Saturday, December 29, 2012
වීඩියෝ කාඩ් එකෙහි ධාරිතාව බලන්නේ මෙහෙමයි!
අප භාවිතා කරන පරිඝනකයක වීඩියෝ කාඩ් හෙවත් ග්‍රැෆික් කාඩ් එකේ ධාරිතාව දැන ගැනීමට පහසු ක්‍රමයක් අද මම හදුන්වා දෙමි.මේ සඳහා ඔබ පළමුව Direct x වින්ඩෝවට පිවිසෙන්න.මේ සඳහා වින්ඩෝස් ලකුණ සහිත යතුර තද කරගෙන R අකුර තද කරන්න.එවිට Run ඩයලොග් බොක්ස් එක Open වේ.එහි Dxdiag යන්න ටයිප් කර OK කරන්න.එවිට මතුවන Direct x වින්ඩෝවෙහි Display ටැබ් එක ක්ලික් කරන්න.එවිට ග්‍රැෆික් ධාරිතාව පෙන්වනු ඇති.
ඔබට ජය!
Friday, December 28, 2012
ලෝකයේ ලොකුම බොරුව....
2012 දී ලෝක විනාශයක් සිදුවන බව ඇතැමුනන් ප්‍රකාශ කලද එය බටහිර රටවල් විසින් සිදුකල අමුලික බොරුවක් බව දැන් සනාථ වී ඇත.මෙවැනි මාතෘකාවක් මගින් ජනයා තමන් වෙත ඇදගැනීම ට හැකි බව තේරුම් ගත් බටහිර රටවල් අහිංසක මිනිසුන් ගේ සොච්චමට ගැසීමට මෙය කුට උපායක් ලෙස යොදාගත් බව දැන් හෙලිදරවූ වෙමින් ඇත.විශේෂයෙන් චිත්‍රපටි නිෂ්පාදකයන් මෙම සිද්ධිය භාවිතා කරමින් චිත්‍ර පටි නිපදවා මහජනයාට අලෙවී කර අතිමහත් දානස් කන්දයක් උපයා ගතත් බව නොරහසක් නොවේ.අප දන්නා පරිදි 2012 DVD පටය නොබැලු අයකු නැති තරම්ය.අම DVD පට නිශ්පාදකයන් කෙතරම් ලාභයක් උපයා ගතේදැයි ඔබට සිතිය හැකිද?
ඇත්ටම යම් දිනක ලෝක විනාශයක් සිදුවිය හැක.එහෙත් ඒ අද හෙට නොවේ.තවත් වසර බිලියන ගණනකිනි.ඇරත් ලෝකවිනාශයක් සිදුවීමට කලින් ඒ බව දැනගැනීමට නවීන තක්ෂණයට හැකියාව ඇත.එනිසා දැන්ම අප ඒ ගැන කලබල විය යුතු නොවේ.බුදු දහම අනුවද සියල්ල අනිත්‍ය බැවින් ලෝකයද යම දිනක විනාශවිය යුතුය.එය පෙරදැරිකරගෙන යම් අයෙකු තම මඩිය තර කරගැනීමට පෙළබේ නම් එය තරම් නොහොබිනා දෙයක් තවත් නැත.
ඔබට ජය!
Tuesday, December 25, 2012
ප්‍රායෝගික පරිගණක විද්‍යාවේ නව මං පෙත්
සිවිල් ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ප්‍රායෝගික විද්‍යාවන් ශත වර්ෂ ගණනාවක සිට මානව සමාජයේ පැවතිණ. අප දැනට අධ්‍යාපනය ලබන්නේ එම විෂයන්හි බටහිර මුහුණුවර වුවත් පෙරදිග රටවල ද චිරාත් කාලයක සිට එම විද්‍යාවන් වෙනත් නම්වලින් හා වෙනත් මුහුණුවරින් සමාජගත වී තිබිණ. (උදා(- ආයුර්වේදය, වාරි තාක්ෂණය, .....) එහෙත් පරිගණක විද්‍යාව යනු මුළු ලොවට ම නව විෂයකි. එය සමාජගත වී තවම ශත වර්ෂයක් වත් ගත වී නැත. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ප්‍රතිඵලයක් ලෙස වැඩිදියුණු වූ එය, නූතන කාර්මික සංවර්ධනයේ ප්‍රධාන ම සංරචකය බවට ද පත් වෙමින් පවතී
.
වර්තමානය වන විට පරිගණකය මිනිස් සමාජයේ සැම අංශයක් ම ආක්‍රමණය කර ඇත. පරිගණක සහාය නොමැති වුව හොත් අද බොහොමයක් ක්ෂේත්‍ර අක්‍රිය වනු ඇත. (වෛද්‍ය පරීක්ෂණ, සංකීර්ණ සැත්කම්, ගුවන් ගමන්, සන්නිවේදනය, ආරක්ෂක කටයුතු....) මෙසේ සමාජගත ව ඇති මේ නව විද්‍යාත්මක දැනුම යම් පමණකින් හෝ ලබා තිබීම නූතන සමාජයේ ඕනෑ ම අයකුට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. මේ ලිපියේ අරමුණ පරිගණක ක්ෂේත්රයේ ඇති නව ප්රවණතා හා පොදු ජනතාවට වැදගත් අංගයන් කිහිපයක් පිළිබඳව පරිගණක විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් නැති සාමාන්‍ය පාඨකයන් හට අවබෝධයක් ලබා දීම ය. අනාගතයේ පරිගණක විද්‍යාව වැඩිදුරට හැදැරීමට අපේක්ෂා කරන පාසල් දරුවනට ද සිය අනාගතය පිළිබඳ යම් හෝ සැලසුමක් සකස් කර ගැනීමට ද මෙයින් උපකාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.
ලොව බොහොමයක් විද්‍යාවන් මෙන් පරිගණක විද්‍යාව ද අධ්‍යයන පහසුව තකා, ශූද්ධ පරිගණක විද්‍යාව හා ව්‍යවහාරික පරිගණක විද්‍යාව යනුවෙන් කොටස් දෙකකට වෙන් කරනු ලැබ ඇත. ශූද්ධ පරිගණක විද්‍යාව යනු පරිගණක විද්‍යාවේ මූලධර්ම හා මූලික සංකල්ප අඩංගු න්‍යායික කොටස ය. ව්‍යවහාරික පරිගණක විද්‍යාව යනු එම මූලධර්ම හා මූලික සංකල්ප යොදාගෙන මිනිසා ගේ නොයෙකුත් අවශ්‍යතා ඉටු කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයයි.
පහත සඳහන් වන්නේ වර්තමාන පරිගණක විද්‍යා අධ්‍යයනයේ දී ප්රමුඛ වන ව්‍යවහාරික පරිගණක ක්ෂේත්රයන් කිහිපයක් පිළිබඳ හඳුන්වා දීමකි.
1. කෘත්‍රිම බුද්ධිය හා යාන්ත්‍රික අධ්‍යයනය (Artificial Intelligence & Machine Learning )
ලිපිලේඛන පිළියෙල කිරීම, සංකීර්ණ ගණනය කිරීම් වේගයෙන් නිම කරගැනීම, විනෝදාස්වාදය සඳහා ත්‍රිමාන චිත්‍රපට නිපදවීම, කාලගුණ අනාවැකි පළ කිරීම ආදි විවිධ ක්ෂේත්රයන්ට අදාළ බොහොමයක් මිනිසාට අවශ්‍ය දේ පරිගණකයකින් ඉටු කොට ගත හැකි ය. එහෙත් පරිගණකයට තවම කළ නො හැකි වූ දෙයක් ඇත. ඒ මිනිසා මෙන් සිතීම හා ක්‍රියා කිරීම ය. එනම් ආතර් සී. ක්ලාක් මහතා ගේ 2001 විද්‍යා ප්‍රබන්ධයේ එන හල් නැමැති මන(කල්පිත පරිගණකය මෙන් ක්‍රියා කිරීම ය. මීට දශක කිහිපයකට පෙර සිට ම පරිගණක විද්‍යාඥයෝ මෙසේ කෘත්‍රිම බුද්ධියක් බිහි කිරීමට වෙහෙස වූ හ. එම ප්රයත්නයන් දෙයාකාර වේ.
එක් ආකාරයක් වූයේ මිනිසා විසින් සිය සිතීමේ හැකියාවේ හා බුද්ධියේ ප්‍රතිඵලයක් ලෙස සිදු කරනු ලබන විශේෂ ක්‍රියාවන් වෙන වෙන ම පරිගණක මගින් සිදු කිරීම ය. චෙස් ක්‍රීඩා කිරීම, මිනිස් කටහ`ඩ වටහා ගැනීම, ඡායාරූපයක් දුන් විට එහි සිටින පුද්ගලයන් හඳුනා ගැනීම ආදි හැකියාවන් ඇති මෘදුකාංග බිහි වූයේ එම ප්රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙසින් ය. එහෙත් එය පුළුල් ලෙස පරිගණකය මිනිsසකු ලෙස හැසීරීමක් සේ සැලකිය නො හැකි ය. එය හුදු මිනිසා විසින් සිය මනස උපකාරයෙන් කරනු ලබන දහසකුත් එකක් ක්‍රියාවන් ගෙන් එකක් පමණක් කිරීමට හැකි, එම ක්‍රියාකාරකම සඳහා ම සුවිශේෂ වූ මෘදුකාංගයක් නිපදවීමක් පමණි. ඒ එක් එක් කාර්යයන් පරිගණකය ඔස්සේ ඉටු කර ගැනීම සඳහා නොයෙකුත් න්‍යායන් හා ක්‍රමවේදයන් මිනිසා විසින් සොයාගනු ලැබ ඇත.
අනෙක් ආකාරය වූයේ අනුමාන වශයෙන් ම මිනිස් මොළය ක්‍රියා කරන ආකාරය මෘදුකාංග පද්ධතිය මගින් නිරූපණය කිරීම ය. මෙහි දී පරිගණක විද්‍යාඥයන් ගේ ඉලක්කය වන්නේ තර්කනය, සාමාන්‍ය ගැටලු විසඳීම, ස්වයං අධ්‍යයනය, භාෂා අවබෝධය, සැලසුම් සකස් කිරීම, නිර්මාණශීලීත්වය ආදී මිනිසාට පමණක් ඇති හැකියාවන් පරිගණකයට ද ලබා දීම ය. මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා, මිනිසා ගේ මොළයේ සංයුතිය, ස්නායු පද්ධතියේ හා ස්නායු සෛලවල ව්යqහය සියුම්ව අධ්‍යයනය කොට ඒවායේ ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති පරිගණක මෘදුකාංග කොටස් නිපදවා ඇත. එබඳු ස්නායු සෛලයකට සමාන මෘදුකාංග විශාල ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කොට ජාලගත කිරීමෙන් කෘත්‍රිම ස්නායු සෛල ජාලයක් නිපදවිය හැකි ය. අනතුරුව එය, යම් සංකීර්ණ ප්‍රදානයන් සමූහයක් ලබා දුන් විට ඊට අනුකූල සංකීර්ණ ප්‍රතිදානයක් ලබා දෙන කෘත්‍රිම මොළයක් ලෙස සැලකිය හැකි ය. කුඩා දරුවකු සිය පරිසරය හා වැඩිහිටියන් ඔස්සේ ක්‍රමයෙන් නොයෙක් දේ ඉගෙන ගෙන සිය බුද්ධිය හා දැනුම සංවර්ධනය කරගන්නා අයුරින් මේ මෘදුකාංගමය කෘත්‍රිම මොළයට ද යම් විෂයකට අනුකූලව ප්‍රදාන සමූහයක් ලබා දී ඊට අදාළ නිවැරැදි ප්‍රතිදානයන් ද පෙන්වා දීමෙන් එම විෂය සඳහා විශේෂ වූ කෘත්‍රිම බුද්ධියක් ජනනය කළ හැකි ය. එම දැනුම හා බුද්ධිය එම මෘදුකාංග පද්ධතිය තුළ ගබඩා වේ. මෙසේ එබඳු කෘත්‍රිම ස්නායු ජාලයකට දැනුම ලබා දී බුද්ධියක් ජනනය කිරීමේ ක්‍රියාවලිය එම කෘත්‍රිම ස්නායු සෛල ජාලය "පුහුණු කිරීම" යනුවෙන් හඳුන්වනු ලැබේ.
මෙලෙස නියම ආකාරයෙන් පුහුණු කරන ලද කෘත්‍රිම ස්නායු පද්ධතියක් ප්‍රාථමික මට්ටමින් මිනිස් මොළයකට ආසන්න ක්‍රියාකාරිත්වයක් දක්වයි. එහෙත් එහි ධාරිතාව හෙවත් බුද්ධි මට්ටම වර්තමාන පරිගණක තාක්ෂණය උපරිමයට ම යොදාගත්ත ද මිනිස් මොළයකට ආසන්න වී නැත.
යාන්ත්‍රික අධ්‍යයනය ද මීට සම්බන්ධ විෂයයකි. එහි දී පරිගණකයක් යම් කාර්යයක් සඳහා විශේෂයෙන් ක්‍රමලේඛනය නො කොට එම කාර්යයට අදාළ දැනුම තොරතුරු උකහා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට සලස්වනු ලැබේ. උදාහරණයක් ලෙස විවිධාකාර කාලගුණ දත්ත සමූහයක් පරිගණකයකට ලබා දුන් විට, හෙට දිනයේ කාලගුණය පිළිබඳව අනාවැකියක් පළ කිරීමට හැකියාවක් මින් ලැබෙනු ඇත. එහි දී එක් එක් දර්ශකයන් කාලගුණය කෙරෙහි බලපානු ලබන්නේ කෙසේ දැයි යන දැනුම පරිගණකයට ලබා දී නැත. එහෙත් පරිගණකය විසින් ම ඒ එක් එක් දර්ශකයන් කාලගුණික සාධක වෙත බලපාන්නේ කෙසේ දැයි ස්වයං අධ්‍යයනයක් කරනු ලැබේ. එසේ ස්වයං අධ්‍යයනයන් කිරීමේ ක්‍රමවේද ගණනාවක් පරිගණක විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ ඇත. ඒවා වැඩි දියුණු කිරීමත්, අවස්ථාවන්හි දී යොදා ගැනීමත් වර්තමානයේ මේ ක්ෂේත්රයට අදාළ කටයුතු ය.
2. ජීව තොරතුරු විද්‍යාව (Bio - informatics)
ජීව තොරතුරු විද්‍යාව යනු පරිගණක ඇසුරින් ජීව විද්‍යාත්මක තොරතුරු උකහා ගැනීම, ගබඩා කිරීම හා අධ්‍යයනය පිළිබඳ වූ විද්‍යාවකි. මෙහි දී ජීව විද්‍යාත්මක තොරතුරු ලෙස අදහස් වන්නේ ජීවීන් ගේ ජානගත තොරතුරු, ප්‍රොටීන දාමයන්හි හැඩයන් හා හැසිරීම්, ජාන හුවමාරු වීමේ ක්‍රමවේද, සෛලවල ක්‍රියාකාරිත්වය ආදී කරුණු ය.
මෙහි එක් අංශයක් වන්නේ පරිගණක මෘදුකාංග මගින් මේ විෂයට අදාළ පරිසරයන් හා ක්‍රියාවලීන් නිරූපණය කිරීම ය. එම කටයුත්ත සාර්ථක නම් එම අතථ්‍ය පරිසරය තුළ සිදු වන දේ සැබෑ පරිසරය තුළ සිදු වන දෙයට බොහෝ දුරට සමාන වේ. එම නිසා පරිසරයේ සිදු වන වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන් සැබෑ ලෝකයේ දී සිදු වන දේ පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි ය.
උදාහරණයක් ලෙස පිළිකා සෛලයකට යම් රසායනික සංයෝගයක් ඇතුළු වූ විට ඒ තුළ සිදු වන දෙය හා එබඳු සෛල විශාල ප්‍රමාණයක් ඇති තැනක දී සිදු වන දෙය සත්‍ය ලෝකය තුළ පරීක්ෂණයක් කර දැන ගැනීම ඉතා අසීරු මෙන්ම විශාල වශයෙන් කාලය හා මුදල් වැය වන කටයුත්තකි. එබඳු දෙයක් එක් අංශූමය ක්‍රියාවක් නො ව, හේතු ඵල වශයෙන් සම්බන්ධ වන ක්රියාදාමයකි. එය නොයෙක් බාහිර සාධක වෙනස් වන විට වෙනස් වීමට ද ඉඩ ඇත. එම ක්‍රියාදාමය සැබෑ ලොව තුළ සිදු වීමට බොහෝ කාලයක් ගත වනු ඇත. එහෙත් පරිගණක මෘදුකාංග මගින් අතථ්‍ය පරිසරයක් නිපදවා ඒ තුළ එම පරීක්ෂණය විවිධ බාහිර සාධක යටතේ බොහෝ වාරයක් සිදු කිරීමට වැය වන්නේ කෙටි කාලයක් හා සුළු මුදලකි. එමෙන් ම එය පහසු ක්‍රියාවලියකි. එනිසා විවිධ ඖෂධ වර්ග හා ප්‍රතිජීවක වර්ග ආදිය නිර්මාණය කිරීමේ දී මේ ජීව තොරතුරු විද්‍යාව බොහෝ උපකාර වේ.
3. පරිගණක - මිනිස් අන්තර්ක්‍රියා (Human - Computer interaction)
පරිගණකය බිහි වූ මුල් අවධියේ පරිගණකයට මිනිසා ප්‍රදානයක් ලබා දුන්නේ සිදුරු කරන ලද කාඩ්බෝඩ් කැබැලි ආධාරයෙනි. පරිගණකයෙන් නැවත මිනිසා වෙත ප්‍රතිදානයක් ලැබුණේ ද කඩදාසි මාධ්‍යයෙනි. වර්තමානයේ ස්පර්ශ සංවේදී තිර හා ත්‍රිමාන නිර්මාණකරණ උපකරණ භාවිත කරන ඔබට මෙය සිතාගැනීමටවත් අපහසු තත්ත්වයක් විය හැකි ය. එදා එලෙස ප්‍රාථමික තත්ත්වයේ තිබූ පරිගණකය හා මිනිසා අතර සම්බන්ධතාව අද ඔබ අත්දකින තත්ත්වයට ගෙන ආවේ පරිගණක - මිනිස් අන්තර්ක්‍රියා පිළිබඳ විද්‍යාවේ ප්‍රතිඵලයක් ලෙස ය.
වර්තමානයේ මේ අංශයේ, ත්‍රිමාන තිර, ත්‍රිමාන මූසික, ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර ආදී දෘඪාංග මෙන්ම මිනිස් කටහ`ඩින් දෙන විධානයන්ට ක්‍රියා කිරීම, මිනිසා ගේ ඇසින්, හිසින් හා දැත් මගින් දෙන සංඥා අවබෝධ කර ගැනීම වැනි හැකියාවන් ඇති මෘදුකාංග නිපදවීම සම්බන්ධ කටයුතු කෙරේ. එබඳු නිර්මාණයන් සිදු කරද්දී පරිගණක භාවිත කරන්නන් ගේ සිතුම් පැතුම් නිවැරැදිව අවබෝධ කරගැනීමට අවශ්‍ය වන නිසා මනෝ විද්‍යාව හා සමාජ විද්‍යාව ආදී තාක්ෂණික නො වන විෂයයන් පිළිබඳ දැනුම ද මෙහි දී අත්‍යවශ්‍ය වේ.
අතථ්‍ය පරිසරයන් නිර්මාණය කොට ඒ ඇසුරින් ත්‍රිමාන හා ද්විමාන කාටූන් චිත්‍රපට නිර්මාණය හා සාමාන්‍ය චිත්‍රපටවල ඇති දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණයට ද මේ විෂයට අදාළව නිපදවන ලද මෘදුකාංග හා දෘඪාංග යොදා ගනු ලැබේ.
4. පරිගණක ආරක්ෂක පද්ධති (Computer Security)
පරිගණක මිනිස් සමාජයේ සැම අංශයක් ම ආක්‍රමණය කිරීම නිසා මිනිසුන් ගේ තොරතුරු බොහොමයක් මේ පරිගණක පද්ධතීන් තුළ ගබඩා වී ඇත. එමෙන් ම එම පරිගණක පද්ධතීන්හි නිවැරැදි ක්‍රියාකාරිත්වය මත යෑපෙන තවත් බොහොමයක් ක්‍රියාවලීන් ඇත. උදාහරණයක් ලෙස සන්නිවේදන චන්ද්‍රිකා හසුරුවන මෙහෙයුම් පද්ධතිය නිවැරැදිව ක්‍රියාත්මක නො වුණ හොත් සන්නිවේදන දුෂ්කරතා, ජී.පී.එස්. තාක්ෂණය මත පදනම් වන අවි ආයුධ ආදිය ව්‍යාකූල ලෙස හැසිරීම වැනි ඉතා භයානක තත්ත්වයන් ඇති විය හැකි ය. එනිසා සමහර පරිගණක පද්ධතීන් තුළ ඇති දත්ත ආරක්ෂා කර ගැනීම හා එම පද්ධතීන් ගේ ක්‍රියාකාරීත්වය නිවැරැදිව පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය තත්ත්වයන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ නිසා පරිගණක පද්ධතීන්හි ආරක්ෂාව පිළිබඳව කෙරෙන අධ්‍යයන හා නව සොයා ගැනීම් වර්තමානයේ ඉතා වැදගත් වේ.
මේ විෂය පථය බොහෝ දෙනා දන්නා පරිගණක වයිරස සඳහා ප්‍රතිකර්ම නිපදවීමේ ක්‍රියාවලියට වඩා බොහෝ පුළුල් වේ. තොරතුරු සොරා ගැනීම, තොරතුරු විකෘති කිරීම, වංචා හා රැවටීම්, පරිගණක පද්ධතීන්හි ක්‍රියාකාරීත්වය අඩාළ කිරීම ආදී නොයෙක් ආකාරයේ පරිගණක අපරාධවලට ඔරොත්තු දෙන තත්ත්වයන්ට පරිගණක පද්ධතියක් කිරීම මේ විෂයේ පුළුල් පරමාර්ථයයි.
5. තොරතුරු විද්‍යාව (Information Science)
පෙර කී පරිදි ම පරිගණකය මිනිස් සමාජයේ සැම අංශයක ම පැතිර ඇති නිසා, පරිගණක ජාලගත ව ඇති දැවැන්ත දත්ත ප්‍රමාණයක් ගබඩා වී ඇත. මේ දත්ත අප ගේ ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ තොරතුරු විද්‍යාවෙන් අධ්‍යයනය කෙරේ. මෙහි දී සංඛ්‍යානය හා ගණිතය බොහෝ ප්‍රයෝජනවත් වේ. දස අත විසිරුණු මේ දැවැන්ත දත්ත ගබඩාවල අඩංගු දත්ත එකතු කිරීම, ගබඩා කිරීම, විශ්ලේෂණය කිරීම, වර්ග කිරීම, ඒවා ඇසුරින් තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු උකහා ගැනීම ආදිය මේ විෂයට ඇති අභියෝගයි.
6. ව්‍යාප්ත පද්ධති (Distributed Systems)
මීට දශක කිහිපයකට පෙර බැංකු, කොටස් වෙළෙඳපොළ ආදී විශාල මූල්‍ය ආයතනවල මෘදුකාංග පද්ධතීන් ක්‍රියාත්මක වූයේ ඉතා මිල අධික සුපිරි පරිගණක යන්ත්‍ර තුළ ය. ඒවා පිළිබඳ දැනුම හා අත්දැකීම් සහිත පුද්ගලයන් ද සීමිත විය. එනිසා එබඳු පද්ධතීන් පවත්වා ගැනීම ඉතා මිල අධික කටයුත්තක් විය. එහෙත් වර්තමානයේ මෙබඳු විශාල පද්ධතීන් සමන්විත වන්නේ එක් විශාල සුපිරි පරිගණකයන් වෙනුවට සාමාන්‍ය පරිගණක රැසක ගේ එකතුවකිනි.
මේ පරිගණක ජාලය තුළ ඇති සැම පරිගණකයක ම හැකියාවන් (CPU සහ Memory) එක් වීමෙන් සම්පූර්ණ පද්ධතිය ක්‍රියාත්මක වේ. මෙබඳු පද්ධතීන් තුළ ක්‍රියා කිරීමට එම මෘදුකාංග ද විශේෂ ආකාරයකට නිර්මාණය කළ යුතු ය. මෙහි දී ජය ගැනීමට ඇති අභියෝගය නම්, විශාල පරිගණක පද්ධතීන් රැසක් ජාලගත කිරීමේ දී ඇති වන කාර්මික ගැටලු විස`දීම හා උපරිම කාර්යක්ෂ්මතාවක් ලැබෙන පරිදි මේ පරිගණක තුළ වෙන වෙන ම ක්‍රියාත්මක වන පරිගණක වැඩසටහන් එකිනෙක සහයෝගයෙන් ක්‍රියා කරවීම ය.
ඉහත සඳහන් වූයේ වර්තමානයේ තරමක් වැදගත් වන ව්‍යවහාරික පරිගණක විද්‍යා අංශ කීපයක් පමණි. මීට අමතරව ඉතා ශීඝ්‍රයෙන් දියුණු වන බොහෝ ක්‍රියාකාරකම් සිදු වන පරිගණක විද්‍යා ක්ෂේත්‍ර ගණනාවක් වේ. තවම නව යොවුන් අවධියේ පවතින පරිගණක විද්‍යාව යා යුතු දුර බොහෝ ය. දිනෙන් දින තව තවත් මෙබඳු විෂය ක්ෂේත්රයන් මීට එක් වනු ඇත.
Wednesday, December 19, 2012
දෙසැම්බර් 29දා භූමිකම්පා අනාවැකියක්
ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බවත් එම භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බවත් ලලිත් විජයවර්ධන මහතා පවසනවා
2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමිය හා ඉන්දියාවේ භූමිකම්පා දෙකක් පිළිබඳ කලින් අනාවැකි පළ කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන්නේ ද ඔහු බවයි පැවසෙන්නේ.
දෙසැම්බර් 29 වනදා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම ලලිත් මහතා කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ඔහු පවසනවා.
මීට කලින් වැඩිපුර භූකම්පන ජපානය ආශ්රිත රටවල්වලට වුවත් නව භුකම්පන කලාපය ඉන්දියාව, ලංකාව, ඉන්දුනිසියාව හරහා වැටෙන බවද මොහු 2001 වසරේ ජනමාධ්‍යයෙන් ජනතාව දැනුවත් කර ඇති බව සාක්ෂි සහිතව පුවත්පත් උපුටා දක්වමින් පෙන්වා දෙයි.
මෙයට කලින් ඉන්දියාවේ ගුජරාටි, ප්‍රාන්තයට හා අහමදාබාද් ප්‍රාන්තයට සිදුවු භූකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි මෙම විද්‍යාඥයා විසින් පළ කළ බවටද පුවත්පත්වලින් සාක්කි උපුටා දක්වමින් සනාථ කරයි.
පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිබ බවද දිනමිණ පුවත්පත ප්‍රකාශ කරයි.
Saturday, December 1, 2012
ඔබේම Hosting එකක් පටන් ගමු...
මේ අඩවියනම් මරු. මේ අඩවිය පාවිචි කරන්න අරන් මාස 10ක් වෙනවා. මේ අඩවියෙන් දෙනවා අපිට. Free Reseller Unlimited server එකක්. අපිට කැමති Cpanel ප්‍රමානයක් හදන්න පුලුවන්. එහෙම හදන Cpanel වල උපරිම 10Gb 100Gb Bandwith හෝ ර්‍රට අඩු වෙන් තමයි දෙන්න ඕනේ. මේ අඩවියේ අයගේ කිසිම ඇඩ් එකක් අපේ Cpanel වලවත් අපි හදන සයිට් වලවත් දාන්නේ නෑ. Down time නෑ. අපිටම කැමති පැකේජ් හදලා තියෙනත් පුලුවන්. තව අපිට එයාලා Foum එකත් Free දෙනවා. එකෙන් ඕන කෙනෙක්ට Automatic ම Regester වෙන්න පුලුවන්. අපිට කැමති විදියට Cpanel හදන්නත් පුලුවන්. තව ඕනම් අපිට Hosting විකුනන්නත් පුලුවන් මුදල් අපේ paypal Account එකට යන විදියට හදලා තියෙනත් පුලුවන්. Hosting විකුනනවා කියලා අපි කිසිම දෙයකට මහන්සි වෙන්න ඕනේ නෑ හැම දේම Auto වෙනවා. අපිට Name server 4 හදාගන්නත් පුලුවන්. Google Adsense කරලා සල්ලි හොයන්න පුලුවන්. ඔයාගේ Hosting එකේ Hosting ගත්ත අයගේ සයිට් වල Google Ads හෝ ඕනම Ads වර්ගයක් එක සැරේ හැම සයිට් වලම වැටෙන විදියට හදන්නත් පහසුකම් තියෙනවා. මේක නියම Hosting එකක්. මෙන්න අඩවිය http://www.youhosting.com/
ඔබට ජය!
Friday, November 30, 2012
බ්ලොග් එකට එන කට්ටිය මදිද?..
අපේ යාලුවෝ ගොඩ්ක් අය බ්ලොග් හදලා හරි සතුටුයි..නමුත් බ්ලොග් එකට එන සෙනග අඩුයි කියලා එයාලා නිතර කියනවා ..ඒකට හේතු කීපයක් තියෙන්න පුළුවන්.
1.හොඳ නැගල යන ලිපි පල නොවීම.
2.SEO භාවිතා නොකිරීම.
3.නිතරම වැඩි පිරිසක් බලන බ්ලොග් එකකට ඔබේ බ්ලොගය ඇතුලත් නොකිරීම.
4.නිතර බ්ලොගය යාවත්කාලීන නොකිරීම.
මෙවැනි කරුණු හේතුවෙනවා එයට..ඉතින් මම අද කියලාදෙනවා ඔබේ බ්ලොගයට සට සට ගලා සෙනග ගෙන්වා ගන්න හැටි.කරන්න තියන්නේ මෙච්චරයි.www.geegain.com//වෙත පිවිස එහි ගිනුමක් හදාගන්න.ඊට පස්සේ එහි add blog කියන link එක ක්ලික් කරන්න.එවිට ඔබට ලැබේවි form එකක් ..එය නිවැරදිව පුරවන්න.මුර පදයක් ද ලබාදී සෙන්ඩ් කරන්න.ඔබේ බ්ලොගය පරීක්ෂා කරමින් ඇතිබව දන්වනු ඇති.තවත් ඔබ දෙයක් දැන ගත යුතුයි.එම form එක පුරවද්දී ඔබට ලබාදෙන බැනර් කොටස ඔබගේ බ්ලොගයේ මුල් පිටුවේ පිහිටුවන්න.එය ඔබ එම බ්ලොගයට කරන විශාල උපකාරයක් බව කිව යුතුයි.ඔවුන් ඔබේ බ්ලොගය geegain වෙත ඇතුලත් කල පසුව ඔබ පලකරන post ඉබේම එම බ්ලොගයේ ප්‍රදර්ශනය වනු ඇත.එය දකින එම බ්ලොගය නරබන අය පහසුවෙන් ඔබේ බ්ලොගයට පැමිණෙනු ඇත.කොහොමද ?...නියමයිනේද?
ඔබට ජය!
Friday, November 23, 2012
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම.
අන්තර්ජාලය පරීක්ෂා කරබලනවිට දිනපතා Emoney ක්ෂේත්රය දෙසට යොමු වන පිරිස වැඩිවන බවක් පෙනෙන නිසා කවුරුත් අමාරුවේ නොවැටී මෙමගින් මුදල් උපයන අයුරු මම ඔබට ටිකෙන් ටික පහදා දීමට බලාපොරොත්තු වෙමී.
01.අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකිද?
අපට අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්.නමුත් එය ඉතා කල්පනාකාරීව කලයුතු වැඩක්..නැතිනම් මුදලත් කාලයත් දෙකම නාස්තිවේ.
02.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
අප රැකියාවක් කරන්නේ ඇත්ත වශයෙන්ම ප්රධානවශයෙන්ම බඩවියත රැකගැනීමටයි.ඒ සඳහා අප විවිධ උපක්‍රම භාවිතා කරමු.ඇතමුන් ගිනියම් අවුවේ මහවරුසාවේ දහදිය හෙලමින් වෙහෙසෙන්නේ තම ජීවිකාව ගෙනයාමට යම් මුදලක් සොයාගැනීමටයි.එහිදී ගත වෙහසා වැඩකර මුදල් උපයාගන්නක් මෙන් මෙහිදී තම මොලය වෙහෙසා වැඩකර මුදල් උපයා ගැනීම සිදුවේ.
03.අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?
1. Forex - ජාත්‍යන්තර කොටස් වෙලද පොලේ ආයෝජනය කිරීම තුලින්.
2. Affiliate Marketing - අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම.භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන් යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එය වැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Ebay,Clickbank,Webhost Reseller.....
3. PTC Sites(Bux) -
4.PPC Sites - තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Google Adsense,Adbright,Geegain......
5. Data Entry Jobs - මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා,නවාතැන් පහසුකම්,විදේශ රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)
උදා: -Odesk,Freelancers......
6. Mini Data Entry Jobs - ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.(Facebook,Youtube,Gmail,etc..)
උදා: Microworkers,(සාර්ථක මුදල් ගෙවයි.)Minuteworkers,(තාවකාලිකව අඩපණ වී ඇති නිසා වැඩ කිරීමෙන් වලකින්න.)
7. කඩ්ඩෙන් කොටා මුදල් ඉපයීම - ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)
උදා: iWritter....
iWritter මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
8. උත්සාහයෙන් මුදල් ඉපයීම - ඔබේ හැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක.ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක.ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)
උදා: - Fiverr,Gigbucks....
Fiverr මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
Google Adsense Q & A......
1. Google Adsense කියන්නේ ?
Google Search Engine එක ව්‍යාප්ත වීමත් සමග Google Adword කියලා වැඩසටහනක් ආරම්භ කළා.Google Adword වෙත වෙලද දන්වීම් ලබාදිය හැකි අතර ඒවා Google Search Eninge එක ඔස්සේ ප්‍රචාරණය කරන ලදි.මේ තුලින් Google සමාගම විශාල මුදල් උපයන ලදි.ඒ අනුව මේ ආදායම තව තවත් වැඩි කරගැනීමේ අරමුණින් Google සමාගම තෝරාගත් ලෝකයේ හොදම වෙබ් අඩවි කිහිපයකට මෙම වෙලද දැන්වීම් ලබාදුන් අතර එම වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් එම වෙබ් අඩවි වලට මුදල් ගෙවන ලදි.ඒ Google Adsenseහි ආරම්භයයි.පසුකාලීනව ඕනම කෙනෙක්ට වෙබ් හෝ බ්ලොග් අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක.ඒ අනුව එම වෙබ් බ්ලොග් අඩවියේ ගුණාත්මක භාවය සැලකිල්ලටගෙන ගූගල් සමාගම තම හවුලට එම වෙබ් අඩවිය එකතු කරගන්නවාද නැද්ද යන්න තීරණය කරයි.
2.Impression කියන්නේ ?
වෙබ් පිටුවකින් වෙබ් පිටුවකට යාමේදි එම වෙබ් පිටු අතර ස්ථානගත කර ඇති Ads Unit, Reload/Refresh වීමක් සිදුවේ.මෙසේ එම Ads Unit Reload වන එක වාරයක් Impression එකක් ලෙස සැලකේ.Google Adsenseහි ඇති විශේෂත්වය වන්නේ අපට ලැබෙන Impression ගණනනටත් මුදල් ගෙවීමයි.මීට අමතරව CTR යන පදයට සමාන පදයක් ලෙස යම් යම් තැන් වල භාවිතා කළත් එහි නියම අරුථ ඉහත අරුථයි.
3.CTR එක කියන්නේ ?
Impression හා Clicks අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත්තාම එයට CTR එක ලෙස හදුන්වනවා.Google Adsense සතු ඵලපුරුද්ද අනුව සාමාන්‍යයෙන් Impression 40කට එක Click එකක් Click වන බව ඔවුන් දනී.ඒ අනුව Impression 400කට Ad 10ක් Click විය හැකි බව ඔවුන් දනී.නමුත් Impression 400කට Ad 40ක් Click විය නොහැකි බව ඔවුන් දනී.ඒ අනුව CTR එක 8-10%කට වඩා වැඩි ගිණුම ව්‍යාජ ගිණුම් ලෙස සලකා ඒවා අවලංගු කරනු ලැබේ.එම නිසා සෑම විට CTR එක 5%ට වඩා අඩුවෙන් තියා ගන්න උත්සාහ කරන්න.
4.CPC එක කියන්නේ ?
ඔබගේ Impression හා Clicks අනුව Impression 1,000 කදී ඔබ උපයන මුදල CPC එක ලෙස ගණනය කර පෙන්වනු ලැබේ.මෙය $10-15 අතර තියේ නම් වඩා සුදුසුය.මොකද එවිට අපිට ඉහල ආදායමක් ලබාගත හැකි නිසාය.මෙය $10-15 අතරට ගැනීමට නම් ඔබේ එක Click එකකට ලැබෙන මුදල ඉහල අගයක් ගත යුතුය.ඇමරිකානු,යුරෝපානු,ඕස්ට්‍රේලියානු Click සදහා වැඩි මුදලක් ගෙවයි.ඔවුන් වැඩිපුර අපේ බ්ලොග් කරා ගෙන්වා ගත හැකි නම් හෝ ඔබට High Paying Key Words යටතේ ලිපි ලිවිය හැකි නම් ඔබට ඉහළ ආදායමක් ලබාගත හැක.
5.High Paying Key Words කියන්නේ ?
වැඩිම මිලකට විකිණෙන වෙලද දැන්වීම් වලට අදාල Keywords නිකුත් කරනු ලැබේ.මේවා සොයා ගැනීමට අවශ්‍ය නම් ඔබට Google Search කිරීම මගින් සොයාගත හැක.යම්කිසි කෙනෙක් වෙබ් පිටුවකට පැමිණි විගස එම විසිටර්ගේ රට සහ ඔහුගේ Cookies හරහා ඔහු සොයන ලද දේවල් ගැන සහ එම වෙබ් පිටුවේ අඩංගු වචන වලට ගැලපෙන ආකාරයට වෙලද දැන්වීම් දිස්වනු ඇත.එම නිසා අප කළ යුත්තේ High Paying Key Words යොදාගෙන ලිපි අපේ බ්ලොගයේ ලිවීමයි.
6.Google Terms මොනවාද?
Google Terms 18ක් තිබුණාට ඒවායින් ඔබ දැනගත යුත්තේ කිහිපයකි.ඕනම වෙලාවක ගිණුම අවලංගු කිරීමේ හැකියාව Google සමාගමට ඇති බව ආදී වැල්වටාරම් රාශියක් තිබෙනවා.නමුත් ඔබ දැන ගත යුත්තේ පහත නීති රීති පමණි.
A.ඔබට ඔබේම Ad Click කළ නොහැක.
B.මුදල් ගෙවා හෝ නොගෙවා Ad Click කරවා ගැනීම වරදකි.
C.Impression or Clicks ලබා දීමට බලකිරීම,ඉල්ලීම්/ආයාචනා කිරීම, වරදකි.එසේ සිදුකරන ලෙස ඉල්ලා Email යැවීම හෝ බ්ලොගයේ පලකිරීම වරදකි.
D.එකවර එක්කෙනෙක්ට Google Adsense ගිණුම් දෙකක් සක්‍රීයව තබාගත නොහැක.
ඔයාලට අවශ්‍යම නම් මෙතනින් යන්න.මේ බ්ලොග් එකේ කොලුවා දාලා ඇති ඇඩ්සෙන්ස් නීති රීති ටික සිංහලෙන්.
7. Google Adsense Disable වෙන්න හේතු මොණවාද?
ඉහත සදහන් කළ ඕනම නීතියක් කඩ කර ඒ බව Google Adsense විසින් හදුනාගතහොත් ඔවේ ගිණුම Disable වේ.
8.Google Adsense Disable වූ පසු නැවත ගිණුමක් සාදාගත හැකිද?
බොහෝ පිරිසක් තුල මතයක් තියෙනවා එක පාරක් Adsense Disable වුණා කියන්නේ ආයේ Adsense Disableවූ ගිණුමේ නමට,ලිපිනයට ආයේ ගිණුමක් ලබාගත නොහැකි බවයි.නමුත් එසේ නොමැත.ඔබේ ගිණුම Disable වූයේ නම් ඔබට නැවත Adsense වෙත අයදුම් කළ හැක.ඔබ කළ යුත්තේ අලුතින් Gmail ගිණුමක් සකසා හොද බ්ලොග් එකක් සකසා නැවත Adsense ඉල්ලීමයි.
9.Adsense ගන්න Toplevel/Full Domain එකක් ඕනද?
නැත.ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ,blogspot.com/.wordpress.com ආදි වශයෙන් ඇති Subdomain වලටත් Adsense ගිණුම් හිමිවේ.
10.Adsense මගින් උපයන මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කෙසේද?
ඔබේ ගිණුමේ $100 පිරුණු පසු ඔබේ නිවසටම චෙක් පතක් මගින් මුදල් එවනු ලැබේ.
11.Google Adsense මගින් කොපමණ මුදලක් ඉපයිය හැකිද?
Google Adsense හරහා ඔබ උපයන මුදල තීරණය වන්නේ ලැබෙන Clicks මතයි.ලැබෙන Clicks ගණන තීරණය වන්නේ බ්ලොගයට එන Visitorsලා ගණන අනුවයි.එම නිසා ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන අනුව තමා Earnings තීරණය වන්නේ.
12.බ්ලොගයට වැඩිපුර Visitorsලා ගෙන්වා ගන්නේ කොහොමද?
ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය මත රදා පවතිනවා.කිසියම විසිටර් කෙනෙක් ඔබේ බ්ලොගයට ආපු ගමන් ඔහුට සිත් ඇදගන්නා සුලු පෙනුමකින් බ්ලොගය තියෙන්න ඕන.ඒ කියන්නේ හොද Template එකක් භාවිතා කරන්න ඕන.ඒ වගේම එහි අන්තර්ගත ලිපි තමාගේම විය යුතු යැයි මගේ මතය.මොකද එම ලිපි කියෙව්වාම එහි හරයක් ඇති බවත් ඉදිරියේදී තවත් හරවත් ලිපි පල විය හැකි නිසා නැවත මම මේ බ්ලොගයට පැමිණිය යුතුය යන ආකල්පය විසිටර් තුල ඇති කිරීමට ඔබ සමත් විය යුතුය.එය කිරීමට නම් හොද ලිපි ලියන්න ඕන.ඒ වගේම බ්ලොගයක් පටන් ගත් විගස අපි Traffic Sources Build කරන්න ඕන.
13.Traffic Sources Build කරන්නේ කොහොමද?
A.සෙවුම් යන්ත්‍ර වෙත ඔබේ බ්ලොගය ඇතුලත් කිරීම.
B.සමාජ ජාලා වෙබ් අඩවි වල ඔබේ බ්ලොගය ප්‍රචාරණය.
C.ඔබේ බ්ලොගය සින්ඩිකේටර වෙත ඇතුලත් කිරීම.
මීට අමතරව ගොඩාක් ක්‍රම තියෙනවා.ඒ ගැන අපි ඉදිරියේදී කථා කරමු.
14.සිංහල බ්ලොග් වලට Adsense දෙනවාද?
සිංහල බ්ලොග් වලට Adsense ලබා දෙන්නෙ නැත.ඒ අනුව ඔබ Adsense ගිණුමක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් ඉංග්‍රීසියෙන් බ්ලොගයක් ලිවිය යුතුයි.
15.Adsense ගන්න මාස 06කට වඩා පැරණි බ්ලොගයක් තිබිය යුතුද?
නැත.මේක සීඝ්රයෙන් පැතිර ගිය කට කථාවක් පමණි.එම නිසා ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ඔබට ඕනම අවස්ථාවක Adsense ගිණුමක් ලබා ගත හැක.
දැන් තේරෙනවා ඇතිනේ Adsense ගැන.මම දකින ආකාරයට ඔබ කිසිම කෙනෙක්ගෙන් Adsense ගිණුමක් මිලදි ගත යුතු නැහැ.ඔබ කළ යුත්තේ ඔබේම Adsense ගිණුමක් සාදා ගැනීමයි.මොකද ඔබම Adsense එක්ක ඔට්ටු වෙලා කිහිප වතාවක් Adsense Disable කරගෙන නැගිට නැගිට යන කෙනා තමා ජය ගන්නේ.එම නිසා කාටවත් සල්ලි ගෙවලා ගිණුම් හදා ගන්න ඕන නැහැ.සල්ලි දීලා ගිණුම් හදාගෙන Disable වුණාම Adsenseට බැනලා හරි යන්නේ නැහැ.ඔබ මේ සියල්ල කියවලා එකතු කරගන්නා දැනුම තුලින් අත්දැකීම් එකතු කරගන්න ඕන.ඒ සදහා ඔබ Adsense එක්ක ඔට්ටු වෙන්න ඕන.
ඔබට ජය!
Thursday, November 22, 2012
බ්ලොග් backlinks කියන්නේ මොනවාද?
අපි හිතමු බ්ලොග් එකක් තියෙනවා emoney ගැන හදපු ඉතින් අපි කොහොමද මෙ බ්ලොග් එකට Blacklinks හදාගන්නෙ කියලා .. අපි හිතමු අපි අදාල බ්ලොග් එකට පොස්ට් එකක් එකතු කරනවා emoney ගැන . දැන් අපි මෙයට සරල Blacklinks හදාගන්න නම් කරන්න ඔන . emoney ගැන වෙනත් සයිට් වල ෆොරම්ස් ලිවිම සහා අදාල ලින්ක් එකත් සමග වචන 8,10,20 අතර කමෙන්ට් දැමිමයි මෙයට තවත් traffic වැඩිකරගැනිමට අපිට ලිපියට අදාල ෆ්බ් ගෘප් වල සහා fan page වල පොස්ට් ලියන්න පුලුවන් කමෙන්ට් දාන්න පුලුවන්
බ්ලොගයට අදාල කරුනු ගැන ලියවෙන බ්ලොග් වලට කමෙන්ට් කරන්න පුලුවන් link එකත් සමග මෙතන Do-Follow And No-Follow කියලා දෙයක් තියෙනවා නමුත් මෙම දෙකම වැදගත් වනවා නමුත් Do-Follow link ගොඩක් වටිනවා .Do-Follow කමෙන්ට් කරන විට google page rank වැඩිවෙන්න බලපානවා නමුත් දෙකම සමානව යනතරමට තමා හොද කමෙන්ට් කරනවිට අදාල කරුන සම්බන්දව විස්තරාත්මක කමෙන්ට් දාන්න පුලුවන් නම් තමයි වඩාත් වැදගත් .. අපිට තවත් යලුවන්ගෙ බ්ලොග් සමග සැබදියාවන් ලබාගන්න පුලුවන් .
ඔබට ජය!
Monday, November 19, 2012
උපහාර ඉන්ටනෙට්
මොබිටෙල් ආයතනය විසින් විදුලි හා තොරතුරු තාක්ශණ අමාතයංශය හා සම්බන්ධව, රාජ්‍ය සේවකයන් සහ රජයේ විශ්‍රාමිකයන් වෙනුවෙන්, මව්බිම වෙනුවෙන් කෙරූ ඔවුන්ගේ සේවය අගයකරමින් හදුන්වාදෙනු ලබන අන්තර්ජාල පැකේජය; "උපහාර ඉන්ටනෙට්".
මාසික ගාස්තුව 299
නොමිලේ ලැබෙන දත්ත
මධ්‍යම රාත්‍රී 12- පෙ.ව.9.00 3 GB
පෙ.ව. 9.00 - මධ්‍යම රාත්‍රී 12 2 GB
අමතර භාවිතා කරන (දත්ත) සඳහා අය කිරීම 1MB සඳහා ශත 20
නැවත ලබාගත හැකි තැන්පතුව නොමිලේ
ඇතුලත් වීමේ ගාස්තුව (රු.) 1000
උපරිම වේගය (Downlink) 3.6 Mbps
උපරිම වේගය (Uplink) 1.98 Mbps
මූලික ණයවර සීමාව (රු.) 1000
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන ඇති රාජ්‍ය සේවකයන් සඳහා නොමිලේ
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන නෙමැති රාජ්‍ය සේවකයන් සඳහා (රු.) 1,490
වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.

තොරතුරු තාක්ෂණය යනු කුමක්ද?
ඇමරිකානු තොරතුරු තාක්ෂණ ආයතනයේ (ITAA) අර්ථ දැක්වීමට අනුව “පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධති, විශේෂයෙන්, මෘදුකාංග හා පරිගණක දෘඩාංග පිළිබද අධ්‍යයනය, සැලසුම් කිරීම, දියුණු කිරීම , ගොඩ නැංවීමට , උදව් කිරීම හා කළමනාකරණයයි. තොරතුරු තාක්ෂණය තොරතුරු පරිවර්තනය කරන , ගබඩා කරන , ආරක්ෂා කරන , සකසන , සම්ප්‍රේෂණය කරන සහ තොරතුරු ආරක්ෂිතව නැවත ලබා දෙන විද්‍යුත් පරිගණක හා පරිගණක මෘදුකාංග සමග සම්බන්ධ වේ.
වර්තමානයේ දී තොරතුරු තාක්ෂණය යන වදන පරිගණක විද්‍යාවේ හා තාක්ෂණයේ අංශ බොහොමයක් අයත් වන පරිදි ප්‍රසාරණය වී ඇත. තවද අන් කවර කලකටත් වඩා ප්‍රචලිත තත්වයට පත්ව ඇත. තොරතුරු තාක්ෂණය යන්න ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෘදුකාංග ස්ථාපනය කිරීමේ සිට සංකීර්ණ පරිගණක ජාල හා තොරතුරු දත්ත සමුදායන්
සැලසුම් කිරීම දක්වා වූ විශාල කාර්ය පරාසයක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණය වෘත්තිකයන් ඉටු කරන කාර්යයන් අතරට දත්ත කළමනාකරණය , ජාලකරණය , ඉංජිනේරුමය පරිගණක දෘඩාංග, දත්ත සමූදායන් හා මෘදුකාංග නිර්මාණය කිරීම මෙන්ම සම්පූර්ණ පද්ධති කළමනාකරණය හා පරිපාලනය ඇතුළත් වේ. පරිගණක හා සන්නිවේදන තාක්ෂණය එකට එකතු වූ විට නිර්මාණය වන්නේ තොරතුරු තාක්ෂණය නැත්නම් “ඉන්ෆොටෙක්”ය. තොරතුරු තාක්ෂණය (IT), තොරතුරු නිෂ්පාදනයට , ක්‍රියාවෙහි යෙදවීමට, ගබඩා කිරීමට , සන්නිවේදනය කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට රුකුල් දෙන ඕනෑම තාක්ෂණයක් හැදින්වීමට යෙදෙන සමාන්‍ය වදනකි. තොරතුරු තාක්ෂණය ගැන කතා කිරීමේ දී සිතෙන්නේ එය පරිගණක හා තොරතුරුවල භාවිතය සමග බැඳී තිබෙන බවයි.
ඔබට ජය!
Friday, November 16, 2012
අඩුම මිලට ඉන්ටනෙට් ගන්න...
දැන් ලංකාවේ ජනගහනයෙන් 12%ක් පමණ අන්තර්ජාලය භාවිතාකරන බව නවතම සමීක්ෂණ පෙන්වාදෙනවා..බ්හුතරයක් දෙනා අන්තර්ජාලයට යොමුනොවන්නේ ඒ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවෙයි කියාය..එහෙත් මොබිටෙල් සමාගම මගින් හදුන්වා දී ඇති උපහාර ඉන්ටනෙට් පැකේජයට මාසික ගාස්තුව රුපියල් 299කි.හොඳ වේගයක්ද සහිත නිසා ලංකාව වැනි රටකට එය වඩාත් වැදගත්වෙයි.ලංකාව පුරා වැඩි ව්‍යප්තියක් ඇති නිසා ඕනෑම ප්‍රදේශයක සිට උවද මෙම පහසුකම ලද හැකිය.මම ද භාවිතා කරන්නේ උපහාර පැකේජය සමග ලැබෙන ඉන්ටනෙට් සිම්පත වන අතර මාසික ගාස්තුව දුරකථන බිල සමග රුපියල් 1000ක ටත් වඩා අඩුය.වැඩි විස්තර ලබා ගැනීමට මෙතනින් යන්න.
ඔබට ජය.!
Monday, November 12, 2012
අලුත්ම මෙහෙයුම් පද්ධතිය windows 9
වසර 2015 දී Miceosoft ආයතනය සිය නවතම මෙහෙයුම් පද්ධතිය වන windows 9 එළි දක්වනු ඇති.විවිධ නව අංගෝපාංග රාශියක් සමගින් එන මෙම නව මෙහෙයුම් පද්ධතිය වසර 2010 සිටම සැලසුම් කල එකකි.Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධතිය සකස් කෙරීම අරබ්න්නේ සාමාන්‍යයෙන් වසර පහක පමණ පෙර සිටය.මෙම නව මෙහෙයුම් පද්ධතිය windows Blue ලෙස හදුන්වනු ඇති.මේ සම්බන්දයෙන් micrisoft ආයතනයේ නිලධාරීන් ගේ විවිධ වෙබ් අඩවි පරීක්ෂා කලවිට මෙම අලුත් මෙහෙයුම් පද්ධතිය පිලිබඳ තොරතුරු අනාවරණය වෙයි.මෙහි windows8 හි ඇති මෙට්‍රෝ මුහුණුවර ඒ අයුරින්ම දක්නට ලැබෙනු ඇති.මෙම මෙහෙයුම් පද්ධතිය සමග මොබයිල් ෆෝන්,ටැබ්ලට් උපාංග පහසුවෙන් භාවිතා කල හැකි වනුඇත.තවත් විශේෂම කරුණක් වන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය මගින් අප කරනු ලබන වැඩ වල දත්ත තැන්පත් වන්නේ අප පරිගනකයෙහි නොව Microsoft සමාගම පිහිටුවා ඇති සර්වර් පරිගනකවලය.එනම් අපට ඕනෑම තැනකට ගොස් අදාළ කාර්ය සිදුකර ගත හැකිය.ඒ කියන්නේ ලොව ඕනෑම පරිගණකයකින් අපේ ඩෙක්ස්ටොප් එකට පිවිසිය හැකි බවය.එවිට මෙහෙයුම් පද්ධතියේ ෆයිල් ධාරිතාව අඩුකළ හැකි වන අතර අන්තර්ජාලය හරහා හෝ පෙන් එකක මගින් ලබාගෙන එය ස්ථාපිත කළහැකි වනු ඇති.
ඔබට ජය !
Saturday, November 3, 2012
බ්ලොග් එකේ නම දිග වැඩිනම් මෙන්න විසදුම..!
අද නොමිලේ වෙබ් අඩවි නිර්මාණයට මහත් උනන්දුවක් ඇතිවී තියෙනවා.අතින් සල්ලි වියදම් කරලා අවුරුද්දක් ගානේ බිලක් ගෙවන්න DOMAINS ගන්න පුළුවන්.නමුත් මම අද කියලාදෙන්නේ ඔයාලා දැනටමත් හදාගෙන වැඩකරන free blog එකේ නම කෙටි කරගන්න ආකාරයයි.
ඉතින් ගොඩක් අය blogger,worldpress,වගේ site තමයි නිතර භාවිතා කරන්නේ.මේ කුමන අඩවිය භාවිතා කර බ්ලොග් එක හැදුවත් තමන් යෙදූ බ්ලෝගයේ නමට පසුව .blogspot.com/.woldpress.com/කියල කෑල්ලක් එනවා.(උදා .www.myname.blogspot.com/)මේක මතක තියාගන්න ගියහම තමයි එපා වෙන්නේ.කොටින්ම කියනවනම් සුද්දෝ නම් ඔය blogspot.com කියන කෑල්ලට කැමතිම නැහැ.සුද්දෝ විතරක් නෙමේ කළු සුද්දොත් එහෙම තමයි.හැමෝටම ඕන අකුරු තුන හතරෙන් මතක තබාගන්න ඕන ඩොමේන් එකක්.
හරි..දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි..මෙහෙමයි කරන්නේ..මෙතනින් ගිහින් www.dot.tk බ්ලොග් එකට යන්න.අලුත් window එකක් විවුර්ත වෙයි.එකේ shorten url කියල tab එකක් ඇති, ඒක ක්ලික් කරන්න.එවිට ඔබ කෙටි කල යුතු URL එක ලිවීමට කොටුවක් එනු ඇති.එහි ඔබ දැනට භාවිතා කරන ඔබේ බ්ලොගයේ url එක සම්පුර්ණයෙන්ම ලියන්න.පස්සේ ඊට ඉදිරියෙන් තියෙන GO කියන එක ක්ලික් කරන්න.ඊට පසු පහලින් තියෙන කොටුවේ ඇති අකුරු මකා ඔබ කැමති බ්ලොගයේ නම දෙන්න.කැපිටල් වලින් එයි බය වෙන්න එපා.ඔබට මේ නම ඕනා මාස කියකටද කියල තෝරන්න පුළුවන්.එය මාස 12 ක් ලෙස දෙන්න.ඊට පසු පහලින් තියෙන varification code එක නිවැරදිව ලියන්න.පසුව sin up කියන බට්න් එක ක්ලික් කරන්න.ඔබේ නව URL එක පහලින් පෙනේවි..අපුරුයි නේද?
මෙහෙම කලාට ඔබේ පැරණි URL එකට කිසිම හානියක් වෙන්නේ නැහැ.දෙකෙන්ම බ්ලොග් එකට පිවිසිය හැකියි.

Thursday, November 1, 2012
සිංහලෙන් ටයිප් කරන්න ලේසිම ක්‍රමය 2
සිංහලෙන් ටයිප් කරන්න හිහිං මල පැනලා ඉන්න කට්ටියට තවත් ලේසිම ලේසි ක්‍රමයක් අද මම කියල දෙනවා..මේකට internet සම්බන්දය තියෙන්න ඕනා..මෙය google සමාගමේ නවතම හදුන්වාදීමක් බව කිව යුතුයි.සිංහල විතරක් නොවේ වෙනත් භාෂාවක් වුවත් ඉංග්‍රීසි භාෂාව භාවිතා කර ලේසියෙන් ලියා ගත හැකියි.ඔබේ පරිගණකයේ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර තිබීම මෙයට අවශ්‍ය වෙනවා.ඔබේ පරිගණකයේ සිංහල අකුරු පේන්නේ නැතිනම් මෙතනින් ගිහින් සිංහල යුනිකෝඩ් බා ගෙන ස්ථාපනය කරගන්න.ඊට පසු ඔබේ පරිගණකය නැවත පන ගන්වන්න.දැන් google වෙත යන්න...දැන් එහි google transliteration sinhala යන්න ටයිප් කරන්න.දැන් අලුත් වින්ඩෝවක් ලැබේවි.එහි මුලින්ම ඇති කොටුවෙන් ඔබ කැමති භාෂාව තෝරන්න.sinhalese ලෙස.දැන් පහල තියෙන සුදු පාට කොටුවෙහි ඔබ කැමති වචනයක් සිංග්‍රීසි වලින් ටයිප් කරන්න.උදා .mama (මම )ලෙස.දැන් ස්පේස් බාර් එක ඔබන්න."මම "යන වචනය මතුවේවි. මේ විදිහට ලියන කොට,backspace කරන කොටත් අපට අවශ්‍ය වචන පෙළක් drop down menu එකක් ලෙසට මතුවේවි.එයිනුත් අපට අවැසි වචනය තෝරා ගත හැකියි.අපුරුයි නේද? මෙම වචන ලැබෙන්නේ සිංහල සම්මත යුනිකෝඩ් වලින් බව කිවයුතුයි.එය save කර ඕනෑම තැනක භාවිතා කලහැකියි.
ඔබට ජය.!
Wednesday, October 31, 2012
ඇඩ්සෙන්ස් පාඩම් මාලාව අංක 1
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමේ හොදම ක්‍රමයක් වන්නේ google adsense ය.බ්ලොග් අඩවි නිර්මාණය පිළිබඳව ඔබ මනා නිපුනත්වයක් ලබා ඇත්නම් ඔබට e money යනු කජු කන්නක් වගේ වැඩකි.මුදල් ඉපයිමට කලින් ඔබ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව මනා පුහුණුවක් ලබා ගතයුතුය.බ්ලොගර් වලට පහසුවන් adsense ලබාගත හැක.අපි පළමුව adsense යන්න කුමක්ද යන්න වටහා ගනිමු.
ඇත්තවශයෙන්ම මෙය google සමාගම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කෙරීමට භාවිතා කරන වෙළෙඳ උපක්රමයකි.මෙහිදී කිසියම් වෙබ් පිටුවකට දැන්වීම් ලැබෙන්නේ එහි අන්තර්ගත කරුණු අනුවය.උදාහරණයක් ලෙස ඔබ mobile phone ගැන වෙබ් පිටුවක් නිර්මාණය කර ඇතිනම් ඔබ adsense සදහා ලියාපදිංචිවී අදාල දැන්වීම් code ඇතුලත් කලවිට එම වෙබ් පිටුවෙහි දිස්වන්නේ mobile phone වලට අදාල දැන්වීමකි.එනම් mobile phone ගැන සෙවුමක යෙදෙන පාරිභෝගිකයෙකුට ඒ සම්බන්ද දැන්වීමක් පෙන්වයි.එය දකින එම
පාරිභෝගිකයා එම දැන්වීම ක්ලික් කර දැන්වීම්හි අඩංගු වෙබ් පිටුවට පිවෙසේ.එහිදී එම පාරිභෝගිකයාට එම භාණ්ඩය අවශ්‍යනම් මිලදීගත හැකිය.මෙහිදී දැන්වීම් ප්‍රචාරණය වීමක් සිදුවන බව ඔබට පෙනෙනු ඇත.මෙලෙස දැන්වීම් ප්‍රචාරණය කිරීම වෙනුවන් google සමාගම ඔබට යම කොමිස් මුදලක් ගෙවයි.යම් පාරිභෝගිකයකු ඔබේ වෙබ් පිටුවේ අඩංගු දැන්වීමක් ක්ලික් කරන වාරයක් පාසා ඔබේ google adsense ගිණුමට මුදල් බැරවේ.මෙලෙස ලැබෙන මුදල් අපට ගෙවන්නේ ඔබ එම දැන්වීම ප්‍රචාරය කිරීමේ සේවය සඳහාය.යමෙකු ඔබේ වෙබ් පිටුවෙහි අඩංගු දැන්වීම ක්ලික් කරන වාරයක් පාසා දැන්වීම්කරු විසින් google සමාගමට අදාල දැන්වීම් ගාස්තු ගෙවිය යුතුය.
goole සමාගම අතිෂයින් ලාභ ලබන ආයතනයක් වන අතර ඔවුන්ගේ සේවක මඩුල්ල්ලට ඔවුන් වෙනත් කිසිදු සමාගමක නැති ආකරයට සැලකිලි දක්වයි.ඔවූන්ගේ දැන්වීම් ප්‍රචාරය කිරීම නිමිතෙන් ඔබද අනියමින් google සමාගමේ සේවකයකු බවට පත්වේ.
කෙසේවෙතත් adsense නීති මාලාව ඉතා ප්‍රභල වන අතර ඔබ එම නීති පිළිපැදිය යුතුය.නැතිනම් ඔබේ ගිණුම අහෝසිවේ.ඔවුන් මෙලෙස තදබල නීති පනවා ඇත්තේ ව්‍යාජ ක්ලික් යොදා තම සමාගමෙන් මුදල් වංචා කෙරීම වැළැක්වීමටයි.යම් පාරිභෝගිකයෙකු තම පරිගණකයකින් අන්තර්ජාලයට ඇතුළුවී ඔබේ වෙබ් පිටුව බලමින් එහි දැන්වීම් නරබන විට google තාක්ෂනිකක්රම මගින් එම පාරිභෝගිකයාගේ පරිගණකයෙහි IP ලිපිනය හදුනා ගැනේ.එම එකම IPලිපිනය මගින් ගිගින් දිගටම දැන්වීම් ක්ලික් වන්නේනම් ඔවුන් එය ව්‍යාජ ක්ලික් ලෙස හදුනා ගැනේ.එවිට ඔබේ ගිණුම අත්හිටුවේ.මෙතෙක් ඔබ උපයා තිබු මුදල් ද goole මගින් ලබා ගැනේ.මෙම IP ලිපිනය වෙනස් කළහැකි මෘදුකාංග තිබේ.ඒවායින් පරිගනකයක IP ලිපිනය වෙනස් කරමින් ව්‍යාජ ඇඩ්ස් ක්ලික් ලබාගෙන adsense මගින් මුදල් මෙරටට ගෙන්වා ගත හැකිය.
එය මහත් වංචාවක් වන අතර යම් හෙයකින් ඔවුන්ට එය හසු වුවහොත් ඔබගේ ගිණුම අහෝසි වේ.එපමණක් ද නොව ලංකාවේ බැංකු වලට පැමිණිලි කරනු ඇත.චෙක් පත මරුකෙරීමට යාමේදී ඔබ නීතියේ රැහැනට නිකම්ම හසුවනු ඇත.එක්තරා සිංහල e money වෙබ් අඩවියක මෙලෙස adsense මගින් වංචා කරන ආකාරය පැහැදිලිවා දක්වා ඇත.යම් හෙයකින් එම ලිපිය google මගින් දුටුවහොත් ලංකාවට adsense ලබා දීම වහාම නවතා දමනු ඇත.එනම් ලංකාව adsense සම්බන්දයෙන් අසාදුලේකණයට නම ඇතුලත් කරනු ඇත.ඒ ආකාරයට අපට adsense අහිමි විය හැකිය.මේනිසා එවැනි වංචා සිදුනොකරන ලෙස මා තරයේ ඉල්ලා සිටින අතර හොඳ trafic එකක් සහිත වෙබ් අඩවියක් පළමුව සදා ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
ඔබට ජය!
Saturday, October 27, 2012
E money මුලාවට ඔබත් හසු වුනාද?
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමේ ක්‍රම ජනප්‍රිය වෙත්ම විවිද වංචනික පුද්ගලයන් E money ගැන හරිහැටි නොදන්නා පාරිභෝගිකයන් මුලා කොට ඔවුන්ගෙන් වංචනික ලෙස මුදල් ගරා ගැනීමේ ක්‍රම වේදයක් රට පුරා ක්‍රියාත්මක වේ.දවසකින් දෙකකින් ලක්ෂ්‍ය ගණනක් ඉපයිය හැකිය යන්න ඔවුන්ගේ "මුලා කරන වැකිය වේ" ඉතා වගකීමෙන් මා සඳහන් කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම අවාට ගියාට සිදු නොකරන ලෙසය.අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමට ඔබ විවිධ ආයතන වලට නිකරුනේ මුදල් ගෙවිය යුතු නොවේ.පහත දැක්වෙන්නේ ඔබ අන්තර්ජාලය භාවිතා කර මුදල් ඉපයීමේ ක්‍රමයකට යාමට පෙර සලකා බැලිය යුතු කරනා කීපයකි.
1.අන්තර්ජාලයේ හැසිරීම පිළිබඳව මනා පරිචයක් ලබා ගැනීම.
2.බ්ලොග් අඩවි නිර්මාණය පිළිබඳව දැනුම ලබා තිබීම්.
3.ඉංග්‍රීසි සහ සිංහල ලිපි ලිවීමේ හැකියාව.
4.ජනප්‍රිය සෝෂල් වෙබ් අඩවිවල විශාල සාමාජිකයින් පිරිසක් ඇති profile එකක් හෝ කීපයක් තිබීම.
5.මිඩංගු කල හැකි කාලයක් තිබීම.
6.උත්සාහය හා අභියෝග භාර ගැනීමේ හැකියාව.
Emoney ගැන දැන ගැනීමට ඔබට අමතර පන්ති වලට සහභාගී වීමට අවශ්‍ය නැත.ඒ සඳහා සිංහලෙන් ලියවුනු බ්ලොග් අඩවි ඇත.දැනට ලංකාවේ පවතින හොඳම e money බ්ලොග් එක වන්නේ vimasumblog අඩවියයි.e money ගැන නොමිලේ ලිපි අතිවිශාල ගණනක් ඇති එම අඩවිය දිනෙන් දින ජනප්‍රිය වෙමින් ඇත.මාගේ බ්ලොග් එකෙහිද එම වෙබ් අඩවිය සඳහා බැනර් එකක්ද යොදා ඇත්තේ එම වෙබ් අඩවියට ස්තුති වනන්ටය.
ඔබට ජය!
Monday, October 22, 2012
අලුත්ම Notepad එක මෙන්න..
අප දැනට භාවිතා කරන ඕනෑම os එකක Notepad එක අනිවාර්යයෙන් තියෙනවා.ඒත් ඒකෙන් වැඩ කරන්න ගියහම සමහරුන්ට මල පනිනවා.මොකද ඔය php,html,css,වගේ භාෂා ලියුවහම හරියට පේන්නේ නැහැ.අනික එහි පෙනුමත් එච්චර මනරම් නැහැ.ඉතින් මම අද ඔබට නොමිලේ දෙන මේ මෘදුකාංගයෙන් ඔබට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි. මෙතනින් ගිහින් Notepad++ එක බා ගන්න.
Saturday, October 20, 2012
ශ්‍රී ලංකාවෙන් පළමු චන්ද්‍රිකාව අජටාකාශයට..
ශ්‍රී ලංකාවෙන් අහසට යවන පළමු චන්ද්‍රිකාව ලබන නොවැම්බර් 22 වනදා රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග් අභ්‍යවකාෂ මද්යස්ථානයෙන් උඩුගුවනට යැවීමට කටයුතු යොදා ඇත.චීනයට අයත් රොකට්ටුවක් අධාරයෙන් අහසට යවන මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහළින් කක්ෂය ගතවනු ඇති.චීනයේ චන්ද්‍රිකා තාක්ෂණ ආයතනයක් වන "චයිනා සැටලයිට් කොමියුනිකේෂන් කෝපරේෂන් "සමාගම සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රීස් කෝපරේෂන් සමාගම සමග එක්ව ශ්‍රී ලංකාවේ "සුප්‍රීම් සැට්" සමාගම මෙම වැඩසටහන මෙහෙයවයි.මෙහි වැඩි අයිතිය ශ්‍රී ලංකාව සතුවන අතර ලංකාවේ පල්ලේකැලේ චන්ද්‍රිකා පාලන මමධ්යස්ථානය ඉදිවනතෙක් එහි පාලනය චීනය මගීන් සිදුකරනු ඇත.මෙය ශ්‍රී ලංකාව තැබූ යෝද පියවරක් වනු ඇත.මෙමගින් ලබන 2013 ජනවාරි මස සිට දකුණු හා මධ්‍යම ආසියාව,නැගෙනහිර අප්‍රිකාව හා මැදපෙරදිග රටවලට සන්නිවේදන සේවා සැපයීමට හැකිවනු ඇත.කෙසේවෙතත් 2015 දී ලංකාචට ම පමණක් වෙන්වූ චන්ද්‍රිකාවක් ගුවන්ගත කරන බව එම සමාගම පවසයි.
ඔබට ජය!!
Friday, October 19, 2012
අපට ඔන්ලයින් වෙළෙඳාම අහිමි ඇයි.??
නුතන ලෝකයේ මුදල් ගනුදෙනු කරන ප්‍රධාන ක්‍රමය ඔන්ලයින් වෙලෙදාමය.අතීතයේදී තම වෙළෙඳාම සිදුවුයේ පර්ශ්යව දෙකක් අතර භාණ්ඩ හුවමාරු වීමෙනි.එහෙත් අද ලොව පර්ශ්යව දෙකක් අතර ගනුදෙනු වන්නේ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්රමයටය.මෙය නුතන ලෝකයට ගැලපෙන අතර වඩා වේගවත්ව භාණ්ඩ හුවමාරු කර ගත හැක.මෙහිදී භාණ්ඩ නිෂ්පාදකයා අපට කෙලින්ම මුණගැසෙන්නේ නැත.අප මිලදීගන්නා භාණ්ඩය ඉතා හොඳ තත්වයෙන් පවතින බවට අපටම තෝරා ගත හැකිය.ඒ විශ්වාශනීය වෙබ් අඩවි හරහා ගනුදෙනු කෙරීමෙනි.මෙසේ අපට ගනුදෙනු කළහැකි වෙබ් අඩවි විශාල ප්‍රමානයක් ඇත.ඒ හැම එකකට ම පාහේ අපට අන්තර්ජාතික බැංකු ගිණුමක් අවශ්‍යය.ඒ සඳහා වඩාත්ම විශ්වශනීය වන්නේ paypalය.මෙය හරහා ගනුදෙනු කිරීමේදී ක්‍රෙඩිට් කාර්ඩ් අවශ්‍යය.එහෙත් ඒම ක්‍රෙඩිට් කාඩ් එකේ තොරතුරු කිසිවක් වෙළෙන්දන්ට හෙළිවන්නේ නැත.
මෙහිදී ඇතිවන ගැටලුව වන්නේ අපට මෙම ක්‍රමය භවිතා කළනොහැක්කේ මන්ද යන්නයි.අවාසනාවකට මෙන් අපට paypal වලට මුදල් ගෙවීම කළහැකි වුවත් අපට එය හරහා මුදල් ලබාගත නොහැකිය.එනම් අපේ රටේ මුදල් රටින් පිට වනවා පමණක් වන අතර අප රටට මුදල් ගලා ඒමක් නැත.ශ්‍රී ලංකාවේ අයෙක් නව නිපැයුමක් අන්තර්ජාලයෙහි අලෙවියට තබා ඇතයි සිතමු.එය වෙනත් රටක සිටින අයෙක දැක මිලදී ගන්නට සුදානම් වී අපට මුදල් ගෙවන්නට paypal ගිණුමට අතුලුවනවිටම "මෙම ගිණුමට මුදල් යැවීමට ඔබට නොහැකි යි"යනුවෙන් පනිවිඩයක් ඔහුට ලබාදේ.එතැනින්ම ලංකාවට මුදල් ලැබීමට තිබු මහඟු අවස්ථාව නැතිවී යයි.එවිට ඔවුන් කරන්නේ paypal වෙතින් අදාළ භාණ්ඩය ලබා ගැනීමට වෙනත්රටක් වෙත යොමුවීමයි.මෙය අප රටට බලවත් පාඩුවකි.e money ක්‍රම වලට යොමුවී ඇති අප රටේ අයට මෙය මහා බාධාවකි.එපමණක්ද නොව ශ්‍රී ලාකේය භාණ්ඩ අලෙවියට ද බාධාවකි
.
paypal සමාගම් අම්රිකාවේ පිහිටි ආයතනයක් වුවත් ලෝකයේ රටවල් 190ක් පමණ ඔවුන් හා ගනුදෙනු කරති.ඒ අතරින් රටවල් කීපයකට තවමත් මුදල් ලබාගැනීමේ පහසුකම ලබාදී නැත්තේ එම රටවල් අනුගමනය කරන දැඩි මුල්‍ය ප්‍රතිපත්ති නිසා බව paypal සමාගම පවසයි.මෙහිදී ශ්‍රී ලංකා මහබැංකුවට විශාල කාර්යයක් ඉටු කෙරීමට ඇත.එනම් paypal සමාගම හා සාකච්චා කර තම අන්තර්ජාතික මුල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කර ලංකාවටද paypal සහාය ලබා ගැනීමට කටයුතු කෙරීමය.එවිට අපට දකුණු අසියාවේ අයෙශ්චර්යමත් රටක් කරා යන ගමන තවත් වේගවත් වනු ඇත.
ඔබට ජය!!
Sunday, October 14, 2012
මොකක්ද මේ HSPA තාක්ෂණය...
මේවගේ වචන අපේ සමහර අයට හුරු නැහැ.ලංකාවේ ගොඩක් අය ඔය ඉන්ටෙර්නෙට් වලට අදාල වචන දන්නේ නෑ..ඉතින් බ්ලොග් අඩවි හදනවනම් මේ වචන අනිවාර්යයෙන්ම දැනගන්න ඕන.ඉතින් මේ බ්ලොග් එකෙත් අරමුණක් තමයි ලංකාවේ කට්ටියට එවැනි තාක්ෂණික දැනුම ලබාදීම.ඔයාල මේ බ්ලොග් එක ගැන අනිත් අයටත් කියන්න..එය ඔබ ඉටුකරන මහඟු සේවයක් බව කිවයුතුයි..
HSPA තාක්ෂණය යනු High speed Internet Service ලෙස විග්රහ කරනු ලබන HSDPA (High speed download packet Access) හා HSUPA (High speed uplink packet Access) තාක්ෂණයෙන් සැදුම්ලත් HSPA උපකරණ සදහා තත්පරයට මෙගා බයිට් 14.4 දක්වා Downlink වේගයක් හා තත්පරයට මෙගාබයිට් 1.98 දක්වා Uplink වේගයක් ලබා දෙන සේවාවකි.
මෙම තාක්ෂණය ලබා ගැනීමට ඔබේ පරිගණකය කෙබඳු විය යුතුද?
උපකරණයේ ස්වභාවය හා වර්ගය අනුව පරිගණක පද්ධතියේ අවශ්‍යතා වෙනස් වෙයි. එහෙත් වර්තමානයේ භාවිතා වන බොහොමයක් පුද්ගල පරිගණක හා Laptop පරිගණක මෙම අවශ්‍යතා වලින් පරිපූර්ණව නිපදවනු ලබයි.
කෙසේ වුවද කිසියම් පරිගණකයක මෙම සේවාව ලබා ගැනීමට පහත සුදුසුකම් අවශ්‍ය වේ.
1.ප්‍රොසෙසරය ගිගා හර්ට්ස් 1 හෝ ඊට වැඩි
2.RAM ධාරිතාව 512 MB හෝ ඊට වැඩි
3.1 මෙගාබයිට් 100 ක ඉඩ ප්‍රමාණයක්
4.වින්ඩෝස් 2000/XP/Vista යන මෙහෙයුම් පද්ධති.
කෙසේ වුවද මෙම අවශ්‍යතා දක්වා ඇත්තේ මාර්ගෝපදේශනයන් සදහා පමණක් වන අතර ඔබ අදහස් කරන උපකරණය මිලදී ගැනීමට පෙර පරිගණක පද්ධතිය ඊට ප්‍රමාණවත් සහයක් ලබා දෙන බවට තහවුරු කර ගන්න.

පට ගාල ඩවුන්ලෝඩ් කරමු..
ඉන්ටර්නෙට් නෙට් එකේ යන අපේ කට්ටියට වැදගත් වීඩියෝ එකක් දැක්කම ඒක ඩවුන්ලෝඩ් කරගන්න හිතෙනවා.ඒත් එකට ක්‍රමයක් නැතිවත් තවත් සමහරු පට්ට වෙලාවක් යන හින්දා අතහැර දානවා.ඉතින් මම අද කියල දෙන්න යන්නේ පට ගල වෙබ් පිටු වලින් වීඩියෝ ක්ලිප් බාගන්න හැටියි.මේකට කියන්නේ IDM(INTERNET DOWNLOAD MANEGER)පුංචි සොෆ්ට්වෙර් එකක් බලන්න කොච්චර වැදගත්ද කියා.. මේකෙන් වීඩියෝ විතරක් නෙමේ PDF file වෙනත් සොෆ්ට්වෙර් ත් පටගාල බා ගන්න පුළුවන්.එතකොට ඉන්ටෙර්නෙට් නැතිඋනත් ඕන වෙලාවට එම වීඩියෝ ඒක බලන්න පුළුවන්.එම සොෆ්ට්වෙර් ඒක බා ගන්න මෙතනින් යන්න.
Tuesday, October 9, 2012
සිංහලෙන් ටයිප් කරන්න ලේසිම ක්‍රමය.
අපේ කට්ටිය සිංහල ලිපි ලියාගන්න බැරිව ලත වෙනවා.හේතුව key board එක හුරුනැති කම.ඉතින් මම අද කියල දෙන්න හදන්නේ English key board එක හුරු නම් සිංහල ටයිප් කරන්න ඉතා පහසු ක්‍රමයක්.මෙයට ඕනෑම පරිගනකයක ඇති note pad එක යොදාගත හැකියි.අපට කරන්න තියෙන්නේ note pad එකේ සිංග්ලිෂ් වලින් type කරන එකයි.ඒ කියන්නේ උදාහරණ -mama ava dan.(මම අවා දැන්) මෙහිදී එක වචනයක් type කලාට පස්සේ space bar එක ඔබන්න.එම සිංග්ලිෂ් වචනය සිංහලට හැරේවි.අපූරු නේද වැඩේ..ඉතින් මේකට නිකම්ම note pad එකේ type කරලා බැහැ..ඒ සඳහා google transliteration IME නමැති කුඩා සොෆ්ට්වෙයා එක අප පරිගණක යේ ස්තාපිත කරගත යුතුය.එහි සම්පුර්ණ අයිතිය google සතු වන අතර මෙතන click කර එය නොමිලේ බා ගත හැක.
හොඳයි බා ගත්ත කියමුකෝ ඒක දැන් ස්ථාපනය කරන්න.ඊට පස්සේ system tray එකේ EM කියල එකක් එනවා.ඒක එන්නේ නැත්නම් ඔයාගේ කොම්පියුටර් එකේ SIYABAS කියන සිංහල FONT නෑ.ඒක බාගන්න මෙතන CLICK කරන්න.තවත් තොරතුරු වීඩියෝ වකින් බලන්න ඕන නම් මෙතන CLICK කරන්න.

Monday, October 8, 2012
google ගැන අප නොදන්නා දේ.
අන්තර්ජාලය මගින් අප ජීවන රටාව අතිෂයින් වේනස් කර ඇත.යම් කර්ර්යයක් සිදු කෙරීමට ගතයුතු වෙහෙස අඩු කෙරීම සඳහා අන්තර්ජාලය අද අපට මිතුරෙකු වී සිටි.අදින් දශක යකට පමණ පෙර අප අනුගමනය කල ක්‍රම වලට වඩා අතශයින් වෙනස් පිළිවෙතක් අද අන්තර්ජාලය භාවිතා කරයි.අන්තර්ජාලයේ විවිද පැතිකඩ තිබුනද google වෙතින් ලද දායාදය ඒ හැම එකකම පාහේ දක්නට ලැබේ.අද google යන වචනය කෙතරම් ප්‍රචලිත ද යන්න පෙනෙන්නේ ඔක්ස්ෆෙර්ඩ් ශබ්දකෝෂය මගින්ද google ගැන කෙරුණු විග්රහයයි.එහි සඳහන් වන්නේ අන්තර්ජාලයේ තොරතුරු සෙවීමට නම් google වෙත යායුතු බවයි.
ලෝකයේ හොඳම සෙවුම් යන්ත්‍රය සොයාගත්තේ ලැරී ජේජ් හා සර්ජි බින්ය.ඔවුන් ගේ සැලසුමේ
ප්‍රතිපලයක් ලෙස අද අප භාවිත කරන google සේර්ච් එන්ජිම බිහිවී තිබේ.මෙම සියල්ල ගණිතමය ක්‍රම තුලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.එය උපන්දා සිට google ගෙන ආ සම්ප්රදායකි.
එකේ ඉලක්කමට බින්දු සියයක් එක්කලවිට ලැබෙන ඉලක්කම ගණිතයේදී අප googol ලෙස හදුන්වමු.තම සේර්ච් එන්ජිම මගින් එවන් වෙබ් පිටු ප්‍රමාණයක් පීරා බලන බව කියවෙන වචනයක් ලෙස google නිර්මාපකයෝ කතිකා කළහ.එය වඩාත් හුරුබුහුටි ලෙස ගත්විට google යන වචනය ඔවුන් තනා ගත්හ.google ට අදායම ලැබෙන ප්‍රදාන ක්‍රමය වන්නේ වෙළෙඳ දැන්වීම්ය.මුලින් ඔවුන් තම සේර්ච් එන්ජිම හරහා දැන්වීම් පළකර අදායම් ලබා ගැනීමට උත්සාහ කල ද එය තරමක් අසීරු විය.එහෙයින් වඩාත් ඵලදායී ක්‍රමයක් කෙරෙහි ඔවුන් කල්පනා කළහ.එහිදී පාරිභෝගිකයාට රුචි මාතෘකාවට අදාලව වෙලෙඳ දැන්වීම් පෙන්වීමෙන් විපුල ඵල නෙලා ගත හැකි බව google දැන ගත්තේය.google adsense ඔවුන් ඒ සඳහා නිර්මාණය කල තාක්ෂණයයි.එනම් අප යම් වෙබ් පිටුවක phone ගැන සොයයි නම් ඔවුන් අපට දිස්කරවන වෙළෙඳ දැන්වීම phone හා සම්බන්ද එකකි.මෙය සම්පුර්ණයෙන්ම ස්වයන්ක්‍රීයව සිදුවන්නකි.එහිදී එම දැන්වීම සහිත පිටුව පෙරලන විට දැන්වීම් අයිතිකරු googale වෙත ගාස්තු ගෙවිය යුතුය.මෙහිදී අප විසින් වෙබ් අඩවියක් සදා එහි අර්ථයට සබැඳිව දැන්වීම් ප්‍රදර්ශනය කල හොත් google සමාගම එම වෙබ් අඩවියේ අයිතිකරුට ද කොමිස් මුදලක් ගෙවයි.අන්තර්ජාලයෙන් මුදල් යිපයීමේ ක්‍රමයක් ලෙස e money වලදී ඉගැන්වෙන්නේ මෙයයි.
පහත දක්වෙන්නේ google අපවෙත නොමිලේ ලබාදෙන සේවාවන් කීපයකි.
1.Google calender-එදිනෙදා කටයුතු ලියා තබන්නට දින පොත් අවශ්‍ය නැත.අනාගත අවශ්‍යතා ද මෙහි ලියා තබන්නට පුළුවන.
2.Google docs-ලියකියවිලි පොත් පත් තැනින් තැන ඔසවාගෙන ගොස් භාවිතා කල යුතු නැත.
3.Google reader-තමන් රුචි වෙබ් අඩවි එකතැන සිට කියවිය හැකිය.
4.Google maps-සිතියම් පෙරලමින් තැන තැන යායුතු නැත.
5.Google blogger-වෙබ් අඩවි ඕනෑම තරමක් නොමිලේ සදා අන්තර්ජාලයට සැනෙකින් එක්කල හැකිය.
6.Google translator-වෙනත් භාෂා වලින් ඇති වෙබ් අඩවි තම භාෂාවට පෙරලදෙයි.
Google මෙතරම් දුරක් ආවේ හිටිපයින් ම නොවේ.එය පියවරෙන් පියවර ආ ගමනකි.කොටින්ම කියතොත් Google මුලින්ම උපන් සර්වරය පිහිටා තිබුනේ කැලිපෝනියාවේ මෙන්ලෝපර්ක්හි කුලියට ගත් ගරාජයකය.
Saturday, September 29, 2012
localadclick.net මගින් ලක්ෂ්‍ය ගණනක් මුදල් ඉපයීම.
මේක තමයි අලුත්ම පිරමීඩාකාර ව්‍යාපෘතිය.ඉතා පහසුවෙන් අන්තර්ජාලය භාවිතාකර මුදල් ඉපයිය හැකිය යන්න මෙම වෙබ් site එක මගින් කියවේ.දිනපතා මෙම වංචාවට හසුවන පිරිස ලොවපුර ඕනෑතරම් සිටිති.මම මේ ලිපිය ලියන්නේ ලංකාවෙත් පිටරට රැකියා කරන ශ්‍රී ලන්කිකයන්ගේත් යහපත තකායි.ඔබ ඉතා දුක් මහන්සියෙන් හම්බකරන සොච්චම වින කෙටීමට මෙම අඩවිය සුක්ෂමව කටයුතු කරනවා ඇත.ඒ සඳහා නියෝජිතයන් ඔබට දේශනා සඳහා ආරාධනා කරනු ඇත.වීඩියෝ දර්ශන සහිත දැන්වීම් නැරබීමෙන් ඔබට ලක්ශ්යගනනක් ඉතා පහසුවෙන් සෙවිය හැකි බව ඔවූන් පවසනු ඇති.අත්තටම කියනවනම් මෙයත් තවත් සක්විති ජාවාරමකි.මෙම අඩවියේ ඔබ මුදල් ආයෝජනය කලයුතු අතර පසුව ඔවුන් ඔබව මග හරිනු ඇත.මෙම දැනුවත් කිරීම හැකි හැමටම share කරන්න.ඔබට වැඩිවිස්තර ලබාගැනීමට අවශ්‍යනම් මෙතනින් ගිහින් බලන්න.
ඔබට ජය!
ඔබට ජය!
Friday, September 28, 2012
අලූත්ගම කන්දේ විහාරය
අලූත්ගම ගාලූ පාරේ කලූවාමෝදර හන්දියෙන් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විටදී හමුවන සුන්දර පරිසරයකින් යුතු කුඩා කඳු ගැටයක සුප්‍රසිද්ධ කන්දේ විහාරස්ථානය පිහිටා ඇත.
බෙන්තොට ගලපාත විහාරය මූලස්ථානය කරගෙන කන්ද උඩරට රාජාධි රාජසිංහ සමයේ ආරම්භ වී ඇති මෙම විහාරස්ථානයේ මුල් නායක හිමියන් වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජවහන්සේගේ ශිෂ්‍ය නමක් වූ දේද්දුව ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය උඩුගම චන්ද්‍රසාර හිමියෝය. විහාරස්ථ වර්තමාන දාගැබ ඉදිකිරීමට ප්‍රථම කුඩා දාගැබ ඉදිකර ඇත්තේ බුද්ධ වර්ෂ 2327 දී බව ලේඛනගතවී තිබීම විහාරය ආරම්භය ගැන තවත් සාක්ෂියකි.
දිනපතා පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජා, දේව පූජා මෙන්ම වාර්ෂික කිරිපිඬු හා මුරුතැන් පූජා විහාරස්ථ ආගමික වැඩසටහන් අතර මුල් තැනක් ගනී.
උඩුගම චන්ද්‍රසාර හිමියන්ගේ අනුශාසනා පරිදි උන් වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත හිමියන් මෙහි මුල්ම විහාරාධිපති ධුරය දරමින් විහාරස්ථානයේ මූලික පසුබිම ගොඩනඟා ඇත. පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්ථදස්සි, පොතුවිල සරණතිස්ස, හීනටියන්ගල ජනරාම, යන විහාරාධිපතීන් වහන්සේලා විහාරයේ සංවර්ධන කටයුතුවල නියමුවරු වූහ.
බුද්ධ වර්ෂ 2479 දී ඉදි කෙරුණු වර්තමාන දාගැබ ඉදිරිපිට භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කළ දර්ශනීය බුද්ධ ප්‍රතිමාවක් සහිත කුඩා මැදුරක් හා දැකුම්කළු මලසුන් ගෙයකි. අට පැතලි වේදිකාවක් මත නිර්මාණය කර ඇති දාගැබ විහාරස්ථානයේ සුන්දරත්වය වඩාත් වර්ධනය කරයි.
මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට නෑකම් කියන පැරණි බිතුසිතුවම්වලින් යුත් ඉපැරැුණි ධාතු මන්දිරයේ රිදියෙන් කළ කරඬුවක සර්වඥ ධාතු තැන්පත් කර තිබීම විහාරස්ථානයේ ඇති පූජනීයත්වයට හේතුවකි. විහාරස්ථ අති පැරැණි සුවිසල් බෝධිය මෙම පුදබිමේ පෞරාණික බව කියා පාන ප්‍රබල සංකේතයකි. ඒ වට බෝධිඝරයක් ඉදි කර ඇත.
එමෙන්ම මෑතකදී ඉදි කරනු ලැබූ 107 රියන් සමාධි බුදු පිළිමය විහාරස්ථානයට ගෙනෙනුයේ අසිරිමත් දසුනකි. බුදු පිළිමය යටින් ප්‍රතිමා, සිතුවම් සහිත විහාර ගෙයක්ද නිර්මාණය කර තිබේ.
බුදු මැදුර ඉදිරිපිට ඇති සුවිසල් තෙමහල් තොරණ දුර්ලභ ඝනයේ නිර්මාණයකි. ආරක්කු හා සිමෙන්ති බදාමයෙන් කළ දොරවල්වලින් යුත් මෙහි කඟවේනා හා සිංහයා ලාංඡුන දක්නට ලැබේ. තොරණ මුදුනේ සර්වඥ ධාතු තැන්පත් කළ කුඩා දාගැබකි. ඕලන්ද ගෘහ නිර්මාණ කලාවට මෙය නෑකම් කියයි. බුදු මැදුර ප්‍රතිමා සහ බිතුසිතුවම්වලින් යුක්තය.
බුදු මැදුරේ වම්පස ඇති විෂ්ණු දේවාලයේ රන්මිණි මුවා ඔටුන්නක් සහිත ආභරණවලින් සැරසූ ජීවමාන ස්වරූපයක් ගන්නා විෂ්ණු දේව හිඳි පිළිමයකි. කන්දේ විහාරය ප්‍රසිද්ධියට පත්වීමට බලපෑවේ මහානුභාව සම්පන්න බල ඇතැයි සැලකෙන මෙම විෂ්ණු දේවාලයයි. ඒ හැරුණු විට අනෙකුත් දේවාලවලට භාරහාර ඔප්පු කිරීම සඳහා දිනපතාම දහස් ගණන් බැතිමත්හු මෙහි එති.
වර්තමාන විහාරාධිපති කළුතර බෙන්තර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ විහාරස්ථ වර්තමාන දියුණුව සැළසී ඇත. වර්තමාන විහාරාංගයන් වන තෙමහල් සංඝාවාස විශ්‍රාම ශාලාව, විහාරයට ප්‍රවිෂ්ඨ වන මාර්ගය, නව දේවාල පන්තිය, බෝධියේ රන්වැට, දාන ශාලාව සහිත සිව් මහල් සංඝාවාසය ආදියටත් විහාරාධිපතීන් වහන්සේ විහාර සංවර්ධනයට කැපවී ඇති බවට සාක්ෂි වේ. ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇති උන් වහන්සේ සිව් දිගින් පැමිණෙන බැතිමතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරමින් විහාර දියුණුවට දිවා රෑ නොබලා වෙහෙස වෙති. උන් වහන්සේ මග පෙන්වීම යටතේ ඉදිකෙරුණු ධාතු මන්දිරය ශ්‍රී සරණතිස්ස පුස්තකාලය හා කෞතුකාගාරයක් සහිත නව සය මහල් ගොඩනැගිල්ල ද විහාරස්ථානය තව තවත් අංග සම්පූර්ණ කිරීමකි.
අපවත්වී වදාළ පරිවේනාධිපති යටදොළවත්තේ ආරියවංශ හිමියෝ ද මෙම විහාරස්ථානයේ දියුණුවට සිදුකළ වෙහෙස අපමණය. කන්දේ විහාරස්ථ ක්ෂේත්රරාම මහ පිරිවෙණෙහි අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමට පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් ද, ජපන් භාෂා මධ්‍යස්ථානයක් ද විහාරය පිළිබඳ වෙබ් අඩවියක් ද ඇත. දායක කාරකාදීන්ගේ සහාය ඇතිව විහාරාධිපති බටුවන්හේනේ නාහිමියන්ද ක්ෂේත්රාරාම පරිවේණාධිපති කොක්කාවිට විපුලසාර හිමියන්ද විහාරස්ථ දියුණුව උදෙසා ගෙන යන කාර්ය භාරය සුළු පටු නොවේ.
විහාරස්ථානයට ලබන්නා වූ පුද පඬුරුවලින් අවට ප්‍රදේශයන්හි පාසල් සහ විහාරස්ථාන සඳහා මහල් ගොඩනැගිලි ඉදිකර දීමටද විහාරාධිපති හිමිපාණෝ කටයුතු කරති. මේ වන විට එවැනි පරිත්‍යාග රැුසක් සිදු කරදී තිබේ.
සතියේ දින හතේම උදේ සිට රාත්‍රිය දක්වා මෙම පුද බිම සැදැහැවතුන් බැතිමතුන්ගෙන් පිරී පවතී. විහාරයේ පරිසරය රැුකෙන පරිදි තැඹිලි කෝම්බ හා නොදිරන දෑ විහාර භූමියේ නොදැමීමත් මෙහි එන සැදැහැවතුන්ගේ යුතුකමකි
www.lankadeepa.lk.

Tuesday, September 25, 2012
හෙලබස ඩවුන්ලෝඩ් කරගන්න..
අපි ලාංකිකයෝ විදිහට ගොඩක් අය හොයන අපට වෑදගත් සොෆ්ට්වෙයා එකක් තමයි හෙලබස. සින්හලෙන් ලියුමක් එහෙම ටයිප් කරන්න ගියහම පැය ගානක් නටන්න වෙනවා.ඈල පිලි , ඉස්පිලි , පාපිලි හරියට වැඩ කරන්නේ නෑ කියලා. තව සමහරු සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කළත් Key Board Not Found / No Helabasa Key Board කියලා කියනවා. ඉතීන් මම ඔයාලව මේ ප්‍රශ්න වලින් නිදහස් කරනවා.හෙලබස ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.
මෙක ඕනම OS එකකට වැඩ කරනවා.ඕක zip file එකක් විදියට ඈති.Unzip කරලා Install කර ගන්න.
මෙක ඕනම OS එකකට වැඩ කරනවා.ඕක zip file එකක් විදියට ඈති.Unzip කරලා Install කර ගන්න.
Sunday, September 23, 2012
Facebook බොරුව හෙළිවෙයි...!
hetadina.com |
තම ආයතනය වටා ලොව පුරා වැඩිම සෙනගක් එකතුවී සිටින බව facebook පැවසුවත් එය දැන් විවාදයට ලක්වී ඇත.ඒ ලොව පුරා ව්‍යාජ facebook ගිණුම් අටකෝටියකට වඩා තිබෙන බව හෙළිවීමත් සමගය.මෙම ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන්නේ අරමුණු කීපයක් ඇතිවය.
1.තම වෙළෙඳ පරමාර්ථ සඳහා.සමාජ සේවයක් සඳහා.
2.ස්පෑම් හෝ ඊ මේල් එවන්නන්ගෙන් අනන්‍යතාව රැකගැනීමට..
3.තම ප්‍රධාන ගිණුමට අමතරව පවත්වා ගෙන යන ඒවා..
කෙසේවතත් මෙම ව්‍යාජ ගිණුම නිසා facebook ආයතනය බරපතල ගැටලුවකට මුහුණපා සිටි.facebook වලට ප්‍රධාන ආදයම් මාර්ගය වන්නේ වෙළෙඳ දැන්වීම්ය.එම වෙළෙඳ දැන්වීම් සඳහා ගාස්තුව තීරණය වන්නේ එම දැන්වීමට සෙනග දක්වන ප්‍රතිචාර මතය.එම ප්‍රතිචාර එකතුකර ගන්නේ likes ප්‍රමාණය ගනනය කෙරීමෙනි.එහෙත් ව්‍යාජ ගිණුම වලින් එන මෙම likes ව්‍යාජ ඒවාය.ඒ අනුව facebook හි වෙළෙඳ දැන්වීම් හිතන තරම් සාර්ථක නොවන බව පෙනීයන්නකි.
මෙය මැන බැලීමට පසුගිය අගෝස්තු මාසයේ limited press ආයතනය පරීක්ෂණයක් දියත් කරනලදී.එහිදී විශේෂ පරිගණක වැඩසටහනක් යොදා ගත්තේය.එමගින් පැහැදිලි වුයේ facebook වෙළෙඳ දැන්වීමකට එන likes ප්‍රමාණය 80% ක් ම ව්‍යාජ ඒවා බවය.සමහර ව්‍යාජ likes ලැබෙන්නේ පුද්ගල ගිණුම් වලින් නොව විශේෂ පරිගණක වැඩසටහන් වලින් පවත්වාගෙන යන ගිණුම් වලින් බවද එම ආයතනය තව දුරටත් හෙළි කළේය.මෙම තත්වය facebook ආයතනය ද පිළිගෙන තිබේ.එහෙත් එම ව්‍යාජ ගිණුම් වලට වැට බැඳීම facebook තවමත් ප්‍රමාද කරන්නේ මන්ද යන්න ගැටලුවකි.මෙහි දී ව්‍යාජ ගිණුම් මගින් තමා වටා අති විශාල සෙනගක් සිටින බව පෙන්වමින් ප්‍රේක්ෂකයා මුලා කොට ඔවූන් වෙළඳ දැන්වීම් හඳහා යොමු කර ගැනීමට කටයුතු කරනවා ද යන්න සිතා බැලිය යුතු මාතෘකාවකි.මන්ද facebook ආයතනය පවත්වාගෙන යන්නේ වෙලෙඳ දැන්වීම් වලින් ලැබෙන ලාභය මගින් නිසාය.මෙහිදී පැහැදිලි කරුණක් ද තිබේ.එනම් facebook නිර්මාණකරු වන Mark zuckerberg නමින්ම ගිණුම් අතිවිශාල ගණනක් තිබීමයි.ඒවා පවා ඉවත් කිරීමට කටයුතු කර නැත.තත්වය කෙසේවෙතත් අන්තර් ජාල විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ facebook ආයතනය නිල වශයෙන් පෙන්වා ඇති ගිණුම වලට වඩා ව්‍යාජ ගිණුම් පවතින බවය.
එහෙත් google සමාගම මීට හාත්පසින්ම වෙනස් ක්‍රමයක් අනුගමනය කරයි.ඔවුන්ගේ ද ප්‍රධාන ආදායම් මාර්ගය වෙළඳ දැන්වීම්ය.එම දැන්වීම් විවිද බ්ලොග් වල ට ඇතුලත් කල හැක.එම දැන්වීමද ලැබෙන්නේ බ්ලොගයේ අන්තර්ගත කරුණු අනුවය.එම දැන්වීම නරබන විට බ්ලොගයේ හිමිකරුට යම් කොමිස් මුදලක් ගෙවනු ලැබේ.එය ඔබ දන්නා පරිදි google adsense ය.එහෙත් එකම පරිගණකයකින් ගිණුම් කීපයක් සැදීමට උත්සාහ කළහොත් එම පරිගණකයෙන් ලබාගතහැකි එකම ගිණුම ද අහෝසිවේ.නැවත එය ලබාගත නොහැකිවේ.මේ අකාරයට facebook වලටද එක පුද්ගලයෙකුට එක ගිණුමක ට වඩා පවත්වාගෙන යා නොහැකි ලෙසද පරිගණක වැඩසටහන් මගින් එය කල නොහැකි ලෙස ද සකස් කළහොත් facebook මගින් වන අපචාර අඩුවනවා පමණක් නොව facebook හි ආයුකාලය ද දීර්ඝ වනු ඇත.
ඔබට ජය..!
Wednesday, September 19, 2012
Funny pictures
ගණදෙවි නුවණ
දවසක් කට්ටියක් ගමනක් යන කොට ඔන්න බොලේ ආව නේද තඩි මී හරකෙක්...පැනගන්න දිහාවක් ඇත්තෙම නෑ..කට්ටියට ගණදෙවි නුවණ පහල උනා..එක එක්කෙනා අවට ගොඩනැගිලි වල ජනෙල් වල එල්ලිලා තමයි යන්තම් බේරුණේ..
මේවගේ අපට සිනාව උපදවන pictures හමු වුනොත් අපට එවන්න..මම ඒවා ඔයාලගේ නමින්ම blog එකේ දාන්නම්..ඔයාලට තවත් මේවගේ Funny pictures බලන්න ඕනි නම් මෙතන click කරන්න ..
Email-sisiramet@gmail.com
hetadina.com |
මේවගේ අපට සිනාව උපදවන pictures හමු වුනොත් අපට එවන්න..මම ඒවා ඔයාලගේ නමින්ම blog එකේ දාන්නම්..ඔයාලට තවත් මේවගේ Funny pictures බලන්න ඕනි නම් මෙතන click කරන්න ..
Email-sisiramet@gmail.com
Tuesday, September 18, 2012
වයසට ගියහම පේන හැටි....
වයසට ගියහම පේන හැටි දැන්ම බලාගන්න.!
කවුරුත් වයසට යන්න කැමති නෑ..ඒත් අකමැත්තෙන් හරි
කවද හරි වයසට යන්න නම් වෙනවා..ඉතින් මම අද කියල දෙන්න හදන්නේ
වයසට ගියහම අපිව පෙනෙන හැටි පින්තූර පෙළකින් බලා ගන්න හැටියි ..
වැඩේ හරි පහසුයි.කරන්න තියන්නේ තමන්ගෙ මෑත කලෙකදී ගත්ත ෆොටෝ එකක්
මම දෙන මේ බ්ලොග් එකට upload කරන එක විතරයි.!
හරි..දැන් ඔබේ වයසක පෙනුම බලන්න මෙතන click කරන්න.
ඔබට ජය !!
age-me |

Monday, September 17, 2012
සුළං විදුලියත් එයි...
wind power |
බලාගාර තුනට පිරිවැය දරා ඇත්තේ නිර්මලපුර වින්ඞ් පවර්,ඬේලි ලයිෆ් රිනි වබල් හා පවර් ජේන් ලංකා යන සමාගම්ය.
එක් බලාගාරයකට වැයවී ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 240 ක් පමණ වේ.
2015 වසර වන විට රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 10% ක ප්‍රමාණයක් සුළං, හිරු එළිය හා ජීව වායුව යන ප්‍රභවයන්ගෙන් නිපදවා ගන්නා විදුලියෙන් සපුරාගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යංශය කියයි.
විශේෂ ස්තුතිය. www.lankadeepa.lk
Thursday, September 13, 2012
windows 8 වල නව මුහුණුවර
www.hetadina.blogspot.com |
2012 ට පුරා කියා මෛක්‍රොසොෆ්ට් ආයතනය මගින් හඳුන්වාදෙන
නවතම OS එකේ මුහුනයි මේ..මෙය ගොඩක් වැඩ දාන්න පුළුවන් එකක්..
ටිකටික කියල දෙන්නම්...හැමදාම එන්න site එකට....
ඔබට ජය!
www.hetadina.blogspot.com/
Wednesday, September 12, 2012
Add Meta Tags to blogger
අපේ කට්ටිය බ්ලොග් හදනවා..ඒත් හදපු බ්ලොග් එකට සෙනග එන්නේ නෑ කියල ලතවෙනවා.ඇත්තටම අපි එහෙම ලතවෙන්න ඕන නෑ..මෙන්න වැඩේ .ඔබ දන්නවාද Meta Tag ගැන මේ Meta Tag එකෙන් තමා අපේ බ්ලොග් එක ඉතාමත් ඉක්මනින් සෙවුම් යන්ත්රයන් වලට අසු වෙන්නේ..ඒ කියන්නේ google,yahoo වැනි සේර්ච් එන්ජින් වලට,ඒක නිසා ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ කොහොමද blogger වලට Meta Tag එක අපේ බ්ලොග් එකට හරියට ඇතුලත් කරන්නේ කියලා..එහෙනම් ඔයාල මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරගෙන Meta Tag එක ඔයලගේ බ්ලොග් එකට අතුලත් කරගන්න.
මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.
එතන <head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක අරගෙන Copy, Past කරන්න...
<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='Your name' name='author'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='english' name='Language'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='Your email' name='Email'/>
<meta content='Your Blog description' name='description'/>
<meta content='Your Blog keywords' name='keywords'/>
<title>Your Blog title</title>
ඉට පස්සේ ඔයාලට එම ඇතුලත් කරපු කොඩ් එකට ඔයාලගේ බ්ලොග් එකේ විස්තර ඇතුලත් කරන්න වෙනවා..එම ඇතුලත් කර ගන්නා ආකාරය ගැන පහල බලන්න
1.ඉහත Meta Tag එකේ Your name යන තැනට ඔබගේ නම ඇතුලත් කරන්න
2.ඉහත Meta Tag එකේ Your email යන තැනට ඔබගේ ඊමෙල් ලිපිනය ඇතුලත් කරන්න
3.ඉහත Meta Tag එකේ Your Blog description යන තැනට ඔබගේ බ්ලොගය ගැන පුංචි හැදින්විමක් කරන්න..
4.ඉහත Meta Tag එකේ Your Blog keywords ඔයාලගේ බ්ලොග් එකේ ලියන දෙවල් ගැන keywords කොමා වලින් වෙන් කර ඇතුලත් කරන්න
උදා: Blogger Tricks,Blogger Tips,Blogger Gadget
5.ඉහත Meta Tag එකේ Your Blog title යන තැනට ඔයාලගේ බ්ලොග් අඩවියේ නම ඇතුලත් කරන්න
හරි මේ Meta Tag කිහිපය තමා අපි ඉහත Meta Tag එකෙන් අනිවාර්යෙන්ම හොදින් කරගන්න ඔනේ..
ඉට අමතරව ඉහත Meta Tag එක අපිට කැමති පරිදි පහල අකාරයට වෙනස් කරගන්න පුලුවන්..
6. ඔයාලගේ බ්ලොග් එක ගැන සොයා බලන්න Google Bot Visit කරන්න ඔනේ කාලය Days වලින් වෙනස් කර ගන්න.
<meta content='4 Days' name='Revisit-after'/>
7.පහල කොඩ් එකේ ඔබේ බ්ලොගයේ භාෂාව ඇතුලත් කරන්න..
<meta content='english' name='Language'/>
දැන් වැඩේ හරි ...ටික දවසකින් බලන්න කට්ටිය පටපට ගාල site එකට එන හැටි..තවත් seo tools
භාවිතා කර බ්ලොග් එක promote කරන හැටි බලන්න මෙතනින් ඇතුළුවන්න.

Sunday, September 9, 2012
කියුරියෝසිටි රෝවර් යානය
www.hetadina.blogspot.com |
කියුරියෝසිටි රෝවර් යානය මේවන විට අඟහරු මතුපිට සැරිසරමින්
චායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගනිමින් පවතී.පහත දැක්වෙන්නේ
එමගින් ලබා ගත් වීඩියෝ දර්ශනයකි.අඟහරු හාස්පස
මෙහි මැනවින් දර්ශනය වේ. මෙහි
ඇති සුපිරි කැමරාව නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකික විදුදරයකු වන සරත් ගුණපාල මහතා විසිනි.මෙය නැරඹීමට මෙතනින් පිවිසෙන්න..
ඔබට ජය!..
Wednesday, August 29, 2012
ඉහළ කොත්මලේ කා ගේ ජයග්‍රහණයක් ද?
ඉහළ කොත්මලේ
කා ගේ ජයග්‍රහණයක් ද?
ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය පසුගිය ජුලි මස 14 වැනි දින ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. මේ යටතේ තලවාකැලේ නගරයට නුදුරින් කොත්මලා ඔය හරහා මීටර 35.5ක උසකින් හා මීටර 180ක් පමණ දිගකින් යුක්ත වේල්ලක් තනා ඇති අතර වර්ග කිලෝමීටර් 0.25ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ඇති ජලාශයක් ද ඉදි කර තිබේ. එහි සිට කිලෝමීටර් 13ක් පමණ දිගු උමගක් ඔස්සේ හරවා යවන ජල කඳ භාවිතයෙන් නියම්ගම්දොර ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරයේ දී මෙගවොට් 75 ප්‍රමාණයේ විදුලිජනක දෙකක් මඟින් විදුලිය නිපදවනු ලැබේ. ඉන් පිට වන ජලය එක් වන්නේ කොත්මලේ ජලාශයටයි.
මේ අනුව ඉහළ කොත්මලේ ජල විදුලි බල ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 150ක පමණ ධාරිතාවක් අලුතෙන් එක් වී තිබේ. මෙය පුනර්ජනනය කළ හැකි විදුලි ප්‍රභවයක් වන නිසා වර්තමානයේ දී ඉතා වැදගත් වේ. ඒ අද අප මුහුණ දී ඇති විදුලි අර්බුදය නිසා ය. අපේ රටේ ජල විදුලිබල නිෂ්පාදනය අඩු වන විට ඒ හි`ගය පියෑවීම සඳහා තාප විදුලි බලාගාර මඟින් විදුලිය නිපදවීමට විදුලිබල මණ්ඩලයට සිදු වේ. මෙය විදුලිබල මණ්ඩලයේ පාඩුව ඉහළ නංවන අතර රටේ ආර්ථිකයට ද පාඩු සිදු කරයි. කෙසේ වෙතත් මෙරට ඉදි කළ හැකි විශාල ප්‍රමාණයේ ජල විදුලි බලාගාර අතරින් අවසන් බලාගාරය ඉහළ කොත්මලේ වේ.
ඉහළ කොත්මලේ ජලවිදුලි යෝජනා ක්රමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේ දී ය. මූල්‍යාධාර සොයා ගැනීමේ සිට ගත හොත් එය ඉදි කිරීමට වසර දහයක පමණ කාලයක් ගත වී තිබේ. එහෙත් සත්‍ය වශයෙන් ඉහළ කොත්මලේ ප්‍රදේශයේ ජල විදුලි බලාගාරයක් පිහිටුවීම පිළිබඳ අදහසට වසර හතළිස් පහක පමණ අතීතයක් තිබේ.
ඉහළ කොත්මලේ ව්‍යාපෘතියේ 'පරිණාමය'
මේ බලාගාර ව්‍යාපෘතියේ ආරම්භය සිදු වන්නේ 1968 දී පමණ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මහවැලි සංවර්ධනය සඳහා පිළියෙල කළ සැලැස්මේ මේ ප්‍රදේශයේ වේලි ඉදි කළ හැකි ස්ථාන කිහිපයක් හ`දුනා ගැනීමත් සම`ග ය. කෙසේ වෙතත් මහවැලි සැලැස්මේ ඒවා ඇතුළත් නො වී ය. ඉන් අනතුරුව 1985-1987 අතර කාලයේ දී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් පසු කැලිඩෝනියා ජලාශය හා තලවකැලේ ජලාශයක් සාධ්‍ය ව්‍යාපෘති ලෙස යෝජනා කර තිබේ. කැලිඩෝනියා ජලාශ ව්‍යාපෘතිය මීටර 70ක් උස් වේල්ලකින් යුක්තව ඉදි කිරීමට සැලසුම් කර තිබූ අතර හා එහි දී තැනීමට නියමිත වූ ජලාශය වර්ග කිලෝමීටර් 2.25ක් පමණ වපසරියකින් යුක්ත විය. තලවකැලේ ජලාශය මීටර් 20ක් පමණ උස් වේල්ලකින් සමන්විතව ඉදි කිරීමට යෝජනා කර තිබූ වර්ග කිලෝමීටර් 0.4ක් පමණ විශාල ජලාශයක් ද තැනීමට නියමිත විය. කැලිඩෝනියා ව්‍යපෘතිය යටතේ පවුල් 2,500ක් පමණ ද, තලවාකැලේ ව්‍යාපෘතිය යටතේ පවුල් 200ක් පමණ ද, අවතැන් විය හැකි බව එවකට පැවැති දත්ත අනුව ගණන් බලා තිබිණි. ඒ කෙසේ වෙතත් මේ ශක්‍යතා අධ්‍යයනය ද පරිසරය හා නැවත පදිංචි කිරීම් සම්බන්ධව ප්‍රමාණවත් නො වන බව පෙන්වා දී තිබිණි. විශේෂයෙන් කැලිඩෝනියා ජලාශ යෝජනාවෙන් පරිසරයට හා ජනතාවට සිදු වන හානිය විශාල විය.
මේ අතරින් තලවාකැලේ පිහිටුවීමට නියමිත ජලාශය පිළිබඳව 1994 සැප්තැම්බර් මාසයේ දී විදුලිබල මණ්ඩලය පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කරන ලදි. එහි දී ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාව නැවත පදිංචි කරවීම හා දියඇලිවලට සිදු වන සෞන්දර්යාත්මක හානිය ප්‍රධාන බලපෑම් සේ දක්වා තිබේ. මෙය බෙහෙවින් විවේචනයට ලක් විය. මේ නිසා පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මත ව්‍යාපෘතියට අනුමැතිය දීම මධ්‍යම පරිසර අධිකාරිය කිහිප වතාවක් ම ප්‍රතික්ෂේප කළේ ය. එහි උපදෙස් මත විකල්පයක් ලෙස 1996 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන ලද යොක්ස්µර්ඩ්/ලි`දුල ව්‍යාපෘතිය සඳහා ද තක්සේරු වාර්තාවක් සකස් කරන ලද අතර භූ විද්‍යාත්මක තත්ත්ව හා ප්‍රායෝගික නො වන බව දක්වා පෙන්වා දෙන ලදි.
මේ නිසා ව්‍යාපෘති යෝජනාව තීරණයක් නොමැති ව ඇදී ගියේ ය. 1998 දී මේ ව්‍යාපෘතියට යම් යම් කොන්දේසි සහිතව පරිසර අමාත්‍යාංශය ලබා දුන් අනුමැතියට එරෙහි ව පරිසර පදනම අධිකරණයේ පැමිණිලි කළේ ය. එහි දී ඇති කර ගත් එක`ගතා මත ව්‍යාපෘතියට 2000 වර්ෂයේ දී පරිසර හා වනසම්පත් අමාත්‍යාංශයේ අවසර ලැබේ. ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන මත 2003 අංක 1283/19 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 'ජාතික පාරිසරික (ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය - නිරීක්ෂණ) නියෝග' මඟින් පාරිසරික බලපෑම් පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය දක්වා තිබේ. 2002 දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයාගන්නා ලද අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ 2006 දී පමණ ය.
ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස දක්වා තිබේ. අපට පෙනෙන ආකාරයට නම් මෙය පරිසරයේත්, ජනතාව ගේත්, විදුලිබල සැපයුමේත් කිසියම් ජයග්‍රහණයකි.
පාරිසරික බලපෑම් අවම කිරීම
මේ ව්‍යාපෘතියේ මුල් සැලසුම් නිසා සිදු වන්නට තිබූ විවිධ පාරිසරික ගැටලු මේ ව්‍යාපෘතිය නිසා වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වී තිබේ. එය පාරිසරික වශයෙන් යම් ජයග්‍රහණයක් සේ සැලකිය හැකි ය. මෙහි දී වැදගත් වන කරුණ වන්නේ ජාතික පාරිසරික පනත යටතේ මේ ව්‍යාපෘතියට අදාළව 2003 වර්ෂයේ දී නියෝග කිහිපයක් නිකුත් කිරීම වැදගත් සන්ධිස්ථානයකි.
තලවාකැලේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති සංචාරක ආකර්ෂණයක් ඇති දිය ඇලි අතරින් හතකට පමණ මේ ව්‍යාපෘතියෙන් බලපෑමක් ඇති විය හැකි මට්ටමක තිබිණි. ඒ අතරින් වැඩි ම බලපෑමක් ඇති විය හැකි ව තිබුණේ ශාන්ත ක්ලෙයාර්, ඩෙවොන් හා රම්බොඩ යන දිය ඇලිවලට ය. නිදසුනක් ලෙස ගත හොත් ජලාධාර ප්‍රදේශය ශාන්ත ක්ලෙයාර් දියඇල්ලේ 98%කින් ද, ඩොවොන් ඇල්ලේ 87%කින් ද අඩු වීමට නියමිත ව තිබිණි. ජලය ලබා ගැනීමෙන් තවත් දිය ඇලිවලට ද මෙවැනිම බලපෑම් ඇති වීමට නියමිත විය. එහෙත් ගත වූ කාලයේ දී ඇති වූ වෙනස්කම් නිසා මේ දියඇලි රැසක් ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. පෙර සඳහන් 2003 ගැසට් නිවේදනයෙන් ද මේ පිළිබඳව ප්‍රතිපාදන සපයා දී තිබේ. ඊට අනුව ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල සඳහා ජලය ඝන මීටර් 18000ක් ද ඩොවොන් දිය ඇල්ල සඳහා ඝන මීටර් 47250ක පමණ ජල ප්‍රමාණයක් ද දෛනිකව ජලාශයෙන් මුදා හළ යුතු වේ. මේ අනුව අවසානයේ ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතියෙන් සැලකිය යුතු බලපෑමකට ලක් වන්නේ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල පමණක් බව පෙනේ. ඒ අනුව දියඇලි රැසක් පවත්වා ගත හැකි වීම එක්තරා ජයග්‍රහණයකි. දිය ඇලිවල සෞන්දර්යය හා සංචාරක කර්මාන්තය පසෙක තැබුව ද මේ දිය ඇලි රැක ගැනීමේ පාරිසරික වැදගත්කම් බොහෝ ය.
මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා ඇති වූ සුවිශේෂ ජයක් ද තිබේ. ඒ 19 වැනි සියවසේ මැද භාගයේ දී සොයාගත් Ravana politissima නම් ශ්‍රී ලංකාවට ආවේණික ගොලුබෙල්ලා, ඉන්පසුව නැවත වාර්තා වන එක් ප්‍රදේශයක් මේ ප්‍රදේශය වීම නිසා ය. ජලාශ ප්‍රදේශයේ ජීවත් වූ මේ ජීවී ගහනය වෙනත් ප්‍රදේශයකට පරිස්ථාපනය කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ. මුල් ව්‍යාපෘතිය ඒ අයුරින් ම 1990 දශකයේ දී ක්‍රියාත්මක වූයේ නම් මේ පිළිබඳව නො දැන ම එම ගහනය අපට අහිමි වන්නට ඉඩක් තිබිණි.
එසේ ම මින් පෙර ඉදි කිරීමට යෝජනා කර තිබූ විශාල පරිමාණයේ ජලාශය තැනුවේ නම් මේ ප්‍රදේශයේ පාරිසරික වශයෙන් මීට වඩා විශාල වෙනස්කම් සිදු වීමට ඉඩ තිබූ නිසා පොකුණක් ලෙස හ`දුන්වන වර්තමාන ජලාශය ද පාරිසරික වශයෙන් යහපත් ජයග්‍රහණයකි.
ජනතාවට සිදු වන බලපෑම්
මේ ව්‍යාපෘතිය නිසා අවතැන් වන පිරිස් හා ඒ හා සම්බන්ධ දේශපාලන හා සමාජයීය ගැටලු ද මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම සඳහා හේතු විය.
1994 පරිසර බලපෑම් තක්සේරු වාර්තාවට අනුව නැවත පදිංචි කිරීමට සිදු වන්නේ පවුල් 432කි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන විට ජනාවාස නවයක පදිංචි ව සිටි පවුල් 497ක් ස්ථාන හයක පමණ නැවත පදිංචි කර තිබේ. අතීතයේ මෙන් මේ 'සංවර්ධන අනාථයන්' ගේ ගැටලු අමතක කර ඔවුන් හුදකලා කොට දමා නොමැති අතර ඔවුන්ට අත්‍යවශ්‍ය (හා බොහෝ විට වඩා හොඳ තත්ත්වයේ) පහසුකම් සහිත නිවාස ද ලැබී තිබේ. ඔවුන් තම පරිසරයෙන් බොහෝ ඈත ප්‍රදේශයක නො ව තමන් වාසය කළ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශවල ම නැවත පදිංචි කිරීම විශේෂයකි. වෙනත් යටිතල පහසුකම් ද සපයා දී තිබේ.
පෙර සඳහන් කර තිබූ පරිදි ඉදි කිරීමට නියමිත ව තිබූ කැලිඩෝනියා ජලාශය වැනි විශාල පරිමාණයේ ජලාශයක් තැනුවේ නම් වැඩි පවුල් ප්‍රමාණයක් අවතැන් වීමට ඉඩ තිබූ අතර ප්‍රදේශයේ පිහිටා තිබූ තේ වගාබිම් හා තවත් බොහෝ යටිතල පහසුකම් ද අහිමි වීමට ඉඩක් පැවතිණි. එහෙත් වර්තමාන ජලාශයෙන් බරපතළ තත්ත්වයේ හානියක් සිදු වී නැත.
විදුලිබල ජනනයේ වැදගත් පියවරක්
ජල විදුලිබලයේ ඇති අවශ්‍යතාව අපි මේ ලිපියේ මුලින් ම පෙන්වා දුනිමු. ඉහළ කොත්මලේ ඉදිකිරීමට නියමිත ව තිබූ බලාගාරයෙන් ගිගාවොට් පැය 575ක් නිෂ්පාදනය කරන්නට නියමිත ව තිබුණ ද, දැන් නිපදවනු ලබන්නේ ගිගාවොට් පැය 409ක් පමණකි. ඊට හේතුව පාරිසරික කරුණු පිළිබඳව සැලකිල්ලට ගැනීම නිසා සිදු කරන ලද වෙනස්කම් ය. පාරිසරික වශයෙන් ලැබී ඇති වාසි හා ප්‍රයෝජන සම`ග සංසන්දනය කර සැලකීමේ දී සාධාරණ බවක් අපට නම් සිතේ.
රටේ විදුලි ජනනය ඉහළ නැංවීමට සිදු ව ඇති එක් හේතුවක් වන්නේ අපේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබීම ය. පුරවැසියන් ලෙස අප අප ගේ පාරිසරික වගකීම් කෙතරම් දුරට ඉටු කර තිබේ ද යන්න පෙනෙන එක් නිර්නායකයක් වන්නේ බලශක්ති සංරක්ෂණයේ ලා අප දක්වන උනන්දුවයි. පාරිසරික කරුණු පිළිබඳ සැලකිල්ලක් දක්වන පිරිස් ලෙස අප අප ගේ ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය අඩු කිරීමට තවදුරටත් පියවර ගත යුතු බව අපේ හැ`ගීම ය. අපේ සම්පත් පරිභෝජනය තිරසාර විය යුතු ය.
මේ ව්‍යාපෘතියේ අතීතය දෙස සැලකිල්ලෙන් බැලීමේ දී අදාළ බලධාරීන් පරිසරය හා අවතැන් වන ජනතාව පිළිබඳව මුලසිට ම වැඩි සැලකිල්ලක් දැක්වූයේ නම් ව්‍යාපෘතිය මීට වඩා කලින් ඉදි කර නිමා කළ හැකි ව තිබිණි. එසේ වූයේ නම් විදුලිබල මණ්ඩලය අද ලබන අතිවිශාල පාඩුව තරමක් හෝ අඩු කරගැනීමට ද හැකියාව තිබිණි.
තිරසාර සංවර්ධනයක් සඳහා අපේ රටට අවශ්‍ය ව ඇත්තේ මෙයයි. අවශ්‍ය ව ඇත්තේ පරිසර සංරක්ෂණය ද සිදු කරමින් අවශ්‍ය විදුලිබල ජනනය ද සිදුකිරීම ය. අවශ්‍ය වන්නේ වඩා තිරසර විස`දුමකට එළැඹීම ය. ඕනෑ ම සංවර්ධන කටයුත්තක් සඳහා මෙය යොදාගත හැකි ය. පරිසර හා ජනතා හිතකාමී පියවර ගැනීම රටක සංවර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය ය.
Thanks for,
www.vidusara.lk

Monday, August 27, 2012
Subscribe to:
Posts (Atom)