Monday, March 18, 2013

පෝස්ට් වලින් ට්‍රැෆික් ගන්න හැටි..

    ඔබ බ්ලොග් අඩවි පවත්වාගෙන යන්නෙක් නම් ඔබේ බ්ලොග්වලට සෙනග වැඩිපුර ඇද ගැනීමට ඔබ කැමති ඇති.ලෝකයේ සෑම පුද්ගලයෙකුම පාහේ නව තොරතුරු හා කාලීන තොරතුරු පිපාසයකින් පෙළෙනවා.ඔබ ලියන කාලීන තොරතුරු වෙත සෙනග ඇදී එන්නේ නිරායාසයෙන්.උදාහරණ ලෙස පසුගියදා උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වු දින ඒ බව දන්වා මම මගේ බ්ලොගයේ ලිපියක් දැම්මා.අතිවිශාල පිරිසක් එම ලිපිය කියවීමට පැමිණ තිබුනා.
එමෙන්ම වැඩි පිරිසක් කියවීමට රුචි ලිපි පළකිරීමත් වැදගත්.එම ලිපිවල නිවැරදි බව ගැන ඔබ වඩ වඩාත් සැලකිය යුතුයි.අනුන්ගේ ලිපි කොපි කර දැමීම ද නොකල යුතුයි.උපුටා ගැනීමක් ඇතිනම් එම ලිපිය ලබාගත් මුලාශ්‍රය හා එයට සබැදුමක් එක් කිරීම සදාචාරාත්මක සම්ප්‍රදායකි.ලිපියේ මාතෘකාව දැමීමේ දී එය දුටු වහාම ජනතාවට සිත ඇදීයන අන්දමින් දැමීමට කල්පනාකාරී විය යුතුයි.අනුන් හෙලාදකින අසබ්‍ය වචන සහිත ලිපි ලිවීමත් ඔබ අඩු තක්සේරුවට ලක්වීමට හේතු විය හැකියි.ලිපියේ විවිධ තැන වලින් තවත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යනම් වෙනත් පිටු වලටත් වෙනත් බ්ලොග්  වලටත් ලින්ක් දීම කල යුතුයි.එය ඔබේ බ්ලොගය සෙවුම් යන්ත්‍ර වලට හසු වීම පහසු කරවනවා.ඔබ ලියන ලිපියට ගැලපෙන කුඩා පින්තූරයක්‌ දී මට ද මතක තබාගන්න.එය අඩු ධාරිතාවකින් යුතු එකක් වීම වැදගත්.නැතිනම් කියවන්නාට දිස්වීමට වැඩි වේලාවක් ගතවේ.තවත් මෙවැනි උපක්‍රම ඔබ දන්නේ නම් කොමෙන්ටුවක් ලෙස දක්වන්න.

ඔබට ජය!

No comments:

Post a Comment