ඔබ අන්තර්ජාලය භාවිතා කරන අයෙකුනම් ෆ්ලෑෂ් ප්ලේයරය යාවත්කාලීන කර තිබේද?එවිට එය භාගයක් පමණ සිදුවී අතරමග නතර වුනාද?නැතිනම් Flash file Corruption error ලෙස පණිවුඩයක් අවාද?එසේනම් ඔබ කලබල විය යුතු නැහැ.ඉතින් ෆ්ලෑෂ් ප්ලේයරය මගින් අපට අන්තර්ජාලෙයේ වෙබ් පිටුව ඇති විවිධ වීඩියෝ දර්ශන බැනර් වර්ග පින්තුර වර්ග දැකබලා ගැනීමට උදවු වෙනවා..
ඔය මම කියපු ලෙඩේ එන්නේ ඔබේ පරිගණකයේ ඇති ඇන්ටිවයිරස්
වයිරස් මෘදුකාංගය නිසා..එම නිසා ඔබ ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයරය යාවත්කාලීන කරනවානම් දැනට ඇති වයිරස් වැඩසටහන මදකට අක්‍රිය කරන්න.එය කරන්නේ ක්වික් ලෝන්ච් අයිකන් අතර තියෙන වයිරස් ගාඩ් එකේ අයිකනය හරහා ඇන්ටි වයිරස් මෘදුකාංගයට ඇතුළු වීමෙන්.දැන් අප්ඩේට් කර බලන්න.සුළු මොහොතකින් ෆ්ලෑෂ් ප්ලේයරය යාවත්කාලීන වනු ඇත.
ඔබට ජය!
Tuesday, April 30, 2013
ෆ්ලෑෂ් ප්ලේයර් ලෙඩ වලට බෙහෙත...
ඉන්ටනෙට් නොමිලේ...
ගුගල් සමාගම දැන් හදුන්වා දී ඇති google free zoone නමැති අංගය තුලින් ඔබට ඩයලොග් දුරකථන තුලින් නොමිලේ අන්තර්ජාලයට පිවිසිය හැක.ගුගල් සේවා රැසක් මේ සමග අපට
නොමිලේ ලැබේ.ගුගල් සමාගම තමා වටා තවතවත් සෙනග එකතුකර ගැනීමට මෙම ක්‍රමය යොදාගෙන ඇත.ඔවුන් පවසන්නේ දියූණු වෙමින් පවතින රටවල ජංගම දුරකථන ඔස්සේ ජනතාව වෙත වඩා පහසුවෙන් සමීප වීමට තමන්ට හැකි වනු ඇති බවය.
ඔබට දැන් ඩයලොග් ජංගම දුරකථන තුලින් මෙම සේවාව රසවිඳිය හැක.ඒ සඳහා ඔබ කල යුත්තේ GOOGLE ලෙස ටයිප් කර 678 ට sms කිරීම පමණි.මෙම සේවා පිළිබඳව වැඩි විස්තර මා මිට පෙරද දක්වා ඇත.එම ලිපිය බලන්න මෙතනින් යන්න..
ඔබට ජය.!

Monday, April 29, 2013
ඉලෙක්ට්‍රොණික පන්තිය..
නවීන තාක්ෂණයට මුහුණ දීම සඳහා ඔබට අද කාලයේ අතිශයින්ම වැදගත්වන ඉලෙක්ට්‍රොණික විද්‍යාව ඉගෙනීම ඔබටත් ඔබේ අනාගත දරුවන්ටත් ඉතා වැදගත් බව ඔබ නොදන්නවා විය හැකිය.මම කුඩා කල සිටම ඉලෙක්ට්‍රොණික විද්‍යාවට ඇලුම් කළ නිසා එය පහසුවෙන් ඉගෙන ගතිමි.ලංකාවේ විශාල පිරිසක් මෙම විෂයට ඇලුම් කරන අතර
අද පාසල් විෂය ධාරාවට මෙම විෂයද හොඳින් එක් වී ඇත.
මෙය ඉතා පුළුල් විෂයය ධාරාවකි.ඉගෙනීමට බොහෝදේ ඇත.හෙටදින අඩවිය මගින් ඉලෙක්ට්‍රොනණික පාඩම් මාලාවක් නොමිලේ ඉදිරි පත් කිරීමට සැලසුම් කර ඇත.මුලික ඉලෙක්ට්‍රොනණික විද්‍යාවේ සිට නවීන පරිගණකය දක්වා මෙහි ඉගැන්වෙනු ඇත.විශේෂයෙන් පාසල් සිසුන් හා ඉලෙක්ට්‍රොණික අංශයේ සේවයේ නියුතු අයට මෙම පාඩම් මාලාව වැදගත් වනු ඇත.ඔබට මෙම විෂය පිළිබඳව ඇති ගැටළු පාඩම් කෙසේ සකස් කල යුතුද යන ආදී කරුණු මාවෙත කොමෙන්ට් කරන්න.එය ඉදිරි පාඩම් මාලා සැලසුම් කිරීමට වැදගත් වනු ඇත.
මුලික ඉලෙක්ට්‍රොණික විද්‍යාව.
නවීන තාක්ෂණික ලෝකය ඉතා සීග්‍රයෙන් දුයුණු වෙමින් ඇත.ගුවන් විදුලිය මුලික කරගෙන ඇරඹි මෙම ශේත්‍රය අද ලොව පුරා පැතිරී ගොසිනි.මුලික කරුණු වලදී පගත කරුණු වටහා දෙනු ඇත.
1.විදුලිය.
2.වෝල්ටීයතාව
3.ධාරාව.
4.ප්‍රතිරෝධය.
5.ධාරිතාවය.
6.ඉලෙක්ට්‍රොණික ශිල්පියාට අවශ්‍ය උපකරණ.
7.සරල පරිපත.
8.ඉලෙක්ට්‍රොණික උපාංග හා එහි ක්‍රියාකාරීත්වය.
9.PCB හදන හැටි.
10.LED ආලෝක රටා.
11.ඉලෙක්ට්‍රොණික උපාංග වල දෝෂ සොයා ගන්න හැටි.
12.ගුවන් විදුලි අදායකය.
13.ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණය
14.ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියාව.
15.රුපවාහිනි තාක්ෂනය.
16.රුපවාහිනි යන්ත්‍ර අලුත්වැඩියාව.
17.වෙනත් විදුලි උපකරණ හා එහි තාක්ෂනය.
18.වෙනත් විදුලි උපකරණ අලුත්වැඩියාව.
19.තවත් විශාල පාඩම් මාලා රැසක්

ජංගම දුරකථන අලුත්වැඩියාව 1.
අද ශ්‍රී ලංකාව තුල බහුල වශයෙන් කතා කෙරෙන මාතෘකාව ක් වන්නේ ජංගම දුරකතන අලුත් වැඩියාව පිළිබඳවය.ඇත්තෙන්ම ඔබට ජංගම දුරකථන අලුත්වැඩියාව නිවැරදිව ඉගෙන ගත හොත් නිවසේ සිටම විශාල මුදලක් සොයා ගත හැකිය.ඉතින් ඔබට පන්තිගානේ රස්තියාදු නොවී නිවසේ සිටම ජංගම දුරකථන අලුත්වැඩියා කරන අයුරු පාඩම් මාලා ඇසුරින් පියවරෙන් පියවර නොමිලේම කියා දීමට මම
අදිටන් කර ගතිමි.අදින් ඇරබෙන නව පාඩම් මාලාව සමග දිගටම රැඳෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.ඉංග්‍රීසි භාෂාව මගින් ඇති මෙවැනි පාඩම් මාලා බහුතරයක් භාවිතා කරන සිංහල භාෂාව දන්නා අය අතරට මෙම තාක්ෂනය ගෙනයාම හෙට දින අඩවියේ අරමුනයි.
ජංගම දුරකතන අලුත්වැඩියාවට පළමුව අප දුරකතනයක් ක්‍රියා කරන අයුරු ඉගෙන ගනිමු.
ලොවට රේඩියෝව හදුන්වා දුන්නේ ගුග්ලියෙල්මෝ මාකෝනි විසිනි.එතන් පටන් රේඩියෝව වඩවඩාත් සංවර්ධනය වෙමින් ජංගම දුරකථනය දක්වා පැමිණි ගමන ඉතා දිගුය.අද ජංගම දුරකථනය හා රේඩියෝව එක්තැන් වී සිටී.ලොවට නව නිපදවන්නන් අවශ්‍ය බව අපට පෙනීයන්නනේ රේඩියෝව නිෂ්පාදනය කෙතරම් වැදගත්වී ද යන්න සිතා බැලීමේදීය.ගුග්ලියෙල්මෝ මාකෝනි දැන් ලොව ජිවත්ව නොසිටියත් ඔවුන්ගේ නාමය කිසිදා නොමැකෙන්නකි.ඔවුන් නිපදවන්නට වු රේඩියෝව පසුකාලයකදී ජංගම දුරකථනය දක්වාම සන්වර්ධනය වනු ඇතැයි ඔවුන් කිසිවිටෙකත් නොසිතන්නට ඇත.
ඔබ දන්නා පරිදි අතීතයේදී ජංගම දුරකථනය දැන් පරිදි අතේ ගෙනයා හැකි හුරිබුහුටි උපාංගයක් නොවේ.එය කාමරයක් තරම් විශාල විදුලි බලයකින් ක්‍රියාකරන උපාංගයක් විය.මුල් කාලයේදී එය දුරකථන ඇමතුම් ලබා ගැනීමටත් SMS යැවීමටත් යොදා ගැනින.දැන් එය අන්තර්ජාල සේවා හා මුදල් හුවමාරුව දක්වා දියුණුවී ඇත.එදා සිට දියුණුවූ GSM,EDGE,2G,CDMA,HSDPA.3G,4G,අද හිනිපෙත්තටම නැග ඇත.
දුරකතනයක දත්ත හුවමාරු කිරීම මුල්කාලේ වුයේ ප්‍රතිසම සංඤා(Analog)ලෙස විකාශය කිරීමය.එය දිගුදුරක් ගමන් කල නොහැකි වු අතර ටහර සංඤා වලට නිරන්තර භාදා ඇති විය.නගරයක ස්ථාපනය කර තිබු කුළුනකින් දුරකථන සංඤා විකාශය කෙරිණි.ඒවා සැතපුම් කිහිපයක් දුරට ගමන් කළේය.එක කුළුණකින් විකාශය වුයේ සංඤා කිහිපයකින් පමණි.එනිසා එකවර දුරකථන රාශියක් ක්‍රියා කල නොහැකිවිය.අධික ශක්තියක්ද යොදන්නට සිදු විය.මෙම ගැටලුව මග හැරුනේ දුරකථන cell නමැති අදහස ක්‍රියාත්මක වීමත් සමගය.ඒ මගින් අඩු වියදමකින් වැඩි දුරකථන ගන්නක් සසුරුවන්නටත් වඩාත් කාර්යක්ෂමව දුරකථන සේවා ලබා දෙන්නටත් හැකිවිය.
cell එකක් ක්‍රියා කරන අයුරු ඊළඟ පාඩමින්.

Sunday, April 28, 2013
ඔබේ ඩොන්ගලය අන්ලොක් කරගන්න.ලේසිම ක්‍රම 2
පසුගිය ලිපියෙන් ඩොන්ගල් DC මෘදුකාංගය යොදා අන්ලොක් කරන අයුරු මම ඔබට කීවා මතක ඇති නැතිනම්
ඔබේ ඩොන්ගලය අන්ලොක් කරගන්න.පාඩම 1 මෙතනින් කියවන්න.
ZTE MF 100 Unlock කිරීම..
මෙය සාමන්‍ය ආකාරයට DC මෘදුකාංගය යොදා අන්ලොක් කළ නොහැකි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.අන්ලොක් කල ද
වෙනත් වර්ගයක සිම් පාතක් දැමු වහාම එය නැවත එය අන්ලොක් වන බව ඔබ දැක ඇත.මෙය ඔබට ඉතා පහසුවෙන් අන්ලොක් කරගත හැකි අකාරය පියවර වශයෙන් දක්වමි.
1.මෙය අන්ලොක් කිරීමට ප්‍රතමයෙන් මෙම ඩොන්ගලයේ Firmware update කල යුතුය.
2.Firmware update බා ගැනීමට මෙතන ක්ලික් කරන්න..
3.සිම්පත නැතිව ඩොන්ගලය පරිගණකයට සවිකරන්න.
3.බා ගත් ZTE-ME100.zip ෆයිල් එක unzip කරගන්න.
4.ලැබෙන ZTE MF100 ෆෝල්ඩරයට යන්න.එහි ඇති dl_mf100_dlg_sz_euv1.00.00.exe ලෙස දැක්වෙන වැඩසටහන open කරගන්න.
5.මෙය ඔබේ පරිගණකයට ස්ථාපිත කරගත් යුතු නැත.
6.ටික වෙලාවකින් ඔබේ ඩොන්ගලය මෘදුකාංගය මගින් හදුනා ගනු ඇත.එවිට පහත පරිදි පෙනෙනු ඇත.
7.එලෙස මෘදුකාංගය මගින් ඔබේ ඩොන්ගලය හදුනා ගත් පසු දකුණු පසින් ඇති start Update යන්න ක්ලික් කරන්න.එවිට ඔබේ ඩොන්ගලයේ Firmware එක යාවත්කාලීන වනු ඇත.
8.මම කලින් පාඩමේදී කියූ පරිදි මෙහිදී ද ඔබේ පරිගණකයේ විදුලි සැපයුම විසන්ඳි නොවන බවට වග බලා ගත යුතුය. නැතිනම් ඩොන්ගලය නැවත ඝාවිතා කල නොහැකි තත්වයට පත්වේ.එමෙන්ම මෙලෙස අන්ලොක් කිරීමත් සමග ඔබේ ඩොන්ගලයේ සේවා දායකයා සමග තිබු වගකීමේ සහතිකයද ඉවත් වන බව මතක තබා ගන්න.
8.Firmware එක යාවත්කාලීන වූ පසු මම කලින් කියා දුන් ආකාරයට DC මෘදුකාංගය මගින් අන්ලොක් කර ගත යුතුයි.
9.DC අන්ලොක් මෘදුකාංගය විවුර්ත කරගෙන එහි select manufacture ස්ථානයට ZTE data cards ලෙස දෙන්න.Select model ස්ථානයට ZTE MF 100 ලෙස තෝරන්න.දැන් search යන බොත්තම ඔබන්න.
10.සුළු වෙලාවකින් ඔබේ ඩොන්ගලය ඕනෑම සිම් පතක් භාවිතා කළ හැකි පරිදි අගුලු ඉවත් වනු ඇත.
තවත් ඩොන්ගලයක් අන්ලොක් කරන හැටි ඊළඟ පාඩමින් කියා දෙන්නම්..
ඔබට ජය!
Saturday, April 27, 2013
නොමිලේ විදුලියට අංගයක්..බැටරි යුගය අවසන්..
අප විදුලිය ගබඩාකර තබා ගැනීමට කුමන හෝ වර්ගයක බැටරියක් භාවිතා කරමු.රථවාහන වල හෝ නිවසේ කාර්යය සඳහා බැටරි අප නිතර ප්‍රයෝජනයට ගනිමු.එහෙත් පසුගිය කාලයේදී බැටරි නැතිව විදුලිය ගබඩා කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට විද්යාක්ඤයන්ට හැකිවිය.
අප සාමාන්‍යයෙන් භාවිතා කරනා බැටරියක විදුලිය ගබඩාවී ඇත්තේ රසායනික ශක්තිය
වශයෙනි.බැටරියේ අග්‍ර දෙක පරිපථය හරහා සම්බන්ද කිරීමේදී බැටරිය තුල ඇති ඉලෙක්ට්‍රෝඩ වල ක්‍රියාකාරීත්වයෙන් විදුලිය උපදී.එහෙත් මා ඔබට හදුන්වා දෙන්නේ ඊට වෙනස් විදුලි ගබඩා කළ හැකි උපකරණයකි.මෙය දැන් විවිධ රටවල භාවිතයට ගැනෙයි.
මෙය ජවරෝධය නැවත ඉපදීමක් ලෙස හැදින් විය
හැක.උපකරණය සරලය.පිටත වායුගෝලීය පීඩනය දරා ගත හැකි සවිමත් ලෝහ බදුනකි.එහි අබ්යන්තරයේ සවිකර ඇති ජවරෝදය කි.එම ජවරෝදයේ අක්ෂයට ඩයිනමෝවක් හා මෝටරයක් ලෙස ක්‍රියා කල හැකි උපකරණයක් සවිකර ඇත.මෙයට විදුලිය ලබා දුන් විට මෝටරය ලෙස ක්‍රියා කරමින් ජවරෝධය අතිවිශාල වේගයකින් කරකැවිය හැක.මෙම ජව රෝධය සවිකකර ඇත්තේ බදුනේ කිසිඳු තැනක ස්පර්ශ නොවන ලෙසය.ඒ චුම්බක බෙයාරින් මගිනි.එම නිසා ජවරෝදය කරකැවෙන විට ඝර්ෂණය නිසා වන ශක්ති හානිය නැතිවේ.ලෝහ බදුනේ ඇති වාතය ඉවත් කර එතුල රික්තකයක් සාදයි.එවිට වාතය මගින් ජවරෝදයට වන ඝර්ෂණය නැතිවේ.මෙවිට ඉතා දිගු කාලයක් ජවරෝදයට කැරකෙමින් සිටිය හැක.
වරක් විදුලිය ලබාදී ජවරෝදය කරකීමට සලස්වා විදුලිය විසන්ඳි කරනු ලැබේ.දැන් ජවරෝදය කරකැවූ මෝටරය ඩයිනමෝවක් ලෙස ක්‍රියා කරමින් විදුලිය නිපදවයි.වයර් මගින් පිටතට එන විදුලිය අපට ඕනෑම කාර්යයක් සඳහා යොදාගත හැකිය.ඇතුලත ඝර්ශණය ඉතා අල්ප බැවින් ජවරෝදය නතර වීමට මාසයක් පමණ ගතවේ.
මෙම ජවරෝධය යොදාගනිමින් නවතම වාහනයක් ඉදිරිපත් කිරීමට දැන් පර්යේෂකයෝ අර අඳිති එවිට රත්‍රී කාලයට විදුලිය සම්බන්දකර ජවරෝධයේ චාලක ශක්තිය ගබඩා කර පසුදින විදුලිබලය අධාරයෙන් ගමන් කිරීමට ඔබට ලබෙනු ඇත.වාහනයේ බර තවත් අඩු වන්නේ එන්ජිමක් අවශ්‍ය නොවන නිසාය.
මෙම ජවරෝධ තාක්ෂණ ක්‍රමය නිවෙස්වලට විදුලිය ගබඩා කර තබා ගැනීමට සකස් කිරීමට හෙටදින අඩවිය දැන් පරීක්ෂණ අරඹා ඇත.එවිට සුර්ය කෝෂ මගින් ලබා ගන්නා විදුලිය ජවරෝදය තුල ගබඩා කර අපට බැටරි භාවිතයකින් තොරව බලශක්තිය ලබා ගැනීමට හැකිවනු ඇත.ජවරෝදය තුල පරිසර විනාශකාරී ඊයම් අඩංගු නොවන බැවින් බැටරි යුගය ළඟදීම කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ වලට පමණක් සිමා වනු ඇත.

වැඩිහිටියන්ට පමණක් නොවේ..
මා මේ සැරසෙන්නේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකකක් පෙන්වීමට නොවේ.අපේ සමාජ ජාලය කෙතරම් පිරිහීද යන්න ගැන වචනයක් කතා කිරීමටය.අද facebook ගිනුමක් නැති අයෙකු නැති තරම්ය.විවිධ අසබ්ය පින්තුර ඇතුළු කරමින් අනිකුත් අය මහත් අපහසුතාවයකට පත් කරමින් ඒ ආකාරයට කටයුතු කරන්නේ ඇත්තටම මානසික රෝගීන් සමුහයකි.වෙනත් රටවල කුමන සංස්කෘතියක් තිබුනද අප රටේ ඇත්තේ අපටම ආවේනික වූ සංස්කෘතියකි.
අන්තර්ජාලය අපට සේවය කිරීමට පැමිණ ඇත.
එහෙත් එයින් නියම ප්‍රයෝජනය ගන්නේ කීයෙන් කීදෙනාද?අන්තර්ජාලය තුල සැරිසරමින් අහිංසක දෙමාපියන්ගේ මුදල් නාස්තිකරන දරුවන් අද දුලබ නොවේ.කුඩා දරුවන් පවා යොමුවී ඇත්තේ අනෙකෙකුට රිදවා එයින් අසාමාන්‍ය තෘප්තියක් ලැබීමට ය.වර්තමානයේ කල සමීක්ෂණ වලින් පෙන්වා දී ඇත්තේ වැඩිහිටියන් ට වඩා කුඩා දරුවන් අන්තර්ජාලය හරහා අසබ්ය දර්ශන නරබන බවය.මෙය ශෝෂනීය තත්වයකි.අප රට තුල අපරාධ වර්ධනය වෙමින් පැවතීමට මෙය රුකුලක් වී ඇත.
හෙටදින අනාගතය බාරගැනීමට සිටින දරුවන් මෙවැනි දේවලට යොමුවීම සැබවින්ම භයානකය.කුඩා කලදීම විවිධ අපයෝජනවලට ලක්වී ජීවිතය අදුරුකරගන්න දරුවන් අප අරට තුල කොතෙකුත් සිටීද?
දෙමාපියන්ට අද දරුවන් වෙත යොමු කලහැකි කාලය අඩුවී ඇත.ඉන් ප්‍රයෝජනය ගන්න දරුවන් හොර රහසේම විවිධ අගතිගාමී කටයුතු වල නිරතවෙති.
පසුගිය කාලෙයේ ලංකාවේ සමලිංගිකත්වය වෙනුවෙන් ඇතැමෙක් සටන් ප්රාඨ කියුහ.අද ප්‍රංශයේ සමලිංගිකත්වය නීති ගතවී ඇත.ඒ ප්රන්ශයේය ..ප්‍රංශයේ හොඳනම් අපට මොකදැයි කිසිවකු වරදවා වටහා ගතයුතු නැත.අපරටේ ඇතැම් මිනිසුන්ගේ කලින් නොතිබුන චර්යා වලට යොමුවී ඇති බව අපට විතක්ෂණ ණුවන යොදා බලන විට පෙනීයයි.මෙවැනි සිද්ධීන් නිසා පවුල් අවුල් වී මහා ජංජාලයක් වන බව ඔවුන්ට නොපෙනෙන කරුණකි.දෙමාපියනි හෙටදිනය භාරගැනීමට සිටින ඔබේ වටිනා දරුවන් කරන්නේ කුමක්ද යන්නේ කොහිද යන්න මැනවින් සොයා බැලීමට දැන් කාලය එළඹ තිබේ.

Friday, April 26, 2013
නිවසට නොමිලේ විදුලිය ගනිමු..
හෙටදින අඩවිය කලින් පොස්ට් එකකදී බලශක්තිය නොමිලේ ලබාදීම ගැන කතා කළා මතක ඇති.ලංකාවේ පමණක් නොව ලෝකයේ අද බලශක්ති අර්බුධයක් මතුව ඇත.ප්‍රධාන වශයෙන්ම ඉන්ධන හිග වෙත්ම මෙම අර්බුධය මතුවන බව විද්යාක්ඤයන් අනාවැකි පලකර තිබුනේ මෑතකදී නොවේ..අද ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදුලි අර්බුදයට ඝෟජුවම බල පා ඇත්තේ
ඉන්දනවල මිල ඉහළ යාමයි.අන්තිමේදී එය අහින්සක ජනතාව මත පැටවෙන්නේ නිතැනිනි.විදුලි මිල ඉහළයාමෙන් බලවත් අපහසුතාවයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවට තමන්ටම නිවසේදී විදුලිය නොමිලේ නිපදවා ගත හැකි ක්‍රම රාශියක් ඇත.ඒවා එකින් එක ඔබට පහදා දෙමින් තමන්ට සරිලන විදුලිය නිපදවීමේ ක්‍රමය තෝරා ගන්න අයුරු මෙතැන සිට මම ඔබට නොමිලේ කියාදෙමි.පහත දැක්වෙන්නේ ලංකාව තුල නොමිලේ විදුලි බලය ලබා ගත හැකි ක්‍රමය.
1.සුර්ය ශක්තිය.
2.සුළං බලය.
3.ජල විදුලිය.
4.සමුද්‍ර විදුලි බලය.
5.ජීව වායු මගින්.
එම ක්‍රම අතරින් වඩාත් ප්‍රචලිතව ඇත්තේ සුර්ය විදුලි බලයයි.එහෙත් මුලිකව දරන්නට වන වියදම වැඩිවීම නිසා බොහෝදෙනා එයට යොමුවීමට මැලි වෙති.එහෙත් දැන් ඔබට කිව යුත්තේ සුර්ය විදුලි බල සැපයුමක් ස්ථාපිත කර ගැනීමට විශාල මුදලක් වැය නොවන බවය.එය ඔබට දරන්නට හැකි මට්ටමකි.නිවසක ඝාවිතය සඳහා සුර්ය පැනලය සහිතව රුපියල් පහළොස් දහසකට පමණ සවිකර ගත හැකිය.හෙටදින අඩවිය මෙම වියදම තවත් අඩුකරමින් නව ක්‍රමයකට සුර්ය බල ශක්තිය ලබා දීමට දැන් පරීක්ෂණ කරමින් සිටී.නුදුරු දිනයකදීම එහි ප්‍රතිඵල ඔබට ඉදිරිපත් කරමි.
සුර්ය බල කට්ටලයක් මගින් නිවසකට විදුලි බලය ලබා ගතහොත් දැනට මසකට වැයවන විදුලි ප්‍රමාණයෙන් හතරෙන් තුනකට වඩා අඩුකර ගත හැක.එනම් විදුලිබල ඉතිරිය 75% ට වඩා වැඩිය.ඒ කියන්නේ දැන් ඔබට මසකට විදුලි බිල රුපියල් 100 ක් එන්නේ නම් ඔබට සුර්ය ශක්තිය ඒකාබද්ධ කලවිට ලැබෙන්නේ රුපියල් 25 කටත් අඩු විදුලි බිලකි.
2.සුර්ය පැනලයක් වසර 20 කට වඩා භාවිතා කල හැක.
3.විදුලිය ඇනහිටීමක් නැත.
4.පරිසර දුෂණයක් නැත.
5.විදුලිසැර වැදීම වැනි අනතුරුදායක නැත.
6.නඩත්තුව පහසුය.
7.වසර පුරාම ආලෝකය ලැබෙන බැවින් ආලෝකය පිළිබඳව ගැටලුවක් නැත.
8.අතිමහත් දනස් කන්දයක් රටට ඉතිරි කරයි.
තමන් විසින්ම අඩු වියදමකින් සුර්ය වාහිනී පද්ධතියක් තම නිවසේ සවිකරගන්න අයුරු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
එහි සුර්ය වාහිනියේ තට්ටු තුනක් දක්නට ලැබෙයි.එහි හිරු එලිය වැටෙන පැත්තේ ඇත්තේ n වර්ගයේ සිලිකන් අර්ධ සන්නායකයකි.මෙම සිලිකන් වල විශේෂත්වය වන්නේ ආලෝකය වැටුන විට එහි පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන සකොබනය වී නිදසස් වීමයි.එනම් මෙහි n නමැති සිලිකන් තට්ටුවට ආලෝකය වැටුන විට එහි ඉලෙක්ට්‍රෝන මුක්තවේ.එවිට එම කොටසේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩිවන බැවින් එය භාහිර පරිපථය හරහා p වර්ගයේ යටින් ඇති සිලිකන් තට්ටුවට ගැලීමට පෙළබේ.එසේ වන්නේ p වර්ගයේ සිලිකන් තට්ටුවේ ඉලෙක්ට්‍රෝන කුහර ඇති වන නිසාය.මෙය ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියා හදුන් වනු ලැබේ.

- සුර්ය ශක්තිය මගින් විදුලිය ජනනයේදී ලැබෙන වාසි.
2.සුර්ය පැනලයක් වසර 20 කට වඩා භාවිතා කල හැක.
3.විදුලිය ඇනහිටීමක් නැත.
4.පරිසර දුෂණයක් නැත.
5.විදුලිසැර වැදීම වැනි අනතුරුදායක නැත.
6.නඩත්තුව පහසුය.
7.වසර පුරාම ආලෝකය ලැබෙන බැවින් ආලෝකය පිළිබඳව ගැටලුවක් නැත.
8.අතිමහත් දනස් කන්දයක් රටට ඉතිරි කරයි.
තමන් විසින්ම අඩු වියදමකින් සුර්ය වාහිනී පද්ධතියක් තම නිවසේ සවිකරගන්න අයුරු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
- සුර්ය පැනලයක් වැඩකරන හැටි.
එහි සුර්ය වාහිනියේ තට්ටු තුනක් දක්නට ලැබෙයි.එහි හිරු එලිය වැටෙන පැත්තේ ඇත්තේ n වර්ගයේ සිලිකන් අර්ධ සන්නායකයකි.මෙම සිලිකන් වල විශේෂත්වය වන්නේ ආලෝකය වැටුන විට එහි පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන සකොබනය වී නිදසස් වීමයි.එනම් මෙහි n නමැති සිලිකන් තට්ටුවට ආලෝකය වැටුන විට එහි ඉලෙක්ට්‍රෝන මුක්තවේ.එවිට එම කොටසේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩිවන බැවින් එය භාහිර පරිපථය හරහා p වර්ගයේ යටින් ඇති සිලිකන් තට්ටුවට ගැලීමට පෙළබේ.එසේ වන්නේ p වර්ගයේ සිලිකන් තට්ටුවේ ඉලෙක්ට්‍රෝන කුහර ඇති වන නිසාය.මෙය ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියා හදුන් වනු ලැබේ.
ඔබට ජය!
Thursday, April 25, 2013
Nokia මුලස්ථානය විකුණයි..
ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදකයා ලෙස කිරුල පැළඳි ලෝකප්ප්රකට නොකියා සමාගම බරපතල මුල්‍ය අර්බුධයකට පත්ව ඇත.ඇපල් හා android වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීමත් සමග nokiya සමාගමට මරු පහරක් වැදී තිබේ.තම මුල්‍ය ස්ථාවරත්වය නව නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට නොසෑහෙන බැවින් ඔවුන්ට සිය සමාගමේ
අනාගතය තීරණය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් එකවර ලබා ගැනීමට සිදුවී ඇත.ඔවුන් ඒ සඳහා කරන්නේ තමන්ගේ මහගේදර වන පින්ලන්තයේ එස්පෝ නම් ප්‍රදේශයේ පිහිටි තම ප්‍රධාන ගොඩනැගිල්ල විකුණා දමා ඉන් ලැබෙන මුදලින් නව නිර්මාණ සමගින් වින්ඩෝස් සමග එකතු වී අලුත් ආකාරකින් ලොව ජය ගැනීමය.ඔවුන් තම ප්‍රධාන නිවස විකුණා ඇත්තේ Exilion නමැති පින්ලන්ත සමාගමකටය.දැන් නොකියා සමාගම කරන්නේ විකුණා දැමු තම ගොඩනැගිල්ල අඩු මුදලකට කුලියටගෙන ඉතිරි මුදලින් දුරකතන ව්‍යාපාරය සංවර්ධනය කිරීමය.ඔවුන් තම නිවස විකුණා ඇත්තේ ඩොලර් මිලියන 200 කටය.තමන්ගේ නිවස තමන්ටම කුලියට ගන්නා නොකියා සමාගමේ අනාගතය කෙබදුවේවිද?

Wednesday, April 24, 2013
ජංගම දුරකතනයෙන් නොමිලේ ඉන්ටනෙට්..
ලෝකය තුල නව වෙනසක් ඇති කරමින් ලොව පුරා සැමට ජංගම දුරකථන හරහා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමට ගූගල් සමාගම දැන් කටයුතු කරමින් ඇත.ඒ සඳහා දැනටමත් ඔවුන් තිබිරිගෙය සකසා ඇත.ලෝකයේ ජනතාව අද ජංගම දුරකතනයට අතිශයින් සමීප වී ඇත.සිය සමාගමට ලෝක වාසි ජනයා වෙත තවත් ලඟාවීමට හොඳම ක්‍රමය ජංගම දුරකතන බව ගුගල් සමාගම හදුනා ගෙන සිටී.එහෙයින් ඔවුන් ජංගම දුරකථන වලින් ගූගල් මගින් ලබා දෙන විශේෂාංග වලට අය කරන
මුදල නිදහස් කර ඇත.
ශ්‍රීලංකාව ගත්තද අපරට තුල දැන් ජංගම දුරකතන නැත්තේ එහෙමත් අයෙකුටය.පොල් කඩන මනුස්සයාටත් පාරේ හිගාකන අයටත් දැන් ජංගම දුරකථන ලැබී ඇත.ලංකාවේ අයකුට අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත දුරකතනයක් දැන් රුපියල් දෙතුන් දාහකට වුවද ලබා ගත හැකිය.
ගූගල් සමාගම ඔබට මෙහිදී ලබා දෙන්නේ google free zone සේවාවය.මෙහිදී ඔබේ ජංගම දුර කථනය අදාළ ජංගම දුරකතනයට දමා ඇති සිම් පත හිමි සමාගම මගින් අන්තර්ජාල පැකේජය සක්‍රිය කලයුතු නැත.ඉතා පහසුවෙන් අන්තර්ජාල පහසුකම සක්‍රිය කරනැති වෙබ් බ්‍රවුසරයක් ඇති ජංගම දුරකතනයකින් ගුගල් සේවාවන් රසවිඳිය හැක .නොමිලේ ජිමේල් ඇතුළු තවත් සේවාවන් විශාල සංක්‍යාවක් ඔවුන් ඔබට සපයනවා ඇත.
ස්මාට් දුරකථන භාවිතා කරන්නට වඩා සාමාන්‍ය දුරකථන භාවිතා කරන්නන් තමා වෙත ඇදගෙන සිය සමාගම වෙත ලෝකයා තවත් ලන්කර ගැනීමට මෙය කදිම අවස්තාවක් බව ගූගල් සමාගම ප්‍රකාශ කරයි.මෙහිදී ඔවුන් සිය සේවාව ලබාදෙන්නේ කොන්දේසි යටතේය.ඔබ google serch කරමින් යම් දෙයක් ගැන සොයන්නේ යයි සිතමු.ඒ සඳහා මුදල් අය නොවේ.ඔබේ සෙවූ අදාළ මාතෘකාවට සම්බන්ද ප්‍රතිඵල ලැයිස්තුවට ද මුදල් අය නොවේ.අදාළ ලයිස්තුවේ මාතෘකාවල ලින්ක් වෙත පිවිසුනද මුදල් අය නොවේ.ඊළඟට ඔබ දෙවන පිවිසුමෙන් පසුව පිවිසෙන පිටු සඳහා මුදල් අයවේ.
උදාහරණයක් ලෙස phone ලෙස ටයිප් කර google serch කලා යයි සිතමු.එවිට ජංගම දුරකතනයේ බ්‍රවුසරය ඝරහා ගූගල් වෙත යාමට මුදල් අයනොවේ.serch කල පසු ලැබෙන phone සම්බන්ද ලැයිස්තුවට ද මුදල් අය නොවේ.දැන් ඔබට ලැබී ඇති ලයිස්තුවෙන් කැමති phone වර්ගයක සබැඳියක් වෙත යාමට ත් මුදල් අය නොවේ.නමුත් ඔබ අවසන් වරට පිවිසුන පිවිසුන පිටුවේ ඇති වෙනත් ලින්ක් එකකට ගොස් පිටුවක් විවුර්ත කළහොත් ඔබට මුදල් වැයවේ.එමෙන්ම යටකී පිටුවෙන් පින්තුරක් බා ගතහොත් එයටද මුදල් අයවේ.මෙහිදී වැදගත්ම කරුණ වන්නේ හොරෙන් මුදල් කපා ගැනීම වලකා තිබීමය.ඔබ වෙනත් පිටුවකට යාමේදී මුදල් අයවේ නම් ඒ බව දන්වා පණිවිඩයක් දිස්වේ.මේ අනුව ගූගල් සමාගම ඔබව කෙතරම් දුරට ඇද බැඳ තබා ගැනීමට සුක්ෂමව කටයුතු කර ඇතිද යන්න වැටහෙනු ඇත.එනම් ඔවුන් ඔබව වෙනත් වෙබ් පිටුවලට යාමද අවම කර ඔවුන් තුලම රදවා ගැනීමටද කටයුතු කර ඇත.
google free zone සේවාව ලබා ගනිමු.
මෙම සේවාව දැනට ශ්‍රී ලංකාව ,පිලිපීනය,දකුණු අප්‍රිකාව,ඉන්දුනීසියාව,ඉන්දියාව යන රටවලට පමණක් ලබාදී ඇත.එය හෙටදිනක අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලටද ලබා දෙනු ඇත.
1.වෙබ් බ්රවුසරක් ඇති දුරකතනයක් ලබා ගන්න.(මෙහි අඩංගු සිම් පත අන්තර්ජාල පහසුකම සඳහා සක්‍රිය කර තිබිය යුතු නැත.)
2.ඔබේ පරිගණකය ඔස්සේ අන්තර්ජාලය සම්බන්ද වෙමින් මෙතන ක්ලික් කරන්න.
3.අංක 1 න් දැක්වෙන පරිදි වෙබ් පිටුවේ දක්නට ලැබේවි.එහි send a link to your phone යන්න ක්ලික් කරන්න.
4.පහත පරිදි වින්ඩෝවක් ලැබේවි.එහි ඩ්‍රොප් ඩවුන් මෙනු එකින් sri lanka යන්න තෝරන්න.+94 ලැබෙන ස්තානයයට ඉදිරියෙන් ඇති කොටුවේ ඔබේ දුරකථන අංකය සටහන් කරන්න.send a text massage to your phone යන බට්න් එක ඔබන්න.
5.මොහොතකින් ඔබේ දුරකතනයට text massage එකක් ලැබෙනු ඇත.එහි ඇති වෙබ් ලිපිනය කොපි කර ඔබේ දුරකතනයේ බ්‍රවුසරයෙහි ඇඩ්රස් බාර් එකෙහි පේස්ට් කරන්න.ඔබට එතන සිට නොමිලේ ගුගල් හි සෙවීම කල හැකි වනු ඇත.
Monday, April 22, 2013
ඩොන්ගල් අන්ලොක් කරන ලේසිම ක්‍රම..
ඔබ සතුව ඇති ලොක් තත්වයේ ඇති ඩොන්ගල් ඔබට භාවිතා කිරීමට නොහැකි ලෙස තවමත් වද දෙනවා ද එසේ නම් මම අද ඔබව එම කරදරයෙනුත් නිදස් කරමි.
DC unlocker නමැති ලෝකයේ පහසුම ක්‍රමය
මගින් ඩොන්ගල් අන්ලොක් කරන හැටි මම ඔබට කියලා දෙන්නම්.මෙමගින් ඩොන්ගල් වලට අමතරව ජංගම දුරකථන ඩේටා මොඩම් වැනි උපාංගත් අන්ලොක් කර ගත හැක.DC unlocker මෘදුකාංගය පරිගණකයට යොදා ඇති විට ඔබ අගුලු ඉවත් කිරීමට සැරසෙන ඩොන්ගලයේ සියලු විස්තර එම මෘදුකාංගය මගින් ස්වයංක්‍රීයව සොයා ගනී.ඔබට ඇත්තේ ඩොන්ගලය නිෂ්පාදකයාගේ නිවැරදි නම ලබා දී බට්න් කීපයක් එබීම පමණි.පළමුව ඔබ පහල ලින්ක් එකින් මෘදුකාංගය බා ගන්න..
HETADINA-DC-unlocker මෘදුකාංගය මෙතනින් බාන්න..
දැන් එහි HETADINA-DC-unlocker.exe ලෙස ලැබෙන සෙටප් ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න.එය පරිගණකයට තත්පර කීපයකදී ඉන්ස්ටෝල් වේවි.මෙම මෘදුකාංගය ඉන්ටනෙට් ඇති තැනකදී ඩවුන්ලෝඩ් කරගෙන පෙන්ඩ්‍රයිව් එකක රැගෙන ගොස් භාවිතා කරන්නට පුළුවන.ඒ සඳහා ඉන්ටනෙට් අවශ්‍ය නොවේ.
මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම.
1.මෙම මෘදුකාංගය නිවැරදිව ස්තාපිත වුයේනම් ඩෙක්ස්ටොප් එක මත DC-Unlocker client නමින් ෂෝට්කට් එකක් ලැබෙනු ඇත.
2.ඔබේ අන්ලොක් කලයුතු ඩොන්ගලයේ අඩංගු මෘදුකාංගය(mobile partner)පරිගණකයට ස්ථාපනය කරන්න.
3.ඩොන්ගලය එසේම පරිගණකයට සවිකර තබන්න.
4.දැන් ඩෙක්ස්ටොප් එක මත ඇති DC-Unlocker client නම් ෂෝට්කට් එක මත ඩබල් ක්ලික් කරන්න.
5.DC-Unlocker 2 client ලෙස පහත පරිදි වින්ඩෝවක් ලැබේවි.
6.එහි මම 1 ලෙස දක්වා ඇති තැනට ඔබේ ඩොන්ගලයේ නිෂ්පාදකයාගේ නම නිවැරදිව දෙන්න.එය සොයාගැනීමට අපහසු නම් ඩොන්ගලයේ පියන ගලවා බලන්න.
7.2 ලෙස දක්වා ඇති තැනට කිසිවක් නොලියන්න.මෙහි Auto detect (recommended) ලෙස ඇති බැවින් ඔබේ ඩොන්ගලය ස්වයංක්‍රීයව හදුනා ගනු ඇත.
8.දැන්3ලෙස දක්වා ඇති සර්ච් බට්න් එක ක්ලික් කරන්න.එවිට ඔබේ ඩොන්ගලයේ තොරතුරු පහලින් ඇති කොටුවේ පෙන්වයි.ඩොන්ගලයේ වර්ගය,ඉමි අංකය ඇතුළු එය ලොක් වී ඇති බවද පෙන්වයි.
9.දැන් ඩොන්ගලය එක තත්පර කීපයකින් අන්ලොක් කරගැනීමට ඔබ සුදානම්ය.එට පෙර ඔබේ පරිගණකයේ විදුලි සැපයුම බිඳ නොවැටෙන වගට සහතික කර ගන්න.UPS එකක් හරහා විදුලිය සැපයීම ඉතා වැදගත්ය.යම් හෙයකින් අන්ලොක් වෙමින් තිබියදී විදුලිය විසන්ඳි වුව හොත් නැවත ඔබේ ඩොන්ගලය භාවිතයට ගත නොහැකි තත්වයට පත්වේ.
10.ඩොන්ගලය ලොක් බව දැනගෙන මෘදුකාංගයේ දකුණු පස ඉහලින්ම ඇති Unloking (4)නමැති බට්න් එක ඔබන්න.දැන් පහත පරිදි දිස්වේ.
11.ටික වෙලාවකින් පහත පරිදි දිස්වේ.
13.දැන් ඔබේ ඩොන්ගලය අන්ලොක් බවට ස්ථිර කරගැනීමට මෘදුකාංගයේ වම් පසින් පෙනෙන කලින් භාවිතා කල සර්ච් බොත්තම නැවත ඔබන්න..
.
14.sim lock status යටතේ unlock යනුවෙන් ලැබී ඇතිනම් ඔබේ කාර්ය අවසන්ය.දැන් ඔබට ඕනෑම වර්ගයකට අයත් සිම් එකක් යොදා අන්තර්ජාලයේ සෙවුමෙහි යෙදිය හැක.
ඩොන්ගල් එකක් අන්ලොක් කරන හැටි පළමු පාඩම මෙතනින්.>>>>.
ZTE ME1OO අන්ලොක් කරනහැටි ඊළඟ පාඩමින්..
ඔබට ජය!
විදුලි බිලට පාඩමක් උගන්වමු..
හිටි අඩියේම ලංකාවේ විදුලි බිල ඉහලට නැන්ගේ අපුරු ආකාරයකටය.එය දැන් අපට දරන්නට බැරි ගනනට වැඩි වී ඇත.එහෙත් විදුලි බිල වැඩි වු පමනින් අපිට අදුරේ සිටිය නොහැක.අද විදුලි බිල වැඩි වීමට ප්‍රධාන කරුන වන්නේ අපේම වරදකි.විදුලිය ඕනෑ තරම් ඇතිවිට එය අරපිරිමැස්මකින් තොරව භාවිතා කිරිම නිසා දැන් අපටම එහි විපාක ගෙවන්නට සිදුවී ඇත.
අප කෙතරම් කෑගැසුවත් විදුලි බල මන්ඩලය විදුලි ඒකකයක් සඳහා රුපියල් 35 ක මුදලක්
වැයකරන බව කියවේ.මින් පෙනෙන්නේ අප අපේම රටට ණය වන බවය.අපට අඩුවියදමකින් විදුලි පාරිභෝජනය කල හැකිව තිබියදී විශාල විදුලි ඒකක ගණනක් දවමින් අප කරණ විනාශය දැන්වත් නැවැත්විය යුතුය.
හෙටදින අඩවිය මගින් හදුන්වා දුන් LED විදුලි පහන් ඔබට භාවිතා කල හැකිනම් ඔබේ විදුලි බිල ගැන තවත් කරදර විය යුතු නැත.වොට් 5 ක LED බල්බයක් දිනකට පැය 6 බැගින් මාසයක් දැල් වුවත් ඔබට වැයවන්නේ ඒකක 0.9 ක විදුලි ප්‍රමාණයක් පමණි.ඔබ වොට් 100 ක සුත්‍රිකා පහනක් දල්වන විට එම විදුලි ප්‍රමානයෙන් වොට් 5 LED බල්බ 20 ක් දැල්විය හැක.බල්බ 20 ක් සාමාන්‍ය නිවසක එකවර භාවිතාවන්නේ කලාතුරකිනි.CFL බල්බ වලින් සැලකිය යුතු මට්ටමේ විදුලියක් ඉතිරි නොවේ.ඇරත් ඉහල මට්ටමේ ප්‍රමිතියකින් යුතු CFL නොයෙදුව හොත් තත්වය තවත් බැරෑරුම් විය හැක.
ප්‍රධාන විදුලිය ඇති නිවෙස් වලටත් සුර්ය විදුලිය.
ප්‍රධාන විදුලිය ඇති නිවෙස් වලට ද සුර්ය ශක්තිය යොදා ගනිමින් නවතම ආකාරයේ විදුලි උත්පාදන ක්‍රමයක් හදුන්වා දීමට හෙටදින වෙබ් අඩවිය ළඟදීම කටයුතු කරනු ඇත.මෙම සුර්ය විදුලි කට්ටල පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීමටත් භාවිතා කරන බැටරිය ඉතා දිගු කලක් යොදා ගත හැකි පරිදි එහි පරිපථය නවීකරණය කිරිමටත් අප බලා පොරොත්තු වෙමු.ලංකාව දැන් හිරු රශ්මියෙන් අඩු නැති රටක් වන නිසා සුර්ය විදුලිය වැනි විදුලි උත්පාදන ක්‍රමයක් අප රටට කාලෝචිතය.මෙම ක්‍රමය හදුන් වාදීමත් සමග සාමාන්‍ය නිවසක විදුලි බිල කලින් තිබුනාටත් වඩා අඩුවනු ඇත.

Friday, April 19, 2013
වයි ෆයි ජාලයක් හදමු..
ඔබ දැනටමත් දන්නවා ඇති අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට wifi තාක්ෂනය භාවිතා කළ හැකි බව.ඔබේ කාර්යාලයේ හෝ යම් ආයතනයක දැනටමත් wifi භාවිතා කරනවා විය හැක.එහෙත් ඔබ නිවසේ හෝ යාළුවන් සමග වයි ෆයි මගින් ජාලයක් ගොඩ නගා ගත හැක.විශ්ව විද්‍යාලයක හෝ පාසලක නේවාසිකා ගාරයක මෙය පහසුවෙන් කල හැකියි.ඔබ ලෝක වෙළඳ මද්යස්ථානයනයට පියනගා ඇතිනම් ඔබේ ලැප්ටොප් උපකරණය හරහා හෝ දුරකථනය හරහා
වයිෆයි තාක්ෂනය රසවිඳ ඇතිවාට සැක නැත.ඇත්තෙන්ම වයි ෆයි ක්‍රමයේදී අන්තර්ජාල මුලාශ්රයේ සිට රවුටරයකින් ලැබෙන රේඩියෝ තරංග ඔස්සේ අන්තර්ජාල සම්බන්දතා ලබා ගත හැකිය.මෙය රවුටරයේ සිට සාමාන්‍යයෙන් අඩි 300ක පමණ දුරට බල පැවැත්වේ.එම ප්‍රදේශය හැදින්වෙන්නේ 'හොට්ස්පොට්' කියාය.
එය රවුටරය වටා වලයාකාරව විහිදෙන්නකි.එම අඩි 300 අවසාන සීමාවට මෙපිටින් වයිෆයි ප්රතිවිකාශකයක් තැබීමෙන් වයි ෆයි ජාලයේ ක්‍රියාකාරී දුර අඩි 600 දක්වා දිගු කළ හැකි බව ඔබට පෙනෙනු ඇත.දැන් වයිෆයි ප්රතිවිකාෂක 300 mpbs ප්‍රමානවලින් ලබා ගත හැක.එකක මිල සාමාන්‍යයෙන් රුපියල් 3500 ක් පමණවේ.
ඔබ ජිවත් වන්නේ මහල් නිවාසයක නම් එක මහලකට එක ප්රතිවිකාශකයක් ප්‍රමාණවත්වේ.තම යාලුවන් සමග සකච්චාකර ඔවුන්ට මාසික ව සුළු මුදලක් ගෙවා අන්තර්ජාල පහසුකම් ලබා දීමට ඔබට පුළුවන.එයින් මාස කිපයක් යනවිට ඔබේ වියදම පියවා ගත හැක.ඔබට ලැබෙන ලාබයෙන් තවත් ප්රතිවිකාෂක පිහිටුවා තම ජාලය පුළුල් කර ගත හැක.හෙට දින අඩවියෙන් නිතරම මා ඉදිරිපත් කිරීමට සැලසුම් කරන්නේ නව නිර්මානාත්මක දේවල්ය.එනම් හෙට දිනයේ සත්‍ය බවට පත්වන දේවල්ය.
ඉලෙක්ට්‍රොනික ශිල්පියෙකු වන මම දැනට ඉතා දිගු දුරක් ෆයිෆයි සම්ප්‍රේක්ෂණය කළ හැකි උපකරණයක් නිපදවමින් සිටිමි.එයින් පසුව විදුලි සංදේශ නියාමන කොමිසමේ අවවසරය ඇතිව ගමකට හෝ නගරයක ඉතා අඩුමිලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට කැමැත්තෙන් සිටිමි.ඔබ මෙම විෂයට කැමැත්තක් දක්වන්නේ නම් මා සමග හවුල්වී එම තාක්ෂණ ක්‍රමය ක්‍රියාවට නැගීමට සහාය ලබා දෙන මෙන් ඉල්ලමි!
sisiramet@gmail.com
ඔබට ජය!
Thursday, April 18, 2013
නොමිලේ ඔන්ලයින් tv බලන්න.
ඔයාලා කැමති ඇති අන්තර්ජාලය හරහා නොමිලේම tv බලන්න.ඒත් ඒ සඳහා විවිධ මෘදුකාංග ස්ථාපනය කරමින් කරදර වෙන්න වෙනවා.නමුත් මම අද ඔබව එම කරදරයෙනුත් නිදහස් කරනවා..ඔයාලට තියෙන්නේ හෙටදිනTV බ්ලොග් එකේ හයි කරලා තියෙන tv ඒකෙන් තමන් කැමති චැනලයක් තෝරාගෙන බලන්න එකයි මේකට 3.6 mpbs වේගයක් ඇති අන්තර්ජාල සම්බන්දතාවයක් තිබුනත් ඇති.ඊ වඩා වැඩි එකක් තිබුනොත් තව හොඳයි.මෙම සියලු චැනල ඔබට නොමිලේ ලැබෙනු ඇති.ඉතා පැහැදිලි ලෙස සේවාව රස විඳිය හැක.බලන්න පුළුවන් චැනල් 18ක් තියෙනවා.tv එක බලන්න මෙතනින් යන්න.
ඔබට ජය!
ඔබට ජය!
Tuesday, April 16, 2013
උතුරු කොරියාව සතුරන්ට අනතුරු අඟවයි.
උතුරු කොරියාව තමන්ට විරුද්ධව කටයුතු කරන දකුණු කොරියාවට තමන් කලින් දැනුම දීමකින් තොරව පහර දීමට සුදානමින් සිටින බව අද ප්‍රකාශ කළා.කෙසේ වෙතත් යුධ විශ්ලේෂකයන් පවසන්නේ ලෝකයේ රටවල් දෙකඩ කරමින් තම ආදිපත්‍ය පැතිරීමට උත්සාහ ගන්නා ඇමරිකාව ඇතුළු සහයෝගී රටවල් උතුරු කොරියාවෙන්
පාඩමක් ඉගෙන ගනු ඇති බවය.එහිද සත්‍යක් තිබේ.කලින් එකම රටක් වූ උතුරු හා දකුණු ලෙස බෙදා වෙන්කළේ ඇමරිකාවේ මුලික මැදිහත් වීමෙනි.එය දැන් භුමිරන්ගයක් ලෙස තමා වෙතම එන බව ඇමරිකාව අවබෝධ කරගෙන සිටී.ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට නැගී සිටීමට බාදා කරමින් මානව හිමිකම් ප්‍රශ්න යොදා ඇමරිකාව උත්සාහ කරනුයේ සෙසු රටවල් බේද භින්න කිරීමටය.ඒ වාට නියම පිළිතුර ළඟදීම විදින්නට වනු ඇති බොහෝ දෙනෙක් දැන් මත ප්‍රකාශ කරති.

Monday, April 15, 2013
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 6.
අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ තවත් LED බල්බ වර්ගයක්.මෙය ටියුබ් ලයිට් හැඩ බල්බයක්.ටිකක් නිෂ්පාදන මිල ඉහල වුනත් වැඩි ආලෝකයක් ලබා ගත හැකියි.මෙයට අවශ්‍ය උපකරණ සියල්ල පිටකොටුවේ වික්‍රම ප්ලාසා ගොඩනැගිල්ලේ කඩ සාප්පුවලින් ලබා ගත හැකියි.ඔබ බල්බය සවිකරන විට සාමාන්‍ය ටියුබ් ලයිට් බල්බයේ චෝක් එක ඉවත් කරන්න.බල්බයේ දෙපසින්ම ඔබ කැමති ආකාරයට බලය ලබා දෙන්න.ගැටළු ඇතොත් දන්වන්න.
sisiramet@gmail.com
sisiramet@gmail.com
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 4.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 5.මෙතනින්
Monday, April 8, 2013
ඉන්ටනෙට් රේඩියෝ ඔක්කොම එකතැනින්..
අන්තර්ජාලය තුල විසිරී පවතින රේඩියෝ සේවාවන් එක්තැන් කර සවන් දිය හැකිනම් එය අපකාටත් පහසුවක්.අන්තර්ජාලය පීරමින් ඒවා සොයනවාට වඩා අපට ඉක්මනින් අපට අවශ්‍ය චැනලය ලබා ගත හැක.මෙම සේවා ලැබෙන්නේ නොමිළේය.මෙම අඩවියෙන් ලොව ඕනෑම තැනක ඇති අන්තර්ජාල රේඩියෝ චැනල වලින් තමන් කැමති එකක් තෝරාගෙන ඇසිය හැක.radiobeta.com ඔබ ලියා පදිංචි
වන්න.තවත් බොහෝ සේවාවන් රාශියක් එම අඩවිය සපයන බව අඔබට පෙනේවි.ඔන්ලයින් රේඩියෝ ඔක්කොම එක තැනින් අහන්න මෙතනින් යන්න.
ඔබට ජය!
වන්න.තවත් බොහෝ සේවාවන් රාශියක් එම අඩවිය සපයන බව අඔබට පෙනේවි.ඔන්ලයින් රේඩියෝ ඔක්කොම එක තැනින් අහන්න මෙතනින් යන්න.
ඔබට ජය!
ලොව වේගවත්ම වෙබ් බ්‍රවුසරය ඩොල්ෆින් .
ලොව ජංගම උපාංග සඳහා ඉදිරිපත්වී ඇති වේගවත්ම බ්‍රවුසරය දැන් කාටත් නොමිලේ බා ගත හැකිය.දැනට ලොව මිලියන පනහකට වැඩි සෙනගක් මෙම ඩොල්ෆින් බ්‍රවුසරයෙන් වැඩ ගනිති.මෙම බ්‍රවුසරයත් සමග ලොව ජංගම උපාංග සඳහා අවශ්‍යව තිබු කාර්යක්ෂම වෙබ් බ්‍රවුසරයක අවශ්‍යතාව ඉටුවේ.මෙය ටැබ්ලට් පරිගණක,ජංගම දුරකථන,ස්මාට් ෆෝන් ආදියට කදිමට ගැලපෙන බව එය දියුණු කරමින් සිටින චීන ජාතික 'යොංෂි යැං' කියා සිටී.මෙහි වෙනත් බ්‍රවුසර වල නැති ලක්ෂණ ගනාවක්
ඇත.ඩොල්ෆින් සෝනාර් තාක්ෂනය හෙවත් කටහඬ හදුනා ගැනීමේ විශේෂ හැකියාවක් මෙම බ්‍රවුසරයට ඇත.වෙබ් අඩවියක
නම ඇඟිල්ලෙන් ඇඳ පෙන්වුවිට එයට ක්ෂණයකින් ලොග් වීමේ හැකියාවද ඕනෑම වෙබ් අඩවියක ඇති පිටු පොතක මෙන් පෙරලා බැලීමේ හැකියාව ද මෙම බ්‍රවුසරයට ඇත.අන්තර්ජාල විශ්ලේෂකයන් පවසන්නේ මෙම බ්‍රවුසරය ලොව වෙබ් බ්‍රවුසර් වල වේගය මැනීමේ ප්රමිතීන් වල ඉහලින්ම සිටිනා බවය.ඩොල්ෆින් මොබයිල් වෙබ් බ්‍රවුසරය නොමිලේ බා ගැනීමට මෙතනින් යන්න.

Thursday, April 4, 2013
අසීමිතව ට්‍රැෆික් ගන්න මෘදුකාංගයක්..
ඔයාලා බ්ලොග් කරනවා නම් තමන්ගේ බ්ලොග් එකට කියක් හරි වැඩියෙන් සෙනග අද්දවා ගන්න කැමති ඇති.SEO කියල සමහරු ලොකු වචන දාල කියල දෙන්නේ මේ ආකාරයේ වැඩි පුර ට්‍රැෆික් ගන්න ක්‍රම තමා..ඒ සඳහා ක්‍රම රාශියක් තියෙනවා මම අද එකක් කියලා දෙන්නම්.
ඔයාලගේ බ්ලොග් එක සර්ච් එන්ජිමේ යට හැංගිලා සිටියොත් ඒක විසිටර්ලාට අහුවෙන්නේ නෑ.ඉතින් ඒ ආකාරයට හැංගිලා තියෙන බ්ලොග් සර්ච් නාමාවලියේ ඉදිරියට ගන්නට මෙම මෘදුකාංගය ක්‍රියා
කරනවා..ඔබට එකවර සර්ච් එන්ජින් 66කට ඔබේ බ්ලොගය මේ මෘදුකානගය හරහා එක් කල හැකියි.මම පහලින් දීල තියෙන ලින්ක් ඒකෙන් ගිහිල්ලා hetadina tools4web.exe යන සෙටප් ෆයිල් එක බා ගන්න.දැන් ඒක මත ඩබල් ක්ලික් කරන්න.එය ඉන්ස්ටෝල් වන්නට ඉඩ හරින්න.ඩෙක්ස්ටොප් එකේ අයිකන් එකක් එයි.එය ඩබල් ක්ලික් කරලා ඔබට එයට පිවිසෙන්න.එහි මුලින්ම ඇති කොටුවේ ඔබේ බ්ලොගයේ නම ලබා දෙන්න.ඊළඟ කොටුවේ සක්‍රිය ඊමේල් ලිපිනයකුත් දෙන්න.තුන්වන කොටුවේ ඔබේ බ්ලොගයේ URL එක දෙන්න.check all යන කොටුවට ටික් එකක් දාන්න.ඔක්කොම සිලෙක්ට් වේවි.දැන් පහලින් තියෙන submit the site යන බට්න් එක ක්ලික් කරන්න.සුළු වෙලාවකින් සියලුම සර්ච් එන්ජින් වලට ඔබේ බ්ලොගය එක්කල බව දැක්වෙන පණිවිඩයක් ලැබේවි.

LED පහන් නිවසටම ගෙන්වා ගන්න.
පහත විස්තර එවන්න..
1.ඔබේ සම්පුර්ණ නම -
2.වර්තමාන ලිපිනය-
3.දුරකථන අංකය-
4.ඊමේල් ලිපිනය-
5.උපකරණ සඳහා වියදම එකක් සඳහා
(a)LED 48 පහන්-රු 380.00>>>(සාදා නිම කල බල්බයක් රු 500.00)
(b)LED 108 පහන්-රු 760.00>>>(සාදා නිම කල බල්බයක් රු1000.00)
(c)LED 126 පහන්-රු900.00>>>(සාදා නිම කල බල්බයක් රු1200.00)
(d)LED ටියුබ් ලයිට් පහන්(අඩි 4)-රු2500.00>>>(සාදා නිම කල බල්බයක් රු2800.00)
(ඔබට අවශ්‍ය ඉහත බල්බ ප්‍රමාණය ඒ ඉදිරියෙන් දක්වන්න/ඔබ ලබා ගන්නේ බල්බ සෑදීමට අවශ්‍ය උපකරණ පමණක් නම් ඒ බව දන්වන්න.)
පිටකොටුවේ ඉහත උපකරණ වල මිල වෙනස් විය හැකි බැවින් මෙම මිල යතාකාලයේදී වෙනස්විය හැක
තවත් තොරතුරු මෙතනින්>>>>>>>.

Wednesday, April 3, 2013
අපොයි මෙහෙමත් ට්‍රැෆික් එකක්..
ඔයාලා බ්ලොග් අඩවි කරනවානම් කැමති ඇති ඔබේ බ්ලොග් එක අනික් අය නරබන අකාරය හැමෝටම පෙන්වන්න.එකට මම අද දෙන්නම් පොඩි ගැජට් එකක් ඔයාල ඒක ගන්න ඕන www.revolvermaps.com කියන බ්ලොග් එකින්.ඒක නොමිලේම ඔයාලගේ බ්ලොග් එකේ html editor එකට දාගන්න පුළුවන්.www.revolvermaps.com බ්ලොග් එකට එන කට්ටිය බලන්න
මෙතන ක්ලික් කරන්න.අපොයි???.. එහෙම සෙනග ආවොත් නම් ඇඩ්සෙන්ස් වලින් නාන්න බැරියැ නේද?ඒ ගැජට් එක ඔයාලට කැමති ප්‍රමාණයකට දාගන්නත් පුළුවන්.ලැබෙන ලෝක ගෝලය පහලින් තියෙන බට්න් වලින් ලෝකය ඕනෑම පැත්තකට හරවලා බලන්නත් පුළුවන්.ඒ විතරක් නොවෙයි ලෝකේ කැරකෙන වේගයත් දිශාවත් වෙනස් කර බලන්න පුළුවන්.මුලින්ම මෙතනින් ගිහින් Home පිටුවට ඇතුළු වන්න.ඊළඟට පහත පිලිවෙලට යන්න..
Widgets>> widget gallery>>Get this Widget>>copy>>past your blog

සට සට ගාල බා ගමු..
අන්තර්ජාලයේ සරන විට ඔබට වැදගත් යයි හැඟෙන වීඩියෝවක් හරි PDFෆයිල් එකක් දැක්කම ඒක බා ගන්නමයි හිතෙන්නේ.ඒත් ඒක බාගන්න ගියහම තමයි මල පනින්නේ..සමහර ඒවා බා ගන්න ලින්ක් නෑ..බාන කොට පැය ගණනක් යනවා..නැතිනම් අතර මග හිර වෙනවා..හිතට අල්ලලා යන ඕන දෙයක් බා ගන්න බැරිව ලතවෙන අය මම අද ඒ කරදරයෙනුත් නිදහස් කරනවා..
මේක පුංචි මෘදුකාංගයක්.ඔයාලට පහසුවෙන් ස්ථාපිත කරගන්න පුළුවන්..ජීවිත කාලයටම ඒක ඇති..මම පහලින් දීල තියෙන ලින්ක් එක ක්ලික් කරලා එ ඒක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකට බා ගන්න.hetadinaIDM.exe කියල එකේ සෙටප් ෆයිල් එකක් ලැබේවි.ඒක මත ඩබල් ක්ලික් කරන්න.එහි ඉල්ලන පරිදි අවශ්‍ය පියවර අනුගමනය කරන්න..ස්තාපිථ වී අවසාන වුවිට ඔයාලගේ සිස්ටම් ට්‍රේ එක මත මම ඉහළින් දාල තියෙන පින්තුරේ සහිත අයිකන් එකක් ලැබේවි.ඒක එහෙම්මම තිබිච්ච දෙන්..දැන් ඔයාලට කැමති වීඩියෝවක් හෝ PDF ෆයිල් එකක් ඇති තැනකට යන්න.(youtube ඒකෙන් අත්හදා බලන්න.)ඉබේම එය බාන්නද?අසමින් ඩයලොග් බොක්ස් පහලින් ලැබේවි.එය ok කල හොත් එය බා ගත හැකිය.එය බාගත යුතු තැනද ඔබට අවශ්‍ය පරිදි තෝරා දිය හැක.

Tuesday, April 2, 2013
LED බල්බ නිෂ්පාදනය පාඩම් මාලාව 5
ඔබ LED බල්බ නිෂ්පාදනය පටන්ගත්තාද?නැතිනම් අදම පටන් ගන්න.මොකද අනාගත හොඳම විදුලි පහන වන්නේ LED පහනයි.විදුලිය පිරිමැසිම අතින් දැනට ඉහලින්ම සිටිනුයේ මෙම පහනයි.ඔබ විශ්වාස කරනවාද LED පහන් සවිකිරීමට පෙර සාමන්‍ය සුත්‍රිකා පහන යොදා තිබු මගේ නිවසේ මසකට විදුලි ඒකක 86ක් දවා තිබුනා.ඒත් LED පහන් සවිකලාට පස්සේ එය මසකට 30 ක් දක්වා
අඩුවී තිබුනා..ඒත් තවත් විදුලි උපකරණත් භාවිතා කරලා..ඉතින් ලංකාවේ විශාල පිරිසක් LED පහන් වලට යොමු වුනොත් අපට දෛනිකව ඉතිරිවන විදුලි ඒකක ගණන සුළු පටු නෑ..
LED බල්බ 108 කින් යුතු පහනකින් නිවසක කාමරයක් ආලෝක වත් කිරීමට හොඳටම ප්‍රමාණවත්.තරමක් විශාල සාලයකට නම් එවැනි පහන් දෙකක් ප්‍රමාණවත්.ඇසට සවුම්ය සුදු ආලෝකයක් පිටකරන නිසා පොත් පත කියවීමටත් ඉතා උචිතයි.මේ තියෙන්නේ මං හදපු LED 108 කින් යුතු බල්බය දැල්වෙන විට ගත් චායාරූපයක්.
LED පහන් වලින් පාරජම්බුල කිරණ පිට වීමක් නැති නිසා කාටවත් හානියකුත් නැහැ.බල්බය කොච්චර වේලා දල්වා තැබුවත් ඒක රත් වෙන්න නැහැ.මේ බලන්න මම මේ අල්ල ගෙන ඉන්නේ පැය 13 ක් දල්වා තිබු මම සැදු බල්බයයි.
සුත්‍රිකා පහනක් හරි CFLපහනක් හරි මෙහෙම ඇල්ලුවොත් මොනවා වෙයිද?අපට බල්බයෙන් ඕනා ආලෝකය මිස තාපය නෙමෙයිනේ.එනිසා ඔබත් අදම LED පහනකට මාරු වෙන්න.මම දිගටම LED පහන් නිපදවන්න බලාපොරොත්තු වෙනවා..ඔයාලා කාටහරි බල්බ ඕන නම් මට ඊමේල් කරන්න.ගෙදරට VPP තැපෑලෙන් එවන්නම්.
LED පහන් වල වෙනත් නිෂ්පාදන.
1.ටියුප් ලයිට් හැඩ පහන්.
2.බුදු පහන.
3.නිදන කාමර පහන.
4.ආගමික කටයුතු වලයට යොදන 5W හැඩ පහන.
5.LED ඩ්‍රයිව් පරිපත අඩංගු පහන.
6.ඔබේ නිර්මාණශීලිත්වය යොදා මෝටර් රථ හා ත්‍රි වීලර්,බස් රථ සඳහා සුදුසු පහනක් සාදන්න.හීට් සින්ක් දාන්න පුළුවන් ලොකු LED පිටකොටුවෙන් ගන්න පුළුවන්.ට්‍රයි කරලා බලන්න.හරිගියහොත් මටත් කියන්න.
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 4.මෙතනින්
කවදාවත් වෙන් නොවෙන්න ක්‍රමයක්..
ලංකාවේ තවත් දේශීය නිෂ්පාදනයක් ඔබට මම අද ඔබට හදුන්වා දෙමි.
වසර ගණනාවක් පෙරුම් පුරා ජීවිතයේ අලුත් බලාපොරොත්තු පොදිබැඳ ගෙන නව ජීවිතයකට ඔබ ඇතුළු වන්නේ අප්‍රමාන සතුටකින්..ඒත් ඒ සතුට සැහැල්ලුව ටික දිනකට සීමා වුනොත් ඔබේ පවුල් පරිසරය අගාධයට වැටිය හැකියි.නමුත් ඔබ කලබල විය යුතු නැහැ.ලංකාවේ ස්වාභාවික තේ වලින් නිපදවන 'ෆැඞ්නා එක්ස් ටී තේ'මගින් ඔබේ ආදරය සෙනෙසහ දිගටම තියා ගනීවි.
ඔබත් ෆැඞ්නා එක්ස් ටී රස විඳලා බලන්න.දින දහයක් විතර යන කොට වෙනස තෙරේවි.ඉතින් ෆැඞ්නා නිෂ්පාදනයේ තවත් බොහෝ තොරතුරු සඳහා එම සමාගම කියන පහත වදනට දෙනෙත් යොමු කරන්න.
ඔබේ මතකයට එක්වරම එන ජීවිතයේ සොඳුරුතම මොහොත මොකක්ද? මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම ඔබට විවිධ දේවල් මතක් වෙන්න පුලුවන්.හොඳට කල්පනා කරලා බලද්දී ඒ වගේ සුන්දර අවස්තා කීයක් නම් ඔබේ හිතට නැගෙන්න ඇත්ද?හැබැයි සමහර විට ඔබ සමහර දේවල් හිතේ හැටියට සිද්ධවුනේ නැහැ කියලා පසුතැවෙනවා ඇති.මොකද අපි අත්විඳින සුන්දර අත්දැකීම් තව තවත් මුවහත් කරගන්න වගේම සොඳුරු නිමේෂයන් එක්ක දිගින් දිගටම ඉන්න අපි කැමති නිසා. මේ නිසා ඔබ තවමත් ඔබේ ජිවිතයේ සොඳුරු මොහොත අඳුරු කරගෙන ඉන්නව නම් මේ ලිපිය ඔබේ ජීවිතේ වෙනස් කරාවි.ඒ විතරක් නෙමෙයි ඔබ විඳින සුන්දරත්වය තවත් මුවහත් කරගෙන ජීවිතේ සුන්දරත්වය නැවුම් විදිහට විඳින්නත් මේක අලුත් ආරම්භයක් වේවි.
ඉතින් එහෙම නම් ඇයි තවමත් ප්‍රමාද කරන්නේ? මේ කතාකරන්න යන්නේ ෆැඞ්නා එක්ස් ටී(ෆැඞ්නා ස්ටේරන්ත් ටී) ගැනයි. ෆැඞ්නා එක්ස් ටී කියන්නේ වාජීකරණය සඳහා භාවිතා කරන ස්වාභාවික පාරම්පරික වට්ටෝරුවක් නවීන තාක්ෂණය සමග උසස් තත්වයේ තේ එක්ක මුසුකරලා නිපදවන තේ පානයක්. තේ බෑග් හැටියට එන මේ ෆැඞ්නා එක්ස් ටී සාමාන්‍යයෙන් තේ බොනවා වගේ නටන උණුවතුරට දාලා බොන්න පුලුවන්.එහෙම නැත්නම් සාමාන්‍ය තේ කහට වෙනුවට කිරි එක්කත් ෆැඞ්නා එක්ස් ටී වඩාත් රසවත්ව ඔබට දැනේවී
ෆැඞ්නා එක්ස් ටී නිපදවන්න භාවිතා කරන පාරම්පරික රහස් වට්ටෝරුවෙ වාජීකරණ ශක්තියෙන් අනූන ඖෂධ රැසක් අන්තර්ගතයි. මේ මුසුවෙන් නිපදවන ෆැඞ්නා එක්ස් ටී හි අඩංගු වන ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකයන් හෝමෝන ලෙස ක්‍රියාකර මොළයේ රසායනික සමතුළිතභාවය රැකගැනීමට උපකාරී වනවා. ඒ තුළින් ලිංගික ක්‍රියාකාරීත්වය වඩාත් තියුණු කරනු ලබනවා. ඒ වගේම ෆැඞ්නා එක්ස් ටී ශුක්‍ර මේහයට මෙන්ම ශුක්‍ර මෝචනය ප්‍රමාද කරමින් දිගු කාලීන ලිංගික ක්‍රියාවලියකට අවශ්‍ය උත්තේජනයත් ලබාදෙනවා .මෙන්න මේ නිසයි ෆැඞ්නා එක්ස් ටී ඔබේ සොඳුරු මොහොත වඩාත් මුවහත් කරන බව කියන්නේ.
ෆැඞ්නා එක්ස් ටී පානය කරන්න ආරම්භ කරලා දින 10 විතර යනකොට ඔබට මේ වෙනස දැනෙන්න ගනීවි.ටික දවසක් එක දිගට පානය කරනකොට ඔබට වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්න පුලුවන්.කෘෂිකර්ම අමාත්‍යාංශයේ තාක්ෂණයට අනුව නිපදවන ස්වාභාවික පානයක් වන ෆැඞ්නා එක්ස් ටී ආයුර්වේද දෙපාර්තමේන්තුවත් අනුමත කරලා තියන නිසා බය නැතිව මේ අත්දැකීම විඳින්න ඔබට පුලුවන්.ඉතින් ජීවිතේ සොඳුරු මොහොත වෙනුවෙන් තවත් පරක්කු වෙන්න එපා.ෆැඞ්නා එක්ස් ටී එක්ක ජීවිතේ අලුතින් පටන් ගන්න. කීල්ස් ආපිකෝ ඇතුලු සුපිරි වෙළඳසැල් වලින් වගේම දිවයින පුරා තිබෙන ෆාමසි වලින් ඔබට එක්ස් ටී මිලදී ගන්න පුලුවන්.
Food & Nature සමාගම
ෆැඞ්නා එක්ස් ටී ෆුඞ් ඇන්ඞ් නේචර් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික යහගුණ සපිරි නිෂ්පාදනයකි.සොභාදහමෙන් ලැබුනු අපේ උරුමයන් නවීන තාක්ෂණය සමග මුසු කොට ස්වාභාවික යහගුණයන් එලෙසින්ම රැකගනිමින් ආශ්වාදනීය තේ පානයන් ලෙස ෆැඞ්නා නාමයෙන් වෙළඳපොළට නිකුත් කරයි. සමාගම නිපදවන ෆැඞ්නා ඩයබ් ටී, ෆැඞ්නා ෂේප් අප් ටී, ෆැඞ්නා ග්‍රීන් ටී මෙන්ම රණවරා, බෙලිමල් ඇතුලු නිෂ්පාදන රැසක් මේ වන විට පාරිභෝගියන් අතර ජනප්‍රියව තිබේ.
කෘෂි කර්ම අමාතය්යාංශයේ තාක්ෂණයට අනුව පිළිගත් ප්රමිතීන් ආරක්ෂා කරමින් ISO හා HACCP සහතිකලත් කර්මාන්තශාලාවක ෆැඞ්නා නිෂ්පාදනයන් නිපදවනු ලබන අතර ශ්‍රි ලංකා ප්‍රමිති කාර්ය්‍යංශය මගින් පිරිනමා ඇති සෞඛ්‍යාරක්ෂණ පිළිබඳ GMP සහතිකය ඇතු`ඵ තත්ව සහතික ම`ගින් ඒ බව තවදුරටත් තහවරු කරනු ලබයි. එමෙන්ම සියලු ෆැඞ්නා නිෂ්පාදනයන් ඖෂධීය පානයන් ලෙස ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ද නිර්දේශ කර තිබෙන අතර මාලදිවයින, නෙදර්ලන්තය, කැනඩාව ඇතුලු රටවල් ගනනාවකටද ෆැඞ්නා නිෂ්පාදන අපනයනය කරනු ලබයි. වැඩි විස්තර දැනගන්න 0115666616 ට කතාකරන්න..නැත්නම් මෙතනින් පිවිසෙන්න
ඔබට ජය!
TV චැනල් 2000ක් නොමිලේ නරඹමු..
සැටලයිට් ඇන්ටෙනා හයිකරගෙන දහස් ගණන් බිල් ගෙවමින් කට්ට කමින් TV බලපු කාලේ හමාර කරන්නයි මේ සුදානම.අද මම ඔබට ලබා දෙනවා රටවල් සියයකට වැඩිගණනක සැටලයිට් නාලිකා 2000 කට වඩා නැරඹිය හැකි පුංචි මෘදුකාංගයක්.මින් ඔබට TV චැනල් වලට අමතරව චිත්‍රපටි විශාල ප්‍රමාණයක් නොමිලේ නැරඹිය හැක.
මෘදුකාංගය ස්ථාපිත කර ගැනීම
1.මෙම මෘදුකාංගය හරහා TV චැනල් බැලීමට නම් ඔබේ පරිගණකය පෙන්ටියම් iv හෝ ඊට පසුව ආ එකක් සහ වේගය 1.7Ghz ද රැම් එක 512හෝ ඊට වැඩි එකක් ද විය යුතුය.ඔබේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය 512kbps හෝ ඊට වැඩි විය යුතුය.
2.මුලින්ම මම පහලින් දී ඇති hetadinaTV නමැති ලින්ක් එක ක්ලික් කර එම මෘදුකාංගයේ සෙටප් වැඩසටහන බා ගන්න.
3.ඔබේ පරිගණකයේ Net Framework වැඩසටහන නැතිනම් එය ස්ථාපිත කරගන්න.
4.ඩවුන්ලෝඩ් වූ hetadinaTV නමැති සෙටප් අයිකනය මත ඩබල් ක්ලික් කරන්න.
5.පරිගණකයේ වයිරස් ගාඩ් එක මගින් මෙය පරික්ෂා කල යුතුදැයි ඇසුව හොත් Allow යන්න ලබා දෙන්න.
6.Next බට්න් එක ක්ලික් කර ඉදිරි පියවරට යොමු වන්න.
7.ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට හා කොන්දේසි වලට එකඟ බව දැක් වීමට I Agee තෝරන්න.නැවත Next බට්න් එක ක්ලික් කරන්න.
8.just me තෝරා Next ලබා දෙන්න.නැවතත් Next ලබාදෙන්න.
9.ඔබේ ඩෙක්ස්ටොප් එක මත Read on tv යනුවෙන් අයිකන් එකක් අවොත් වැඩේ හරි.
10.එය ඩබල් ක්ලික් කර විවුර්ත කරන්න.
11.අන්තර්ජාල සම්බන්දය ලබා දෙන්න.මෘදුකාංගය යාවත්කාලීන වේනම් එසේ වීමට ඉඩ හරින්න.
12.යාවත් කාලලීන වූ පසු ඔබේ දකුණු පස ඇති tv චැනල වලින් එකක් තෝරා දෙන්න.ටික වෙලාවකින් ඔබට රුපවාහිනි දසුන් නැරබීමට හැකි වනු ඇත.
ගැටළු ඇතොත් කොමෙන්ටුවක් දාන්න.

මොකක් ද මේ VVT එන්ජිම..
ඔබ අලුතින්ම පැමිණෙන කාර් වල පිටිපස්සේ VVT යනුවෙන් සටහන් කර තිබෙනවා දැක ඇති.ඇත්තටම VVT යනු කුමක්ද?මෙය රථයේ ඉන්දන කාර්යක්ෂමතාවය ඉහල නැංවීමට අලුතින්ම ආ උපක්‍රමයක් ලෙස දැක්විය හැකියි.එය ඉතා දීර්ඝ ලෙස විස්තර කල හැකි වුවත් ඔබේ තේරුම් ගැනීමේ පහසුව උදෙසා කෙටියෙන් දක්වමි.
මෙය VVT(Veriable Valve Timing) ලෙස දැක්වෙනවා..සමාන්‍ය
එන්ජිමක ඉන්දන දහනය සඳහා සැපයෙන වාතය එන්ජිමේ ලැසි දියුම් වේගය (Idiling) සිට ඉහල වේගයක් දක්වා යන විට වැඩි ඉන්දන ප්‍රමාණයක් දහනයට අවශ්‍ය නියමිත වායු ප්‍රමාණය නොලැබෙන්නට පුළුවන.එවිට අර්ධ දහනයක් වන අතර ඉන්දන අපතේ යයි.එහෙත් නවිනව පැමිණෙන vvt එන්ජිමේදී එහි වේගය වැඩිවත්ම එන්ජිමට වාතය සැපයෙන කපාට විවුර්තව තිබෙන කාලසීමාවන් විචලනය වෙයි.එනම් වැඩි ඉන්දන ප්‍රමාණයක් දහනය වන වැඩි වේගයකදී එහි වායුව ඇද ගන්නා කපාටය වැඩි වේලාවක් විවුර්තව තබමින් සරු වායු මිශ්‍රණයක් එන්ජිමට ලබා දේ.
එවිට ඉන්දන සම්පුර්ණයෙන්ම දහනය වන අතර ඉන්දන කාර්යක්ෂමතාවය වැඩිවේ.මෙම කපාට ක්‍රියාකාරිත්වයට ඔයිල් දායක වන බැවින් නියමිත කාලයට අනුමත ඔයිල් පමණක් භාවිතා කල යුතුය.නතිනම් කපාට සිරවීමත් අනිකුත් කොටස් වලට හානි වීමත් සිදුවේ.

Monday, April 1, 2013
සිංහලෙන් ලියන්න ලේසිම ක්‍රමයක්..
ඔබ සිංහල බ්ලොග් ලියන්නෙකු නම් ඔබට සිංහල යතුරු පුවරුව හුරු නැතිනම් ඇතිවන අපහසුතාවය ගැන අමුතුවෙන් කිව යුතු නෑ..එහෙත් ඔබ ඒ අපහසුතාවයෙන් නිදහස් කරන්න මම ඔබට ඉතා පහසුවෙන් සිංහල ටයිප් කරන ක්‍රමයක් කියලා දෙන්නම්.ඔබ සමහරවිට මේ ගැන
ලියපු මගේ පළමු ලිපිය කියවලත් ඇති.ඔබට ඉංගිසි යතුරු පුවරුව හුරුවීම පමණයි අවශ්‍ය.ඔබ එහිදී සිංග්ලිෂ් වලින් ලියන වචන ක්ෂණිකවම සිංහල යුනිකෝඩ් වලට හැරවිය හැකියි.මෙම ක්‍රමය ගුගල් සමාගම ඉදිරිපත් කරන්නේ මෙහෙමයි..
Windows සඳහා Google Input Tools යනු ලතින් (ඉංග්‍රීසි / QWERTY) යතුරු පුවරුව භාවිතා කර ඕනෑම ආධාරක භාෂාවකින් භාවිතකරුවට පෙළ ඇතුල් කිරීමට ඉඩ දෙන යෙදවුම් සංස්කාරක ක්රමයකි. ලතින් අක්ෂර භාවිතා කර වචන ශබ්ද වන ආකාරයට වචනයක් ටයිප් කිරීමට භාවිතකරුවන්ට හැකි වන අතර Windows සඳහා Google Input Tools භාවිතා කර මව් භාෂාවේ වචනවලට පරිවර්තනය කරයි. තිබෙන ආදාන උපකරණවලට අක්ෂර පරිවර්තනය, IME සහ තිරය මත යතුරු පුවරු ඇතුළත් වේ.
Windows සඳහා Google Input Tools දැනට විවිධ භාෂා 22කින් තිබේ: ඇම්හැරික්, අරාබි, බෙංගාලි, පර්සියන්, ග්‍රීක්, ගුජරාටි, හීබෲ, හින්දි, කන්නඩ, මලයාලම්, මරාති, නේපාල, ඔරියා, පංජාබි, රුසියානු, සංස්කෘත, සර්බියානු, සිංහල, දෙමළ, තෙළිඟු, ටිග්‍රින්යා සහ උර්දු භාෂාවෙනි.
තවත් බොහෝ දේ දැනගන්න මෙතනින් යන්න..

Subscribe to:
Posts (Atom)