ඔබ අන්තර්ජාලය භාවිතා කරන අයෙකුනම් ෆ්ලෑෂ් ප්ලේයරය යාවත්කාලීන කර තිබේද?එවිට එය භාගයක් පමණ සිදුවී අතරමග නතර වුනාද?නැතිනම් Flash file Corruption error ලෙස පණිවුඩයක් අවාද?එසේනම් ඔබ කලබල විය යුතු නැහැ.ඉතින් ෆ්ලෑෂ් ප්ලේයරය මගින් අපට අන්තර්ජාලෙයේ වෙබ් පිටුව ඇති විවිධ වීඩියෝ දර්ශන බැනර් වර්ග පින්තුර වර්ග දැකබලා ගැනීමට උදවු වෙනවා..
ඔය මම කියපු ලෙඩේ එන්නේ ඔබේ පරිගණකයේ ඇති ඇන්ටිවයිරස්
වයිරස් මෘදුකාංගය නිසා..එම නිසා ඔබ ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයරය යාවත්කාලීන කරනවානම් දැනට ඇති වයිරස් වැඩසටහන මදකට අක්‍රිය කරන්න.එය කරන්නේ ක්වික් ලෝන්ච් අයිකන් අතර තියෙන වයිරස් ගාඩ් එකේ අයිකනය හරහා ඇන්ටි වයිරස් මෘදුකාංගයට ඇතුළු වීමෙන්.දැන් අප්ඩේට් කර බලන්න.සුළු මොහොතකින් ෆ්ලෑෂ් ප්ලේයරය යාවත්කාලීන වනු ඇත.
ඔබට ජය!
Tuesday, April 30, 2013
ෆ්ලෑෂ් ප්ලේයර් ලෙඩ වලට බෙහෙත...
ඉන්ටනෙට් නොමිලේ...
ගුගල් සමාගම දැන් හදුන්වා දී ඇති google free zoone නමැති අංගය තුලින් ඔබට ඩයලොග් දුරකථන තුලින් නොමිලේ අන්තර්ජාලයට පිවිසිය හැක.ගුගල් සේවා රැසක් මේ සමග අපට
නොමිලේ ලැබේ.ගුගල් සමාගම තමා වටා තවතවත් සෙනග එකතුකර ගැනීමට මෙම ක්‍රමය යොදාගෙන ඇත.ඔවුන් පවසන්නේ දියූණු වෙමින් පවතින රටවල ජංගම දුරකථන ඔස්සේ ජනතාව වෙත වඩා පහසුවෙන් සමීප වීමට තමන්ට හැකි වනු ඇති බවය.
ඔබට දැන් ඩයලොග් ජංගම දුරකථන තුලින් මෙම සේවාව රසවිඳිය හැක.ඒ සඳහා ඔබ කල යුත්තේ GOOGLE ලෙස ටයිප් කර 678 ට sms කිරීම පමණි.මෙම සේවා පිළිබඳව වැඩි විස්තර මා මිට පෙරද දක්වා ඇත.එම ලිපිය බලන්න මෙතනින් යන්න..
ඔබට ජය.!

Monday, April 29, 2013
ඉලෙක්ට්‍රොණික පන්තිය..

අද පාසල් විෂය ධාරාවට මෙම විෂයද හොඳින් එක් වී ඇත.
මෙය ඉතා පුළුල් විෂයය ධාරාවකි.ඉගෙනීමට බොහෝදේ ඇත.හෙටදින අඩවිය මගින් ඉලෙක්ට්‍රොනණික පාඩම් මාලාවක් නොමිලේ ඉදිරි පත් කිරීමට සැලසුම් කර ඇත.මුලික ඉලෙක්ට්‍රොනණික විද්‍යාවේ සිට නවීන පරිගණකය දක්වා මෙහි ඉගැන්වෙනු ඇත.විශේෂයෙන් පාසල් සිසුන් හා ඉලෙක්ට්‍රොණික අංශයේ සේවයේ නියුතු අයට මෙම පාඩම් මාලාව වැදගත් වනු ඇත.ඔබට මෙම විෂය පිළිබඳව ඇති ගැටළු පාඩම් කෙසේ සකස් කල යුතුද යන ආදී කරුණු මාවෙත කොමෙන්ට් කරන්න.එය ඉදිරි පාඩම් මාලා සැලසුම් කිරීමට වැදගත් වනු ඇත.
මුලික ඉලෙක්ට්‍රොණික විද්‍යාව.
නවීන තාක්ෂණික ලෝකය ඉතා සීග්‍රයෙන් දුයුණු වෙමින් ඇත.ගුවන් විදුලිය මුලික කරගෙන ඇරඹි මෙම ශේත්‍රය අද ලොව පුරා පැතිරී ගොසිනි.මුලික කරුණු වලදී පගත කරුණු වටහා දෙනු ඇත.
1.විදුලිය.
2.වෝල්ටීයතාව
3.ධාරාව.
4.ප්‍රතිරෝධය.
5.ධාරිතාවය.
6.ඉලෙක්ට්‍රොණික ශිල්පියාට අවශ්‍ය උපකරණ.
7.සරල පරිපත.
8.ඉලෙක්ට්‍රොණික උපාංග හා එහි ක්‍රියාකාරීත්වය.
9.PCB හදන හැටි.
10.LED ආලෝක රටා.
11.ඉලෙක්ට්‍රොණික උපාංග වල දෝෂ සොයා ගන්න හැටි.
12.ගුවන් විදුලි අදායකය.
13.ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණය
14.ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියාව.
15.රුපවාහිනි තාක්ෂනය.
16.රුපවාහිනි යන්ත්‍ර අලුත්වැඩියාව.
17.වෙනත් විදුලි උපකරණ හා එහි තාක්ෂනය.
18.වෙනත් විදුලි උපකරණ අලුත්වැඩියාව.
19.තවත් විශාල පාඩම් මාලා රැසක්
ඔබට ජය!
ජංගම දුරකථන අලුත්වැඩියාව 1.
අද ශ්‍රී ලංකාව තුල බහුල වශයෙන් කතා කෙරෙන මාතෘකාව ක් වන්නේ ජංගම දුරකතන අලුත් වැඩියාව පිළිබඳවය.ඇත්තෙන්ම ඔබට ජංගම දුරකථන අලුත්වැඩියාව නිවැරදිව ඉගෙන ගත හොත් නිවසේ සිටම විශාල මුදලක් සොයා ගත හැකිය.ඉතින් ඔබට පන්තිගානේ රස්තියාදු නොවී නිවසේ සිටම ජංගම දුරකථන අලුත්වැඩියා කරන අයුරු පාඩම් මාලා ඇසුරින් පියවරෙන් පියවර නොමිලේම කියා දීමට මම
අදිටන් කර ගතිමි.අදින් ඇරබෙන නව පාඩම් මාලාව සමග දිගටම රැඳෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.ඉංග්‍රීසි භාෂාව මගින් ඇති මෙවැනි පාඩම් මාලා බහුතරයක් භාවිතා කරන සිංහල භාෂාව දන්නා අය අතරට මෙම තාක්ෂනය ගෙනයාම හෙට දින අඩවියේ අරමුනයි.
ජංගම දුරකතන අලුත්වැඩියාවට පළමුව අප දුරකතනයක් ක්‍රියා කරන අයුරු ඉගෙන ගනිමු.
ලොවට රේඩියෝව හදුන්වා දුන්නේ ගුග්ලියෙල්මෝ මාකෝනි විසිනි.එතන් පටන් රේඩියෝව වඩවඩාත් සංවර්ධනය වෙමින් ජංගම දුරකථනය දක්වා පැමිණි ගමන ඉතා දිගුය.අද ජංගම දුරකථනය හා රේඩියෝව එක්තැන් වී සිටී.ලොවට නව නිපදවන්නන් අවශ්‍ය බව අපට පෙනීයන්නනේ රේඩියෝව නිෂ්පාදනය කෙතරම් වැදගත්වී ද යන්න සිතා බැලීමේදීය.ගුග්ලියෙල්මෝ මාකෝනි දැන් ලොව ජිවත්ව නොසිටියත් ඔවුන්ගේ නාමය කිසිදා නොමැකෙන්නකි.ඔවුන් නිපදවන්නට වු රේඩියෝව පසුකාලයකදී ජංගම දුරකථනය දක්වාම සන්වර්ධනය වනු ඇතැයි ඔවුන් කිසිවිටෙකත් නොසිතන්නට ඇත.
ඔබ දන්නා පරිදි අතීතයේදී ජංගම දුරකථනය දැන් පරිදි අතේ ගෙනයා හැකි හුරිබුහුටි උපාංගයක් නොවේ.එය කාමරයක් තරම් විශාල විදුලි බලයකින් ක්‍රියාකරන උපාංගයක් විය.මුල් කාලයේදී එය දුරකථන ඇමතුම් ලබා ගැනීමටත් SMS යැවීමටත් යොදා ගැනින.දැන් එය අන්තර්ජාල සේවා හා මුදල් හුවමාරුව දක්වා දියුණුවී ඇත.එදා සිට දියුණුවූ GSM,EDGE,2G,CDMA,HSDPA.3G,4G,අද හිනිපෙත්තටම නැග ඇත.
දුරකතනයක දත්ත හුවමාරු කිරීම මුල්කාලේ වුයේ ප්‍රතිසම සංඤා(Analog)ලෙස විකාශය කිරීමය.එය දිගුදුරක් ගමන් කල නොහැකි වු අතර ටහර සංඤා වලට නිරන්තර භාදා ඇති විය.නගරයක ස්ථාපනය කර තිබු කුළුනකින් දුරකථන සංඤා විකාශය කෙරිණි.ඒවා සැතපුම් කිහිපයක් දුරට ගමන් කළේය.එක කුළුණකින් විකාශය වුයේ සංඤා කිහිපයකින් පමණි.එනිසා එකවර දුරකථන රාශියක් ක්‍රියා කල නොහැකිවිය.අධික ශක්තියක්ද යොදන්නට සිදු විය.මෙම ගැටලුව මග හැරුනේ දුරකථන cell නමැති අදහස ක්‍රියාත්මක වීමත් සමගය.ඒ මගින් අඩු වියදමකින් වැඩි දුරකථන ගන්නක් සසුරුවන්නටත් වඩාත් කාර්යක්ෂමව දුරකථන සේවා ලබා දෙන්නටත් හැකිවිය.
cell එකක් ක්‍රියා කරන අයුරු ඊළඟ පාඩමින්.

Sunday, April 28, 2013
ඔබේ ඩොන්ගලය අන්ලොක් කරගන්න.ලේසිම ක්‍රම 2

ඔබේ ඩොන්ගලය අන්ලොක් කරගන්න.පාඩම 1 මෙතනින් කියවන්න.
ZTE MF 100 Unlock කිරීම..
මෙය සාමන්‍ය ආකාරයට DC මෘදුකාංගය යොදා අන්ලොක් කළ නොහැකි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.අන්ලොක් කල ද
වෙනත් වර්ගයක සිම් පාතක් දැමු වහාම එය නැවත එය අන්ලොක් වන බව ඔබ දැක ඇත.මෙය ඔබට ඉතා පහසුවෙන් අන්ලොක් කරගත හැකි අකාරය පියවර වශයෙන් දක්වමි.
1.මෙය අන්ලොක් කිරීමට ප්‍රතමයෙන් මෙම ඩොන්ගලයේ Firmware update කල යුතුය.
2.Firmware update බා ගැනීමට මෙතන ක්ලික් කරන්න..
3.සිම්පත නැතිව ඩොන්ගලය පරිගණකයට සවිකරන්න.
3.බා ගත් ZTE-ME100.zip ෆයිල් එක unzip කරගන්න.
4.ලැබෙන ZTE MF100 ෆෝල්ඩරයට යන්න.එහි ඇති dl_mf100_dlg_sz_euv1.00.00.exe ලෙස දැක්වෙන වැඩසටහන open කරගන්න.
5.මෙය ඔබේ පරිගණකයට ස්ථාපිත කරගත් යුතු නැත.
6.ටික වෙලාවකින් ඔබේ ඩොන්ගලය මෘදුකාංගය මගින් හදුනා ගනු ඇත.එවිට පහත පරිදි පෙනෙනු ඇත.
7.එලෙස මෘදුකාංගය මගින් ඔබේ ඩොන්ගලය හදුනා ගත් පසු දකුණු පසින් ඇති start Update යන්න ක්ලික් කරන්න.එවිට ඔබේ ඩොන්ගලයේ Firmware එක යාවත්කාලීන වනු ඇත.
8.මම කලින් පාඩමේදී කියූ පරිදි මෙහිදී ද ඔබේ පරිගණකයේ විදුලි සැපයුම විසන්ඳි නොවන බවට වග බලා ගත යුතුය. නැතිනම් ඩොන්ගලය නැවත ඝාවිතා කල නොහැකි තත්වයට පත්වේ.එමෙන්ම මෙලෙස අන්ලොක් කිරීමත් සමග ඔබේ ඩොන්ගලයේ සේවා දායකයා සමග තිබු වගකීමේ සහතිකයද ඉවත් වන බව මතක තබා ගන්න.
8.Firmware එක යාවත්කාලීන වූ පසු මම කලින් කියා දුන් ආකාරයට DC මෘදුකාංගය මගින් අන්ලොක් කර ගත යුතුයි.
9.DC අන්ලොක් මෘදුකාංගය විවුර්ත කරගෙන එහි select manufacture ස්ථානයට ZTE data cards ලෙස දෙන්න.Select model ස්ථානයට ZTE MF 100 ලෙස තෝරන්න.දැන් search යන බොත්තම ඔබන්න.
10.සුළු වෙලාවකින් ඔබේ ඩොන්ගලය ඕනෑම සිම් පතක් භාවිතා කළ හැකි පරිදි අගුලු ඉවත් වනු ඇත.
තවත් ඩොන්ගලයක් අන්ලොක් කරන හැටි ඊළඟ පාඩමින් කියා දෙන්නම්..
ඔබට ජය!
Saturday, April 27, 2013
නොමිලේ විදුලියට අංගයක්..බැටරි යුගය අවසන්..
අප විදුලිය ගබඩාකර තබා ගැනීමට කුමන හෝ වර්ගයක බැටරියක් භාවිතා කරමු.රථවාහන වල හෝ නිවසේ කාර්යය සඳහා බැටරි අප නිතර ප්‍රයෝජනයට ගනිමු.එහෙත් පසුගිය කාලයේදී බැටරි නැතිව විදුලිය ගබඩා කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට විද්‍යාක්ඤයන්ට හැකිවිය.
අප සාමාන්‍යයෙන් භාවිතා කරනා බැටරියක විදුලිය ගබඩාවී ඇත්තේ රසායනික ශක්තිය
වශයෙනි.බැටරියේ අග්‍ර දෙක පරිපථය හරහා සම්බන්ද කිරීමේදී බැටරිය තුල ඇති ඉලෙක්ට්‍රෝඩ වල ක්‍රියාකාරීත්වයෙන් විදුලිය උපදී.එහෙත් මා ඔබට හදුන්වා දෙන්නේ ඊට වෙනස් විදුලි ගබඩා කළ හැකි උපකරණයකි.මෙය දැන් විවිධ රටවල භාවිතයට ගැනෙයි.
මෙය ජවරෝධය නැවත ඉපදීමක් ලෙස හැදින් විය
හැක.උපකරණය සරලය.පිටත වායුගෝලීය පීඩනය දරා ගත හැකි සවිමත් ලෝහ බදුනකි.එහි අබ්යන්තරයේ සවිකර ඇති ජවරෝදය කි.එම ජවරෝදයේ අක්ෂයට ඩයිනමෝවක් හා මෝටරයක් ලෙස ක්‍රියා කල හැකි උපකරණයක් සවිකර ඇත.මෙයට විදුලිය ලබා දුන් විට මෝටරය ලෙස ක්‍රියා කරමින් ජවරෝධය අතිවිශාල වේගයකින් කරකැවිය හැක.මෙම ජව රෝධය සවිකකර ඇත්තේ බදුනේ කිසිඳු තැනක ස්පර්ශ නොවන ලෙසය.ඒ චුම්බක බෙයාරින් මගිනි.එම නිසා ජවරෝදය කරකැවෙන විට ඝර්ෂණය නිසා වන ශක්ති හානිය නැතිවේ.ලෝහ බදුනේ ඇති වාතය ඉවත් කර එතුල රික්තකයක් සාදයි.එවිට වාතය මගින් ජවරෝදයට වන ඝර්ෂණය නැතිවේ.මෙවිට ඉතා දිගු කාලයක් ජවරෝදයට කැරකෙමින් සිටිය හැක.
වරක් විදුලිය ලබාදී ජවරෝදය කරකීමට සලස්වා විදුලිය විසන්ඳි කරනු ලැබේ.දැන් ජවරෝදය කරකැවූ මෝටරය ඩයිනමෝවක් ලෙස ක්‍රියා කරමින් විදුලිය නිපදවයි.වයර් මගින් පිටතට එන විදුලිය අපට ඕනෑම කාර්යයක් සඳහා යොදාගත හැකිය.ඇතුලත ඝර්ශණය ඉතා අල්ප බැවින් ජවරෝදය නතර වීමට මාසයක් පමණ ගතවේ.

මෙම ජවරෝධය යොදාගනිමින් නවතම වාහනයක් ඉදිරිපත් කිරීමට දැන් පර්යේෂකයෝ අර අඳිති එවිට රත්‍රී කාලයට විදුලිය සම්බන්දකර ජවරෝධයේ චාලක ශක්තිය ගබඩා කර පසුදින විදුලිබලය අධාරයෙන් ගමන් කිරීමට ඔබට ලබෙනු ඇත.වාහනයේ බර තවත් අඩු වන්නේ එන්ජිමක් අවශ්‍ය නොවන නිසාය.
මෙම ජවරෝධ තාක්ෂණ ක්‍රමය නිවෙස්වලට විදුලිය ගබඩා කර තබා ගැනීමට සකස් කිරීමට හෙටදින අඩවිය දැන් පරීක්ෂණ අරඹා ඇත.එවිට සුර්ය කෝෂ මගින් ලබා ගන්නා විදුලිය ජවරෝදය තුල ගබඩා කර අපට බැටරි භාවිතයකින් තොරව බලශක්තිය ලබා ගැනීමට හැකිවනු ඇත.ජවරෝදය තුල පරිසර විනාශකාරී ඊයම් අඩංගු නොවන බැවින් බැටරි යුගය ළඟදීම කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ වලට පමණක් සිමා වනු ඇත.

වැඩිහිටියන්ට පමණක් නොවේ..
මා මේ සැරසෙන්නේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකකක් පෙන්වීමට නොවේ.අපේ සමාජ ජාලය කෙතරම් පිරිහීද යන්න ගැන වචනයක් කතා කිරීමටය.අද facebook ගිනුමක් නැති අයෙකු නැති තරම්ය.විවිධ අසබ්‍ය පින්තුර ඇතුළු කරමින් අනිකුත් අය මහත් අපහසුතාවයකට පත් කරමින් ඒ ආකාරයට කටයුතු කරන්නේ ඇත්තටම මානසික රෝගීන් සමුහයකි.වෙනත් රටවල කුමන සංස්කෘතියක් තිබුනද අප රටේ ඇත්තේ අපටම ආවේනික වූ සංස්කෘතියකි.
අන්තර්ජාලය අපට සේවය කිරීමට පැමිණ ඇත.
එහෙත් එයින් නියම ප්‍රයෝජනය ගන්නේ කීයෙන් කීදෙනාද?අන්තර්ජාලය තුල සැරිසරමින් අහිංසක දෙමාපියන්ගේ මුදල් නාස්තිකරන දරුවන් අද දුලබ නොවේ.කුඩා දරුවන් පවා යොමුවී ඇත්තේ අනෙකෙකුට රිදවා එයින් අසාමාන්‍ය තෘප්තියක් ලැබීමට ය.වර්තමානයේ කල සමීක්ෂණ වලින් පෙන්වා දී ඇත්තේ වැඩිහිටියන් ට වඩා කුඩා දරුවන් අන්තර්ජාලය හරහා අසබ්ය දර්ශන නරබන බවය.මෙය ශෝෂනීය තත්වයකි.අප රට තුල අපරාධ වර්ධනය වෙමින් පැවතීමට මෙය රුකුලක් වී ඇත.
හෙටදින අනාගතය බාරගැනීමට සිටින දරුවන් මෙවැනි දේවලට යොමුවීම සැබවින්ම භයානකය.කුඩා කලදීම විවිධ අපයෝජනවලට ලක්වී ජීවිතය අදුරුකරගන්න දරුවන් අප අරට තුල කොතෙකුත් සිටීද?
දෙමාපියන්ට අද දරුවන් වෙත යොමු කලහැකි කාලය අඩුවී ඇත.ඉන් ප්‍රයෝජනය ගන්න දරුවන් හොර රහසේම විවිධ අගතිගාමී කටයුතු වල නිරතවෙති.
පසුගිය කාලෙයේ ලංකාවේ සමලිංගිකත්වය වෙනුවෙන් ඇතැමෙක් සටන් ප්‍රාඨ කියුහ.අද ප්‍රංශයේ සමලිංගිකත්වය නීති ගතවී ඇත.ඒ ප්‍රන්ශයේය ..ප්‍රංශයේ හොඳනම් අපට මොකදැයි කිසිවකු වරදවා වටහා ගතයුතු නැත.අපරටේ ඇතැම් මිනිසුන්ගේ කලින් නොතිබුන චර්යා වලට යොමුවී ඇති බව අපට විතක්ෂණ ණුවන යොදා බලන විට පෙනීයයි.මෙවැනි සිද්ධීන් නිසා පවුල් අවුල් වී මහා ජංජාලයක් වන බව ඔවුන්ට නොපෙනෙන කරුණකි.දෙමාපියනි හෙටදිනය භාරගැනීමට සිටින ඔබේ වටිනා දරුවන් කරන්නේ කුමක්ද යන්නේ කොහිද යන්න මැනවින් සොයා බැලීමට දැන් කාලය එළඹ තිබේ.

Subscribe to:
Posts (Atom)