Wednesday, October 31, 2012

ඇඩ්සෙන්ස් පාඩම් මාලාව අංක 1


න්තර්ජාලයෙන් මුදල් ඉපයිමේ හොදම ක්‍රමයක් වන්නේ google adsense ය.බ්ලොග් අඩවි නිර්මාණය පිළිබඳව ඔබ මනා නිපුනත්වයක් ලබා ඇත්නම් ඔබට e money යනු කජු කන්නක් වගේ වැඩකි.මුදල් ඉපයිමට කලින් ඔබ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව මනා පුහුණුවක් ලබා ගතයුතුය.බ්ලොගර් වලට පහසුවන් adsense ලබාගත හැක.අපි පළමුව adsense යන්න කුමක්ද යන්න වටහා ගනිමු.
ඇත්තවශයෙන්ම මෙය google සමාගම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කෙරීමට භාවිතා කරන වෙළෙඳ උපක්‍රමයකි.මෙහිදී කිසියම් වෙබ් පිටුවකට දැන්වීම් ලැබෙන්නේ එහි අන්තර්ගත කරුණු අනුවය.උදාහරණයක්‌ ලෙස ඔබ mobile phone ගැන වෙබ් පිටුවක් නිර්මාණය කර ඇතිනම් ඔබ adsense සදහා ලියාපදිංචිවී අදාල දැන්වීම් code ඇතුලත් කලවිට එම වෙබ් පිටුවෙහි දිස්වන්නේ mobile phone වලට අදාල දැන්වීමකි.එනම් mobile phone ගැන සෙවුමක යෙදෙන පාරිභෝගිකයෙකුට ඒ සම්බන්ද දැන්වීමක් පෙන්වයි.එය දකින එම
පාරිභෝගිකයා එම දැන්වීම ක්ලික් කර දැන්වීම්හි අඩංගු වෙබ් පිටුවට පිවෙසේ.එහිදී එම පාරිභෝගිකයාට එම භාණ්ඩය අවශ්‍යනම් මිලදීගත හැකිය.මෙහිදී දැන්වීම් ප්‍රචාරණය වීමක් සිදුවන බව ඔබට පෙනෙනු ඇත.මෙලෙස දැන්වීම් ප්‍රචාරණය කිරීම වෙනුවන් google සමාගම ඔබට යම කොමිස් මුදලක් ගෙවයි.යම් පාරිභෝගිකයකු ඔබේ වෙබ් පිටුවේ අඩංගු දැන්වීමක් ක්ලික් කරන වාරයක් පාසා ඔබේ google adsense ගිණුමට මුදල් බැරවේ.මෙලෙස ලැබෙන මුදල් අපට ගෙවන්නේ ඔබ එම දැන්වීම ප්‍රචාරය කිරීමේ සේවය සඳහාය.යමෙකු ඔබේ වෙබ් පිටුවෙහි අඩංගු දැන්වීම ක්ලික් කරන වාරයක් පාසා දැන්වීම්කරු විසින් google සමාගමට අදාල දැන්වීම් ගාස්තු ගෙවිය යුතුය.
goole සමාගම අතිෂයින් ලාභ ලබන ආයතනයක් වන අතර ඔවුන්ගේ සේවක මඩුල්ල්ලට ඔවුන් වෙනත් කිසිදු සමාගමක නැති ආකරයට සැලකිලි දක්වයි.ඔවූන්ගේ දැන්වීම් ප්‍රචාරය කිරීම නිමිතෙන් ඔබද අනියමින් google සමාගමේ සේවකයකු බවට පත්වේ.
කෙසේවෙතත් adsense නීති මාලාව ඉතා ප්‍රභල වන අතර ඔබ එම නීති පිළිපැදිය යුතුය.නැතිනම් ඔබේ ගිණුම අහෝසිවේ.ඔවුන් මෙලෙස තදබල නීති පනවා ඇත්තේ ව්‍යාජ ක්ලික් යොදා තම සමාගමෙන් මුදල් වංචා කෙරීම වැළැක්වීමටයි.යම් පාරිභෝගිකයෙකු තම පරිගණකයකින් අන්තර්ජාලයට ඇතුළුවී ඔබේ වෙබ් පිටුව බලමින් එහි දැන්වීම් නරබන විට google තාක්ෂනිකක්‍රම මගින් එම පාරිභෝගිකයාගේ පරිගණකයෙහි IP ලිපිනය හදුනා ගැනේ.එම එකම IPලිපිනය මගින් ගිගින් දිගටම දැන්වීම් ක්ලික් වන්නේනම් ඔවුන් එය ව්‍යාජ ක්ලික් ලෙස හදුනා ගැනේ.එවිට ඔබේ ගිණුම අත්හිටුවේ.මෙතෙක් ඔබ උපයා තිබු මුදල් ද goole මගින් ලබා ගැනේ.මෙම IP ලිපිනය වෙනස් කළහැකි මෘදුකාංග තිබේ.ඒවායින් පරිගනකයක IP ලිපිනය වෙනස් කරමින් ව්‍යාජ ඇඩ්ස් ක්ලික් ලබාගෙන adsense මගින් මුදල් මෙරටට ගෙන්වා ගත හැකිය.
එය මහත් වංචාවක් වන අතර යම් හෙයකින් ඔවුන්ට එය හසු වුවහොත් ඔබගේ ගිණුම අහෝසි වේ.එපමණක් ද නොව ලංකාවේ බැංකු වලට පැමිණිලි කරනු ඇත.චෙක්‍ පත මරුකෙරීමට යාමේදී ඔබ නීතියේ රැහැනට නිකම්ම හසුවනු ඇත.එක්තරා සිංහල e money වෙබ් අඩවියක මෙලෙස adsense මගින් වංචා කරන ආකාරය පැහැදිලිවා දක්වා ඇත.යම් හෙයකින් එම ලිපිය google මගින් දුටුවහොත් ලංකාවට adsense ලබා දීම වහාම  නවතා දමනු ඇත.එනම් ලංකාව adsense සම්බන්දයෙන් අසාදුලේකණයට නම ඇතුලත් කරනු ඇත.ඒ ආකාරයට අපට adsense අහිමි විය හැකිය.මේනිසා එවැනි වංචා සිදුනොකරන ලෙස මා තරයේ ඉල්ලා සිටින අතර හොඳ trafic එකක් සහිත වෙබ් අඩවියක් පළමුව සදා ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

ඔබට ජය!

Saturday, October 27, 2012

E money මුලාවට ඔබත් හසු වුනාද?


න්තර්ජාලයෙන් මුදල් ඉපයිමේ ක්‍රම ජනප්‍රිය වෙත්ම විවිද වංචනික පුද්ගලයන් E money ගැන හරිහැටි නොදන්නා පාරිභෝගිකයන් මුලා කොට ඔවුන්ගෙන් වංචනික ලෙස මුදල් ගරා ගැනීමේ ක්‍රම වේදයක් රට පුරා ක්‍රියාත්මක වේ.දවසකින් දෙකකින් ලක්ෂ්‍ය ගණනක් ඉපයිය හැකිය යන්න ඔවුන්ගේ "මුලා කරන වැකිය වේ" ඉතා වගකීමෙන් මා සඳහන් කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම අවාට ගියාට සිදු නොකරන ලෙසය.අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමට ඔබ විවිධ ආයතන වලට නිකරුනේ මුදල් ගෙවිය යුතු නොවේ.පහත දැක්වෙන්නේ ඔබ අන්තර්ජාලය භාවිතා කර මුදල් ඉපයීමේ ක්‍රමයකට යාමට පෙර සලකා බැලිය යුතු කරනා කීපයකි.
1.අන්තර්ජාලයේ හැසිරීම පිළිබඳව මනා පරිචයක් ලබා ගැනීම.
2.බ්ලොග් අඩවි නිර්මාණය පිළිබඳව දැනුම ලබා තිබීම්.
3.ඉංග්‍රීසි සහ සිංහල ලිපි ලිවීමේ හැකියාව.
4.ජනප්‍රිය සෝෂල් වෙබ් අඩවිවල විශාල සාමාජිකයින් පිරිසක් ඇති profile එකක් හෝ කීපයක් තිබීම.
5.මිඩංගු කල හැකි කාලයක් තිබීම.
6.උත්සාහය හා අභියෝග භාර ගැනීමේ හැකියාව.

Emoney ගැන දැන ගැනීමට ඔබට අමතර පන්ති වලට   සහභාගී වීමට අවශ්‍ය නැත.ඒ සඳහා සිංහලෙන් ලියවුනු බ්ලොග් අඩවි ඇත.දැනට ලංකාවේ පවතින හොඳම e money බ්ලොග් එක වන්නේ vimasumblog අඩවියයි.e money ගැන නොමිලේ ලිපි අතිවිශාල ගණනක් ඇති එම අඩවිය දිනෙන් දින ජනප්‍රිය වෙමින් ඇත.මාගේ බ්ලොග් එකෙහිද එම වෙබ් අඩවිය සඳහා බැනර් එකක්ද යොදා ඇත්තේ එම වෙබ් අඩවියට ස්තුති වනන්ටය.

ඔබට ජය!

Monday, October 22, 2012

අලුත්ම Notepad එක මෙන්න..


ප දැනට භාවිතා කරන ඕනෑම os එකක Notepad එක අනිවාර්යයෙන් තියෙනවා.ඒත් ඒකෙන් වැඩ කරන්න ගියහම සමහරුන්ට මල පනිනවා.මොකද ඔය php,html,css,වගේ භාෂා ලියුවහම හරියට පේන්නේ නැහැ.අනික එහි පෙනුමත් එච්චර මනරම් නැහැ.ඉතින් මම අද ඔබට නොමිලේ දෙන මේ මෘදුකාංගයෙන් ඔබට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි. මෙතනින් ගිහින් Notepad++ එක බා ගන්න.

Saturday, October 20, 2012

ශ්‍රී ලංකාවෙන් පළමු චන්ද්‍රිකාව අජටාකාශයට..


ශ්‍රී ලංකාවෙන් අහසට යවන පළමු චන්ද්‍රිකාව ලබන නොවැම්බර් 22 වනදා රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග්‍ අභ්‍යවකාෂ මද්යස්ථානයෙන් උඩුගුවනට යැවීමට කටයුතු යොදා ඇත.චීනයට අයත් රොකට්ටුවක් අධාරයෙන් අහසට යවන මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහළින් කක්ෂය ගතවනු ඇති.චීනයේ චන්ද්‍රිකා තාක්ෂණ ආයතනයක් වන "චයිනා සැටලයිට්  කොමියුනිකේෂන් කෝපරේෂන් "සමාගම සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රීස් කෝපරේෂන් සමාගම සමග එක්ව ශ්‍රී ලංකාවේ "සුප්‍රීම් සැට්" සමාගම  මෙම වැඩසටහන මෙහෙයවයි.මෙහි වැඩි අයිතිය ශ්‍රී ලංකාව සතුවන අතර ලංකාවේ පල්ලේකැලේ චන්ද්‍රිකා පාලන මමධ්‍යස්ථානය ඉදිවනතෙක් එහි පාලනය චීනය මගීන් සිදුකරනු ඇත.මෙය ශ්‍රී ලංකාව තැබූ යෝද පියවරක් වනු ඇත.මෙමගින් ලබන 2013 ජනවාරි මස සිට දකුණු හා  මධ්‍යම ආසියාව,නැගෙනහිර අප්‍රිකාව හා මැදපෙරදිග රටවලට සන්නිවේදන සේවා සැපයීමට හැකිවනු ඇත.කෙසේවෙතත්  2015 දී ලංකාචට ම පමණක්  වෙන්වූ චන්ද්‍රිකාවක් ගුවන්ගත කරන බව එම සමාගම පවසයි.

ඔබට ජය!!  

Friday, October 19, 2012

අපට ඔන්ලයින් වෙළෙඳාම අහිමි ඇයි.??


                     නුතන ලෝකයේ මුදල් ගනුදෙනු කරන ප්‍රධාන ක්‍රමය ඔන්ලයින් වෙලෙදාමය.අතීතයේදී තම වෙළෙඳාම සිදුවුයේ පර්ශ්යව දෙකක් අතර භාණ්ඩ හුවමාරු වීමෙනි.එහෙත් අද ලොව පර්ශ්යව දෙකක් අතර ගනුදෙනු වන්නේ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයටය.මෙය නුතන ලෝකයට ගැලපෙන අතර වඩා වේගවත්ව භාණ්ඩ හුවමාරු කර ගත හැක.මෙහිදී භාණ්ඩ නිෂ්පාදකයා අපට කෙලින්ම මුණගැසෙන්නේ නැත.අප මිලදීගන්නා භාණ්ඩය ඉතා හොඳ තත්වයෙන් පවතින බවට අපටම තෝරා ගත හැකිය.ඒ විශ්වාශනීය වෙබ් අඩවි හරහා ගනුදෙනු කෙරීමෙනි.මෙසේ අපට ගනුදෙනු කළහැකි වෙබ් අඩවි විශාල ප්‍රමානයක් ඇත.ඒ හැම එකකට ම පාහේ අපට අන්තර්ජාතික බැංකු ගිණුමක් අවශ්‍යය.ඒ සඳහා වඩාත්ම විශ්වශනීය වන්නේ paypalය.මෙය හරහා ගනුදෙනු කිරීමේදී ක්‍රෙඩිට් කාර්ඩ් අවශ්‍යය.එහෙත් ඒම ක්‍රෙඩිට් කාඩ් එකේ තොරතුරු කිසිවක් වෙළෙන්දන්ට හෙළිවන්නේ නැත.
මෙහිදී ඇතිවන ගැටලුව වන්නේ අපට මෙම ක්‍රමය භවිතා කළනොහැක්කේ මන්ද යන්නයි.අවාසනාවකට මෙන් අපට paypal වලට මුදල් ගෙවීම කළහැකි වුවත් අපට එය හරහා මුදල් ලබාගත නොහැකිය.එනම් අපේ රටේ මුදල් රටින් පිට වනවා පමණක් වන අතර අප රටට මුදල් ගලා ඒමක් නැත.ශ්‍රී ලංකාවේ අයෙක් නව නිපැයුමක් අන්තර්ජාලයෙහි    අලෙවියට තබා ඇතයි සිතමු.එය වෙනත් රටක සිටින අයෙක දැක මිලදී ගන්නට සුදානම් වී අපට මුදල් ගෙවන්නට paypal ගිණුමට අතුලුවනවිටම "මෙම ගිණුමට මුදල් යැවීමට ඔබට නොහැකි යි"යනුවෙන් පනිවිඩයක් ඔහුට ලබාදේ.එතැනින්ම ලංකාවට මුදල් ලැබීමට තිබු මහඟු අවස්ථාව නැතිවී යයි.එවිට ඔවුන් කරන්නේ paypal වෙතින් අදාළ භාණ්ඩය ලබා ගැනීමට වෙනත්රටක් වෙත යොමුවීමයි.මෙය අප රටට  බලවත් පාඩුවකි.e money ක්‍රම වලට යොමුවී ඇති අප රටේ අයට මෙය මහා බාධාවකි.එපමණක්ද නොව ශ්‍රී ලාකේය භාණ්ඩ අලෙවියට ද බාධාවකි
.
paypal සමාගම් අම්රිකාවේ පිහිටි ආයතනයක් වුවත් ලෝකයේ රටවල් 190ක් පමණ ඔවුන් හා ගනුදෙනු කරති.ඒ අතරින් රටවල් කීපයකට තවමත් මුදල් ලබාගැනීමේ පහසුකම ලබාදී නැත්තේ එම රටවල් අනුගමනය කරන දැඩි මුල්‍ය ප්‍රතිපත්ති නිසා බව paypal සමාගම පවසයි.මෙහිදී ශ්‍රී ලංකා මහබැංකුවට විශාල කාර්යයක් ඉටු කෙරීමට ඇත.එනම් paypal සමාගම හා සාකච්චා කර තම අන්තර්ජාතික මුල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කර ලංකාවටද paypal සහාය ලබා ගැනීමට කටයුතු කෙරීමය.එවිට අපට දකුණු අසියාවේ  අයෙශ්චර්යමත් රටක්‌ කරා යන ගමන තවත් වේගවත් වනු ඇත.

ඔබට ජය!!

Sunday, October 14, 2012

මොකක්ද මේ HSPA තාක්‍ෂණය...

                          මේවගේ වචන අපේ සමහර අයට හුරු නැහැ.ලංකාවේ ගොඩක් අය ඔය ඉන්ටෙර්නෙට් වලට අදාල වචන දන්නේ නෑ..ඉතින් බ්ලොග් අඩවි හදනවනම් මේ වචන අනිවාර්යයෙන්ම දැනගන්න ඕන.ඉතින් මේ බ්ලොග් එකෙත් අරමුණක් තමයි  ලංකාවේ කට්ටියට එවැනි තාක්ෂණික දැනුම ලබාදීම.ඔයාල මේ බ්ලොග් එක ගැන අනිත් අයටත් කියන්න..එය ඔබ ඉටුකරන මහඟු සේවයක් බව කිවයුතුයි..

HSPA තාක්‍ෂණය යනු High speed Internet Service ලෙස විග‍්‍රහ කරනු ලබන HSDPA (High speed download packet Access) හා HSUPA (High speed uplink packet Access)  තාක්‍ෂණයෙන් සැදුම්ලත්  HSPA උපකරණ සදහා තත්පරයට මෙගා බයිට් 14.4 දක්වා Downlink වේගයක් හා තත්පරයට මෙගාබයිට් 1.98 දක්වා Uplink වේගයක් ලබා දෙන සේවාවකි.


මෙම  තාක්‍ෂණය ලබා ගැනීමට ඔබේ පරිගණකය කෙබඳු විය යුතුද?

උපකරණයේ ස්වභාවය හා වර්ගය අනුව පරිගණක පද්ධතියේ අවශ්‍යතා වෙනස් වෙයි. එහෙත් වර්තමානයේ භාවිතා වන බොහොමයක් පුද්ගල පරිගණක හා Laptop පරිගණක මෙම අවශ්‍යතා වලින් පරිපූර්ණව නිපදවනු ලබයි.

කෙසේ වුවද කිසියම් පරිගණකයක මෙම සේවාව ලබා ගැනීමට පහත සුදුසුකම් අවශ්‍ය වේ.

    1.ප්‍රොසෙසරය ගිගා හර්ට්ස් 1 හෝ ඊට වැඩි
    2.RAM ධාරිතාව 512 MB හෝ ඊට වැඩි
    3.1 මෙගාබයිට් 100 ක ඉඩ ප‍්‍රමාණයක්
    4.වින්ඩෝස් 2000/XP/Vista යන මෙහෙයුම් පද්ධති.

 කෙසේ වුවද මෙම අවශ්‍යතා දක්වා ඇත්තේ මාර්ගෝපදේශනයන් සදහා පමණක් වන අතර ඔබ අදහස් කරන උපකරණය මිලදී ගැනීමට පෙර පරිගණක පද්ධතිය ඊට ප‍්‍රමාණවත් සහයක් ලබා දෙන බවට තහවුරු කර ගන්න.

පට ගාල ඩවුන්ලෝඩ් කරමු..


                                ඉන්ටර්නෙට් නෙට් එකේ යන අපේ කට්ටියට වැදගත් වීඩියෝ එකක් දැක්කම ඒක ඩවුන්ලෝඩ් කරගන්න හිතෙනවා.ඒත් එකට ක්‍රමයක් නැතිවත් තවත් සමහරු පට්ට වෙලාවක් යන හින්දා අතහැර දානවා.ඉතින් මම අද කියල දෙන්න යන්නේ පට ගල වෙබ් පිටු වලින් වීඩියෝ ක්ලිප් බාගන්න හැටියි.මේකට කියන්නේ IDM(INTERNET DOWNLOAD MANEGER)පුංචි සොෆ්ට්වෙර් එකක් බලන්න කොච්චර වැදගත්ද කියා.. මේකෙන් වීඩියෝ විතරක් නෙමේ PDF file වෙනත් සොෆ්ට්වෙර් ත් පටගාල බා ගන්න පුළුවන්.එතකොට ඉන්ටෙර්නෙට් නැතිඋනත් ඕන වෙලාවට එම වීඩියෝ ඒක බලන්න පුළුවන්.එම සොෆ්ට්වෙර් ඒක බා ගන්න මෙතනින් යන්න.