Friday, March 15, 2013

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.

     නවතම විදුලි බල්බ නිෂ්පාදනේයේ පෙරලිය ලෙස මෙම LED විදුලි පහන හදුන්වා දිය හැක.මෙම පහනක් සවිකර නිවසේ විදුලි මීටරය පිරික්සන්න.ඔබට විදුලි මීටරයේ දර්ශකය කරකැවෙන අන්දම නොපෙනෙන තරම්ය.මෙම පහන් සවි කළහොත් නිවසේ විදුලි පිරිමැස්ම 90%කටත් වඩා වැඩි වේ.ලොවට මුලින්ම විදුලි පහන දායාද කලේ තෝමස් අල්වා එඩිසන්ය.එතැන් පටන් විදුලි බුබුල විශාල දුරක් පැමිණියද විදුලිබලය ඉතා හොඳින් පිරිමසින පරිදි නවීකරණය වුයේ නැත.LED පහන ඊට කදිම විසදුම ලබා දී ඇත
.LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින් LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
අද අපි බලමු LED 100 කින් යුතු පහනක් සකස් කරගන්න අයුරු.ඒ සඳහා මම එදා කියූ පිටකොටුවේ කඩ සාප්පුවලින් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත හැක.ඔබට ඔබ කැමති පරිදි පහන් වර්ග රාශියක් සැදිය හැක.
1.LED 48 කින් යුතු පහන.
2.LED 100කින් යුතු පහන.
3.LED 126කින් යුතු පහන.
4.LED 07කින් යුතු රාත්‍රී පහන.
5.LED 07කින් යුතු බුදු පහන.
6.ආගමික ස්ථාන සඳහා පහන.
LED 100කින් යුතු පහනට පහත උපාංග අවශ්‍ය වේ. 
1.IN 4007 දියෝද -04 (D1 සිට D4)
2.560 Ohms 1/2 වොට් ප්‍රතිරෝධක -01(R3)
3.680 Ohms 1/4 වොට් ප්‍රතිරෝධක -02(R1-R2)
4.4.7 මයික්‍රෝ ෆැරඩ් 400v ඉලෙක්ට්‍රොලිටික් කැපෑසිටර් -01(C2)
5.0.68මයික්‍රෝ ෆැරඩ්400v කැපෑසිටර් -01(C1)
6.බ්‍රයිට් LED 100ක්
7.පහත රූපයේ පරිදි බල්බ ආවරණයක්.
ඉහත උපාංග නිවැරදිව පරිපථ පුවරුවට පාස්සා ගන්න.පහත රූප පෙළ අනුගමනය කරන්න.රූපය විශාලව බැලීමට නම් රුපය උඩ ක්ලික් කරන්න.
වැදගත්.
LED සවිකිරීමට පෙර ඒවා දැල්වෙන ඒවා දැයි එකින් එක පරීක්ෂා කල යුතුය.මන්ද එක LED එකක් හෝ නොදල්වෙන්නේ නම පරිපථයේ ඇති සියලුම LED ද නොදැල්වේ.මෙන්ද මෙහි ඇත්තේ ශ්‍රේණිගත සම්බන්දයක් නිසාය.LED පරික්ෂා කිරීමට පෙන්ටෝච් බැටරි කැබලි දෙකක් ගෙන එය PVC බට කැබැල්ලක් තුලට දමා දෙපසින් වයර් කැබලි දෙකක් සවිකර එම වයර් දෙකෙලවරට කනෙක්ටර් කැබැල්ලක් සවිකර සරල LED පරීක්ෂයක් සාදා ගන්න.
ඔබට ඇති ගැටළු ලියා එවන්න..ඊ ළඟ පාඩමින් හමුවෙමු..

ඔබට ජය!


7 comments:

  1. ඊළග කොටස් ටික තව ටිකක් පැහැදිලිව දාන්න පුලුවන් නම් ලොකු උදවුවක් වෙයි....කොහොම උනත් හොද වැඩක් දිගටම කරන් යන්න.....

    ReplyDelete
  2. LED 100 දාල හදන බල්බ් එකට වොට් කොච්චර යනවා ද? කොච්චර වොට් ගානක් යනවද කියල හොයන්නේ කොහොමද ?

    ReplyDelete
  3. machan patta watina lipi tikak...ubata pin sidda wenawa..math try ekak deela balanna haduwe..
    me sirkit eke PCB board eka kade ganna thiyenawada?nathnam apima foomika ekaka aluthin hadanna onida..mata poddak e gena kiyapan machan..

    ReplyDelete
  4. mamath me wage 230v LED lamp 1k haduwa. But 20 Hours witara wada kalata passe eka off una. dan on wen ne? mokd kyla kiyanna puluwanda?

    ReplyDelete
  5. මා චීනයෙන් රූපයේ පෙනෙන ආකාරයේ බල්බයක් ගෙන්වන ලදි..මාසයක් පමණ දැල්වීමෙන් පසු බල්බය දැල්වෙන්නේ නැති අතර..මද ආලෝකයක් පමණක් නිකුත් වෙයි

    ReplyDelete
  6. bulb passaakota ewa heat unth awlda?

    ReplyDelete
  7. මම හදපු 108 LED බල්බ් එකේ එක පැත්තකම LED වැඩ කරන්නේ නැතිව ගියා. මෙහෙම වෙන්නේ ඇයි.මෙය හදාගන්නේ කොහොමද ?

    ReplyDelete