Tuesday, December 31, 2013

ඉමජන්සි ලාම්පුවටත් LED බල්බයක් දාමු..

  ඔයාලා දැන් විවිධ වර්ගයේ LED බල්බ් හදලා ඇති.මම අද කියලා දෙන්නම් තවත් වැදගත් බල්බයක් ගැන.ගොඩක් නිවෙස් වල භාවිතා කරණ බල්බ වර්ගයක් තමයි හදිසි ලාම්පු නැත් නම් ඉමජන්සි ලයිට්.අපට විදුලිය නැතිවූ මොහොතක මෙම බල්බය ඉතා වැදගත් වෙනවා.විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස් වලට මෙම බල්බය අතිෂයින් වැදගත් වෙනවා..මම පෙන්වා දී ඇති ලාම්පුවට අවශ්‍ය වෙන්නේ LED බල්බ 67 කින් යුතු
බල්බයක්.මේකේ වොට් ගණන 4.5 ක විතර වෙනවා.බල්බයට වියදම රු.515.00 විතර තමයි යන්නේ.පිටකොටුවේ වික්‍රමප්ලසා එකේ දෙවන මහලේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් එකෙන් ගන්න පුළුවන්.මෙම බල්බයට එන PCB එකේ LED බල්බ 10 බැගින් පාස්සන්න පුළුවන් තීරු හැඩ PCB 6ක් ඇති.එම PCB තුන බැගින් සමාන්තර ගත ක්‍රමයට සවිකරලා ඉතිරි රවූම් හැඩ PCB එකට ශ්‍රේණි ගත වන ලෙස සවිකරන්න.
සාමන්‍ය ලාම්පුවට එන්නේ CFL බල්බ් එකක්.එකේ විදුලි පාරිභෝජනය වැඩියි.ඉක්මනින් බැටරිය බැස යනවා.නමුත් LED බල්බය දැම්මාම ඊට වඩා දෙගුණයක පමණ කාලයක් බල්බය දල්වා තබා ගත හැකියි.මේකට SMD බල්බ සුදුසු නැහැ.මොකද ඒවා වැඩ කරන විට තාපය පිට වෙනවා..තාපය පිට වෙනවා කියන්නේ ශක්තිය හානි වීමක්.මෙම LED බල්බයට බොහෝවිට යොදා ගත යුත්තේ පොට සහිත ඇඩප්ටරයක්.මෙය බල්බය මිලදී ගන්නා විට එය ලබා ගත හැකියි.

මෙම ඉමජන්සි ලාම්පු භාවිතා කිරීමේදී විශේෂයෙන් සැලකිය යුතු වන්නේ එහි බැටරිය සෑම විටම ආරෝපණ තත්වයෙන් තබා ගැනීමයි.බැටරිය බැසගොස් දින කීපයක් තැබූ විට එම බැටරිය නැවත ආරෝපණය කල නොහැකි තත්වයට පත් වෙනවා.එනිසා දිනපතා එය ආරෝපණය වන්නට සැලැස් විය යුතුයි.එමෙන්ම බැටරිය බැසගොස් එය නැවත ආරෝපණය වීම හෙවත් "රිෆ්‍රෙශ්"වීම දිනපතා සිදුවනවා නම් බැටරියේ ආයුකාලය ඉතා දිගු බව කිව යුතුයි.
ඔබට ජය!

සිංහල වෙබ් ලියන්නන්ට සුභ නව වසරක්..

    ශ්‍රී ලංකාවේ දැන් සිංහලින් රචිත වෙබ් අඩවි ගනනාවකි.සිංහල රචකයන් විසින් ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ ඉදිරියට හගෙනයාම  සඳහා විශාල සේවයක් ඉටුකරයි.වසරක තිහක අමානුෂික යද්ධය ඉවත් වත්ම අපට නිදහසේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සංචාරයට අවස්තාව ලැබී තිබේ.කොටින්ම කීවෙත් දැන් අප සියලු දෙනා ගෙවන්නේ "බෝනස්" කාලයකි.මන්ද ත්‍රස්තවාදය අප රට තුල තවමත් ඉතිරිව තිබුනේ නම් ඇතැම් විට මෙම බ්ලොග් අඩවිය ලියන මා වත් ඉතුරු නොවන්නට ඉඩ තිබිණ.ඒ තරමට අපගේ ජිවිත දිනපතා අනතුරට ලක්වෙමින් තිබිණ..තවමත් විවිධ වෙස් ගෙන ඒ අඳුරු සෙවනැලි අපට විටින් විට විවිධ අපවාද නගයි..එහෙත් මතු කිසිදිනක යලි එවන් අඳුරු යුගයක් නොඑනු ඇතැයි හෙටදින තරයේ  විශ්වාස කරයි.
ඔබ සියලු දෙනාට සුභ නව වසරක් වේවා!

Sunday, December 29, 2013

LED නාම පුවරු පෙන් එකෙන් ප්‍රෝග්‍රෑම් කරමු.

  ඔබ විසින් සකසන ලද LED නාමපුවරුවට අවශ්‍ය වාක්‍ය හා අනිකුත් තොරතුර ඇතුලත් කිරීමට ඔබ ඩේටා කේබලයක් හා ලැප්ටොප් පරිගණකයක් රැගෙන පුවරුව අසලට යායුතුය.එය තරමක අපහසු කටයුත්තක් බව ඔබට වැටහී ඇති.එයටද පිලියමක් මම ඔබට කියාදෙමි.එනම් ඔබේ ඩෙක්ස්ටොප් පරිගණකය මගින් සකස්කරන ලද වැඩසටහන පෙන් ඩ්‍රයිව් එකක
ගබඩා කරගෙන ගොස්  LED නාම පුවරුවට සවිකර එය PROGRAMMING කිරීමයි.දැන් එය සිදු කරන අයුරු බලමු.

                පෙන් ඩ්‍රයිව් එකක් මගින් දත්ත ඇතුලත් කිරීමට නම් USB පොර්ට් එකක් සහිත CONTROLLER පරිපථයක් තිබිය යුතුය.එවැනි පරිපථයක් USB පොර්ට් එකක් නැති CONTROLLER එකකට වඩා මිලෙන් වැඩිය.TF MU එවැනි CONTROLLER CIRCUIT එකකට උදාහරණයකි.USB පෝර්ට් පමණක් ඇති CONTROLLER එකක් වන්නේ TF SU ය.
                                 ඔබ මුලින්ම අලුත් පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න.එහි වෙනත් කිසිම ෆයිල් එකක් නොතිබිය යුතුය.එය ඩෙක්ස්ටොප් එකට හෝ ඔබේ ලැප්ටොප් එකට සවිකර POWER LED මෘදුකාංගය විවුර්ත කර එහි ඔබට අවශ්‍ය සෙටින්ස් සකසන්න.ඔබසකස් කල සෙටින්ස් වෙනත් තැනක ලියා තබන්න.දැන් POWER LED මෘදුකාංගයේ ඉහලින්ම දක්නට ලැබෙන Exp නමැති ටැබ් එක ක්ලික් කරන්න.වෙනම ඩයලොග් බොක්ස් එකක් විවුර්තවී එහි යම් මුර පදයක් ඉල්ලා සිටී නම් එය 168 ලෙස දෙන්න.එවිට export to USB Disk නම් තවත් ඩයලොග් බොක්ස් එකක් විවුර්ත වනු ඇති.එහි INCLUDE PANEL PARAMETERS ලෙස දැක්වෙන කොටුවට හරි ලකුණ යොදන්න.අනික් ඒවා වෙනස් නොකරන්න.දැන් SAVE යන්න ක්ලික් කරන්න.SAVE PROJECT SUCCEED යනුවෙන් දිස්වුවහොත් ඔබේ කාර්ය අවසන්ය.
           දැන් පෙන් ඩ්‍රයිව් එක ගලවා ඔබේ පුවරුවේ CONTROLLER  CIRCUIT එකේ USB පොර්ට් එකට සවිකරන්න.මෙවිට ඔබේ පුවරුවට හා CONTROLLER CIRCUIT එකට විදුලිය සපයා තිබිය යුතුය.ටිකවෙලාවකින් OK ලෙස ඔබේ පුවරුවේ දිස්වනු ඇති.දැන් පෙන් ඩ්‍රයිව් එක ගලවන්න.එවිට ඔබ ඇතුළු කල ආකාරයට එහි සියල්ල දිස්වනු ඇති.එසේ නොවන්නේ නම් CONTROLLER CIRCUIT එක RESET කර නැවත උත්සාහ කර බලන්න.තදුරටත් එසේ නොවන්නේ නම් CONTROLLER CIRCUIT එකේ දෝෂයක් වීමට පුළුවන.එවැනි CONTROLLER CIRCUIT ඩේටා කේබලය මගින් PROGRAMMING කරන්න.
USB පමණක් ඇති ඒවා දෝෂ සහගත නම් අලුත් එකක් යොදා ගන්න..

ඔබට ජය!

Saturday, December 28, 2013

LED නාම පුවරු වලට රාමු හදමු..

 මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ LED නාම පුවරු වලට රාමුවක් අඩු වියදමකින් හදා ගන්න හැටි.මුලින්ම ඔයාල තීරණය කරන්න ඕනා හදන්නේ නිවසින් පිටත සවිකරන පුවරුවක්ද නැතිනම් නිවසක් තුල සවිකරන පුවරුවක්ද කියලා නිවසක් තුල ඒ කිවේ Indoor නම් වැඩේ ලේසියි.එකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටස් ටික..
1.ඇලුමිනියම් බොක්ස් බාර් අඟල් 3x1
2.රිවට් ඇන.(නුල් බාගය)
3.ඇලුමිනියම් තහඩු.

4.L හැඩ ඇලුමිනියම් පටි.
ඔයාලම හදනවා නම් මෙම උපකරණ තියෙන්න ඕනා.
1.ඇලුමිනියම් කැපීමට යකඩ කපන කියතක් හා එහි ෆ්‍රේම් එක.
2.සිදුරු විදීමට ඩ්‍රිල් එකක්..
3.රිවට් මැෂින් එකක්.
4.මුළු මට්ටමක්.
මුලින්ම කියන්න ඕනා මෙම උපකරණ භාවිතා කිරීමට ඔබට පුංචි දක්ෂ කමක් තියෙන්න ඕනා..අත හුරුවත් වැදගත්..මුලින්ම ඔයාලට Indoor වර්ගයේ එකක් හදන හැටි කියා දෙන්නම්.
ඔයාලා සවි කිරීමට යන මොඩියුල ගණන අනුව රාමුවේ ප්‍රමාණය තීරණය වෙනවා..ඒ නිසා ඒ අනුව ඇලුමිනියම් බොක්ස් බාර් එක කපා ගත යුතුයි.අප සාමාන්‍යයෙන් භාවිතා කරන මොඩියුලයක් සෙන්ටිමීටර් 32 දිගකින් හා සෙන්ටිමීටර් 16 පළලකින් යුතු වෙනවා..මෙය සම්මත අගයක්.මෙම අගයේ ගුනාකාර වලින් තමයි රාමුවේ දීග  පළල ගන්නේ .තනි මොඩියුල පේලියක් සවිරන පුවරුවක නම් මොඩියුල වල දිගට වඩා තවත් අඟල් දෙකක් දිගට බොක්ස් බාර් එක කපන්න ඕනා බව ඔබට පෙනේවි.පළලත් එහෙම තමයි මොඩියුල වල පළලට වඩා අඟල් 2 ක දිගට ඒවා කපා ගන්න ඕනා..කැපීමේදී ඒවා කොටස් එකිනෙකින් වෙන් කිරීමට අවශ්‍ය නැහැ.දිගට ඇති බොක්ස් බාර් එක නිවැරදි ආකාරයට මැන සටහන් කර පසුව පරිස්සමින් කැපිය යුතු වෙනවා.මේ සඳහා තවත් අයකුගේ සහාය අවශ්‍ය වෙනවා.කැපීමේදී අංශක 45 කැපිය යුතු වෙනවා..පරිස්සමින් කපන්න.වරක් හෝ නැමුන හොත් එය දෙකට වෙන්වන නිසා.කැපුන ස්ථානයෙන් නැමීමේදී ද එක වරකින් එය නැමිය යුතු වෙනවා..
කපා අවසන්වූ පසු එය ඍජුකෝනාශ්‍ර ආකාරයට නවා ගන්න.ඉන් පසුව එහි ඇතුල් පැත්තෙන් L හැඩ ඇලුමිනියම් කැබලි කපා රිවට් ගසා ගන්න.හතර පැත්තෙන්ම ඇතුලතින් රිවට් ගැසූ පසු රාමුව ශක්තිමත් වේ.මේ සඳහා අඟල් 3X1 යොදා ගත්තේ අයි දැයි ඔබ අසාවි.අඟල් තුන බොක්ස් බාර් එක ගත් විට එහි ඇතුලත ඉඩ ප්‍රමාණය වැඩි වේ.එවිට අතුලත ම POWER SUPPLY සවිකළ හැක.අඟල් දෙක බොක්ස් බාර් යොදා ගත් විට පිටතින් POWER SUPPLY සවි කිරීමට සිදුවේ.රාමුවේ පිට පැත්තට ඇලුමිනියම් තහඩුවක් නියමිත මිනුම් වලට කපා බෝල්ට් ඇන මගින් සවිකරන්න.මොඩියුල සවි කිරීමට රාමුව ඇතුලත L ඇලුමිනියම් කැබලි සවි කල හැක.සියලුම මොඩියුල ෂෝර්ට් නොවන පරිදි රාමුවට සවි කල යුතුය.බල සැපයුම ලබා දීමට පෙර ෂෝර්ට් වීම ඇතිදැයි දෙතුන් වරක් පරික්ෂාකර බැලීම වැදගත්ය.මා පහතින් දක්වා ඇත්තේ අඟක් දෙක බොක්ස් බාර් එක යොදා සකස් කරන රාමුවක විස්තරවේ..

ඔබට ජය !

Friday, December 27, 2013

සුනාමියක් ආවොත්..

tsunami-sri-lanka
  මීට වසර නමයකට පෙර අපට අදවන් මතකයක් ඇති විනාශකාරී සුනාමිය අප සිත් තුලින් කිසිදා නොමැකෙන්නකි.මෙම ලිපිය ලියන්නේ සුනාමිය සිදුවී හරියටම වසර 9 ක් පිරෙන දිනයේදීය.මිනිස් ජිවිත දහස් ගණනකට මරු කැඳවමින් ලංකා මුහුදු වෙරළ ගිලගත් ඒ බිය කරු අත්දැකීම වෙරළ ආසන්නයේ ජිවත් වන මිනිසුන් අදටත් සිහිපත් කරන්නේ චකිතයෙනි.ඔවුන්ගේ සිත් සතන් තුල තාමත් ඇත්තේ යලි කවර දාක හෝ එවන් බියකරු අත්දැකීමක් ලැබිය හැකි බවයි.බොහොමයක් වෙරළබඩ ජනතාව තම ඉඩකඩම් විකුණා දමා රට ඇතුලට ගමන් කිරීමට ද මෙම හේතුව සමත් විඇත.
එකල සුනාමි ආ වකවානුවේ මා හෙද පුහුණුව ලබමින් සිටි කාලය
විය.2004 දෙසැම්බර මාසයේ  අප සිහිනෙන්වත් නොසිතු විපත පැමිණියේය.
මා කුඩා කල සිටම පුවත් පත් වලට තීරු ලිපි ලිවීමේ නිරතවිය.මෙම කාලය තුල ද මා විදුසර විද්‍යා සඟරාවට ලිපි ලීවෙමි..මා මුලින්ම විදුසර විද්‍යා සඟරාවට ලිපියක් ලීවේ මා අටවන වසරේ ශිෂ්‍යකුව සිටිය අවදියේදීය.2004 වසර සුපුරුදු ලෙස ගෙවී ගියත් වර්ෂය අවසාන දෙසැම්බර් මාසය තරමක් වෙනස් විය..මාසය මුලදී පමණ ඉන්දියන් සාගරයේ කුඩා භූමිකම්පාවක් සිදුවිය.එය දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට දැනුන බව මාහට ජනමාද්‍ය වලින් අසන්නට ලැබිණි.අලුත් තොරතුරක් ලද විගස ඒ පිළිබඳව හබා යාමේ සිතක්‌ මාහට තිබු බැවින් මා භූමිකම්පා පිළිබඳව මතකය අවදිකර මින් පෙර කියවූ පොත පත ද නැවත කියවා බැලීමි..ඊට වසර ගනනාවකට පෙර විදුසර විද්‍යා සඟරාව භූමිකම්පා නමින් පත්‍රය සමග පිරිනැමෙන විශ්වකෝෂයක් නිකුත් කර තිබුණි..එය මා මි‍ට පෙරද කීවා තුබූ අතර එහි වූ කරුණු මා සිතෙහි හොඳින් තැන්පත් වී තිබුණි...එහෙයින් ලංකාව අවට සිදුවූ මෙම කුඩා භූමිකම්පාව මහා භූමිකම්පාවට පෙර නිමිත්තක් දැයි මාහට නිකමට මෙන් සිතිනි.ඒ නිසා මේ පිලිබඳව තීරු ලිපියක් විදුසර පුවත්පතට ලියන්නට මා සිතුවෙමි..ලැබුන මද ඉඩ ප්‍රමාණයකින් මා එම ලිපිය ලීවෙමි..එහෙත් අවාසනාවකට මෙන් මාහට එම ලිපිය තැපෑල් කිරීමට නොහැකි වුයේ අපේ විභාග කටයුතු ලඟා වීම නිසාය.මා එම ලිපියෙන් මුහුද යට සිදුවන භූමිකම්පාවකින් පසුව රල ප්‍රහාරයක් ගොඩබිමට පැමිණ මහා විනාශයක් කල හැකි බව ලියා තිබිණි..එහෙත් අවාසනාවකට මෙන් එම ලිපිය මාහට පල කිරීමට නොහැකි විය.ඒ සුනාමි පැමිණීමට සති දෙකකට පෙරය.එය පළ වුවා ම්  එක මිනිස් ජිවිතයක් හෝ බේරීමට ඉඩ තිබුණි..මා අදටත් එම සිද්දිය සිහිපත් කරන්නේ බලවත් කනගාටුවෙනි.
*භූකම්පාවක දී අප මුලින්ම කලයුත්තේ කුමක්ද..
1.ඔබ සිටින්නේ උස මහල් ගොඩනැගිල්ලක නම් වහාම ඉන් ඉවත්ව එළිමහන් තැනකට යායුතු ය.
2.එසේ යා නොහැකිනම් උළුවස්සක් යටට හෝ මේසයක් යටට වී සිටීම හිතකරය.
3.ඔබ සිටින්නේ මුහුද ආශ්‍රිතව නම් වහාම සුනාමි පිළිබඳව සිතා බැලිය යුතුය.අපරට ආසන්නයේම සිදුවූ භුමිකම්පාවක සුනාමි තරංග ක්ෂණිකව උවද අප වෙතත ලඟාවිය හැකි බැවින් වඩාත් කලපනාකාරී විය යුතුය.
4.පැය දෙකක කාලයක් තුල සුනාමි පිළිබඳව අපට අනාවැකි ලැබෙන බව කීවද ඒ අපරටට ආසන්නව සිදුන භූමිකම්පා වල නොවේ.අපරටට ආසන්නව මුහුදු පත්ලේ භූමිකම්පාවක් කිසි දිනක සිදුනොවෙයි.කියන්නට ජගතකු ලොව නැත..
5.ඔබ සිටින්නේ මාද්‍යම කඳුකරය ආශ්‍රිතව නම් හෝ ජලාශ ආශ්‍රිතව නම් ඔබට ඉහළින් ඇති ජලාශ පිළිබඳව අවධානයෙන් සිටියයුතුය.රට ඇතුලත භුමිකම්පාවකින් මෙම ජලාශ කැඩී මහා විනාශයක් සිදුවිය හැක..
6.ගොඩබිම ප්‍රභල භූමිකම්පාවක් සිදුවහොත් ඔබ කිසි විටෙක ගිනිකූරක් හෝ නොදැල්විය යුතුය.මන්ද ගෑස් නල ආදිය කැඩී ගිනි ගැනීම සිදු විය හැකි බැවිනි..
7.ඔබව ධීවරයෙකු නම් මුහුදේ භූමිකම්පාවක් වූ බව සැලවුවිට කිසිවිටෙකත් ගොඩබිම ආසන්න මුහුදේ රැඳී නොසිටිය යුතුය.ගැඹුරු මුහුදේ සිටින අයට සුනාමි රල නොදැනේ..
8.ඔබ වෙරළේ රැඳී සිටින විට මුහුදු වෙරළ ට එන ජලය අසාමාන්‍ය ලෙස වැඩිවීමක් හෝ ජලය සිඳී වෙරළ පෑදීමක් වී නම් වහාම වෙරළින් ඉවත්ව උස් ස්ථානයකට ලඟා විය යුතුය.සුනාමි රැලක නිම්නයක් කලින් පැමිණියහොත් වැල්ල පෑදී මුහුද සිඳියයි.එහෙත් තරංගයක ඉහල කොටස පැමිණියහොත් මුහුදු වෙරළ ජලයෙන් පිරී යයි.එයද සුනාමි අවදානමකි.
මේ සියල්ල තැනට සුදුසු අන්දමින් ක්‍රියාත්මක කිරීමට ඇත්තේ ඔබටය.ස්වාභාවික විපතකින් බේරීමට තැනට සුදුසු ණුවනින් ක්‍රියා කල යුතුය.
ඔබට ජය!

Thursday, December 26, 2013

මුලික ඉලෙක්ට්‍රොණික විද්‍යාව 1

  ජීවයේ තැනුම් ඒකකය පදාර්ථයයි.එම පදාර්ථය තැනීන ඇත්තේ පරමාණු වලිනි.ඔබත් මාත් අපත් ගහකොළ සතා සිව්පාවා පවා තැනී ඇත්තේ පදාර්ථ වලිනි.එම පදාර්ථ තැනී ඇත්තේ මොනවායින්ද?ඒවා පරමාණු ලෙස හැදින්වේ.එම පරමාණු සෑදී ඇත්තේ මොනවායින්ද?ඒ ද අංශු වර්ග තුනකිනි.එනම් ප්‍රෝටෝන,නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රොන එකතුවෙනි.මෙම අංශු කිසිවක් පියවි ඇසින් දැකිය නොහැක.ඔබත් මාත් ඉලෙක්ට්‍රොණික විද්‍යාවට බෙහෙවින් ඇලුම් කරත්.එම ඉලෙක්ට්‍රොණික් විද්‍යාවට මුලික ව ඇත්තේ ඉලෙක්ට්‍රෝනය බව
ඔ‍බට පෙනෙනු ඇත.මන්ද විද්‍යුත් ධාරාවක් උපදින්නේ ඉලෙක්ට්‍රෝන නිසාවෙනි.පරමාණුව තුල ඇති කුඩාම අංශුව ඉලෙක්ට්‍රෝනය.එය කෙතරම් කුඩා යත් එහි ලිහිල්ව බැඳී ඇති ඉලෙක්ට්‍රෝන වලට ඔබ මොබ චලනය විය හැක.විදුලි බලාගාර වල සිට ඔබ නිවසට පැමිණෙන්නේ මෙලෙස ඔබ මොබ චලනය වන ඉලෙක්ට්‍රෝන ධාරාවකි.
එය කෙතරම් ප්‍රභල ද කිවොත් එම අංශු ධාරාව ඔබ නිවසේ බල්බයක සුත්‍රිකාව හරහා ගමන් කරන විට එම සුත්‍රිකාවේ ලෝහ අංශු  වල වැදී සුත්‍රිකාව රත් වන්නට පටන් ගනී.එය උපරිමයට රත්වුවිට ඉන් ආලෝකය පිට වේ..ඇත්තෙන්ම අපට ආලෝකය ලෙස ලැබෙන්නේ රක්තතප්තව බබලන බල්බයේ සුත්‍රිකාව නිසාය.
අප විදුලිය ලෙස සලකනුයේ මෙලෙස ගමන් කරන ඉලෙක්ට්‍රෝන ධාරාවකි.එම ඉලෙක්ට්‍රෝන ධාරාවට කාර්ය කල හැක.අප ඒවා පාලනය කර අපට අවශ්‍ය කාර්ය ඉටුකර ගනිමු.ඉලෙක්ට්‍රොනික ලෝකයට පාර කැපී ඇත්තේ මෙලස විවධ ලෙස පාලනය කරමින් තිබෙන ඉලෙක්ට්‍රෝන වලට පින්සිදු වන්නටය.
විදුලිය වඩාත්ම හොඳින් ගමන කරන්නේ ලෝහ තුලිනි.එහෙත් ජලය,වාතය වෙනත් ඝන ද්‍රව්‍ය හරහා ද විදුලියට ගමන් කල හැක.විදුලි කොටන විට අහසේ සිට පොලවට පනින්නේ වාතය හරහාය.
 ඇතැම් ද්‍රව්‍ය විදුලිය ඉතා හොඳින් ගමන් කරන ද්‍රව්‍ය වේ.ඒවා විද්‍යුත් සන්නායක වේ.තවත් සමහරක් අර්ධ වශයෙන් විදුලිය ගමන් කරන ද්‍රවයේ වේ.ඒවා අර්ධ සන්නායක වේ.තවත් එකක විදුලිය කොහෙත්ම ගමන් නොකරයි.ඒවා විද්‍යුත් පරිවාරක වේ.මේ සියල්ල අප මුල සිටම සරලව හදාරමු.ඔබගේ ගැටළු කොමෙන්ට් කරන්න.ඉදරි පාඩමින් හමු වෙමු..
ඔබට ජය!

ඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි..

   ඔබ පරිගණකය භාවිතා කරන විට අත් වැරදීමකින් හෝ වෙනයම් කාරණාවකින්  ඔබට අවශ්‍යම ෆයිල් එකක් මැකී ගිය හොත් එය නැවත ලබා ගැනීමට දැන් ලතවිය යුතු නැත.ඒ සඳහා දැන් මෘදුකාංග තිබෙන බැවිනි.ඔබ අතින් මකා දමන ෆයිල් එක්වරම දෘඩා තැටියෙන් ඉවත්වන්නේ නැත.ඔබ ඉවත් කල ෆයිල් තිබු ස්ථානයේ වෙනත් ෆයිල් එකක් ගබඩා වන තුරු ඒ මැකුන ෆයිල් එක සුරැකිව තිබේ.මේ සඳහා හොඳම මෘදුකාංගයක් වන්නේ undelete my files යන මෘදුකාංගයි.එය බා ගැනීමට මෙතනින් යන්න.
මුලින්ම එය ඔබ පරිගණකයේ ස්ථාපිත කරගන්න.එය ස්ථාපනය කල පසු මෙසේ දිස්වේ.
file rescue ලෙස හැදින්වෙන කොටස මගින් ඔබ මකා දැමු ෆයිල් ස්කෑන් කල හැකි බව පෙන්වයි.එම කොටුවේ දැක්වෙන අදාළ දෘඩ තැටිය  තෝරා ok විධානය දුන් විට නැවත ලබා ගත හැකි ෆයිල් පෙන්වාදෙයි.එම ලයිස්තුවේ ඉදිරියෙන් ඇති කුඩා කොටුව මත ටික් එකක් දීමෙන් ඔබට නැවත ලබා ගත හැකි ෆයිල් එක තෝරා දිය හැක.ඉන් පසු recover විධානය දුන් පසු තවත් කුඩා ඩයලොග් බොක්ස් එකක් එයි.එහිදී ඔබේ ෆයිල් එක save විය යුතු ස්ථානය ඔබට තෝරා දිය  හැක.එහි yes එබීමෙන් ෆයිල් එක ඔබ තෝරා දුන් ෆෝල්ඩරයට ත් no යන්න එබීමෙන් ඔබ මකා දැමු ෆයිල් එක තිබු ස්ථානයටත් නැවත ප්‍රතිස්ථාපනය වීමට සැලැස් විය හැක.
මෙමෙ මෘදුකාංගයේ ප්‍රධාන මෙනුවේ Deleted file seach යන්නෙන් ඔබ අතින් මැකී ගිය ෆයිල් එක සොයා ගත හැක.එමෙන්ම  මෘදුකාංගයේ තවත් වැදගත් කරුණක් වන්නේ මෙමගින් ඔනෑම ෆයිල් එකක් සදහටම මකා දැමීමට හැකි වීමයි.විශේෂයෙන් මුර පද වැනි වටිනා තොරතුරු සමග ඔබ පරිගණකය නැවත විකිනීමෙන් යම් අයකු අතට එම තොරතුරු පත් විය හැක.එනිසා මෙමගින් අවශ්‍ය ෆයිල් සදහටම මකා දැමීමට හා  පුළුවන.ප්‍රධාන මෙනුවේ දකුණු පසින් ඉහලින්ම ඇති Files wiper යන්නෙන් ගොස් ඔ‍බට අවශ්‍ය ෆයිල් නැවත ලබා ගත නොහැකි පරිදි ඉවත් කල හැක.
ඔබ‍ට ජය!

Wednesday, December 25, 2013

YAHOO නව මුහුණුවරකින්..

නව ලෝගෝව
 ලොව ප්‍රකට සර්ච් එන්ජිමක් වන YAHOO දැන් අලුත් ලෝගෝවක් යටතේ ක්‍රියාත්මක වේ.සැලසුම් 30ක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නව ලෝගෝව තෝරා ගන්නා ලදී.මෙය වඩා සරල ෆොන්ට් එකකින් නිමවා ඇති අතර අලුතින් පත්වූ විධායක නිලධාරිනී මරිස්සා මේයර් විසින් මෙය සැලසුම් කර
ඉදිරිපත් කරන ලදී.සිය අතීතය සිහිපත් කරමින් එයි පැරණි ! ලකුණ තවමත් දක්නට ලැබේ.1995 න් පසුව ඔවුන් සිය නිල ලාජනය වෙනස් කල ප්‍රථම වතාව මෙයයි.දැන් සියලුම වෙළෙඳ කටයුතු සඳහා ඔවුන් මෙය යොදා ගනී.ලෝකයට GOOGLE හදුන්වා දීමට කලින් ලොව ජනප්‍රියම සර්ච් එන්ජිම වුයේ YAHOO ය.
ඔබට ජය! 
පැරණි ලෝගෝව

 

Tuesday, December 24, 2013

google ලංකාවේ මානව හිමිකම් කඩ කරයි..

 ලොව ප්‍රකට සමාගමක් වන google සමාගම පවසන්නේ ලංකාව තුන්වන වරටත් SEX යන වචනය සිය සර්ච් එන්ජිමෙන් සොයා ලංකාව වාර්තාවක් තබා ඇති බවය.මේ බව ඔවුන්ගේ Google zeitgeist Report මගින් වැඩි දුරටත් හෙළිදරවු කරයි.එපමණක් නොව මෙම sex නමැති වචනය නුගේගොඩ,හෝමාගම,කොළඹ,මහනුවර යන ප්‍රදේශ වලින් බහුලවම සොයා ඇති බව ඔවුන් පවසති..ලෝකයේ සමස්ත ජනයා ගත් කල වැඩි පුරම සොයා ඇති වචන වන්නේ මේවාය.Nelson
mandela,cory monteila,harlem shanker,bostan marathon,royal baby,samsun galaxy 54,play station 4,north koriya යන්න බව ඔවුන් සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔවුන් මෙසේ තොරතුරු සොයා බැලීම කෙතරම් තාක්ෂණික අතින් ඉහල මට්ටමක සිටී දැයි අපට සිතා ගත හැක.ඔවුන් මෙම තොරතුරු මෙලෙස මුදා හැර තිබුනද එය ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමකි.ලොව පුරා වාසීන්ගේ පවුද්ගලික තොරතුරු ඇමරිකාව විසින් එක් රැස් කරන බව ට මෙය කදිම නිදසුනකි.මෙම තොරතුරු මෙලෙස නම් වෙනත් වැදගත් රහස් ඔවුන් කෙසේ සොයා බලන වා දැයි කීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.
google සමාගම මෙලෙස තොරතුරු සොයන්නේ ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය මුල් කරගෙන බව නොරහසකි.ඔබ google සර්ච් එන්ජිම මගින් සොයන සෑම තොරතුරකටම අදාල කරුණු ඔවුන් එක්රැස් කරගනී.ඒවා පුද්ගලයන් කීපදෙනෙකු විසින් කරන ඒවා නොව ස්වයංක්‍රීයව පරිගණක මගින් සිදුකරන ඒවාය.ඔබ නිතර සොයන කරුණු ඔවුන් විෂ්ලේෂණය කර ඔබේ රුචි අරුචි කම් හදුනා ගනී.පසුව ඔබ වෙබ් පිටුවකට හෝ ඔබේ ඊමේල් ලිපිනකට ලොග් වනවිට ඔබට දිස්වන වෙළෙඳ දැන්වීම් ඔබ නිතර සොයනා කරුණු වලට අනුරූප බව ඔබ  දැක තිබේද..මෙය රුචිකත්වය අනුව දැන්වීම් ලබා දීම හෙවත් google adsense ය.ඔබ එම වෙළෙඳ දැන්වීම් දකින විට ඒවා සොයා බලන්නටත් ඒවායි යම් යම් භාන්ඩ මිලදී ගැනීමටත් පෙළබේ.එමගින් google සමාගමට අතිමහත් දනස් කන්දයක් එකතුවේ.අප එම දැන්වීම් නරබනවිට දැන්වීම් කරවා විසින් තැන්පත්කර ඇති මුදල් google සමාගමට බැර වේ.කෙසේ වෙතත් පුද්ගලික කරුණු සොයා බලා ඒවා ප්‍රසිද්ධ කිරීම google වැනි සමාගමකට මහත්මා ගතිගුණයක් නොවේ..
ඔබට ජය!

Monday, December 23, 2013

බස් මගීන්ටත් පෙරගෙවුම් කාඩ් පතක්..

  බස් රථ මගින් සඳහා ලංකාවේ පළමු වරට පෙර ගෙවුම් කාඩ් පතක් දැන් හදුන්වා දීමට පියවර ගෙන තිබේ.මෙම කාඩ් පත මගින් මගී ජනතාවට ඉතා පහසුවෙන් බස්රට ටිකට් පත මිලදී ගැනීමට හැකිවනු ඇත.මෙම තාක්ෂනය Touch Travel Card ලෙස හැඳින්වේ.මෙවැනි prepaid කාඩ් පතක් රු.200.කි.මෙම කාඩ් පත බස්රථයේ කොන්දොස්තර වරයාට දී අවශ්‍ය ගමනාන්තය පැවසීමෙන් ඔහු එය සිය ටිකට් මැෂිමට සමීප කර ඔබට ක්ෂණයකින් ටිකට් පත ලබා දෙනු ඇත.එහිදී මාරු කාසි
කරදරයෙන් ඔබ නිදහස් වනු ඇති.ඒ විතරක් ද නොව ඉතිරි මුදල් ආපසු දීමේ "අමතක වීමේ රෝගය "ද තුරන් වනු ඇති.බස් හිමියන්ගේ දිනපතා ආදායම වැඩි වනු ඇත.මන්ද සෑම මුදල් ගනුදෙනුවකටම ටිකට් පතක් නිකුත් කල යුතු බැවිනි.
මෙය ආරම්භක වැඩසටහනක් ලෙස හයිලෙවල් මාර්ගයේ 138 මත්තේගොඩ-පිටකොටුව හා මහරගම-පිටකොටුව බස්රථ දෙකක නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක විය.ජනතාව මෙයට ඉතා කැමති බවත් එය තමන්ට ඉතා පහසුවක් වබත් ඔවුහු පවසති.මේ සඳහා අවශ්‍ය වන ටිකට් පත නිකුත් කිරීමේ යන්ත්‍ර නිකුත් කිරීමට විශේෂ වැඩසටහන් යොදනු ඇත.මෙම පෙර ගෙවුම් පත අවසන්වූ විට නැවත එය Reload කර ගැනීමේ පහසුකම ද ළඟදීම නගර වල පිහිට වනු ඇත.මුලින්ම මෙය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බව දැන ගන්නට තිබේ.
ඔබට ජය!

Sunday, December 22, 2013

වැදගත් මෘදුකාංග වල යතුරු මෙන්න.

  පරිගණක ආශ්‍රිතව වැඩකරන ඔබට ඉතාමත් වැදගත් විය හැකි මෘදුකාංග ස්ථාපනයට අවශ්‍ය වන ඒවායේ යතුරු විශාල ප්‍රමාණයක් ලබා දීමට අදහස් කළා.බලන්න ඔබටත් අවශ්‍යව තිබු යතුරු මෙහි තිබේද කියා ..
 බාගෙනම බලන්න.මෙන්න ලින්ක් තුන ..
මෙතනින් බාන්න යතුරු 1
මෙතනින් බාන්න යතුරු 2
මෙතනින් බාන්න යතුරු 3

නව නිපැයුම්කරුවකු වන්නේ කොහොමද..

  අපොයි..ඒකනම්..ගොඩක් අමාරු වැඩක්..ඇරත් දැන් ඔක්කොම අලුත් දේවල් සොයාගෙන ඉවරනේ..ඔයාලට ඇතැම් විට මෙහෙම හිතිලා ඇති.යම් කිසි දවසක ඔබට ද එසේ සිතුනි නම් කිව යුත්තේ ඔබ අනාගතය දෙස නොබලන කෙනෙකු බවය.සැබවින්ම නව නිපයුම් කරුවා යනු කවරෙක්ද?අනික් අයට නොපෙනෙන යම් ගැටලුවකට සාර්ථක තාක්ෂණික විසදුමක් ඉදිරිපත් කල හැකි හා එය ක්‍රියාවට නංවන පුද්ගලයා
නව නිපැයුම්කරුවෙකි.සැබවින්ම නව නිපැයුම්කරුවා රටක ජීවනාලිය බඳුවේ.එයට හේතුව රටක සංවර්ධනය වීමට නව නිපැයුම්කරුවා වෙතින් වන සේවයයි.එදා මෙදා තුර ලෝකයේ සංවර්ධිත රටවල් දෙස බැලුවිට එම රටවල නව නිපයුම්කරුවන් බහුලව සිටින බව පෙනෙන්නට තිබේ.
අපේ රටේ නව නිපයුම් කරුවන් නැතිද?ඕනේ තරම් ඉන්නවා.එහෙත් ඔවුන් බොහොමයක් අඩ නින්දේය.තමා තාක්ෂණික ගැටලුවකට හෝ වෙනත් ගැටලුවක තිරසාර විසදුමක් ලබා ගෙන තිබියදී එය ලෝකයට ඉදිරිපත් නොකර තැබීම සැබවින්ම අවාසනාවකි.ඒ සඳහා විවිද ගැටළු තිබෙන්නට පුළුවන.එම නිර්මාණය ඉදිරිපත් කරන්නට ඔහුට මුදල් නොමැතිකම එක ගැටලුවකි..එහෙත් නව නිර්මාණ තුලින් ලෝකය දිනු බහුතරයක් මුදල් නැතියි කියා සිය නිෂ්පාදනය අත හැර දැම්මේ නම් අද ලෝකය මෙතරම් දියුණු නොවනු ඇත.කල යුත්තේ නිෂ්පාදනය අතහැර දැමීම නොව කුමන හෝ ක්‍රමයකින් තම නිෂ්පාදනය එලි දැක්වීමය..
නව නිෂ්පාදනයක් තාක්ෂණික පැත්තෙන්ම සිදුවිය යුතු නැත.එය කළා වාණිජ ආදී ඕනෑම ශේත්‍රයකින් සිදු විය හැක.මා හෙටදින අඩවියෙන් පෙන්වා දෙන්නේ තාක්ෂණික නව නිර්මාණකරුවෙකු වන හැටිය.
අලුත් නිපදවීමක් ඇත්තෙන්ම ඔබගේ ජීවිතය දියුණුවෙන් දියුණුවට පත්වීමට හේතු විය හැක.එපමණක්  ද නොව ඔ‍බට ලැබෙන වටිනා කම කෙතරම්ද?ඔබ විද්‍යා විෂයට ඇලුම් කරන්නෙකු නම් නව නිර්මානකරුවෙකු වීමට ඉතා පහසුය.
ඔබට නව නිර්මාණ කරණයේ යෙදීමට ප්‍රමාණවත් කාලයක් නැති ඔබ කියන්නට ඉඩ තිබේ.එහෙත් නව නිෂ්පාදකයකුට ඒ සියල්ල ගැටළු නොවේ.ගැටල නිර්මාණය කරගන්නේ ද අප විසින්මය.මොහොතක් ඔබේ වටපිටාව සිතන්න.ඔබට විවිධ කාර්ය කරනා විවිධ උපකරණ පෙනෙනු ඇත.විවිධ  කාර්යයන් සිදුවන ආකාය නිරීක්ෂනය කරන්න.මෙම කාර්යයන් මෙලෙසම සිදුවිය යුතු ද ඒවා කිරීමට වෙනත් පහසු ක්‍රම තිබේද..මෙම උපකරණය මේ ආකාරයටම තියෙන්නේ ඕනා ද..ඒක අඩු වියදමකින් කරන්න බැරිද..මෙවැනි ගැටළු රාශියකින් ඔබේ මනස පිරියන්නේ නම් ඔබ නව නිපැයුම්කරුවකුට සුදුසු පුද්ගලයෙකි.වට පිටාව තවත් හොඳින් නිරීක්ෂනය  කරන්න.ඔබ ඕනා තරම් අලුත් දේවල් නිර්මාණය කල හැකි බව පෙනෙනු ඇත.උදා.වේගයෙන් ගමන් කරන ත්‍රිරෝද රථයක් වංගුවකින් හැරවීමේදී පෙරලී යන අන්දම ඔබ දුටුව හොත් ඔබට සිතිය යුත්තේ කුමක්ද?අපොයි..මේකාගේ වේගේ නිසානේ..පෙරලුනේ..යන්න නොවේ.ත්‍රිරෝද රථය වංගුවකින් හැරවීමේදී එය පෙරලීම වලකන නව උපාංගයක් තැනිය හැකිනම් කෙතරම් අපුරු ද යන්න ඔබට සිතිය යුතුය.
ඔබට ජය!

Friday, December 20, 2013

ස්වයං රැකියාවක් ඇරඹීමට අත්වැලක්..

  ලංකාවේ දැනට විශාල පිරිසක් ස්වයං රැකියා වල නිරත වනවා..තම රැකියාවට අමතරව හා ඇතැම් අය ස්වයං රැකියාව පමණක් කරන අය ද ඉන්නවා.ඉතින් මම අද කියල දෙන්න හදන්නේ අලුතින් ස්වයං රකියාවක්‌ පටන් ගන්න හැටි..දැන් ඔයාලා හුග දෙනෙක් LED නාම පුවරු හා LED බල්බ හදන්න පටන් අරන් ඇති.ඒකම ස්වයං රැකියාවක් ලෙස දිගටම කරගෙන
යන්න පුළුවන්..නැතිනම් වෙනත් නිෂ්පාදනයක් වුනත් එහෙම කරගෙන යන්න පුළුවන්..ඔයාලා ස්වයං රැකියාවක් ස්ථිරවම කරනවා නම් එය රජයේ ලියාපදිංචි කලයුතු වෙනවා..එය ඔබ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමක් වනවා..එපමනක් නොව ඔබට මනා පිලි ගැනීමක් ද  වෙනවා..ඔබට ලියාපදිංචි අංකයක් ලැබෙන නිසා එය භාවිතා කර ඔබට නිෂ්පාදන අලෙවි කල හැකියි.ඔබ SLS වැනි ඉහල මට්ටමට ඔබේ නිෂ්පාදනය රැගෙන යාමට නම් ඔබේ ව්‍යාපාරය රජයේ ලියාපදිංචි කලයුතු වෙනවා..ඉතින් එක කරන විදිහ මම කියලා දෙන්නම්..
මුලින්ම ඔයාලා ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ෆෝමරයක් ඉල්ලා ගන්න.ඒක පුරවන හැටි එතැනින්ම කියලා දේවි.එම ෆොමරයේ ඔබගේ ව්‍යාපාරයට නමක් සකසා පිරවිය යුතුයි..එය මහජනයා ට මතක තබා ගතහැකි අර්ථවත් වචනයක් විය යුතුයි..ඒක ගොඩක් දිගවීම එතරම්  ගුණ දායක නැහැ.මෙහෙම නමක් හොඳයි.'බ්‍රයිට් LED''GREEN LED'
ඊළඟට ව්‍යාපාරය කාගේ නමින් ලියා පදිචි කරන්නේ දැයි කල්පනා කරන්න.හවුල් ව්‍යාපාර වලට යාමට කලින් තමන් තනියම කුඩාවට පටන් ගන්න.
ඔබ රජයේ සේවකයකු නම් ඔබේ නමින් කුඩා පරිමාන ව්‍යාපාරයක් ලියා පදිචිකල නොහැකියි.එය ඔබේ පියා  හෝ දුවගේ හෝ පුතාගේ නමින් ලියාපදිංචි කල හැකියි.ඊට පස්සේ ඔයාලා ව්‍යාපාරය පටන් ගන්නා තැන සලකා බලන්න.එතන ප්‍රදාන මාර්ගයකට ආසන්න වීම ඉතා හොඳයි.එම ව්‍යාපාරය පටන් ගන්නා තැන ඉඩමේ ඔප්පුව අවශ්‍ය වෙනවා..ඔබ ව්‍යාපාරය පටන්ගන්නා ඉඩම ඔබේ නොවේ නම් ඔප්පුව හා අයිතිකරුගෙන් එහි මෙම ව්‍යාපාරය පටන් ගැනීමට ඔහු  කැමති බව දැක්වෙන ලිපියක් ඔහුගෙන් ගන්න ඕනා..දැන් ඔබ කලින් ගත් ෆෝමරයත් ඉඩමේ ඔප්පුව හා ජාතික හැදුනුම් පත සමග ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතා හමුවන්න.ඔහුට ඔබ පටන් ගැනීමට යන ව්‍යාපාරය ගැන කියන්න..ඔහු ඔබට තවත් ෆෝමරයක් ලබා දේවී.එය පුරවා ඔහුට දෙන්න.දැන් ඔබේ ෆෝමරය රැගෙන ගොස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාර දෙන්න.ඔබට සති දෙකකින් පමණ ලියාපදිචි අංකය බලා ගැනීමට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලැබේවි.ඔබට වසරකට සාමානයෙන් රු.600 ක පමණ මුදලක් ගෙවන්නට වේවි.ඒක තීරණය වන්නේ ඔබේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය මත.තව එකක් කියන්න ඕනා ඔයාලට අංකයක් ලැබෙන්න කලින්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ ආසන්න දිනකදී ම පාරිසරික නිලධාරියෙක් ඔබේ ව්‍යාපාරික ස්ථානය පිරික්සීමට පැමිණේවි.ඔහු එය පරික්ෂාකර බලා වාර්තා දුන් පහු ඔබේ ව්‍යාපාරික අංකය ලැබේවි.මේ පිළිබඳව වැඩි විස්තර ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගත හැකියි.
ඔබට ජය!

Wednesday, December 18, 2013

අලුත් මවුස් එකක්..

    ලෝකයට නව නිපැයුම් දිනපතාම වාගේ එකතු වෙනවා..ඕන්න ඉතින් දැන් අලුත් ක්‍රමයක මවුස් එකකුත් ඇවිත්.ඒක පෑනක හැඩය ගෙන තිබෙනවා..මෙය හැදින්වෙන්නේ gstick mouse ලෙස.මෙය පරිගණකය සම්බන්ද වීමට වයර් අවශ්‍ය වන්නේ නැහැ.මෙය pc,mac,linux සමග ද ක්‍රියා කල
හැකියි.AAA බැටරියකින් මාස තුනක් පමණ භාවිතා කල හැකියි.කෙසේ වෙතත් මෙම මවුසය ඇමරිකානු ඩොලර් 69.00 පමණ වනු ඇති.ස්ක්‍රෝල් රෝදයක් ද සහිතව නිපදවා තිබෙනවා..මවුසයේ අග ඇති සෙරමික් බෝලය මගින් තමයි අවශ්‍ය ක්‍රියාකාරීත්ව ලබා ගන්නේ.මෙම මවුසය DPI 1200 ක සංවේදීතාවක් දක්වන බව එහි නිෂ්පාදකයන් පවසනවා ..
ඔබට ජය!

Monday, December 16, 2013

නිවසේ විදුලි මීටරය ආපස්සට කරකවමු..

ඔබ නිවසේ භාවිතා කරන විදුලි මීටරය ආපස්සට කරකවා නැවත ඔබට ගෙවන්නට ඇති මුදල පියවන ක්‍රමයක් දැන් ඔබට ද ක්‍රියාත්මක කල හැක.මෙය නීතිමය වශයෙන් පිළිගත් එකක් වන අතර එය ලංකාවට ආ අලුත් තාක්ෂණයකි.ඔබට පුදුම හිතේවි මේක කරන්නේ කොහොමද
කියලා..ක්‍රමය ඉතා සරලයි.මෙය සිදුකරනු ලබන්නේ සුර්ය කෝෂ පද්ධතියකින්..දිවා කලට ලැබෙන ආලෝකයෙන් විදුලිය නිපදවා ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට අතිරික්ත විදුලිය ලබා දෙන්නට සලස්වා මීටරය ආපස්සට කරකැවීමට සැලැස්වීම
මෙහිදී භාවිතා කරන ක්‍රමයයි.අපට විදුලිය නිපදවා ගැනීමට සුහිත්‍ය බලශක්ති අධිකාරිය නිතැනින්ම උදවු කරාවි.මේ ගැන ඔයාලට වැඩිදුර විස්තර මම ළඟදීම ලියන්නම්.සාමානයෙන් කිලෝවොට් භාගයක විදුලි ප්‍රමාණයක් ජනනය කර ගැනීමට අපට රු.175000.00 ක් විතර යනවා..
ඒ කියුවේ සුර්ය කෝෂ වලින් ඒක කලොත්..ඉතිං අපට සුර්ය කෝෂ වලින්ම ඔය විදුලි ප්‍රමාණය නිපදවිය යුතු නැහැ..අපට ඕනෑ නීතිමය වශයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය එකතු කිරීමේ ක්‍රමයක් හා අවශ්‍ය උපකරණ ලබා ගැනීමයි.ඔබ අසාවි සුර්ය කෝෂ නැතිව කොහෙන්ද විදුලිය ගන්නේ කියලා..ඕනෑ තරම් තියෙනවා..මදක් සිතා බලන්න..ලංකාව වටා මුහුද අයිනේ ඉන්න අයට නම් කිසි ගැටලුවක් නෑ..සුළං බල ජනකයක් හදා ගත්තනං වැඩේ ගොඩ තමා..ඒවාට ලක්ෂ ගණන් වියදම් වෙන්නේ නැහැ..මෝටර් රථ ඔල්ටනේටරයකින් වුවත් සැලකිය යුතු බලයක් උත්පාදනය කල හැකියි.අවශ්‍ය වන්නේ නිර්මාණශීලිත්වය..නියම අයුරුරින් යෙදීම පමණයි..එතකොට තව ..කුඩා දිය ඇලි..ගංගා..ජිව වායුව..සමුද්‍ර ශක්තිය..වෙනත්..දේවල් කොච්චර තියෙනවාද අපට විදුලිය නිපදවා ගත හැකි ක්‍රම.ඔයාලගේ නිර්මාණාත්මක අදහස් තියෙනවා නම් අපට එවන්න..සියල්ල කැටිකර වඩා කාර්යක්ෂම ගෘහ විදුලි ජනන පද්ධතියක් අපටම නිර්මාණය කර ගැනීමට උදවු කිරීමට හෙටදින අඩවිය නිතරම සුදානම්..
ඔබට ජය!

Sunday, December 15, 2013

ලංකාවේ නිපදවන පරිගණක..

ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් ඉතා වැදගත් කඩයිමක් පසුකරමින් ලංකාවේ පළමුවරට පරිගණක එකලස්‌ කිරීමේ සමාගමක් පිහිටුවීමට ewis නමැති සමාගම කටයුතු කරමින් සිටී.ඒ අන් කවරකු සමග නොව
ලොව මෘදුකාංග දැවැන්තයා වන මයික්‍රොසොෆ්ට් ආයතනයත් හා එකතුවය.හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම නිෂ්පාදනාගාරය මගින් ලැප්ටොප් පරිගණක ටැබ්ලට් පරිගණක,ඩෙක්ස්ටොප් පරිගණක ද එකලස්‌ කරනු ඇත.ඒවා ශ්‍රී ලාංකිකයන්ට අඩු මිලට ලබා ගත හැකි වනු ඇත.එමගින් අපේ තොරතුරු තාක්ෂණ හැකියාව තවත් වැඩි දියුණු වනු ඇත.වර්ග අඩි 25000 ක පමණ ප්‍රදේශයක ඉදිවන මෙම නිෂ්පාදනාගාරය මගින් අප රටට විශාල ආයෝජනක් ලැබී ඇත.වසර 30 අමානුෂික යුද්ධය අවසන්වී වසර කීපයක් යන්නටත් මත්තෙන් අපට ලැබෙන ප්‍රතිඵල සැබවින්ම කාගේත් දියුණුව උදෙසා බව හෙටදින තාක්ෂනය ඔබ වෙත ගෙන එන "හෙටදින අඩවිය" එදත් අදත් හෙටත් විශ්වාස කරයි.
ඔබට ජය!

Saturday, December 14, 2013

LED නාම පුවරු නිෂ්පාදනේදී ඇතිවන ගැටළු හා විසදුම්

1.උපකරණ ලබා ගැනීම -මා සඳහන් කර ඇති ආයතනය මගින් උපකරණ ලබා ගන්නා ඔබට වසරක වගකීමක් සමග උපාංග මිලදී ගත හැක.

2.පරිගණක දැනුම මද වීම.-මෙම විෂය සඳහා ඔබට
සුළු පරිගණක දැනුමක් තිබිය යුතුය.ඔබ  සිංහල ටයිප් කිරීමටත් ඉංග්‍රීසි ටයිප් කිරිමටත් ඉගෙන ගත යුතුය.මෘදුකාංගය ක්‍රියාත්මක වන ආකාරය මා පියවරෙන් පියවර විස්තර කර ඇත.එය CD තැටියේ අන්තර්ගත කර ඇත.

3.රාමුව සකසා ගැනීම.-මෙය ඉතා හොඳින් සකසා ගැනීමට ඔබේ දක්ෂතාවය අනිවාර්යයෙන් තිබිය යුතුය.එළිමහනේ සවිකරන පුවරුවක පිටුපසින් එන වසිජලයෙන් පුවරුව ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමක් වේ.රාමුව සකස් කර ගැනීම ඔබට ගැටළු සහ ගතනම් ඇලුමිනියම් භාණ්ඩ සකසන අයකු ලවා සුළු මුදලකට රාමුව සකසා ගන්න.

4.ප්‍රමාණයෙන් විශාල තිර සැකසීමට නිෂ්පාදකයන් දෙන ඩේටා කේබල් දිග මදි වීම.-ඔබ උපකරණ මිලදී ගන්නා විට ඩේටා කේබල් නොමිලේ ලැබේ.එහෙත් ඒවා අඩි දෙකකට වඩා උසින් යුතු පුවරුවකට දිග මදිය.මෙනිසා අඩි ගනනට ලබා ගත හැකි ඩේටා කේබල් තිබේ.ඒවා ලබා ගන්නා විට පින් 16 සොකට්  මිලදී ගන්න.(FEMAIL)එම ක්ලිප් ඩේටා කේබලයට සවිකිරීමට 9Hex Series Crimping tool උපකරණයක් අවශ්‍ය වේ. එවැන්නක් පිටකොටුවේ පළමු හරස් වීදියේ යුනිටෙක් ආයතනයෙන් මිලදී ගත හැක.(රු.1450.00)

5.සකස් කල led තිරය ක්‍රියාත්මක වන විට දිගු අතට පේලි ලෙස led බල්බ දැල්වීම.-මෙය සිදුවන්නේ ඩේටා කේබල් එකක දෝෂයක් නිසාය.අලුතින් එකක් යොදා බලන්න.

Tuesday, December 10, 2013

LED බල්බ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය වල මිල ගණන්

 මෙහි දැක්වෙන්නේ පිටකොටුවේ මිල ගණන වේ.
ඔබ උපකරණ මිලදී ගැනීමට මෙම ස්ථානයට යන්න.
DIGITAL ELECTRONIC,VICRAMA PLAZA,59 8/2 ,1ST CROSS
STREET COLOMBO 11.
මෙම ස්ථානයෙන් උසස් තත්වයේ උපකරණ ලබා ගත හැක.වෙනත් තැන් බොහෝ ඇතත් වසර ගනාවක්‌ මා මෙම ස්ථානයෙන් උපකරණ ලබාගෙන ඒවායේ ගුණාත්මය ගැන හොඳ වැටහීමක් මා හට ඇත.
LED බල්බ 48 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.75.00
2.POWER SUPPLY රු.45.00
3.LED 500 PACK එකක් රු.2450.00

LED බල්බ 100 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.160.00
2.POWER SUPPLY රු.50.00

LED බල්බ 108 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.180.00
2.POWER SUPPLY රු.50.00

LED බල්බ 126 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.200.00
2.POWER SUPPLY රු.60.00

LED බල්බ 66 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.160.00
2.POWER SUPPLY රු.50.00

LED TUBE LIGHT අඩි 2
1.කේසින් එක+POWER SUPPLY රු.850.00

SMD බල්බ (උපකරණ සියල්ල සමග )
5W රු.470.00
3W රු.300.00
7W රු.540.00
9W රු.750.00
12W රු.1200.00

SMD LED බල්බ වෙනම ලබාගැනීමේදී  එකක් රු.35 වන ඒවා ගන්න.සාමානය LED ලබා ගැනීමේදී එකක් රු.5 ක් වන ඒවා ලබා ගන්න.
LED බල්බ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔබේ ව්‍යාපාරයට නමක් යොදා ලියාපදිංචි කරගත යුතුය.ඔබට වාර්ෂිකව රු.600 ක් පමණ ගෙවීමට සිදුවනු ඇත.
ස්තුතියි! 

Thursday, December 5, 2013

විශාල ෆයිල් ඊමේල් කරමු..

   ඔයාලා අත්දැකීමෙන් දන්නවා ඇති විශාල ෆයිල් එකක් සාමන්‍ය ඊමේල් එකකින් යවන්න බැරි බව.කොම්ප්‍රෙස් කර යැවුවත් ඒ සීමිත ප්‍රමාණයක් විතරයි එහෙම යවන්න පුළුවන්.අද මම ඔයාලට හදුන්වා දෙන වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඔයාලට අවශ්‍ය 'බරැති'ෆයිල් යාළුවන්ට යවන්න පුළුවන් වෙයි.මෙතනින් ගිහින් ලියාපදිංචි වන්න.

Wednesday, November 27, 2013

LED නාම පුවරු සඳහා මෘදුකාංගය බා ගන්න

  ඔයාලා දැනටමත් LED නාම පුවරු නිෂ්පාදනය පටන් අරන් ඇති.ඒ අයටත් වෙනත් අයටත් මෙම විෂය අද්‍යනය කරන අයටත් වැදගත් වන මෘදුකාංගයක් වන POWER LED SOFTWARE එක මම අද ඔබට නොමිලේ බා ගන්න අවස්තාව දෙනවා.මෙම මෘදුකාංගයේ තවත් විශේෂ දෙයක් තමයි මෙය නැවත
යාවත් කාලීන කල හැකි වීම.ඒ කියන්නේ මෘදුකාංගය නිෂ්පාදකයා මෙම මෘදුකාංගයට අලුතින් යමක් එකතු කල හොත් එය අපට ඩවුන්ලෝඩ් කරගෙන අපේ මෘදුකාංගයට එය එකතුකර ගත හැකියි.මෙයට පෙර පැමිණි සංස්කරණ එසේ යාවත් කාලීන කරන්න බැහැ.මෙතන ක්ලික් කරලා ඕන අයට එය බා ගන්න පුළුවන්.exe ෆයිල් එකක් ලැබේවි.එය මත ඩබල් ක්ලික් කරලා එය පහසුවෙන්ම ස්ථාපනය කර ගත හැක.මෙම මෘදුකාංගය ගැන මා led නාම පුවරු නිෂ්පාදන පාඩම් මාලාව තුලින් විග්‍රහ කරලා තියෙනවා.led නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමට වෙනත් මෘදුකාංග කොතෙකුත් තිබුනත් මෙම මෘදුකාංගය මගින් ඉතා පහසුවෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්.තවත් තාක්ෂණික ලිපි කීපයක්ම ළඟදීම බලාපොරොත්තු වන්න.



ඔබට ජය!

Monday, September 30, 2013

ගමට ගෙනයා යුතු LED DIGITAL DISPLAY

ඔබට මම හෙටදින අඩවියෙන් පෙන්වා දුන් පරිදි නගරයෙන් ගමට ගෙනයා යුතු අපට ගැලපෙන ආකාරයේ අඩු වියදම් LED ඩිජිටල් තිරයක් නිර්මාණය කරන අයුරු ඉතා අඩු මුදලට මම ඔබට ලබා දෙනවා..මා එසේ කරනුයේ මෙම තාක්ෂනය තවමත් හරිහැටි ව්‍යාප්ත වී නැති නිසාත් රැකියා විරහිතව සිටින අයටත් තවත් අයකුට අමතර ආදායම් මාර්ගයක් පදාදීමේ අරමුණ ඇතිව බව කිව යුතුයි.අපේ රටට ගැලපෙන පුවරුවක් මා නිර්මාණය කළා ඔබට මතක ඇති.එය දිගින් අඩි 5ක හා පළලින් අඩි 3 ක වෙනවා..මා දැන් එය මුල්ලේරියාව නව නගරයේ ස්ථාපිත කර තියෙනවා.ඔබට මෙම ස්ථානයෙන් ගොස් එම වීඩියෝ දර්ශනය නැරඹිය හැක.
ඔබට ජය!.

Friday, September 27, 2013

නිවසේදීම රැකියාවක්



   වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇති LED නාම
පුවරු නිෂ්පාදනය මගින් ඔබට මාසිකව විශාල මුදලක් උපයා ගත හැක.දැනට මම විසින් ආරම්භ කල
ඇති අප ආයතනයේ  නාම පුවරු නිෂ්පාදනය මගින් විශාල මුදලක් ඉපයිමට හැකි වී  ඇත. දැනට ශ්‍රී ලංකාවේ මෙම තාක්ෂනය පැතිර ඇත්තේ ඉතා අඩුවෙනි .එය විශේෂයෙන් නගරයෙන් ගමට ගෙනයාම මගේ අරමුනයි.ලංකාවේ ජනතාවට LED බල්බ නිර්මාණය  උගන්වමින් මා වසරක් තිසේ අන්තර්ජාලයට මාගේ හෙටදින වෙබ් අඩවිය මගින් ලිපි විශාල සංඛයාවක්‌ ලියා ඇත.එම ලිපි කියවීමෙන් පසුව විශාල පිරිසක් තමන්ට අවශ්‍ය බල්බ තමන්ම නිපදවා ගෙන ඇත.මා මුලින්ම LED බල්බ නිෂ්පාදනය ගැන පාඩම් මාලාවක් අන්තර්ජාලයේ පළ කරමින් ජනප්‍රසාදයට ලක්ව ඇත.
                      LED නාමපුවරු නිෂ්පාදන පාඩම් මාලාව මම ඔබට ඉතා අඩු මිලට ලබා දීමට තීරණය කලේ මෙම පාඩම් මාලා දඩමීමා කරගෙන ඇතැම් පිරිස් මහා පරිමාණයෙන් මුදල් ගසා කන ව්‍යාපාර ආරම්භ කර ඇති නිසාය.ඇතැමෙක් මෙම පාඩම් මාලාවේදී භාවිතා වන මෘදුකාංගය පවා විකුණමින් මුදල් ලබා ගනිති.එය ඇත්තෙන්ම අන්තර්ජාලයෙන් ඕනෑම අයකුට නොමිලේ ලබා ගත හැකි එකකි.එහෙත් අන්තර්ජාල පහසුකම් නැති අයට මෙන්ම මෙම පාඩම් මාලාව ලබා ගන්න අයට මා එය ලබා දෙන්නේ නොමිළේය.
    මෙම පාඩම් මාලාව මා ඉලක්ක කරන්නේ නිවසේ සිටම තනිව කුඩා පරිමාන ව්‍යාපාරයක් ඇරඹීමටය.ඉලෙක්ට්‍රොනික්ස් විද්‍යාව නොදත් අයකුට වුවද පහසුවෙන් තේරුම් ගෙන තමන්ට ඕනා විදිහට programme පහසුවෙන් කරන අයුරු සරල සිංහලෙන් විග්‍රහ කර ඇත.
         තවත් කරුණක් වන්නේ දැනටමත් ඔබ නගරවල සවිකර ඇති විශාල LED නාම පුවරු සකස් කරන ආකාරය මෙහි දක්වා තිබීමය.එය නගරයෙන් ගමට ගෙනයාමේදී ඉතා අඩු මිලකට එවැනි විශාල පුවරුවක් සවිකරගන්නා අන්දම මා විග්‍රහ කර ඇත.උදා හරණ ලෙස ප්‍රධාන නගර වල වීඩියෝ ධාවනය වන විශාල දැන්වීම් පුවරු ඔබ දැක ඇත.එවැනි පුවරු ගමේ සාමන්‍ය නගරයකට නොගැලපේ.
   එවැනි පුවරු නඩත්තු කිරීමට අතිමහත් මුදලක් වැයවේ.ඒවායේ දැන්වීම් දැමීමට ඉදිරිපත් වන්නන් ගමේ නගරයක සිටිනුයේ එහෙමත් අයෙකි.එහෙත් මා ඔබට හදුන්වා දෙන සරල පුවරු නිෂ්පාදන ක්‍රම තුලින් ගම්මානයක ප්‍රධාන මංසන්දියක පුවරුවක්  සවිකර ඔබට දැන්වීම් දමා මාසිකව පහසුවෙන් මුදලක් උපයා ගත හැක .මෙය ඉතා දීර්ඝ කාලීනව කල හැක්කේ කිසිදිනක මෙම තාක්ෂනය දියුණු වනවා මිස ආපස්සට නොයන නිසාය.එමෙන්ම ගම නගර දියුණු වන විට වැඩි වැඩියෙන් දැන්වීම් ඔබට ලැබෙනු ඇත.මා විසින් නිර්මාණය කල පුවරුවක් මුලේරියාව රෝහල හන්දියේ සවිකර ඇත.                                   
       කුඩා දැන්වීම් පුවරු සකස් කරන අන්දමද මෙහි දක්වා ඇත.එම දැන්වීම් පුවරු බස්රථ හා කඩ සාප්පුවලට උචිතය.විශාල පුවරු වලට වඩා වඩාත් ඉල්ලුම ඇත්තේ කුඩා ප්‍රමාණයේ පුවරු වලටය.ඔබට මෙම පාඩම් මාලාව අද්‍යනය කිරීමෙන් පසුව පහසුවෙන් නව කර්මාන්තයක් ඇරබිමට හැකිවනු ඇත. මුදල් අර්ථවත් දෙයකට යොදවන්න.හෙට ලෝකයේ නවතම තාක්ෂණික තොරතුරු හා ඒවා නගරයෙන් ගමට ගෙනයන හෙටදින වෙබ් අඩවියහා නිතරම රැඳෙන්න.නිර්මාණ ශීලිත්වයෙන් පිරුණු ඔබට නව නිෂ්පාදන ක්‍රම තුලින් දියුණු වීමට අවස්තාව ලැබෙනු ඇත.

ස්තුතියි!
එම්.ඒ.එස්.කුමාර.

Wednesday, September 11, 2013

නිවසේ සිටම අමතර ආදායමක්..

          අද තම රැකියාවෙන් ලැබෙන මුදලින් එදිනෙදා වියදම් පවා හරි හැටි පියවා ගන්නේ එහෙමත් කිහිප දෙනෙක් පමණයි.ජිවන වියදම ඉහල ගියත් අපේ අදායම් මාර්ග අවහිර වී තිබීම ඊට හේතුවයි.මම ඔබට ඉතා
සාර්ථකව කළ හැකි නව ආදායම් මාර්ගයක් හදුන්වා දෙන්නම්.ඔයාලා දැනටමත් දන්නවා ඇති ලංකාවේ LED බල්බ නිෂ්පාදනය මගින් විශාල පිරිසක් ලාභ ලබන බව.උපකරණ අඩු මිලට ලබා ගත හැකි වීමත් එහි නිෂ්පාදන තාක්ෂනය ප්‍රචලිත වීමත් එයට හේතුවක්.මෙම තාක්ෂනය ගමට ගෙනයාම සඳහා හෙටදින අඩවිය සුවිශාල කාර්ය භාරයක් ඉටුකර තියෙනවා.ඒ සියලු පාඩම් මාලා නොමිලේ ලබා දෙමින්.දින පතාම මට ලැබෙන දුරකථන ඇමතුම් වලින් ඒ බව සනාථ වෙනවා.ඉතින් මම අද ඔබට කියලා දෙන්න යන්නේ ඔබට තනිවම ආරම්භ කල හැකි තවත් ආදායම් මාර්ගයක්.ඔයාලා දන්වා දැනට ලංකාවේ දැන්වීම් කරණය මගින් ඉතා විශාල වශයෙන් ආදායම් ලැබිය හැකි බව.ඒ කියන්නේ අනුන්ගේ ව්‍යාපාර මගින් තමන් වක්‍රා කාරව විශාල ලාභයක් උපයා ගැනීමයි.ඔයාලා රුපවාහිනිය නරබන විට දැකලා ඇති කෙතරම් දැන්වීම් ප්‍රමාණයක් එහි ප්‍රචාරය වනවාද කියා.එමගින් එම රුපවාහිනි ආයතන අතිමහත් ලාභයක් උපයනවා.ඉතින් ඔයාලටත් පුලුවන් මේ ආකාරයට දැන්වීම් අරගෙන මුදලක් උපයා ගන්න.එකට නිර්මාණ ශීලිත්වය හා ඔබේ දක්ෂතාවය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.ඔයාලට කරන්න තියෙන්න ගමේ හෝ නගරයක බස් නැවතුම් පලක LED නාම පුවරුවක් සවිකර එහි විවිධ දැන්වීම් ලබාගෙන පළ කිරීමයි.ඒ සඳහා දැන්වීම් කරුවා ඔබට මුදල් ගෙවිය යුතුයි.මෙය සම්පුර්ණයෙන්ම නීතිමය ආකාරයට ,මුදල් ඉපැයීමක් බව කිව යුතුයි.
ඉතින් ඔය හැටි දැන්වීම් දාන්න කෝ අපට පුවරුවක්.කලබල වෙන්න එපා ගමේ නගරයකට දැවැන්ත වීඩියෝ ධාවනය කළ හැකි පුවරු අවශය නැහැ.එවැනි පුවරු නඩත්තු කිරීමටත් අති මහත් ධනයක් වැයවෙනවා.ඒත් ඔබ විසින්ම සාදා ගන්නා කුඩා ප්‍රමාණයේ LED නාම පුවරුකින් ඔබට එහි අඩු මිලට දැන්වීම් දමා ගත හැකියි.එම පුවරුවක ද්විත්ව වර්ණයක් තිබීම ප්‍රමාණවත්.එම වර්ණ දෙක එකතුවූ විට තවත් වර්ණයක් නිකම්ම ලැබෙනවා.ඒ කියන්නේ වර්ණ තුනක් ලැබෙනවා..මෙවැනි පුවරුවක් ඔබේ ගමේ නගරයේ ප්‍රධාන මංසන්දියක හෝ බස නැවතුම් පලක සවිකර ගත හැකියි.ඔබට ඉතා පහසුවෙන් නගරයේ ටියුෂන් පන්ති වලින් හා වෙනත් ආයතන වලින් දැන්වීම් ලැබෙනු ඇති.එවැනි පුවරුවක දැන්වීම් 20-30 දාගත්තම හොඳටම ඇති.එක දැන්වීමකට මාසයකට රු.2500.00 ගානේ දැන්වීම් 20 ක් දැම්මොත් රු.50000.00 ලැබෙනවා..විදුලි බිලට රු.600.ක් විතර යයි.
ඔයාලට මෙය ඉතා සාර්ථකව කල හැකි පරිදි මම සරල සිංහලෙන් පාඩම් මාලාවක් සකස් කර තියෙවා එය රු.750.වැනි ඉතා සුළු මුදලකට ඔබට මිලදී ගත හැකියි.අවශ්‍ය අය මට දන්වන්න.ඔබට නොමිලේ නිතරම තාක්ෂණික සහාය ලැබෙනු ඇති.මා විසින් නිර්මාණය කරන ලද නාම පුවරුවක් මුල්ලේරියාව නවනගරයේ.රෝහල හන්දියේ පිහිටුවා තිබෙනවා.එය සවිකර සති දෙකක් යාමට පෙර දැන්වීම් කීපයක්ම ලැබුනා..ඉදිරියේදී ටියුෂන් පන්තිවලින් දැන්වීම් ලබා දෙන බව ඔවුන් මාවෙත දන්වා තිබෙනවා..
ඔබට ජය!

Wednesday, August 28, 2013

දැන්වීම් කලාවේ නවතම ක්‍රමය..

  මම ඔයාලට LED බල්බ හා LED නාමපුවරු නිෂ්පාදනය පිළිබඳව පාඩම් මාලාවන් පටන් අරගෙන දැන් සෑහෙන කලක් ගෙවී ගිහින්.ගොඩක් අය මගේ ලිපි කියවලා බල්බ හදන්න පටන් අරං.එය මට ගොඩක් සතුට
දනවන්නක්..
ඉතින් මමත් දැනට වසර දෙකක පමණ කාලයක සිට LED නාම පුවරු සාදනවා..මා මිට පෙර සඳහන් කල පරිදි ඔයාලට හොඳ නගරයක හෝ මංසන්දියක ටිකක් ලොකු ඩිජිටල් තිරයක් දා ගත්තොත් වැඩේ ගොඩම තමයි.මොකද ඔය වගේ තැනක දැන්වීම් දාගන්න ගොඩක් ව්‍යාපාරික අය කැමතියි.මොකද හැමෝටම පේන නිසා.විශේෂයෙන් ටියුෂන් කරන ගුරුවරුන්ගෙන් ඔයාලට පහසුවෙන්ම දැන්වීම් ගන්න පුළුවන්.එක දැන්වීමකට මාසයකට 2500 ක් විතර අයකරල දැන්වීම් 20ක් දාගත්තනම් හොඳටම ඇති.එයින් ඔබට මාසිකව රු 50000ක් විතර හොයන්න පුළුවන්.ලයිට් බිලට රු.2000ක් ගියත් ලාබයි.
මුලින් ටිකක් වියදම් කරන්න නම් වෙනවා..සාමාන්‍යන් අඩි 3X5 ප්‍රමාණයේ පුවරුවක් දැන්වීම් දැමීමට ප්‍රමානවත්..එකේ වර්ණ භාවිතය පිළිබඳව සැලකිය යුතු වෙනවා..ද්විත්ව වර්ණ තිබුනත් ඇති.ඒ කියන්නේ කොළ හා රතු.එම වර්ණ දෙක එකවර දැල්වෙන විට කහ පාට නිකම්ම ලැබෙන නිසා වර්ණ තුනක පුවරුවක් බවට එය පත් වෙනවා..කුඩා ප්‍රමාණයේ දැන්වීම් 200 ක් පමණ මෙවැනි පුවරුවක දාන්න පුළුවන්.ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙන්නත් දැන්වීම් පුවරුව අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක වී අවශ්‍ය වෙලාවට අක්‍රිය වීම ස්වයංක්‍රියව සිදුකිරිමට ද පුළුවන්..මෙම සියලු පාඩම් මම ඔබට කියලා දෙන්නම්..ඉතින් ඔයාල කියනවා ඇති මෙයා පාඩම් මාලා දැම්මට මම පුවරුවක්වත් දාලා නැහැ කියලා..මමත් LED තිරයක් සවිකරලා තියෙනවා..කොලඹ මුල්ලේරියාව ප්‍රදේශයේ,මුල්ලේරියාව නවනගරයේ රෝහල හන්දියේ.එය පෙරවරු 7.00 සිට රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මකයි.මුල්ලේරියාව ප්‍රදේශයේ ව්‍යාපාරික බවතුන්ටත් ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරුන්ටත් මම අරාධනා කරනවා මෙහි දැන්වීම් දැමීමට.මොකද මෙම පුවරුව සවිකර ඇති තැන දිනකට දහස් ගණනක් එහා මෙහා යන එන තැනක්..ඔයාලත් මෙවැනි තිරයක් හදලා තමන්ගේ නගරයේ හෝ වෙනත් තැනක සවිකර නිවසේ සිටම අමතර අදායමක් ලබා ගැනීමට කැමති
නම් මට ඔබට ඉතා අඩු වියදමකින් මෙවැනි තිරයක් සදා දිය හැකියි.ඔබට අතහිත දීමට මම හැමවිටම සුදානම්..
ඔබට ජය.!

   

Sunday, August 25, 2013

LED නාම පුවරු නිෂ්පාදන පාඩම් මාලාව 2

   කලින් පාඩමේදී මම ඔබට හදුන්වා දුන්නා මතක ඇති LED නාම පුවරු ගැන කල හැඳින්වීම ඉතින් අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ මෙම පාඩම් මාලාවේ පටුන හා තවත් විස්තර කීපයක්.
පාඩම් මාලාවේ පටුන
1.LED නාම පුවරු නිෂ්පාදනයට
අවශ්‍ය මුලික උපකරණ
2.LED මොඩියුලය
3.බල සැපයුම් ඒකකය.
4.පාලන ඒකකය.
5.මෘදුකාංගය හදුන්වා දීම.
6.මෘදුකාංගය ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම.
7.LED නාම පුවරු සඳහා රාමුවක් සැකසීම.
8.කුඩා නාම පුවරුවක් සැකසීම.
9.නාම පුවරුව සඳහා මෘදුකාංගය මගින් වැඩසටහන සැකසීම.
10.නාම පුවරුව අකුරු රටා හා වාක්‍ය එකතු කිරීම.
11.බස්රථ සඳහා නාම පුවරු සැකසීම
12.නාම පුවරුවට පින්තූර එකතු කිරීම.
13.ද්විත්ව වර්ණ පුවරුවක් සැකසීම.
14.දැන්වීම් දැමීමට විශාල පුවරුවක් සැකසීම.
15.USB මගින් දත්ත ඇතුළු කිරීම.
16.ඇනිමේෂන් හා බෝඩර් එකතු කිරීම.
17.සම්පුර්ණ වර්ණ සහිත පුවරුවක් සැකසීම.
18.සම්පුර්ණ වර්ණ සහිත පුවරුවක උපකරණ හඳුන්වා දීම.
19.සම්පුර්ණ වර්ණ සහිත පුවරුවකට අවශ්‍ය මෘදුකාංගය හදුන්වාදීම.
20.වීඩියෝ දර්ශන ඇතුලත් කිරීම.
21.දැන්වීම් දැමීමට තිර සැකසීමේ අඩුවියදම් ක්‍රම.

LED නාම පුවරු නිෂ්පාදනයට අවශ්‍ය මුලික උපකරණ
පහත උපකරණ ඔබ සතු වීම වැදගත්ය.
ලැප්ටොප් පරිගණකයක් හෝ ඩෙක්ස්ටොප් පරිගණකයක්
1.යකඩ කපන කියතක්.
2.රිවට් මැෂින් එකක්.
3.මල් ස්කුරුප්පු නියන් හා විදුලි පාහනයක්
4.මල්ටිමිටරයක්.
5.ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක්.
මෙම උපකරණ නැතිනම් කලබලනොවන්න.යාළුවෙකුගෙන් ඉල්ලා ගන්න.ඔබට බස්රථ නාම පුවරු 3ක් සාදා විකිණීමෙන් පසු මෙම සියල්ල මිලදී ගත හැක.
LED නාම පුවරු..
LED නාමපුවරු සඳහා යොදා ගන්නේ ඒකක වශයෙන් ඇති කොටස් කීපයකි.මින් එක කොටසකට මොඩියුලයක් යැයි කියනු ලැබේ.මේවා සාමාන්‍යයෙන් අඩි භාගයක් උසින් හා අඩි එකකක් දිගින් යුක්තය.එක් එක් මොඩියුල වලට ආවේනික ලක්ෂණ කීපයක් ඇත.
1.සමහර මොඩියුල වල ඇත්තේ එක වර්ණයක් ඇති LED ය.
2.තවත් ඒකක වර්ණ දෙකක් ඇති LED අඩංගු කර ඇත.
3.තවත් ඒකක වර්ණ තුනක LED අඩංගු කර ඇත.

පරීක්ෂණ මට්ටමේ සිටින ඔබ හට එක වර්ණයක් අඩංගු මොඩියුල තෝරාගෙන දැන්වීම් පුවරු සාදා ගන්න.එවිට වියදමද අඩුය.තමන්ට ඕනා හැටියට සකස් කරමින් අත්දැකීම් ලබා ගත හැකිය.
සාමාන්‍යයෙන් එක වර්ණයක් ඇති මොඩියුලයක පළල අතට LED බල්බ 16 ක් ද දිගු අතට LED බල්බ 32 ක් ද ඇත.
මොඩියුලය
   LED නාම පුවරුවේ තැනුම් ඒකකයයි.මොඩියුල ගණනාවක් එක් කර විශාල පුවරු තනන්නට පුළුවන.සම්පුර්ණ වර්ණ ඇති මොඩියුල එක්කර තනන නාම පුවරුවකට ලොව ඇති ඕනෑම වර්ණයක් ජනිත කල හැකිය.එනම් එය රුපවාහිනියකට සම කල හැකිය. මොඩියුලය නරබන්න.එහි LED සවි කර ඇති අයුරු නරබන්න.සෑම LED එකක්ම පාලන ය වන්නේ IC එකකින් බව පෙනෙනු ඇත.මේවාට ලෝජික් IC යයි කියනු ලැබේ.මෙම ලොජික් IC දීම නිසා පරිපථයට යෙදිය යුතු අතිමහත් වයර් ප්‍රමාණයක් අඩු වි ඇත.පරිපථයට ලැබෙන දත්ත කියවා බලා නිය මිත LED එක පමණක් අදාල අවස්ථාවේ දැල්වීම මෙම ලොජික් IC වල කාර්ය වේ.මෙම ලොජික් IC එකක් පිලිස්සුන විට එම ප්‍රදේශයට අදාළ LED පමණක අක්‍රිය වේ.එය පහසුවෙන් හදුනා ගෙන අලුත් වැඩියා කල හැකිය.
ඔබ වෙළඳ පොලින් මොඩියුල මිල දී ගන්නා විට එය ඉල්ලා සිටිය යුතු වර්ග ඇත.එය P10,P20,P16 ලෙස ඇත.මීවායින් කිය වෙන්නනේ එම මොඩියුල වල අංක වලින් දක්වා ඇති මීටර් ගණනක දුර සිට බැලුවිට එම මොඩියුල යොදා තැනු නාම පුවරුවේ දැන්වීම පැහැදිලිව පෙනෙන බවය.උදා හරණයක් ලෙස P10ලෙස දක්වා ඇති මොඩියුල යොදා තනන නාම පුවරුවක එහි දිස්වන දැන්වීම් පැහැදිලිව නැරබිමට අඩුම වශයෙන් මීටර් 10 ක් වත් පසුපසට යායුතු බවය.
ඔබගේ නාම පුවරුව දිස්වන දුර අනුව ඔබට අවශ්‍ය මොඩියුල තෝරා ගත හැකිය.මොඩියුලයට විදුලි බලය ලබාදිය යුත්තේ 5V සරල ධාරාවකි.එය යම් හෙයකින් 5V ට වඩා වැඩි වුව හොත් ලොජික් IC වලට හානි පැමිණේ.එනිසා 5V වොල්ටිය තාවක් හැම විටම ලබා දිය යුතුය.
මොඩියුලයට දත්ත සපයන පෝර්ට් (PORT)එකක් ඇත.ඒ අසල HUB08 හෝ HUB12 ලෙස මුද්‍රණය කර ඇත.එයින් කිය වෙන්නේ එම මොඩියුලයේ එම පෝර්ට් එක ඩේටා කේබලය මගින් පාලන ඒකකයේ HUB08 හෝ HUB 12පෝර්ට් සමග නිවැරදිව සම්බන්ද විය යුතු බවය.එනම් සෑමවිටම HUB 08 මොඩියුලයක පෝර්ට් එක ඩේටා කේබලය පාලන එක්කකයේ HUB 08 පෝර්ට් එක සමග නිවැරදිව සම්බන්ද කලයුතු බවය.මොඩියුලයේ ඉහළින්මුද්‍රිත පුවරුවේ P10,P20,P16ලෙස දක්වා ඇත්තේ එම මොඩියුල වර්ගයයි.
මොඩියුල දෙවර්ගයකින් ඔබට ලබා ගත හැකිය.ඒ නිවාස තුල භාවිතා කරන හා එළිමහනේ ආවරණක් රහිතව භාවිතා කරන ඒවා ලෙස ය.නිවාස තුල මෙම මොඩියුල යොදන විට වැසි ජලය නොයන බැවින් අඩු වියදමකින් පුවරුව ගොඩ නැගිය හැක.එහෙත් එලි මහණේ පුවරුවක් සවිකරන විට යන වියදම මදක් වැඩිය. ඔබ මිලදී ගන්නේ out door වර්ගයේ එකක් නම ඒ සඳහා වෝටර් සීල් එකක් ලබා ගන්න.
ඔබට ජය!
LED නාම පුවරු පළමු පාඩම බලන්න මෙතනින් යන්න.