Monday, March 11, 2013

මොකක්ද මේ පෝටබල් ෆයර්ෆොක්ස්..

         ඔබ ඉන්ටනෙට් කැෆේ එකකට ගිහින් හරි යාලුවෙකුගේ පරිගණකයකින් අන්තර්ජාලයට පිවෙසෙන විට ඔබ දිනපතා බලන බ්ලොග් අඩවි,ඊමේල් ලිපින,ෆෝරම් ආදියට පිවිසීමට ගියහම ටිකක් මල පැනලා ඇති..මොකද ඔබ නිතර යන එන තැන් වලට ඔබට ක්‍ෂණිකව යා නොහැකි බැවිනි.මන්ද ඔබේ තොරතුරු එම පරිගණක වල නැති බැවිනි.ඊමේල් ලිපිනයකට පිවිසීමට වුවද අපට මුරපදය හා පරිශීලක නාමය හැමවිටම
ඇතුලත් නොකළ යුත්තේ මෙම කුකීස් වලට පින්සිදු වන්නටය.මෙලෙස අපගේ පෟද්ගලික දත්ත ඔබ භාවිතා කරන බ්‍රවුසරයේ තැන්පත්ව ඇත.අප වෙනත් පරිගණකයකින් නෙට් එකට යන විට ඔබේ දත්ත නැති බැවින් යලි මුල සිටම අපේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට සිදුවේ.මෙය මහත් කරදරකාරී වැඩක් බව ඔබ අත්දැක ඇති.ඇතැම් විට ඔබේ මුරපද පවා ඔබට අමතක වී ඇති බව ඔබට මතක් වන්නේ එවැනි අවස්ථාවකදීය.
ඉහත ගැටලුවට සාර්ථක විසඳුමක් මම අද ඔබට කියා දෙමි.මෙය ෆයර්ෆොක්ස් භාවිතා කරන්නන්ට යොදා ගත හැකිය.ඔබට අවශ්‍යවන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් පමණි.මෙහිදී හඳුන්වා එන්නේ අතේගෙනයා හැකි ෆයර්ෆොක්ස් වල සංස්කරණයකි.මෙය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක ස්ථාපිත කර වෙනත් ඕනෑම පරිගණකයක් වෙත ගොස් එහිදී තමාගේ පරිගණකයක මෙන් වැඩ කළ හැක.මෙහිදී සිදුවන්නේ ෆයර්ෆොක්ස් කුඩා මෘදුකාංගය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ ස්ථාපනය කරගෙන එම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක අධාරයෙන් ඔබේ පරිගණකයෙන් ඔබට අවශ්‍ය වෙබ් පිටු,බුක්මාක්ස් ,ෆෝරම,ඊමේල්,හා එදිනෙදා පුරුදු වැඩ හා තොරතුරු සිදු කර එහි ඉතිහාසය නොමකා තබාගැනීමත් පසුව ඔබ පිවිසෙන ඕනෑම පරිගනකයකදිත් එම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකෙහි ඇති පෝටබල් ෆයර්ෆොක්ස් අධාරයෙන් තම තොරතුරු ඔස්සේ පහසුවෙන් අන්තර්ජාලයට පිවිසීමයි.මෙහිදී වැදගත්ම වාසිය වන්නේ ඔබේ පෟද්ගලික තොරතුරු ආරක්ෂා වීමයි.කැෆේ එකක භාවිතා කරන පරිගනකයක බ්‍රවුසරයකින්  ඔබ අන්තර්ජාලයට පිවිස එයි ඔබෙගේ ඉතිහාසය මකා යාමට ඔබට අතපසු වුවහොත් ඔබේ වටිනා දත්ත තවකකු අතට පත්වන්නට බැරිකමක් නැත.
මෙම පෝටබල් ෆයර්ෆොක්ස් අපට නොමිලේ ලබා ගත හැකි අතර අපට ලැබෙන සෙටප් වැඩසටහන ඩබල් ක්ලික් කර එය ස්තාපිත කරගැනීමට සුදානම් කල හැක.එවිට Firefox instalation වින්ඩෝව ලැබේවි.එහි පහලින් ඇති NEXT යන්න ක්ලික් කරන්න.ලැබෙන අලුත් පිටුව Brows For Folder යන්නයි.එහි එන ලැයිස්තුවෙන් ඔබ දැනටමත් ඔබේ පරිගණකයට සම්බන්ද කර ඇති ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තෝරාදිය හැක.දැන් OK කරන්න.එවිට මතුවන වින්ඩෝවේ පහලින් ඇති install යන්න ක්ලික් කරන්න.එවිට ඔබේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තුල අදාළ පෝටබල් ෆයර්ෆොක්ස් ස්ථාපනය පටන්ගනු ඇති.
ස්ථාපනය අවසරදී ඔබේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තුල ඇති FirefoxPotable නම් ෆෝල්ඩරය විවුර්ත කරන්න.ඒ තුල ඔබට FirefoxPotable අයිකන් එකක් පෙනෙනු ඇත.එය ඩබල් ක්ලික් කරන්න.එවිට FirefoxPotable මෘදුකාංගයට පිවිසේ.එතුලින් සාමාන්‍ය පරිදි ඔබට අන්තර්ජාලයට පිවිසිය හැක .එහිදී ඔබේ ක්‍රියාකාරිත්වයන් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ වෙබ් බ්‍රවුසරයේ තැන්පත්වේ.වෙනත් ඕනෑම පරගනකයකදී ද ඉහත පරිදි එය විවුර්ත කරගෙන කිසිම ගැටලුවක් නැතිව අන්තර්ජාලයට පිවිසිය හැක .එහිදී ඔබේ තොරතුරු කිසිවක් වෙනත් කිසිදු  පරිකනකයක නොරැඳේ.


ඔබට ජය!

No comments:

Post a Comment