පෙන් ඩ්‍රයිව් එකක වයිරස් ඇතිදැයි සොයා බලා එය ඉවත් කරගන්නා අයුරු සලකා බලමු.පළමුව ඔබේ පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරන්න.දැන් එය My computer තුල දිස්වේවි.පෙන් ඩ්‍රයිව් එකට අදාළ ෆෝල්ඩරය හෝ ඩිස්ක් එක මත රයිට් ක්ලික් කරන්න.එවිට' Scan with...Anti virus'යනුවෙන් විධානයක් ලැබෙනු ඇත.එය ලබාදීමෙන් වයිරස් වලින් ඔබ ආරක්ෂා වියයුත්තේ කෙසේද යන්න විමසනු ඇති.එය පහත පරිදි විය හැක.
1.වයිරසය ඉවත්කිරීම.(Clean/Ddisinfect)
2.වයිරසය අඩංගු ගොනුව මකා දැමීම.Delete the infected file)
3.වයිරසය පැතිරීම වැළැක්වීම.(Quarantine)
මෙලෙස සමහර වයිරස් මෘදුකාංග වලින් විමසුවද බොහොමයක් ඇන්ටිවයිරස් මෘදුකාංග ඉහත පියවර ස්වයංක්‍රීයව ඉටුකරනු ලබයි.එහිදී වයිරස් මැකීම හෝ විවුර්ත නොවන පරිදි පරිගණකය තුල සඟවා

තබයි.ඔබට ජය

Thursday, February 21, 2013

ලංකාවෙනුත් මුනුපොතක්..

                 මුනුපොතක් ඒ කිවුවේ facebook වැනි,අපේ දන්නා සිංහලින් ම වැඩ දාන්න පුළුවන් සමාජ අඩවියක් දැන් අරඹා ඇත.ඉතා අලංකාර ලෙස තනා ඇති මෙම අඩවිය තුලින් විශාල සේවයක් ලබා ගත හැක.(www.sathuta.info) යන බ්ලොග් ලිපිනය තුලින් එයට පිවිසිය හැකි ඔබට දන්නා සිංහලෙන් චැට් කිරීමටත් වෙනත් තොරතුරු හුවමාරු කර ගන්නටත් පුළුවන.පහත දැක්වෙන්නේ එම අඩවිය පිළිබඳව එහි කතෘ තුමා දක්වා ඇති අදහසකි.
'ඇසිල්ලකින් වෙනස්වන ලෝකයක අපිත් සූදානම් ඔබත් එක්ක ඒ වෙනසට වෙනස් වන්න

අපේ බසින් ප්‍රථමවරට
අලුත් මිතුදම් ගොඩනඟන්නට
නවමු තෝතැන්නක් ලෙසින්
අලුත් දේ අපේ දේ ලෙස වැලඳගන්න
මිතුරු ජවය වගා කරගන්නට
අපත් සමඟ මිතුරුකමේ දෑත දිගු කරන්නට
ආරාධනා "සතුටු වැස්ස"
නම් වූ තුෂාර බිඳු සුදිලෙන
සතුට බෙදා හදා ගන්නා
අපේ සමාජ ජාලයට...
අපේකමේ සුවඳ තුළින් විකසිත වූ අලුත් ලෝකයට ඔබත් දැන්ම එකතු වෙන්න...'

ඔබට ජය!

කැමරාවට හෙටදිනක්..

          ලොව සන්නිවේදන තාක්ෂනය ඉතා සීග්‍රයෙන් දියුණු වෙමින් ඇත.ඇත්තටම පසුගිය කාලයේ කැමරාවතට තිබු ඉල්ලුම අඩු වූයේ දුරකථන වලින් චායාරූප ගැනීමේ කලාව දියුණු වීමත් සමගය.එහෙත් ලොව ප්‍රකට සමාගමක් වන samsung සමාගම පසුගියදා නව කැමරාවක් හඳුන්වා දුන්නේය.එහි අන්තර්ජාල පහසුකමද ඇත.ඉන් චායාරූපයක්‌‌ හෝ වීඩියෝවක් ලබා ගන්නා චායාරූප ශිල්පියාට එය වෙනත් අයකුට යැවීමට එවෙලේම කල හැකිය.එමෙන්ම මෙහි දුරකථන කැමරාවල නැති පහසුකමක්ද ඇත.එනම් optical zoom විශේෂාංගය ඇත. මෙහිදී කාචය ඉදිරියට හා පිටුපසට චලනය වන අතර දුරකථන කැමරාවල මෙය නැත.
samsung Galaxy Camera GC 100 ලෙස මෙය පසුගියදා සුබ
මොහොතින් දොරට වැඩිණි.මෙගා පික්ස්කල් 16.3ක් බලසම්පන්න කැමරාවේ චායාරුපයක් ගැනීමේදී ගැස්සීමේදී වන බොඳවීම නැවැත්විය හැකි තාක්ෂනයක්ද (Optical imege stabilization) අන්තර්ගතව ඇත.චායා රූප කිහිපයක් යොදාගෙන තැනිය හැකි එකතැනක සිට බලන විට තමා වටා අංශක 360 දර්ශනය පෙනෙන පරිදි සැකසිය හැකි 'පැනරෝමා තාක්ෂණය'ද මෙම කැමරාව සතුය.වර්තමානයේදී එම පැනරෝමා දර්ශන සකස් කරනුයේ විශේෂ මෘදුකාංගයක් යොදා පරිගණකයක් මගිනි.මෙම කැමරාවේ,මෙහෙයුම් පද්ධතිය ලෙස Android භාවිතාවේ.පහත දැක්වෙන්නේ එහි සුපිරි තාක්ෂණයයි.
1.720x1280 Resolution අගය.
2.අඟල් 4.8 touchscreen තිරය.
3.1.4 GHz Cortex A9 Quad Core ප්‍රොසෙසරය .
4.64GB දක්වා භාවිතා කළහැකි memory Slot එක.
5.HSDPA සිම් පත සවිකළ හැකි ස්ලොට් එක.
6.Micro USB Data Port එක.
7.facebook,youtube,skype & Viber
කමරාවද අන්තර්ජාලකරණය වීම සැබවින්ම කැමරාවේ හෙටදිනය වඩවඩාත් සුබ දායක වන බව කිව යුතුය.

*කැමරාවෙන් වැඩ දාන හැටි වීඩියෝව මෙතනින් බලන්න.
*කැමරාවේ තව විස්තර මෙතනින්..

ඔබට ජය.!

Wednesday, February 20, 2013

දුරකතනයක දත්ත මැකෙන්නම මකමු..

    ඔබ ජංගම දුරකතනයක් භාවිතා කර එය යළි තව අයෙකුට විකිණිමට යන්නේ නම්  එහි අන්තර්ගත සියලු දත්ත ස්ථිරවම මකා දැමුවා දැයි සැලකිලිමත් වන්න.ඔබ එය දුරකථනය මගින් ෆෝමැට් කර දැමුවත් එහි ඔබගේ දත්ත සුරැකිව තිබේ.ඔබ වෙනත් දත්ත ගොනුවක් දුරකතනයට හෝ එම මෙමරි කාඩ් එකට ඇතුලත් කරන තෙක් එම දත්ත එහි රැඳී තිබේ.ඔබේ රහසිගත දත්ත එහි තිබෙන නිසා වෙනත් අයෙකුට රිකවරි සොෆ්ට්වෙයා එකක් යොදා නැවත එම දත්ත ලබා ගත හැකියි.එම නිසා ඔබ සියලු දත්ත සදහටම මැකීමට නම් දුරකතනයේ මෙමරිය වීඩියෝ ලෙස පළමුව දුරකතනයට ලබාදී බිත්තියක් වැනි තැනකට එහි කැමරාව යොමුකර වීඩියෝ වීමට තබන්න.දුරකථනය  සම්පුර්ණයෙන්ම පිරුණු විට එම වීඩියෝ එක මකා දමන්න.එවිට දුරකතනයේ කලින් තිබු සියලු දත්ත මැකියයි.රිකවරි වැඩසටහනකින් ලබාගත්තද ලැබෙන්නේ වැඩකට නැති බිත්ති වීඩියෝවයි.මෙමරිය මෙමරි කාඩ් ලෙසද ලබා දී පෙර පරිදි අනවශ්‍ය ස්ථානයක් වීඩියෝ කර එයද මකා දැමීමෙන් මෙමරි කාඩ් එකද ඔබේ පවුද්ගලික තොරතුරුවලින් නිදහස්‌ කළ හැක.ඔබ පරිගනකයක අධාරයෙන් මෙම ෆෝමැට් කිරීම සිදුකරයිනම් දුරකථනය USB මගින් පරිගණකයට සවිකර 'මෘදුකාංග මකන පරිගණක වැඩසටහනක්' මගින් එහි  ඇති දත්ත සහමුලින්ම මකා දැමිය හැක.එම SOFTWARE ERASER මෘදුකාංගය බාගැනීමට මෙතන ක්ලික් කරන්න.
ඔබට ජය.!

Tuesday, February 19, 2013

අප මියගිය පසු facebook ගිණුමට සිදුවන දේ..

    ඔබ සතුව facebook ගිණුමක් ඇතිනම් ඔබ යම් දිනක මිය ගිය පසු එයින් පලක් නැති බැවින් එය මකා දැමීමට මුහුනුපොත කටයුතු කරනු ඇත.facebook අඩවිය ආරම්භ වූ දා  පටන් මේ දක්වා බ්ලියනයකට ආසන්න සාමාජිකයන් පිරිසක් මිය ගොස් ඇතිබව එම ආයතනය කියයි.ඔබ මාස කිහිපයකින් ඔබේ ගිණුමට ලොග් වුනේ නැතිනම්  ඔබ මියගොස් ඇතිද යන්න අසමින් පණිවුඩයක් ඔබේ මිතුරන්ට ලැබේ.ඔවුන් එය ස්ථිර කළහොත් ඔබේ ගිණුමද එතනින් අවසාන වේ.මෙය උපක්‍රමය තම සර්වර් වල ඉඩ අපතේයාම වලකාගැනීමට කරන දෙයකි.එමෙන්ම මිය ගිය පුද්ගලයකු ජිවත්ව සිටින බව පෙන්වමින් විවිධ අපරාධ හා මංකොල්ල කෑම් වලකාලීමට එම ආයතනය දරණ උපක්‍රමයක්ද වේ..

Monday, February 18, 2013

ඔබත් දුරකථනයත් රැක දෙන IMEI අංකය..


                       වර්තමානයේ දුරකතන භාවිතය සීග්‍රයෙන් වැඩි වී ඇත.ඒ සමගම දුරකථන සම්බන්ද වංචා අපරාධ ආදියද වැඩිවෙමින් ඇත.වැඩිපුර දුරකථන වෙළඳ පළට පැමිණිමත් සමග ඒවායේ ගුණාත්මය පිළිබඳව ගැටළු තත්වයක් ද පැන නැගී ඇත.ඉතා අඩු මිලට දුරකථන ලබා ගත හැකි වුවද ඒවායේ ප්‍රමිතිය පිළිබඳව අප හොඳින් අවධානය කල යුතුය.මන්ද ඇතැම් නියමිත ප්‍රමිතියෙන් තොර දුරකථන වලින් අහිතකර විකිරණ ආදිය නිකුත් වියහැකි බැවිනි.
ඔබ දැනටමත් ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් එය අන්තර්ජාතික ප්‍රමිතතියට යටත්ද යන්න පහසුවෙන් සොයා ගත හැක.මේසඳහා ඔබ කලයුත්තේ *#06# යන යතුරු එබීමය.එවිට මතුවන අංක පහළොවක් හෝ දාහතක් ඇති අංකය ඔබේ දුරකතනයේ හැඳුනුම්පත් අංකය හා සමාන ඉමි අංකයයි.මෙය ඔබට වැදගත් අංකයකි.එක දුරකතනයකට මෙම අංක ඇත්තේ එකකි.වෙනත් ලොව පුරා කිසිම දුරකතනයකට ඒ හා සමාන අංකයක් නැත.උක්ත පරිදි ඔබ ලබා ගත අංකය
   අරාක්ෂිත තැනක ලියා තබන්න.දැන් ඔබ දුරකතනයේ බැටරිය ගලවා ඊට යටින් ඇති කොටසේ මුද්‍රණය කර ඇති අංකය හා කලින් ඔබ ලියා ගත් අංකය සංසන්දනය කරන්න .එම අංක දෙක සමාන නම් ඔබේ දුරකථනය ප්‍රමිතීන්ට අනුකුල එකකි.අංකය අසමාන නම් එය ව්‍යාජ එකකි.එවැනි දුරකතනයක් භාවිතා කිරීමෙන් ඔබට සිදුවන කිසිඳු ගැටලුවකදී කිසිවකුගේ පිළිසරණක් නැත.
එය ව්‍යාජ එකක් ද යන්න සෙවීමට වෙබ් අඩවියක් ඇත.ඔබ පළමුව මෙතනින් ඇතුළු වී කලින් ලියා ගත් ඉමි අංකය එම අඩවියට ලබා දෙන්න.එවිට ලැබෙන මූලික තොරතුරු වලින් එය හොඳ එකක්ද යන්න දැන ගත හැකිය.
යම්  හෙයකින් ඔබේ දුරකථන කිසිවකු සොරාගෙන එහි ඇති දත්ත ආදීය ලබාගෙන ඔබේ බැංකු ගිණුම් වලින් පවා මුදල් ලබා ගන්නට බැරි නැත.එනිසා වහා දුරකථනය නැති වූ සැනින් එහි ඉමි අංකය අදාල දුරකථන සමාගමට දැන්වීම වැදගත්ය.එවිට ඔවුන් එම දුරකථනය භාවිත කල නොහැකි පරිදි බ්ලොක් කරනු ඇත.ඔබ නැතිවූ දුරකතනය පිළිබඳව පොලිසියක් හරහා පැමිණිලිකර ඇතිනම් ඔබට ඇතැම් විට දුරකතනය හා එහි සොරා ද හසුකර ගත හැකිවනු ඇත.දුරකතනය සොරා ගත් පුද්ගලයා එහි සිම් පත ඉවත් කර ඔහුගේ සිම් පතක් එම ජංගම දුරකතනයට දැමු සැනින් එම සිම් පතේ ඊට ආවේනික සිම් අංකය එම දුරකථන සමාගමේ සර්වර් වල සටහන්වේ.එම සිම් අංකය ඔස්සේ ඔබේ ඉමි අංකය දරණ දුරකථනය භාවිතාකරන්නේ කවුරුන්ද යන්න පහසුවෙන් සොයා ගත හැක.එපමනක් නොව ඔහු දුරකතනය දිගටම භාවිතාකරයි නම් ඔහු ස්ථාන ගතවී ඇති තැන් පවා දුරකථන කුළුණු වල ඇති පරිගණක වල සටහන් වේ.එම දුරකතනය නැතිවූ අවස්තාවක චායා රුපයක් ගතහැකි මෘදුකාංගයක් ස්ථාපිත කර තිබුනේ නම් එහි කැමරාව හරහා එය සොරාගෙන භාවිතා කරන්නාගේ චායාරුපයක් වුවද ගෙන්වා ගතහැකිය.මෙවැනි තාක්ෂණික ක්‍රම අද පරිගණක සොර ගැනීම් වැලැක්වීමට ද බහුලව යොදා ගැනේ.
ඔබ භාවිතා කරන දුරකතනයේ ඉමි අංකය ලියා තැබීමේ තවත් වැදගත් කමක් වන්නේ නීතිමය ගැටළු අවස්ථාවකට ඔබට මුහුණ නොදී  සිටීමටය.යම් හෙයකින් ඔබේ නැතිවූ සිම්පත යොදා වෙනත් දුරකතනයකින් අපරාධ යකට සම්බන්ද සිදුවීමකදී ඔබේ දුරකතනයේ ඉමි අංකය ඔබව නිදහස් කරනු ඇත.පසුගිය කාලයේ ඉන්දියාවේ සිදුවූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේදී ඉමි අංක රහිත දුරකථන භාවිතා කර ඇති බව කියවේ.එනිසා පරීක්ෂණ කටයුතද ගැටළු කාරී වී ඇත.ඒ අනුව ඉමි අංක රහිත දුරකථන භාවිතය ඉන්දියාව තහනම් කරන ලදී.
ඔබට ජය!

Adobe Flash Player 11.6 බා ගන්න..

   ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ පරිහනකයෙන් අන්තර්ජාලයට ගියහම වෙබ් පිටුවල තියෙන ෆ්ලෑෂ් වීඩියෝ,නවතම ගේම්ස්,HDවීඩියෝ ආදිය නොපෙනීම.එකට ප්‍රධාන හේතුව තමයි ඇඩෝබි නවතම සංස්කරණක් ස්ථාපිත නොකිරීම.අතින් මම අද එහි නවතම සන්ස්කරණය ඔබට ලබා දෙනවා මෙතනින් ගිහින්නොමිලේ  බා ගන්න ..

මොනවාද මේ එරර් මැසේජ්ස්..

                   ඔබ යම් වෙබ් අඩවියකට පිවිසෙන්න හදන විට හතර ඉලක්කමෙන් පටන් ගන්නා හෝ පහ ඉලක්කමෙන් පටන්ගන්නා අංන්කයක් සහිත පණිඋඩයක් දිස් වනවා දැක ඇත.මේවා ලැබෙන්නේ එක්කෝ ඔබ එම අඩවියට ඇතුලත් වීමේදී කල වරදක් හෝ සර්වර්  වල පවතින අඩුලුහුඞු තාවයක් නිසා විය හැක.ඒ අතුරින් හතර ඉලක්කමෙන් පටන් ගන්නා එරර් මැසේජස් ලැබෙන්නේ ඔබ බ්‍රවුසරය වැරදි ලෙස භාවිතා කරන විටය.පහ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජ් වලින් කියවෙන්නේ වෙබ් අඩවි ගබඩා කර ඇති සර්වර් වල හෝ අන්තර්ජාල සම්බන්දතාවල වරදක්‌ ඇති බවය.
400 Bad requst-
මෙමගින් කියවෙන්නේ ඔබ විසින් ඉල්ලු වෙබ් ලිපිනය වැරදි බවයි.නැවත ටයිප් කර නිරවද්‍යතාව සහතික කර ගත යුතුය.

401 Unautherized-
ඔබට මෙම අඩවියට ඇතුළු වීමට අවසර නැත.ඔබ මෙම අඩවියේ ලියා පදිංචි විය යුතුය.ඔබේ පරිශීලක නාමය හා මුර පදය ඇතුලත් කිරීමෙන් ඔබට මෙම අඩවියට ඇතුලත් විය හැක.
403 Forbidden-
මෙහිදී ද ඇතුළු වීමට අවසර ලබා ගතයුතු බව දන්වයි.එනම් ලියාපදින්චි විය යුතුය.
404 Page not found-
වෙබ් පිටුව සම්බන්ද කිරීමට යම් තාක්ෂණික අපහසුතාවයක් ඇත.කලින් සිටි පිටුවට නැවත පැමිණ යලිත් පිටුව ඉල්ලුම් කිරීමත් වෙබ් පිටුව රිෆ්‍රෙශ් කිරීමත් මෙයට විසඳුම වේ.වෙබ් අඩවියේ නම වෙනස් කර තිබීම ,එය අන්තර්ජාලයෙන් ඉවත්කර තිබීම,අඩවියේ පිටු මකා දමා තිබීමෙන් ද මෙම පණිවිඩය දිස්වේ.
404 Request time out-
ඔබ පමාවී ලිපිනය ක්ලික් කර ඇත.නැවත ටයිප් කර ඉක්මනින් අදාල ලිපිනය ක්ලික් කරන්න.
500 Server error-
අන්තර්ජාල සේවා සපයන ආයතන වල ඇති වැරදි නිසා සිදුවේ.ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත ස්ම්බන්දවීම මෙයට විසඳුමකි.
502 Server overload-
වෙබ් අඩවි තැන්පත් කර ඇති සර්වර් වල ඇති කාර්යය බහුලතාවය නිසා ඇතිවේ.මදවේලාවක් සිට නැවත සම්බන්ද වන්න.
503 Service unavailable-
අන්තර්ජාල පහසුකම් සපයන්නා ඔබව විසන්දිකලවිට මෙම දෝෂය ලැබේ.ඉන්ටනෙට් සේවා සපයන්න අමතා මෙය නිවැරදි කර ගත හැක.



 send error report
සැමට පුරුදු send error report පණිවිඩය.
ඔබ සමහර විට ඔබේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද කල සැනින් මෙම ඩයලොග් බොක්ස් එක ලැබෙනු දැක ඇති.මින් කියවෙන්නේ ඔබේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ යම් bug එකක් එනම් දෝෂයක් ඇති බවත් එය මයික්‍රොසොෆ්ට් ආයතනයට දන්නවා යවන්නද යන්නයි.මෙහිදී ඔබට do'nt sent & Send Error Report යන විකල්ප දෙකින් එකක් තෝරා දිය හැක.send error report ක්ලික් කල හොත් ඔබගේ පරිගණකයේ මෙයෙයුම් පද්ධතියේ දෝෂය එම ආයතනයට දන්වා යැවේ.මෙම පනොවිදය ලැබීමට නම් ඔබ ඔර්ජිනල් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර තිබිය යුතුය.මින් ඔබට කෙලින්ම වාසියක් අත් නොවුනද මතු සංස්කරණ වලදී එම දෝෂය මග හැර එය සකස් කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය පියවර ගනු ඇත.

ඔබට ජය!

Sunday, February 17, 2013

QR code නිර්මාණය කරගන්නේ මෙහෙමයි...

                  ඔබ QR කෝඩ් ගැන අසා ඇති..ඇත්තෙන්ම මෙය කුඩා පින්තුරයකි.වෙනසකට ඇත්තේ මෙහි තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කල හැකි නිසාය.QR(quick read)දත්ත හුවමාරු ක්‍රමයක් ලෙස කරලියට ආවේ මෑතකදීය කේත සටහනක් ලෙස ලියවී ඇති රැපයේ අන්තර්ජාලය හා සබැඳිය හැකි ලින්ක්,වෙබ් ලිපින,දුරකථන අංක,ඊ ලිපින ,ආදී විශාල තොරතුරු රාශියක් රැඳවිය හැක.මෙය බිත්තියක හෝ දැන්වීමක පුවත්පතක ,සඟරාවක,වෙබ් පිටුවක වුවද ප්‍රදර්ශනය කල හැකිය.මෙම QR කෝඩ් එක ස්මාර්ට් ෆෝන් එකකින් චායා රුප ගතකර එම දුරකතනයේ ඇති විශේෂ APP එකක් අධාරයෙන් කියවිය හැකිය.ඇත්තටම මෙම QR කෝඩ් කියවීමට නම් ස්මාර්ට් ෆෝන් එකක් හෝ ටැබ්ලට් පරිගණකයක් අවශ්‍යවේ.ඔබ කල යුත්තේ මෙම QR කෝඩ් කියවීමට අවශ්‍ය මෘදුකාංගයක් මුලින්ම ඔබේ ටැබ්ලට් පරිගණකයේ හෝ ස්මාර්ට් ෆෝන් එකේ ස්ථාපිත කර ගැනීමය.ඒ සඳහා පහත අඩවි භාවිතා කරන්න.

Android සඳහා
1.https://play.google.com (RedLaser)
2.http://www.goo.gl/vBxml (QR Droid)
Blackberry සඳහා
3.http://appworld.blackberry.com (QR Code Scanner Pro)
එය ස්ථාපනය කර විවුර්ත කල විට එය ඔබේ දුරකතනයේ කැමරාව හරහා තිරයට විවුර්ත වේ.දැන් ඔබට තිබෙන්නේ කියවිය යුතු QR කෝඩ් එකට කැමරාව මදක් වෙලා නොසෙල්වී අල්ලාගෙන සිටීමයි.මද වෙලාවකින් ඔබේ දුරකතනයේ QR කෝඩ් හි තිබු දත්ත දිස්වනු ඇත.මෙම බොහෝ මෘදුකාන්ගයන්ගෙන් බාර් කෝඩ් ද කියවිය හැක.QR Droid මෘදුකාංගය මගින් ඔබේ දත්ත ඇතුලත් කර නව QR කෝඩ් එකක් වුවද සැදිය හැක.
දැන් අපි බලමු අපට අවශ්‍ය විදිහට නව QR කෝඩ් එකක් සදා ගන්නා අයුරු එසඳහා නොමිලේම අවස්තාව දෙන වෙබ් අඩවියක් ඇත.
මෙම අඩවියට පිවිසෙන ඔබට ලබාගත හැකි විපුල සේවාව වන්නේ පහසුවෙන් ඔබ සදහා ඔබේ වෙබ් අඩවිය සදහා නැතිනම් ව්‍යාපාරය කටයුතු සදහා QR කෝඩ් එකක් නොමිලේ නිර්මානය කරගත හැක.එයින් ගත හැකි ප්‍රයෝජනය වන්නේ එම රූසටහන පැහැදිලිව ඔනෑම මතුපිටක සටහන් කර ඇති විටකදී දුරකථන කැමරාවකින් පවා එය ලබාගෙන අන්තර්ජාලය හරහා එහි සැගව ඇති තොරතුරු ලබාගන්නට හැකිවීමයි.මෙම අඩවිය තුලදී ඔබට එම QR Code එක නිර්මානය කරගන්නටත් පසුව එය මතට පසුබිම් වර්නයක් යොදාගන්නටත් එය වඩාත් ඇසට ප්‍රිය අර්ථවත් කර ගැනීම සදහා මතු පිටට කුඩා චායරුපයක් යොදා ගන්නටත් පුළුවන.
එම අඩවියට පිවිසීමට මෙතනින් යන්න.

ඔබට ජය !

ග්‍රාහක ගැටුමකින් පෘතුවිය බේරා ගන්නේ කෙසේද..

            පසුගිය දිනවල අපට නිතරම වාගේ අසන්නට ලැබුනේ පොලොව මතට උල්කාපාත කඩා වැටීම ගැනය.වාසනාවකට මෙන් ලංකාව තුළට වැටුන කිසිම උල්කාවකින් කිසිවකුට හානියක් සිදු වුයේ නැත.එහත් පසුගිය දා රුසියාවට වැටුන උල්කාවෙන් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් තුවාල ලැබුහ.එම උල්කාව පොළවට කිලෝමීටර 50ක් පමණ තිබියදී පුපුරා ගොස් ඇත.එයින් හානිය අඩු වු අතර ගොඩනැගිලි වල විදුරු වල උල්කා කොටස් වැදීමෙන් ඒවා බිදී ගොස් ජනතාවට කැපීම් තුවාල සිදු විය.මෙහිදී හිරෝෂිමාවට හෙලු පරමාණු බෝම්බය මෙන් දස ගුණයක පමන බලගතු  පිපිරීමක් සිදුවී ඇති බව විද්‍යාක්ඤයන් කියා සිටිති.ලෝකය කෙතරම් දියුණු වුවත් එදින මෙම උල්කාව පොළවට වැටෙන තුරු කිසිවකුට එය සොයා ගත නොහැකි විය.
විද්‍යාක්ඤයන් පවසන්නේ මෙලෙස අප වෙත පැමිණෙන ඇතැම් ග්‍රාහක ඉතා අඳුරු ස්වාභාවයක් ගන්නා
නිසා ඒවා කල් ඇතුව හඳුනා ගත නොහැකි බවය.අත්තෙන්ම ඒවා අපට පෙනීමට පටන් ගන්නේ පොළවට වැටීමට දින දෙක තුනකට පෙරය.මෙය භයානක තත්වයකි මන්ද විශාල ප්‍රමාණයේ උල්කාෂ්මයක් පොළවට වැටුන හොත් මිහිපිට ජිවය සම්පුර්ණයෙන්ම අතුගෑවී යන්නට පුළුවන.එවැනි ග්‍රාහකයක් සාගරයට වැටුන හොත් විශ්වාස කල නොහැකි තරමේ සුනාමි ප්‍රහාරයකින් උසින් අඩු රටවල් විනාශ වී යනු ඇත.ඇතිවන මහා දුවිලි තට්ටුවෙන් වායුගෝලය වසාගනු ඇත.එයින් දින ගනනාවකට ආලෝකය පොළවට පතිත වීම නවතිනු ඇත.එයින් සියලු ප්‍රභාසංස්ලේෂක ශාක මියයනු ඇත.මේ නිසා ශාක භක්ෂක සතුන් කෙලින්ම මියයනු ඇත.ලොව පුරා දරුණු අහාර හිඟයක් ඇතිවනු ඇති අතර හිරුඑළිය නොවැටීමෙන් දරුණු ශිතලකින් මුළු ලොවම වෙලා ගනු ඇත.සියලු ශාක නැතිවීමත් සමග වායු ගෝලයට ඔක්සිජන් සැපයුම අඩාලවන බැවින් වායුගෝලයේ ඔක්සිජන් ක්‍රමයෙන් හීන වනු ඇත.මෙයින් ශ්වසන අපහසුතා ඇතිවී ජීවින් බහුතරයක් වැනසෙනු ඇත.විශ්ෂයෙන් ශිත රටවල්  වලට තවත් වඩවඩාත් ශීතල දැනෙනු ඇත.එයින් ජනයා දරුණූ ශීතලෙන්ම මියෙනු ඇත.සතුන් හා ශාක මියයාමෙන් ඇතිවන අපද්‍රව්‍ය නිසා බෝවන රෝග පැතිරී මිනිසුන් මියෙනු ඇත.මෙහිද
දරුණුම ලෙස සිදුවන විනාශය නම් ලෝකයේ පෙනහළු ලෙස ක්‍රියාකරන ලොව ප්‍රකට වනාන්තර පද්ධතිය විනාශ වීමයි.මෙයින් වායුගෝලයේ ඔක්සිජන් අඩුවීම නිතැනින්ම සිදුවිය හැකිය.ජලාශ අදීයට ආලෝකය නොලැබීමෙන් ඒවායේ ජලජ ශාක මියයාමෙන් ජලයට ඔක්සිජන් එකතුවීම අඩුවේ.එයින් ජලය ශ්වසන මාද්‍යක් කරගන්නා ජලජ ජීවින් පහසුවෙන්ම මියෙනු ඇත.එයින් ගංගා ඇතුළු ජල මුලාශ්‍ර අපවිත්‍ර වී බීමට ගන්නා ජලයෙන් ද ලෙඩරෝග පැතිරෙනු ඇත.ඔබ ඉහත කියවුයේ මගේ සිතට නැගුනු  ප්‍රබන්දයක් වැනි කතාවක්  වුවද සුවිශාල ග්‍රාහකයක් පොළව හා ගැටුන හොත් ඒ සියල්ල යතාර්ථයක් වන බව ඔබම සිතා බලන්න.
මෙවැනි ග්‍රාහක ගැටුමකින් ලෝකය බේරා ගැනීමට විද්වත්හු විවිද යෝජනා ඉදිරිපත් කරති.එහෙත් ඒ කිසිම යෝජනාවක් තවම අත්හදා බලා නැත.ඇතැම් විට එවැනි අත්හදා බැලීමක් අප දැනටමත් සිදුකර තිබිය යුතුය.පසුගිය දා පොළව සමීපයෙන් ගිය ග්‍රාහකය අපට කියන්නේ එයයි.

දැනට යෝජනා වී ඇති පෘතුවිය බේරා ගැනීමේ ක්‍රම පහත දැක්වේ.
1.ග්‍රාහක කල්තියා හඳුනා ගෙන ඒ වෙත පරමාණු බෝම්බයක් යවා පිපිරීමක් සිදුකර එය කැබලි වලට කඩා දැමීම.
2.කල්තියා හදුනා ගත් ග්‍රාහකයා වෙත පරමාණු අවියක් යවා එහි පෘතුවිය හා ගැටීමට එන කක්ෂය වෙනස් කිරීම.මෙහිදී අංශක කීපයකින් වුවද කක්ෂය වෙනස් කිරීම සෑහෙන බව විද්‍යාක්ඤයන් කියති.
3.පෘතුවියෙන් පිටත අජටාකාශයේ රදවා ඇති යානාවක සුවිශාල අවතල දර්පනයක් සවිකර එයට හිරුඑළිය වැටීමට සලස්වා එහි නාභිය ග්‍රහකයේ පැත්තකට වැටීමට සලස්වා එම කොටස වාෂ්ප වීමට සැලැස්වීමෙන් ඇතිවන ප්‍රතිබලය නිසා ග්‍රහකයේ කක්ෂය වෙනස් වී  එය පෘතුවියේ නොගැටී ඇදී යාමට සැලැස්වවී ම.

මෙම සියලු ක්‍රම වල සාර්ථකත්වය රඳා පවතින්නේ අප ග්‍රාහකය හඳුනා ගන්නා කාලය අනුවය.කල් තියා හඳුනා ගතහොත් අපට ගතහැකි පියවර විශාලය.අවාසනාවකට මෙන් අප ආසන්නයටම පැමිණි මෙවැනි ග්‍රාහකයක් හදුනා ගතහොත් ඇත්තටම අපට ගතහැකි ෂණික පියවරක් තවම යෝජනා වී නැත.විශ්වය හරහා අතිමහත් වේගයකින් ගමන් ගන්නා මෙවැනි ග්‍රාහකයක් වෙත සමීප වීම ලෙහෙසි පහසු නොවේ.පසුගිය දා අප පසුකර ගිය ග්‍රාහකයේ වේගය පැයට කිලෝමීටර 28000 කි.ඉහතින් මා දැක්වූ කිසිම ක්‍රමයක් තවත් වසර පනහකටවත් දියුණු නොවනු ඇතැයි විද්‍යාක්ඤයන් ප්‍රකාශ කරති.මින් පෙනී යන්නේ අප එකිනෙකාට කලකෝලාහල කරගනිමින් සිටියද අප සියලු දෙනා තවමත් සිටින්නේ අනාරක්ෂිතව බවය.
කොමෙන්ට් එකක් දාලම යන්න.

Saturday, February 16, 2013

මොකක්ද මේ .com

           ඔබ අන්තර්ජාලය භාවිත කරන අයකුනම් .com යන වචනය සුපුරුදු ඇති.ඒත් එහි නියම අරුත ඔබ නොදන්නවා විය හැකියි.ඇත්තටම අන්තර්ජාලය තුල වෙබ් අඩවි ලියාපදිංචි කිරීම ඇරඹුණේ අදින් වසර 28කට පමණ පෙරය.1985 මාර්තු 15වනදා ලොව පලමු වෙබ් අඩවිය ලියාපදිංචි කෙරිණි.ඒ ඇමරිකාවේ 'සිම්බොලික්ස් පරිගණක සමාගම' වෙනුවෙනි.
ඔබ අන්තර්ජාලයට පිවිසෙන විට .com,.org,.in,.lk,.biz,.edu ආදියෙන් අවසාන වන සම්පුර්ණ අඩවි නාම දැක ඇතුවාට සැක නැත.මෙය ප්‍රධාන ඩොමේන් නාමයකි.ටොප් ලෙවල් නමක් ලෙසද හැදින්වේ.ලංකාවට නම් .lk ලෙසද එක් එක් ආයතන සඳහා .com,.org ආදී නම් තෝරා දෙන්නේ 'අයිකැන් සමාගම' විසිනි.
1997 පමණ වන විට ලොව පුරා වෙබ් අඩවි දශලක්ෂයක් පමණ තිබුණි.එය අද ඉතා වේගයෙන් වැඩි
වෙමින් පවතී.අද ලොව අන්තර්ජාලය භාවිතාකරන අය කෝටි දෙසිය ඉක්මවා සිටි.වෙබ් අඩවි කෝටි විසි පහකට වඩා ඇත.ඉන් අඩකටම වඩා ඇත්තේ .com ඩොමේන්ය.අද ලොව මෙතරම් දියුණු වීමට .කොම් පද කෙතරම් වැදගත් වුවද එහි උපත පිළිබඳව හරිහැටි විග්‍රහයක් දීමට කිසිවකු තවම සමත්වී නැත.එහෙත් අන්තර්ජාලය දියුණු කරන්නට එකල දර දිය ඇදී පුද්ගලයකු වන 'ජැක් හවර්ටි'කියාසිටින්නේ company වචනයෙන් මෙය සාදා ගත් බවයි.ඒ සඳහා commercial වචනය යොදා නොගත් බවද ඔහු කියා සිටටි  මන්ද එකල ඉන්ටනෙට් හරහා වෙළදාම කල හැකි බව නොදැන සිටි නිසාය.අද ලෝකයේ .com වෙබ් අඩවි වලින් පමණක් ලෝක ආර්ථිකයට වාර්ෂිකවඋපයා දෙන මුදල ඩොලර් ට්‍රිලියන ගණනකි.හෙටදිනයේදී මෙය තවත් වැඩිවනු ඇති බව (ITIF-Information Technology and Innovative Foundation)ආයතනය පවසයි.ඉතින් .com ගැන දන්නවානම්  කොමෙන්ට් කරන්න.

ඔබට ජය!

Friday, February 15, 2013

පෘතුවිය නුලෙන් බේරෙයි..


                     අප මිහිමඩලට වීමට තිබු තවත් විනාශයක් දෛවයේ සරදමකට මෙන් ගැලවී ගිය බව ලොව නං දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ.ක්‍රමයෙන් අප වෙත සමිප වෙමින් තිබු 2012 ඩී ඒ 14 නමැති ඇස්ටරොයිඩය අප පෘතුවිය පසුකර ගිය බව නාසා ආයතනය පවසයි.මෙහිදී වැදගත්ම කරුණ වන්නේ මෑත ඉතිහාසයේ මෙතරම් යෝධ ග්‍රාහකයක් පෘතුවිය සමිපයට පැමිණ පෘතුවියට කඩානොවැටී ඉවතට ගිය පළමු අවස්තාව වීමය.පෘතුවියට මෙවැනි යෝධ ග්‍රාහක සමිප වන්නේ කලාතුරකිනි.

2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රාහකයකිලෝමීටර27000ක්‌ ආසන්නයෙන් ගමන් කල බව කියවෙනවා..

අඩි 150 ක විශ්කම්භයකින් සහ මෙට්රික් ටොන් දෙලක්ෂයක බරකින් යුතු  මෙම ග්‍රහ වස්තුව යම්හෙයකින් මහපොළවට කඩා වැටුණොත් එමගින් ඇතිවියහැකි පීඩනය ජපානයේ හිරෝෂීමා නුවරට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයකින් විනාශකාරී බව විද්‍යාඥයෝ පවසනවා.

නාසා ආයතනය පවසන්නේ මෙයට දින 366ක අවර්ත කාලයක් ඇති බවයි.

මීටර 45ක පමණ විශ්කම්භයකින් එනම් පාපන්දු පිටියකින් හරි අඩක් පමණ ප්‍රමාණයකින් යුතු  2012 DA14 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකය, පෘථිවියට කෙතරම් ආසන්න වනුයේ දැයි කියතොත් සාමාන්‍ය දුරේක්ෂයකින් එය නිරීක්ෂණය කළ හැකි බව පැවසෙනවා.

මෙය වඩාත්ම පෘතුවියට සමීප වූ ග්‍රාහකයා බවත් 1990 සිට සාමාන්‍ය ආකාශ ගවේෂණ (Sky Surveys) ආරම්භ කළදා පටන් මෙතරම් විශාල වස්තුවක් පෘථිවියට මෙතරම් සමීපව පැමිණෙනු කිසිදාක දැක නොමැති බව නාසා ආයතනය පවසනවා.

ඉතා වේගයෙන් ගමන් කරන බැවින් පෘථිවියට ආසන්නවත්ම මෙම ග්‍රාහකය සෑම මිනිත්තුවකදීම අංශකයක් එනම් පූර්ණ චන්ද්‍රයාගේ පළල මෙන් දෙගුණයක් පමණ චලනය වන ආකාරයට පෙනෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.කෙසේ වෙතත් මෙම ග්‍රහකයේ කක්ෂය පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බව නාසා ආයතනය පවසනවා.නාසා ආයතනය වැඩිදුරටත් පවසන්නේ මෙවැනි ග්‍රාහකයක් කල්තියා හදුනා ගත හැකිනම් ඒවා පෘතුවියට කඩාවැටීමට කලින් අබ්යවකාශයේදී පරමාණු බෝම්බ යොදා විනාශ කල හැකි බවයි.නැතිනම් එහි කක්ෂය වෙනස් කර එය පෘතුවියෙන් ඉවතට යාමට සැලැස්විය හැකි බවයි.එහෙත් එවැනි තාක්ෂණයක් තවමත් දියිනුවී  නැති අතර මෙවැනි පර්යේෂණ කඩිනම් කලයුතු බව අකාෂ වස්තු නිරීක්ෂකයන් පවසනවා.

අන්තර්ජාලයට සම්බන්ද මුලික හරය..


        අන්තර්ජාලයට සම්බන්ද වී සිටින පාසැල් සිසුන්ටත් නවක බ්ලොග්කරණයේ යෙදෙන සියලු දෙනාටත් වැදගත් වන ලිපියක් ලියන්න කල්පනා කළා.ඇත්තෙන්ම අප අන්තර්ජාලය භාවිතා කරන විට එහි මුලිකව සිදුවන සිද්ධාන්තය දැන සිටිය යුතුයි.විශ්ෂයෙන් it වලට සම්බන්ද පාසැල් සිසුන් මුලික IT දැනුම  විභාග වලදී හොදින්පෙන්විය යුතුයි.අප ලොකු ගමනක් පටන් ගන්නේ කුඩා පියවරකින් එහෙත් එය තම ජිවිතයේ යෝධ පිම්මකට යන පියවරක් විය හැක.එනිසා හැකි සෑම විටම මුලික හරයේ සිට ක්‍රමයෙන් ඉදිරියට යන්න.. ඔබට නිසැකවම ජය ලැබෙනු ඇත. 
  •  URL(Uniform Resource Locator)

ඔබ දන්නවා ලෝකයේ ඕනෑම නිවසකට ලිපිනයක් තියෙනවා.. නිවැරදි ලිපිනයක් නැතිනම් අපට එම නිවස සොයා ගැනීම ඉතා අපහසුයි.අන්න ඒ වගේ තමයි මේකත් ලෝකයේ ඕනෑම බ්ලොග් අඩවියකට ආවේනික ලිපිනයක් තියෙනවා..මේක තමයි URL කියන්නේ.උදා-http://www.hetadina.blogspot.com/)

  • HTTP-(Hyper Text Tranfer Protacol)
මෙය  අන්තර්ජාලය තුල සන්නිවේදනය කරන පොදු සම්මුතිය ලෙස අර්ථ දැක්විය හැක.ලොව ඕනෑම වෙබ් ලිපිනයක මෙම http කොටස අන්තර්ගත වෙනවා.

  • HTHL-(Hyper Text Markup Language)
වෙබ් අඩවියක ඇති අකුරු පින්තුර ආදී සියලු තොරතුරු එම වෙබ් පිටුවට ලියා ඇති භාෂාව මෙලෙස හැදින්වේ.තවත් මෙවැනි ඒවාට ආවේනික ලක්ෂණ ඇති පරිගණක භාෂා ගණනාවක් ම ඇත.

  • හයිපර්ලින්ක් -(Hyperlinks)
වෙබ් පිටුවක හෝ වෙනත් පිටුවක සිට තවත් වෙබ් අඩවියක ට ගමන් කිරීම සඳහා යොදා ඇති කෙටි මගක්‌ ලෙස මෙය හැදින්විය හැක.මෙය යොදනු ලබන්නේ එසේ අප යොමු විය යුතු අඩවියේ හෝ පිටුවේ URL එක කලින් සඳහන් කල පිටුවට සම්බන්ද කිරීමය.ඒ සඳහා වචන පෙළක් හෝ පින්තුරයක් වුවද භාවිතා කල හැකිය.එම පින්තුර මගින් දැක්වෙන කරුණ අප ගමන් කල යුතු පිටුවේ කරුණු හා බැඳීමක් තිබිය යුතුය.

  • සර්ච් එන්ජින්
මෙයද වෙබ් අඩවියකි.මහි වෙබ් text ඇතුලත් කල හැකි දිගු කොටුවක් ඇත.එතුල අදාළ වෙබ් ලිපිනය හෝ වචන ලිවිය හැක.නැතිනම් වෙබ් බ්‍රවුසරයේ ,ලිපිනය සඳහන් කරන කොටසේ වෙබ් ලිපිනය යොදා enter කිරීමෙන් කෙලිම වෙබ් අඩවියට යාහැක.
සර්ච් එන්ජිමේ කොටුවේ ඇතුලත් කරන්නේ නම් ඔබට අවශ්‍ය කාරනාව සහිත වචනයක් එම කොටුවේ ඇතුලත් කර සර්ච් යන්න ක්ලික් කලවිට.අදාළ කරුණු සහිත වෙබ් අඩවියට යොමුවෙයි.වැදගත්ම කරුනක් වන්නේ ඔබ සොයන මාත්තෘකාවට අදාළ වචන ඇතුලත් කිරීමේදී දී පොදු වචන ඇතුලත් නොකිරීමය.(උදා and,the,to,a)

  • වෙබ් බ්‍රවුසරය
මෙය කුඩා මෘදුකාංගයකි.අන්තර්ජාලය හරහා නොමිලේම ලබාගත හැකිය.Internet Explorer ,Mozilla Firefox ගුගල් ක්රෝම් ජනප්‍රියම බ්‍රවුසර්ය.මේවයින් එකක් පරිගණකය ස්ථාපිත කරගැනීම අවශ්‍යය.මේවායේ නවතම සංස්කරණ බ්‍රවුසර් හිමි සමාගම් විසින් නොමිලේ ලබාදෙනු ලැබේ. 

මතු සම්බන්දයි!
ඔබට ජය!

Thursday, February 14, 2013

ඉන්ටනෙට් වේගය වැඩිකරන DC-HSPA ඩොන්ගලය.


              අප අසා පුරුදු වචනයක් වන්නේ HSPDA ඩොන්ගල් ය.(high speed down link packet access)එහෙත් ඔබට වඩාත් වේගවත් ඉන්ටනෙට් සම්බන්දයක් ලබා ගැනීමට මෙම DC-HSPA (Dual carrier high speed packet access)ඩොන්ගල් භාවිතා කල හැකිය. අප දැනට භාවිතා කරන HSDPA ඩොන්ගලයක දත්ත හුවමාරු වන්නේ අප ජංගම දුරකථන වල තරංග පථය ඔස්සේය.මෙහිදී මෙම තාක්ෂනය 3.5G ලෙස හදුන්වයි.මෙහි වේගය සාමාන්‍ය වශයෙන් 8-10MbpS පමණ වේ.එහෙත් DC-HSPA තාක්ෂනයේදී දත්ත හුවමාරුව වඩාත් වේගවත්ය.එය 3.75G ලෙස හැදින්වේ.මෙහි සාමාන්‍ය වේගය 42MbpS පමණ වේ.අපට අන්තර්ජාලයේ ඇති චිත්‍ර පට ආදිය බා ගැනීමටත් නැරබීමටත් මෙම තාක්ෂනය කදිමය.අන්තර්ජාලය හරහා සිදුකරන බ්ලොග් අඩවි නිර්මාණය සඳහා ද මෙම තාක්ෂනය උචිතය.මන්ද ඉක්මනින් Upload කෙරීම් අදිය කල හැකි නිසාය.මෙම DC-HSPA අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට වෙනමම DC-HSPA ඩොන්ගල් එකක් භාවිතා කල යුතුය.

 ඔබට ජය!

Wednesday, February 13, 2013

මොකක්ද මේ Wi Fi තාක්‍ෂණය..


           අද අපරට තුල නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන තාක්ෂණික සන්නිවේදන ක්‍රමයක් වන්නේ වයි ෆයි තාක්ෂණ යයි.ඇත්තෙන්ම අන්තර්ජාලය ට වයර්ලස් ක්‍රමයට පරිගණක රාශියක් සම්බන්ද කිරීමේ පහසුම විදිහ වන්නේ මෙයයි.(wireles fidelity) මෙය ජාතියන්තර ප්‍රමිතීන්ට අනුකුලව ක්‍රියා කරන්නකි.
wi fi තාක්ෂනයෙදී අන්තර්ජාලය හා කේබල් මගින් සම්බන්ද රවුටරයක් භාවිතාවේ.එම රවවූටරය මගින් අන්තර්ජාලය තුලින් එන දත්ත ගුවන් විදුලි තරංග බවට හරවා විකාශනය කෙරේ.ඒවා අඩි 150ක් පමණ දුරකට විසිරී යයි.එම විකාශිත තරංග අපට wi fi ආදායකයක් (wi fi adapter)මගින් ප්‍රතිග්‍රහණය කලවිට අපට අන්තර්ජාලයට පිවිසිය හැකිය.මෙලෙස wi fi තරංග ලබා ගැනීමට wi fi ඇඩැප්ටරයක් හෝ USB ඇඩැප්ටරයක්‌ පරිගණකයට සවිකර තිබිය යුතුය.

පරිගණකය අන්තර්ජාලයට පිවිසි විට ඒ මගින් උපදින දත්ත ඇඩැප්ටරය මගින් ගුවන්විදුලි තරංග ලෙස විකාශය වේ.එය නැවත ග්‍රහණය කර ගන්නේ WI FI රවුටරය මගිනි.එම දත්ත නැවත රවුටරය මගින් අන්තර්ජාලයට මුදාහැරේ.
රවුටරය අපට නිවසේ මෙන්ම එළිමහනේද තැබිය හැක.රවුටරයකින් විකාශය වන විද්‍යුත් චුම්භක තරංග අප භාවිතා කරන අනිකුත් තරංග වලට වඩා සංඛයාතය  ඉහලය .එනිසා වැඩි දත්ත ප්‍රමාණයක් ගෙනයා හැකිය.මෙහිදී සංඛයාතය 2.4GHz වන රවුටරයකින් තත්පරයට මෙගාබිට්ස් 11 වේගයෙන් දත්ත සම්ප්‍රේක්ෂණය කල හැකිය.5GHz වන රවුටරයකට එම වේගය 54mpbs ය.වැදගත්ම කරුණ වන්නේ මේ ලෙස විකාශය කරන තරංග සඳහා අපි‍ට කාගෙන්වත් අවසර ලබා ගත යුතු නැතිවීමයි.ප්‍රබල ට්‍රාන්මිටරයක් භාවිතා කරන විට අප විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අවසර ලබා ගතයුතුය.
එළිමහනක කුළුණක් තනා ඒ මත wi fi රවුටරය තබා අවශ්‍ය නම් එකවර විශාල පිරිසකට අන්තර්ජාලයට පිවිසිය හැකි පරිදි ජාලයක් තැනිය හැකිය.මය අඩි  150ක කවාකාර වුර්තයකට සීමා වනුඇත.(Hotspots-හොට්ස්පොට්ස්)එහෙත් එම වුර්තය අවසන් වන සීමාව තුල තවත් රවුටරයක් තැබිය හැකිනම් එතනින් එහාට තවත් අඩි 150 ක් අන්තර්ජාල සම්බන්දය රැගෙන යා හැකිය.මෙලස රවුටර ගණනාවක් cell එකක් ලෙස පිහිට වුවහොත් අපට විශාල ප්‍රදේශයකට අන්තර්ජාල පහසුකම් නොමිලේ දිය හැකි බව ඔබට වැටහෙනු ඇත.දියුණු රටවල මෙම ක්‍රමය දැනටමත් භාවිතා කරනු ලබයි.
wi fi net work

wi fi තාක්ෂණයේ වාසි
1.එක රවුටරයක් මගින් පරිගණක කීපයකට අන්තර්ජාල පහසුකම් ලබා දිය හැක.
2.කේබල් නැතිනිසා පරිහරණය පහසුය.
3.නව පරිගණක වල wi fi ඇඩැප්ටර් සවිකර  ඇති නිසා වියදම අඩුය.
4.මනා දක්ෂය තාවයෙන් ක්‍රියා කිරීමෙන් විශාල ප්‍රදේශයකට ඉන්ටනෙට් නොමිලේ ලබාදිය හැක.

wi fi තාක්ෂණයේ අවාසි.
1.රවුටරය භාවිතා කල හැක්කේ සීමිත දුරකටය.
2.පිටස්තරයකුට රවුටරයේ තරංග ජාලය ට රහසිගතව පැමිණ දත්ත සොරකම් කලහැකිය.
3.wi fi රවුටරය භාවිතා කරන විට ලැප්ටොප් පරිගණකවල බැටරිය ඉක්මනින් බැසයයි.

wi fi ජාලයක් පිහිහිටු වීම ගැන බලන්න මෙතනින් යන්න.

ඔබ wi fi තාක්ෂනය ගැන තවත් තොරතුරු දන්නේ නම් මාවෙත Email කරන්න.මම ඒවා බ්ලොගයේ පලකරන්නම්.කොමෙන්ටුවක් දාලම යන්න..

sisiramet@jmail.com

ඔබට ජය !

උබුන්ටු මොබයිල් OS එකක් නිකුත් වෙයි..

ubuntu super phone

       දැනට පරිගණකවලට නොමිලේ ස්ථාපනය කරගතහැකි ඉතා වටිනා OS එකකක් වන්නේ උබුන්ටුය.අද කාලයේ Android os එක සහිත මොබයිල් ස්මාර්ට් ෆෝන් වලට භාවිතා කරන උබුන්ටු සස්කරණයට වඩා මෙය තරමක් වෙනස්ය.මෙය මොබයිල් ෆෝන් සඳහාම සකස් කල බව පවසන්නේ එය නිපදවූ ඇමරිකාවේ'කැනොනිකල්'සමාගමේ ප්‍රධානි මාක් ෂටල්වර්ත් ය.
මෙම දුරකථන os එකහි ඇති වාසියක් වන්නේ දැනට උබුන්ටු ඇති පරිගණකයක් සමග මෙම os එක ඇති දුරකථනක් සම්බන්ද කර එම පරිගණකයෙන් කල හැකි සියලු වැඩ එම දුරකතන හරහා ද කල හැකි වීමය.ඒ කියන්නේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක අදාල උබුන්ටු දුරකතනයේ තිරයෙන් බලා වැඩ කළ හැකි බවය.එවිට ස්මාර්ට් ෆෝන් සුපර්ෆෝන් බවට පත්වන බව එම සමාගමේ ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටි.
මෙහි අත්හදා බැලීමේ සංස්කරණයක් මෙමස  නිකුත් කරන බව එම සමාගම කියා සිටි.එය දැනට නිකුත්වී ඇති 'සැම්සන්  ගැලැක්සි නෙක්සස් ස්මාට් ෆෝන් 'එකට මනාව ගැලපෙන බව හෙතෙම කියා සිටි.ඇත්තෙන්ම උබුන්ටු නිපදවා ඇත්තේ android os එකෙහි මෘදුකාංගත් පදනම් කරගෙනය.එනිසා android os එක ඇති ස්මාට් ෆෝන් එකක ඇත්තෙන්ම උබුන්ටු ද ධාවනය කල හැකිය.එනම් අපට ඕනෑම android os එක සහිත ස්මාට් දුරකතනයක් උබුන්ටු මොබයිල් os එක යොදා සුපර් ෆෝන්  එකක් තැනිය හැක.වැදගත්ම කරුණ වන්නේ උබුන්ටු මෙම os එකද ලබාදෙන්නේ නොමිලේ වීමය.
උබුන්ටු නව මොබයිල් සංස්කරණය මගින් වැඩකරන අයුරු බැලීමට මෙතනින් පිවිසෙන්න.

ඔබට ජය!

Monday, February 11, 2013

Android මොබයිල් OS එකටත් google chrome බ්‍රවුසරය එයි.


             google සමාගම පසුගියදා එළිදක්වන්නට යෙදුන නවතම නිපැයුම වන්නේ මෙයයි.කෙටි කාලයක් තුල goole chrome බ්‍රවුසරය ලොව ජනප්‍රිය වීමත් සමගම ඔවුන් මෙම නිර්මාණය කර ඇත.ඔවුන් සිය ප්‍රථම පියවර ලෙස Android 4.0 සඳහා chrome බ්‍රවුසරයේ බීටා සස්කරණයක් නිපදවා ඇත.ජංගම දුරකථන ඉලක්ක කරගෙන නිපදවා ඇති මෙම බ්‍රවුසරය ඉහල වේගයක් අත්කර ගන්න බව google සමාගම පවසයි.සාමාන්‍ය chrome බ්‍රවුසරය මෙන් මෙහිදී ද tabs.බුක්මාක්ස් තැබිය හැකිවීම ද විශේෂත්වයකි.මේ අනුව අපට පෙනී යන්නේ Android මෙහෙයුම් පද්ධතියටත් රිංගා ගැනීමට google පියවර ගනිමින් සිටින බවයි.

මෙතන ක්ලික් කිරීමෙන් ඔබට Android සඳහා වන google chrome සංස්කරණය බා ගත හැකියි.

ලංකාවට හා පුරා කියා පැමිණෙන NFC තාක්ෂණය.

Near Field Communication

          සුවිශාල කාමරයක් තරම්ව තිබු පරිගණකය අද අත්ල මතට ගෙන ඒමට තරම් දියුණු වී ඇත.පරිගණක ඉතිහාසය දෙස බැලීමේදී එය හරහා මුදල් හුවමාරුව සඳහා විශාල අවශ්‍යතාවක් තිබු බව පෙනේ.එහෙත් මිනිසා වඩවඩාත් කාර්ය බහුල වීමත් සමග ඔහුට සිය මුදල් හුව මාරු කටයුතු සඳහා පරිගණකය ප්‍රමාණවත් නොවන බව වැටහිණි.ජංගම දුරකථනය මෙයට කදිම තෝතැන්නක් බව ඔහුට වැටහුණි.මෙම සංකල්පය යථාර්තයක් බවට පත්වෙමින් විප්ලවීය වෙනසක් සමගින් එන NFC (Near Field Communication) තාක්ෂණ ක්‍රමය අද අප අතට එන අලුත්ම මුදල් හුව මාරු ක්‍රමයයි.මෙහිදී ඔබට බැංකු ගානේ රස්තියාදු වීමට අවශ්‍ය නොවේ.සියලු ගනුදෙනු සිදුවන්නේ ඔබේ ජංගම දුරකථනය හරහාය.

මෙහිදී ඔබේ බැංකු ගිණුමේ හෝ ක්‍රෙඩිට් කාඩ් පත ජංගම දුරකථනය හා සම්බන්ද කර වීමක් සිදුවේ.මුදල් ගෙවීමට ඔබ කල යුත්තේ ඔබේ ජංගම දුරකථනය වෙළෙඳසලේ කවුන්ටරයක ඇති NFC Reader උපකරණය අසලට ගෙන ඒම පමණි.මෙහිදී ඔබට මෙම පහසුකම ඇති ස්මාර්ට් ෆෝන් එකකින් පහසුවෙන්ම කලහැකිය.මෙම පහසුකම අනාගතයේදී ලංකාව පුරා සාප්පුවල දැකිය හැකි වනු ඇත. ඇත්තෙන්ම මෙහිදී වන්නේ ජංගම දුරකතනයට සම්බන්ද බැංකු ගිනුමක්‌ හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් නැත්නම් ජංගම දුරකතනයේ ඇති මුදල් වලින් අදාළ ගාස්තුව ගෙවීමය.
මෙවැනි මොබයිල් ගනුදෙනුවලට පාරකපමින් ඩයලොග් සමාගම හඳුන්වා දුන් eZ cash මුදල් හුවමාරුවත් සම්පත් බැංකුව හඳුන්වාදුන් sampath mobile cash සේවාවත් අප රටට නවමු අත්දැකීමක් එක්කර ඇත.මොබයිල් වාණිජ කරණය අප ආක්‍රමණය කරත්ම ලෝකයේ සෙසු රටවල් යන දියුණුවේ ගමනට අප රටද එක්වනු නොවනුමානය.

මතු සම්බන්දයි!
ඔබට ජය!

Saturday, February 9, 2013

ලංකාවට අලුතින්ම එන 4G තාක්ෂනය


             ලංකාවේ සන්නිවේදන පෙරලියක් ඇති කරමින් පළමු වරට නිල වශයෙන් 4G LTE නමැති අන්තර්ජාල තාක්ෂනය මේ වසර තුලදී ලංකාවට හදුන්වා දෙන බව සන්නිවේදන සමාගම් කියා සිටී.හතරවන පරම්පරාවේ තාක්ෂනය වන මෙයින් 300Mbps දක්වා අන්තර්ජාල වේගයක් ලබා ගත හැකි වුවද අප රටේ තාක්ෂණය අනුව එයින් 100Mbpsක වේගයක් ලබාගත හැකි බව තාක්ෂණ වේදීහු පවසති.මෙයින් දකුණු ආසියාවේ 4G තාක්ෂනය සතු පළමු රට බවට අප රට පත්වේ.
මෙම තාක්ෂනය මගින් අධිවේගී අන්තර්ජාල සේවා මෙන්ම ටෙලිමෙඩිසින්,රථවාහන පාලන ක්‍රම,අන්තර්ජාලය හරහා සජීවී ක්‍රීඩා,සජිවී චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත.

මතු සම්බන්දයි..

ඔබට ජය!

Sunday, February 3, 2013

ජාතික ධජය බ්ලොග් අඩවියේ දාන්න...


          මෙම මාසය තුල ශ්‍රී ලංකා ජාතික ධජය තම අඩවි තුල ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකීය අබිමානය ලෝකයට පෙන්වන ලෙස හෙටදින වෙබ් අඩවිය ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී.අපේ ජාතික ධජයට,ජාතික ගීයට කෙනහිලිකම් කෙරීමට අර අඳින යුගයක අපි අපේ ජාතික සංකේතයට දිවි ඇතිතුරා ගරුකළ යුතු වෙමු..ජාතික ධජය ලංකාවේ සියලුම ජන වර්ගයා පිළිබිඹු කරන අපුරු සංකේතයකි.එනිසා එක දරු කැල මෙන් සිට සමගිය චිරාත් කාලයක් අමුණා ගනිමු..

ඔබට ජය!

මැදපෙරදිග ගිය තවත් ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඬුවම නියම වෙයි..


                       යස ඉසුරු සොයා මැදපෙරදිග ගිය ලාංකිකයෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇති බව කටාර් රාජ්‍යයේ තානාපති කාර්යාලය ලංකාවට වාර්තා කර ඇත.රිසානා ගේ සිද්ධියේ උනුසුම පහව යන්නටත් පෙර මෙවැනි සිදුවීමක් සැබවින්ම ශෝකජනකය.මොහු කඳාන පියෝ මාවතේ පදිංචි ඩබ්ලිව්.සුදේෂ්කර් ය.තමාගේ මෙන්ම තම පවුලේ යහපත තකා  මිල්ල සොයා රට ගිය මෙම තරුණයා එරටදී ඉන්දීය ජාතිකයකුට පිහියකින් ඇනීමෙන් මරණය සිදුකල යි එරට අධිකරණයක් පසුගිය 31 වනදා මරණ දඬුව ම නියම කල බව කියවේ.
කෙසේ වෙතත් අරාබියේ ෂරියා නීතිය මෙන් හිස ගසා මරා දැමීමක්  කටාර් හි සිදුනොවන බවත් ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිරගත කිරීමත් එරට සිදුවන බව දැනගන්නට ඇත.මියගිය මෙම ඉන්දීය ජාතික තරුණයා දුප්පත් පවුලක අයෙකු බැවින් ලේවන්දියක් ලාබා ගැනීමට පවුලේ හිතවතුන් කටයුතු කරන බවත් ලංකාවෙන් ඔහු නිදහස් කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැන් සාකච්චා වෙමින් ඇත.මේ අනුව තමා මරණ දඬුමමින් නිදහස් කරන ලෙස ඇපෑලක් එරට ඉහල අදධිකරණයට යොමු කෙරීමට එකඟ තාවයක් ඇති මොහොතක අප රට ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කල යුතු බව සඳහන් කල යුතුය.

Friday, February 1, 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලොත් ලෝකය හොල්ලයි.


                            කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (01) පැවැති ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ පළමු තරගයේදී ආසන්නතම ලෝක ශූරියන් වන එංගලන්ත පිල පරාජය කරමින් කඩුලූ 1 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

ඒෂානි ලොකුසූරිය ජයග‍්‍රහණය දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 41 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් රැස්කිරීමට සමත් වූවාය.

එංගලන්ත කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 238

(ඇරන් බි‍්‍රන්ඞ්ල් 31, හීතර් නයිට් 38, ජෙනි ගන් 52, අමී ජෝන්ස් 41, ඒෂානි ලොකුසූරිය 49/2, චමනි සෙනෙවිරත්න 35/2, ශෂිකලා සිරිවර්ධන 62/2)

ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 244

(චමරි අතපත්තු 62, යශෝධා මෙන්ඩිස් 46, ශෂිකලා සිරිවර්ධන 34, ඒෂානි ලොකුසූරිය 56, චමනි සෙනෙවිරත්න 14, කැතරින් බි‍්‍රන්ට් 36/2, ජෝර්ජියා එල්විස් 39/2, ඇරන් බි‍්‍රන්ඞ්ල් 38/2)

ශ්‍රී ලංකා කණ්ඩායමට සුභාශිංෂණ පිරිනමමි!