Friday, March 22, 2013

පරිගණක භාවිතයේ වැරදි මත...

 අප එදිනෙදා පරිගණක භාවිතයට හුරුවී සිටිති.එහෙත් පරිගණක භාවිතයේදී සිදුවන වැරදි මත නිසා අප හිත් හි යම් සැකයක් මතු වන තැන් ඇත.බොහෝදෙනා බිය වන්නේ තම පරිගණකයට හානියක් වේ යයි කියාය.
  • ෂට් ඩවුන් නොකොට වසා දැමීම.
ක්‍රියාත්මක වෙමින් තිබු පරිගණකයක් එහි සුවිචයෙන් වසා දැමුව හොත් පරිගණකයට කිසිඳු හානියක් වන්නේ නැත.එහෙත් ඒ වන විට කරමින් තිබු වැඩක
ෆයිල් තැන්පත් නොවී මැකීයා හැක.
නමුත් මෙහෙයුම් පද්ධතියට හානි වන්නේ නැත.පරිගණකයේ සුවිචය මගින් off කිරීමේදී වන්නේ පරිගණකය ෂඩ් ඩවුන් කල අකාරටයම වැසී යාමය.
  • පරිගණක දිගු වේලාවක් ක්‍රියාත්මකව තැබීම.
පරිගණකයක් දිගුවේලාවක් ක්‍රියාත්මකව තැබූ විට හානි වෙතැයි බොහෝ දෙනා සිතති.එහෙත් අලුත් පරිගණක සියල්ලම පාහේ සකසා ඇත්තේ ඒවා එක දිගට වැඩ කළ හැකිලෙස ය.බැංකු වල හා වෙබ් හොස්ටින් ආයතන වල පරිගණක දවස පුරාම ක්‍රියාත්මක වේ.ඇත්තටම පරිගණකයක් නිතර නිතර on off කරමින් ක්‍රියාත්මක කරනවාට වඩා එක දිගට on කර තැබීම පරිගණකයට හිතකරය.එම නිසා විදුලි බලය ඉතිරිකර ගැනීමේ අරමුණින් හා අකුණු වලින් වන අනතුරු වලක්වා ගැනීම හැරුණු විට පරිගණකයක් නිතර off කිරීම අවශ්‍ය නොවේ.
  • පරිගණකයට අනිවාර්යෙන්ම වයිරස් ගාඩ් එකක් යෙදීම.
ඔබේ පරිගණකය අන්තර්ජාලයට හෝ වෙනත් තැනක භාවිතා කල පෙන් ඩ්‍රයිව්ස් භාවිතා නොකරන්නේ නම් කිසිඳු වයිරස් ගාඩ් එකක් අවශ්‍ය නොවේ.වයිරස් පරිගණක තුලින් උපදින්නේ නැති අතර ඒවා සියාල්ලම පිටතින් එන ඒවාය.
  • වයිරස් මෘදුකාංගයක් මිලදී ගත යුතුය.
සැමවිටම වයිරස් මෘදුකාංග මිලදී ගත යුතු නැත.ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙන සෙකියුරිටි එසෙන්ෂල් වැඩසටහන වුවද ප්‍රමාණවත්ය.එයත් සමග මෙහෙයුම් පද්ධතියේ ෆයර්වෝල් සක්‍රිය කිරීමද අවශ්‍යය.කෙසේ වෙතත් නිසි පරිදි ප්‍රයෝජන ලබා ගත හැක්කේ වයිරස් ගාඩ් එක යාවත් කාලීන  වන්නේ නම් පමණි.
  • flash drive බලෙන් ගැලවීම.
ෆ්ලෑෂ් ඩ්‍රයිව් ඉජෙක්ට් නොකර ගැලවීමෙන් මෙහෙයුම් පද්ධතියට කිසිඳු හානියක් වන්නේ නැත.එහෙත් එවිට ක්‍රියාත්මක වෙමින් තිබු ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ වැඩසටහනක් save නොවන්නට පුළුවන.එමෙනම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට හානි වන්නට පුළුවන.
  • පරිගණකය ළඟ කාන්දම් තැබීම.
පරිගණකය ළඟ හෝ ෆ්ලෑෂ් ඩ්‍රයිව්,හාඩ් ඩිස්ක්,මෙමරි කාඩ් අසල කාන්දම් කැබලි තැබූ විට ඒවා විනාශවී යන්නේ නැත.එහෙත් පැරණි CRT මොනිටර් අසල කාන්දම් තැ‍බුවිට එහි තිරයේ වර්ණ වෙනස්කම් විය හැක.එහෙත් නුතනයේ  භාවිතා වන්නේ LCDහෝ LEDතිර වලට එබඳු හානියක් නැත.හාඩ් ඩිස්ක් වල කාන්දම් වලට සංවේදී තැන් තිබුනද එහි අඩංගු දත්ත මැකීමට සාමාන්‍ය කාන්දම් වලට බැරිය .එම දත්ත මැකීමට ඒ සඳහාම වූ විශේෂිත කාන්දමක් අවශ්‍යය.
  • ඩොන්ගල් පරිගණකයට සවි නොකර තැබීම. 
අන්තර්ජාල පහසුකම් ලබා දෙන ඩොන්ගල් එය භාවිතයට නොගන්නා විට ගලවා නොතැ‍බීමෙන් ඩොන්ගලයට කිසිම හානියක් වන්නේ නැත.එය රත් වීම වැළැක්වීමට ඉජෙක්ට් කර තැබීම ප්‍රමාණවත්ය.ඇත්තෙන්ම නිතර නිතර ඩොන්ගලය ගලවමින් සවි කරනවාට වඩා  එය දිගටම සවිකර තැබීම ඩොන්ගලයට ගුණදායකය.
  • පරිගණක තැබීමට A/C කාමරයක් අවශ්‍යය .
කොහෙත්ම අවශ්‍ය නොවේ.නවීන පරිගණක සැලසුම් කර ඇත්තේ සාමාන්‍ය උෂ්ණත්වයේදී පවා හොඳින් ක්‍රියා කරන පරිදිය.එමෙන්ම එහි සිසිලන ක්‍රමය දියුණු මට්ටමක පවතී.නමුත් A/C කාමරයක තැ‍බුවිට දුවිලි ආදිය ඇතුළු නොවන නිසාත් පහසුවෙන් උෂ්ණත්වය ඉවත් වන නිසාත් කර්යක්ෂමතාව වැඩිවේ.
ඔබට ජය!

No comments:

Post a Comment