Thursday, March 14, 2013

මාසිකව අසීමිතව උපයන්න..අලුත් මගක්..

led bulbs sri lanka
    අන්තර්ජාලය තුලින් මාසිකව අසීමිතව උපයන්න පුළුවන් බව තෙපර බාමින් කිසිත් නොදත් පාරිබෝගිකයන් ගසාකන උදවිය අද විරල නොවේ.අන්තර්ජාලයෙන් අසීමිතව උපයන්න පුළුවනි.එහෙත් ඒ අන්තර්ජාලයේ හෝ පුවත්පතක පලවන අන්දමින් පහසුවෙන් නම් නොවේ.ඒ සඳහා මනා පුහුණුවක් හා මිඩංගු කළහැකි කාලයක්,දැනුමක් දක්ෂතාවයක් තිබිය යුතුය.එවැනි පුද්ගලයන් අද ලංකාවේ සිටිනුයේ අතලොස්සකි.ඉතින් මම අද ඔබට කියාදෙන්නේ තවත් 'e money' ක්‍රමයක් ගැන නොවේ.
ඔබේ සුළු ඉලෙක්ට්‍රොණික හැකියාවෙන් ගෙදර සිටම ආදායමක් ලබා ගන්නා  හැටිය..මේ සඳහා ඔබට කිසිඳු ප්‍රාඨමාලාවක් හැදෑරිය යුතු නැත.මෙන්න මේකයි අලුත් ක්‍රමය.

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 01.
ආලෝකය ලබා ගැනීම සඳහා අප දැනට භාවිතා කරන සුත්‍රිකා පහන කෙතරම් නාස්තිකාර විදුලි පහනක් දැයි ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැත.එම බල්බයට යෙදෙන විදුලි ශක්තියෙන් 90% ක් පමණ තාපය වශයෙන් අපතේ යයි.තාපය නොව අපට අවශ්‍ය වන්නේ ආලෝකයයි.මා හදුන්වා දෙන LED විදුලි පහනට සැපයෙන විදුලි ශක්තියෙන් 90% ක් ආලෝකය බවට හැරේ.එය හැල්මේ දිවයන ඔබේ නිවසේ විදුලි මීටරයට මහා අස්වැසිල්ලක් වනු ඇත.ළඟදීම විදුලි බිලද වැඩිවන නිසා මෙවැනි අලුත්දෙයකට අත ගැසීම සැබවින්ම අත්යවශ්‍ය දෙයකි.දැනට අප භාවිතා කරන CFL බල්බ වලද අප හිතනතරම් විදුලියක් ඉතිරි නොවේ.බාල හා ව්‍යාජ CFL බල්බ් වෙළෙඳ පොළ ආක්‍රමණය කර ඇත.ඒවා දැමීමෙන් කොහෙත්ම විදුලියක් ඉතිරි නොවේ.රටට අත්‍යවශ්‍ය මොහොතක LED විදුලි බල්බ ඉතා පහසුවෙන් සකසන අයුරු මම ඔබට නොමිලේ කියාදෙමි.මා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අත ගැසුවේ කුඩා කලම නිසා මෙම තාක්ෂනය පිළිබඳව හොඳ අත්දැකීමක් මාහට ඇත.ඔබට මා මෙය පියවරෙන් පියවර පාඩම් මාලාවක් ලෙස හදුන්වා දෙන අතර.ඔබේ එය කියවා ඔබට ගැටළු ඇත්නම් geek.lk හරහා හෝ මාහට කොමෙන්ට් එකක් ලෙස එවන්න.ඒ  සෑම ගැටළුවකටම මම පිළිතුරු ලබාදෙමි.
අද පලමු පාඩමින්  අප LED විදුලි බල්බ වල වාසි අවාසි කතාකරමු.
වාසි
1.වැයවන විදුලි බලය ඉතා අඩුය.
2.සුදු ආලෝකයක් විහිදුවයි.
3.ඉතා දිගුකලක් භාවිතා කලහැකිය.(වසර 5ක්)
4.ඉතා අඩු මුදලකින් අලුත්වැඩියා කල හැකිය.
5.දැනුමින් අඩු අයකු ට වුවද සැකසිය හැක.
6.නිවසේ සිට කල හැකි ලාභ දායි ව්‍යාපාරයකි.
7.අමුද්‍රව්‍ය ඕනෑ තරම් ඇතිනිසා සපයා ගැනීම පහසුය.
8.ස්වයං රැකියාවක් ලෙස ආරම්බ කර ඉක්මනින් දියුණුවිය හැක.
අවාසි
1.මුලික වියදම තරමක් වැඩිය.(එහෙත් බල්බය දල්වන විට එම මුලික වියදම මෙන් කීප ගුණයක ලාභයක් ලැබේ.)

ඊළඟ පාඩමින් හමුවෙමු..

ඔබට ජය!

1 comment:

  1. බොහොම ස්තූතියි..මේකනම් අපිට ගොඩක් වැදගත් වේවි...අපි බලාගෙන ඉන්නවා ඊළග පාඩම එනකන්....

    ReplyDelete