නැති වූ පරිගණකයක් සොයා ගැනීමට ප්‍රේ මෘදුකාංගය ස්ථාපිත කරගන්නා අයුරු අප පසුගිය පාඩමින් කතා කළා ඔබට මතක ඇති.ඔබ විවුර්ත කරගත් පිටුවේ පහත පරිදි අවශ්‍යය සැලසුම් සාදා ගනිමු.
සොරාගත් පරිගණක ක්ෂණිකව සොයාගන්න..1 බලන්න මෙතනින් යන්න.
1.your name-පරිගණකයේ හෝ ලැප්ටොප් එකේ හෝ ජංගම දුරකතනයේ අයිතිකරුගේ නම ලබා දෙන්න.
2.Email address-අප නිතර භාවිතා කරන සක්‍රිය ලිපිනයක් දිය යුතුය.
3.Password-අලුත් මුර පදයක් ලබාදෙන්න.
4.Confirm password-ඔබ ලබා දුන් මුරපදය ස්ථිර කල යුතුය.
5.Device title-සැකසුම යොදන ජංගම දුරකතනයට හෝ පරිගණකයට නමක් දෙන්න.උදා-hetadinaprey1
6.Device type-සැකසුම යොදන උපකරණය ජංගම එකක් නම් portable ලෙසද ස්ථාවර එකක් නම Desktop ලෙසද ලබාදෙන්න.ඉන් පසුව පහලින් ඇති create බට්න් එක ක්ලික් කරන්න.එවිට ඔබේ උපාංගයේ තොරතුරු ඇතුලත්ව නව ගිනුමක් සෑදෙනු ඇත.
7.දැන් ඔබ කලින් ලබා දුන් ඊමේල් ලිපිනයට ලොග් වී බලන්න.එවිට prey control panelවෙතින් ලැබුන please activate your new account යනුවෙන් දැක්වෙන ඊමේල් පණිවුඩයක් දක්නට ලැබෙනු ඇත.
8.එම ඊමේල් එක විවුර්ත කර එහි ලබාදී ඇති ස්ථිර කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
9.Welcome to the Control panel ලෙස නව වෙබ් පිටුවක් විවුර්ත වනුඇත.
10.මෙම නව වෙබ් පිටුවෙහි අප කලින්prey confiscator වින්ඩෝව තුලින් ලබා දුන් ඊමේල් ලිපිනය හා මුර පදය ලබාදී log in බට්න් එක ක්ලික් කරන්න.එවිට විවුර්ත වන පිටුව All your devices ලෙස පෙනෙනු ඇත.එය ප්‍රේ වැඩසටහන මගින් විමසාබලන බවද දැක්වේ.ඒ මටත් ක්ලික් කිරීමෙන් ඔබ සිදුකල අදාළ සැලසුම් දැක ගත හැක.ඉතිරි සැලසුම් අවශ්‍ය වන්නේ මෙම වැඩසටහන ස්ථාපනය කල පරිගණකය හෝ උපාංගය නැතිවු දාටය.එදිනට ඔබ ලබාදුන් මුරපදයහා ඊමේල් ලිපිනය යොදා වෙනත් ඕනෑම පරිගණකයකින් ඔබගේ මෙම ප්‍රේ ගිණුමට ලොග් විය හැක.ඉන්පසුව නැතිවූ ජංගම දුරකතනයේ හෝ පරිගණකයේ තොරතුරක් දැනගැනීමට වෙනත් පරිගණකයකින් කරනු ලබන සැකසීම ඊළඟ පොස්ට් එකකින් බලාපොරොත්තු වන්න.
ඔබට ජය!
Saturday, March 23, 2013
කතා කරන බ්ලොග් එකක්..
ඔබ ඉංග්‍රීසි භාවිතයේදී නිවැරදි උච්චාරණය වැදගත් වෙනවා.තමන් කියවන වචනය නිවැරදි උච්චාරණය නැති නම් ඔබ ඉංග්‍රීසි දන්නා අයකු ඉදිරියේ ලැජ්ජාවට පත්විය හැකියි.ඉංග්‍රීසි වචන නිවැරදිව උච්චාරණය කරන අයුරු කියාදෙන මෘදුකාංග තිබුනත් ඒවා ඔබ යන යන තැනක දී ක්‍රියාත්මක කරන්නට බැහැ.ඉතින් අද මම ඔබව ඒ කරදරයෙනු ත් නිදහස් කරනවා..මෙන්න මෙහෙමයි කරන්නේ..මේක කතා කරන වෙබ් සයිට් එකක්.ඔබට තියෙන්නේ මෙතනින් ගිහිල්ලා බ්ලොග් එකට ඇතුල් වෙලා
එකේ තමන්ට උච්චාරණය ඇසිය යුතු වචනය අදාළ කොටුවේ ලිවීමයි.ඊට පසුව ඊට ඉදිරියෙන් ඇති pronounce it යන බට්න් එක ඔබන්න.ඔබ ලබා දුන් වචනයත් ඊට ආසන්නයෙන් යන වචන පෙලකුත් ලැබේවි.එයින් ඔබට අවශ්‍ය වචනය උඩ ක්ලික් කරන්න.ඔබේ පරිගණකයට ස්පිකර් සවිකර තිබුනේ නම් අදාළ වචනය හඬනගා කියනු ඇසේවි.

Friday, March 22, 2013
පරිගණක භාවිතයේ වැරදි මත...
අප එදිනෙදා පරිගණක භාවිතයට හුරුවී සිටිති.එහෙත් පරිගණක භාවිතයේදී සිදුවන වැරදි මත නිසා අප හිත් හි යම් සැකයක් මතු වන තැන් ඇත.බොහෝදෙනා බිය වන්නේ තම පරිගණකයට හානියක් වේ යයි කියාය.
ෆයිල් තැන්පත් නොවී මැකීයා හැක.
නමුත් මෙහෙයුම් පද්ධතියට හානි වන්නේ නැත.පරිගණකයේ සුවිචය මගින් off කිරීමේදී වන්නේ පරිගණකය ෂඩ් ඩවුන් කල අකාරටයම වැසී යාමය.
ඔබට ජය!
- ෂට් ඩවුන් නොකොට වසා දැමීම.
ෆයිල් තැන්පත් නොවී මැකීයා හැක.
නමුත් මෙහෙයුම් පද්ධතියට හානි වන්නේ නැත.පරිගණකයේ සුවිචය මගින් off කිරීමේදී වන්නේ පරිගණකය ෂඩ් ඩවුන් කල අකාරටයම වැසී යාමය.
- පරිගණක දිගු වේලාවක් ක්‍රියාත්මකව තැබීම.
- පරිගණකයට අනිවාර්යෙන්ම වයිරස් ගාඩ් එකක් යෙදීම.
- වයිරස් මෘදුකාංගයක් මිලදී ගත යුතුය.
- flash drive බලෙන් ගැලවීම.
- පරිගණකය ළඟ කාන්දම් තැබීම.
- ඩොන්ගල් පරිගණකයට සවි නොකර තැබීම.
- පරිගණක තැබීමට A/C කාමරයක් අවශ්‍යය .
ඔබට ජය!
mood එක ෆික්ස් කර ගන්න..
හිම කතරක පින්තූර ගනිමින් සිටි චයාරූප ශිල්පියෙකුට වූ ඇබැද්දික් අපේ කට්ටියගේ mood එක ෆික්ස් කරන කණ්ඩායමට හසුවුණා..රාජාලියෙකු මෙම ශිල්පියාට පහර දෙන අයුරු අපුරුවට සටහන් වෙලා තිබුනා..
අපොයි දෙයිනේ... |
නොමිලේ කොන්ෆරන්ස් කෝල් ගන්න..
ඔබ ඔබේ දුරකතනයෙන් කොන්ෆරන්ස් කෝල් ඒ කියන්නේ කිහිප දෙනෙකු සමග එකවිට දුරකතනයෙන් කතා කිරීම් ලබා ගෙන ඇතිනම් එහිදී ඔබ අනුගමනය කල පිළිවෙත මතක ඇති.නමුත් මම අද ඔබට ලබාදෙන මෙම නව ක්‍රමය මගින් ලොව ඕනෑම තැනක සිටින අය සමග කොන්ෆරන්ස් ක්‍රමයට දුරකතනයෙන් කතා කල හැක.
මෙය අන්තර්ජාලය හරහා සිදුවන අතර මේ සඳහා ඔබ මෙතනින් ගොස් රෝන්ඩී ගිණුමක් සාදා ගත යුතුය.මෙහිදී කතාකරන දෙදෙනාම අන්තර්ජාලය තුලින් එකම වේලාවකදී රෝන්ඩී ගිණුමට ලොග් වී සිටිය යුතුය.ඒ සඳහා කලින් දිනයක් වෙලාවක් වෙන්කර තබා ගත යුතුය.අනික් කෙලවරේ සිටින අයද මෙම ක්‍රමය අනුගමනය කල යුතුය.ඔබ රෝන්ඩී මුල් පිටුවට ගිය විට එහි ඔබේ ඊමේල් ලිපිනය ඇතුලත් කිරීමට කොටුවක් ලැබේවි.එතන ඔබ දැනට ඝාවිතා කරන වලංගු එකක් ලබා දෙන්න.දැන් ඔබේ ඊමේල් ලිපිනයට ලොග් වී බලන්න.ඔබට ෆෝන් අංකයක් හා පින් අංකයක්ද ලැබී ඇති බව පෙනෙනු ඇත.
පහත පරිදි-
Rondee users get these extra benefits at no charge:
ඔබේ ගිණුම ස්ථිර කිරීම සඳහා ඔවුන් ඔබේ ඊමේල් ගිණුමට ඒවා ඇති ලින්ක් එක ක්ලික් කරන්න.එවිට ඔබේ ගිණුමට ඇතුල් විය හැක.ඔබට නොදන්නා කරුණක් ඇතොත් මෙතනින් ගිහින් බලන්න.

- Your dial-in number: (409) 777-9000
- Alternative dial-in: (916) 209-4534
- On Demand PIN for you and your participants: 7356456
Rondee users get these extra benefits at no charge:
- Audio recording
- Customize the greeting tones for when participants enter and leave the conference call
- A directory of your calls showing you who dialed in and for how long
- A listen-only setting
ඔබේ ගිණුම ස්ථිර කිරීම සඳහා ඔවුන් ඔබේ ඊමේල් ගිණුමට ඒවා ඇති ලින්ක් එක ක්ලික් කරන්න.එවිට ඔබේ ගිණුමට ඇතුල් විය හැක.ඔබට නොදන්නා කරුණක් ඇතොත් මෙතනින් ගිහින් බලන්න.
ඔබට ජය!
Thursday, March 21, 2013
සොරාගත් පරිගණක ක්ෂණිකව සොයාගන්න..1
ඔබ සතුව ඇති ඩෙක්ස්ටොප් පරිගණකයක්,ලැප්ටොප් එකක්,ජංගම දුරකතනයක්,ටැබ්ලට් පරිගණකයක් යමෙකු සොරා ගත විට එය නැවත සොයා ගැනීම අතිශය දුෂ්කරය.එහෙත් නැතිවූ එවැනි උපකරණයක් සැනෙකින් ඔබට සොයා දෙන ඩිජිටල් පොලිස්කාරයකු මම ඔබට හදුන්වාදෙමි.සොරාගන්නා ලද උපකරණය ඔහු විසින් අන්තර්ජාලයට සම්බන්ද කළහොත් ඒ බව සැනෙකින් දැනගත හැකි මෘදුකානගයක්
තිබේ.එය අපි 'ප්‍රේ 'ලෙස හදුන්වමු..මෙය වෙබ් අඩවියක සේවාවක් ලෙස ක්‍රියා කරණ අතර අපට එම සේවාව ලබාදෙන්නේ නොමිලේ වීමද විශේෂත්වයකි.මෙම ප්‍රේ මෘදුකානගය ස්ථාපිත කර ඇති පරිගණකයක් සොරෙක් රැගෙන විත් ඝාවිතාකරන්නේනම් අන්තරජාලය හරහා ඔහුගේ පින්තුරක් වුවද ඔහුට නොදැනිම ගෙන්වා ගත හැකිය.
ප්‍රේ මෘදුකාංගය බා ගනිමු.
ඔබට www.preyproject.com අඩවියට ගොස් එය නොමිලේ බා ගත හැක.එහි එන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික්ක් කරන්න.එවිට මෘදුකානගයේ සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් වේ.එම සෙටප් ෆයිල් එක ඩබල් ක්ලික් කර ස්තාපිත කරගන්න.ප්‍රේ වැඩසටහන ස්තාපනය වූ පහු ඔබට Prey Configurator වින්ඩෝව ලැබේ.එහි දැක්වෙන setup reporting method යන්න සිලෙක්ට් කර Next බටන් එක ක්ලික් කරන්න.ඉන්පසුව ඔබට දක්නට ලැබෙන prey+control panelයන්න තෝරන්න.එයද තෝරා නැවතත් next බට්න් එක ක්ලික් කරන්න.ඔබ මෙම වැඩසටහන් භාවිතා කරන්නේ පළමු වරටනම් New user තෝරන්න.නැවත Next බට්න් එක ඔබන්න..එවිට විවුර්ත වන පිටුවේ ඔබට අවශ්‍ය සලසුම් සාදා ගත හැකිය...
එම සැකසුම් හා තවත් විස්තර ඊළඟ පොස්ට් එකින් දෙන්නම්..

නොමිලේ ෆැක්ස් යවන හැටි..
ඔබ ෆැක්ස් පණිවිඩයක් යවන විට අනිවාර්යයෙන් මුදල් ගෙවීමට සිදුවෙනවා..ගෙදර ෆැක්ස් යන්ත්‍රයක් නැතිනම් communication එකකට ගිහින් තමයි යවන්න වෙන්නේ..මම අද ඔබ ඒ කරදරයෙනුත් නිදහස් කරනවා.මෙන්න ගෙදර ඉඳලම නොමිලේ ෆැක්ස් යවන්න ක්‍රමයක්.ඔය ගොල්ලන්ට තියෙන්නේ මෙතනින් ගිහින් myfax.com හි ලියාපදිංචි
වෙලා හිතේ හැටියට ලෝකයේ ඕනෑම තැනකට අන්තර්ජාලය හරහා ෆැක්ස් යවන එකයි.ඔබට මාසයකට ෆැක්ස් පණිවිඩ සියයක් යවන්නටත් දෙසීයක් ලබාගන්නටත් පුළුවන්.තීන්ත,ෆැක්ස් යන්ත්‍ර අවශ්‍ය නැති නිසා වැඩේ වාසියි.ඔබට ලැබෙන්නේ පරික්ෂාකිරීමේ සංස්කරණයක්.වැඩේ අල්ලලා යනවා නම් මුදල් ගෙවා සම්පුර්ණ සංස්කරණයම මිලදී ගන්න පුළුවන්..නැතිනම් මාසෙකට පස්සේ ඔබේ පරිගණකයේ IP ලිපිනය වෙනස් කර අලුත් ගිණුමක් සාදාගන්න.යලිත් නව ගිණුමක් සාදා ගැනීමට පෙර ඔබේ වෙබ් බ්‍රවුසරයේ කුකීස් තිතටම මකා දමන්න.නැතිනම් බ්‍රවුසරය මාරු කරන්නත් අමතක කරන්න එපා..

ඔබේ පෟද්ගලිකත්වය සුන්..
ඔබ අන්තර්ජාලය ට පිවිස කුමන හෝ සෙවුම් යන්ත්‍රයක ආධාරයෙන් තොරතුරු සොයා බැලුවද එම සෙවුම් යන්ත්‍රයේ අයිති සමාගම් ඔබේ පුද්ගලික තොරතුරු උරා ගන්නා බව ඔබ දන්නවාද.?ඔබ අන්තර්ජාලයට පිවිස කරන සියලු කටයුතු ඔබේ කුකීස්(cookies)බ්‍රවුසරයේ තැන්පත්වේ.නැවත ඔබ අන්තර්ජාලයට සම්බන්ද වනවිට එම තොරතුරු සෙවුම් යන්ත්‍රය උකහා ගනී.ඔබ නිතර යන එන වෙබ් අඩවි,නිතර බලන වීඩියෝ,කොතරම් වෙලාවක් චැට් කරයිද?ඔබ නිතර සොයන තොරතුරු
ආදිය එක තැනකට එක්රැස් කර ඔවුන් ඔබ ගැන චිත්‍රයක් මවා ගනු ලැබේ..මෙය ඔබ ගැන එක පුද්ගලයෙකු නෙත් අයාගෙන කරන ක්‍රියාවක් නොවේ.අතිශය සුක්ෂම තාක්ෂණයක් හරහා මෙලෙස ඔවුන් ඔබේ රුචි අරුචිකම් සොයාබලනුයේ කොටින්ම කිවහොත් ඔබෙන් වක්‍රාකාරව යම් මුදලක් කොටා ගැනීමටය.ඔබගේ රුචි අරුචිකම් සොයා ගන්නා මෙම සෙවුම් යන්ත්‍ර විසින් ඔබට වැදගත් විය හැකි අන්දමේ වෙළෙඳ දැන්වීම් ස්වයංක්‍රීයවම ඔබ වෙත එවයි.එය විදුලි පණිවුඩ හරහා හෝ ඔබ සතු වෙබ් අඩවි හරහා විය හැක.එම දැන්වීම් දකින ඔබ එහි ඔබට අවශ්‍ය යයි හැඟෙන යමක් දුටුව හොත් ඔබ එය මිලදීගන්නට හෝ ඒ පසුපස හඹා යන්නට පෙළඹේ.සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් බලාපොරුත්තු වන්නේද මෙයයි.ඔබ ඔවුන් එවන දැන්වීම් වලට වසඟ වන තරමට ඔවුන්ට ලැබෙන ආදායමද වැඩිවේ.ලොව බොහොමයක් සෙවුම් යන්ත්‍ර තම ආදායම සපුරා ගන්නේ වෙළෙඳ දැන්වීම් වලින් ලැබෙන ආදායමෙනි.
අපට මෙලෙස නොමිලේ සෙවුම් යන්ත්‍ර ලබාදී ඇත්තේ අපට ආදරයට නොවන බව මේ අනුව ඔබට පෙනීයනු ඇත.මේ අනුව ඔබේ පුද්ගලික තොරතුරු සෙවුම් යන්ත්‍ර වලට අමතරව වෙනත් අයට යනවාද?මෙයට ගුගල් සමාගමේ පුද්ගලිකත්වය සුරැකීමේ ප්‍රධානියෙකු පවසන්නේ මෙම තොරතුරු වෙනත් අය අතට පත වීමට ඉඩ තබා නැති බවය.එහෙත් සෙවුම් යන්ත්‍ර වලින් අපට නොමිලේ ලැබෙන සේවය ගැන බැලු විට අපට ඔවුන්ට එරෙහිව චෝදනා කිරීමට ඔවුන් අපට ඉඩක් තබා නැත.

Wednesday, March 20, 2013
mood එක ෆික්ස් කර ගන්න..
- කාටද? පුළුවන් මෙහෙම කාර් පාර්ක් කරන්න ...වැඩේ හොඳයි..ඒත් ගන්න ගියහම තමයි ලෙඩේ...හහ්..හහ්..හා..හී..හී..හු..හූ
- ඊයේ ෆන් එක..මරු..නේද?????.මෙතනින් ........
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 4.
බ්ලොග් ඒක බලන කට්ටිය LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව කියවලා තුති කරලා කොමෙන්ට් දාලා..ඔක්කොටොම ගොඩක් ස්තුතියි.අද ඔය ගොල්ලන්ගේ ප්‍රශ්න වලටත් පිළිතුරු අරන් අවා.පසුගිය ලිපි පෙළ කියවුයේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න.
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින්
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්
අපි දැන් බලමු මුද්‍රිත පරිපත කොටස් ශ්‍රේණි ගතව සම්බන්ද කරන අයුරු.ශ්‍රේණිගත හා සමාන්තර ගත ක්‍රම ගැන ඔයාලා O/Lකාලේදී ඉගෙන ගෙන ඇතිනේ.මෙහිදී බල්බ 54බැගින් කොටස් දෙකක් (මුද්‍රිත පරිපත කැබලි 3බැගින්)සමාන්තර ගතව සවිකරන්න.බල්බයේ පහලට යොදන වුර්තාකාර කොටසේ LEDහතර බැගින් සමාන්තර ගත ක්‍රමයට සම්බන්ද කර ගන්න.දැන් මෙම කොටස් තුන ශ්‍රේනිගත ක්‍රමයට සවිකරන්න.මෙය ඉතා නිවැරදිව කලයුතුයි.
පහත උපදෙස් පිලිපදින්න.
1.ශ්‍රේණිගත සම්බන්දය නිවැරදිදැයි නැවත බලන්න.
2.බලසපයුම් පරිපථය පරික්ෂා කරන්න.
3.බලසපයුම LED වලට ලබා දෙන්න.මේ විදිහට
4.බල්බ සියල්ල දැල්වේ නම් සාර්ථකය.මේ විදිහට
5.බල සපයුම විසන්දි කරන්න.බලසපයුම් පරිපත කොටස බල්බ ආවරණ තුලට ඇතුළු කරන්න.එහි A/Cලබා දෙන වයර් කැබලි දෙක අනික පස සිදුරින් පිටතට ගන්න.පරිපථය බල්බ ආවරණ තුලට ඇතුළු කරන්න.මේ විදිහට
6.වුර්තාකාර කොටසද සවිකරන්න.මේ විදිහට
7.හෝල්ඩරයට සවිකරන විල්ල කොටසේ ඇති සිදුරු දෙකින් A/C සපයන වයර් කැබලි දෙක පිටතට ගෙන එහි පහත පරිදි ඊයම් හොඳින් යොදා පාසන්න.(සම්බන්දකරන සියලුම වයර් සඳහා සකිට් වයර් යොදාගන්න)
8.විදුලි සැපයුම ලබා දෙන්න.අපුරුයි නේද?මෙන්න මෙහෙම දැල්වේවි.
අමුද්‍රව්‍ය මිලදීගැනීම
පිට කොටුවේ පළමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් සාප්පු කීපයකින් ඉහත කොටස් සියල්ල ලබා ගත හැකිය.ඔබ දුර බැහැරක සිටින්නේ නම් බල්බ සැදීම සඳහා උපකරණ කට්ටලය ඔබට එවීමට මට පුළුවනි.තැපැල් ගාස්තුව හා අමුද්‍රව්‍ය සඳහා පමණක් අවශ්‍ය මුදල මාවෙත එවන්න.මා මෙසේ කරන්නේ මෙම කර්මාන්තය දියුණු කරගන්නන් ට හා අත්හදා බලන අයටත් මේ සම්බන්දයෙන් ආශාවක් ඇති අය සඳහා පමණි.අමුද්‍රව්‍ය ලබා ගැනීමට කැමති අය sisiramet@gmail.com යන ලිපිනයට දන්වා එවන්න.ඔබට හොඳම තත්වයේ අමුද්‍රව්‍ය පමණක් ලබා දේ.මුදල් ගෙවන අන්දම ඔබට ඊමේල් මගින් දන්වන්නම්.
LED බල්බ නිෂ්පාදනය ඔබ දිගටම සිදුකරන්නට අදහස් කරන්නේනම්.එම බල්බ වලින් අත්වන වාසි අවාසි සඳහන් කරමින් කුඩා අත් පත්‍රිකාවක් පිළියෙළ කරන්න.ඔබ එයට වගකීම් කාලයක් ලබාදෙන්න.ඔබට නොමිලේ අලුත්වැඩියා කර දුන්නද පාඩුවක් නැත.මෙවැනි බල්බයක් වසර 5 ක් පමණ භාවිතා කල හැකිය.බල්බය තුල අඩංගු උපාංග සියල්ල එකවර දැවී යන්නේ ඉතා කළා තුරකිනි.(උදා:අකුණුවලින් දැවීයාම -ඒ සඳහා වගකීමක් කිසිඳු ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිපදවන අයකු ලබා නොදේ)එක LED බල්බයක් දැවීගිය හොත් ඔබට වය වන්නේ රුපියල් 5 ක් පමණි.එහෙත් නොමිලේ අලුත් වැඩියාවෙන් පාරිභෝගිකයා ඔබ ගැන තබන විශ්වාසය නිමකල නොහැකි තරම් වටින්නේය.තම නිවසේ,යාළුවන්ට මුලින්ම බල්බ අලෙවිකරමින් නමක් ඇතිකර ගන්න.අලංකාර පෙට්ටියක් නිර්මාණය කර එය තුල බල්බය ආරක්ෂිතව තබා අලෙවි කළ හැකිනම් තවත් ඔබට පාරිභෝගිකයා දිනා ගත හැකි වනු ඇත.විදේශීය රට වල අයට මෙවැනි බල්බ අලෙවිකළ හැකින්බම් ඔබට ඉතා ඉහල ලාභයක් ලද හැකිය.

Tuesday, March 19, 2013
mood එක ෆික්ස් කරගන්න..
අපේ සමහර කට්ටිය උදේ ඉඳලම වැඩ කරලා හවසට ගෙදර එන්නේ හොඳටම හෙම්බත් වෙලා..බස් වලත් කෝච්චි වලත් ෆුඩ්බෝඩ් එකේ යන්තම් එල්ලිලා ගෙදර ආවම තියෙන්නේ පුදුම තෙහෙට්ටුවක්.ටිකක් රෑවෙන කොට අන්තර්ජාලය දිහාවට යන්න හැදුවත් අනං මනං ඔලුවේ තියාගෙන ඇවිත් පරිඝනකය ඉසරහ වාඩිවෙන්නේ හොඳටම මල පැනලා වගේනෙ..ඒ අයට ඉතින් තමන්ගේ මූඩ් එක ටිකක් හදාගන්න
ටික වෙලාවක් යනවා..ඔය අතරේ හිනායන දෙයක් දැක්කොත් යන්තම් මුඩ් එක ටිකක් හොඳ අතට හැරෙනවා..ඇති යාන්තම් සිනාවක් මුනේ දැක්කේ මාස ගානකට පස්සෙනේ..මෙවැනි වදනක් කවුරුහෝ යම් දිනක ඔබට පවසා ඇති.ඉති නිතරම මලපැනලා ඉන්න අයට තමන්ගේ මුඩ් එක ටිකක් හදාගන්න මම දෙන්නම් හිනායන චායා රූප..පහල රුපය බලන්න..හිතට දැනෙන දෙය.රූපෙට කැමති නම් අනික් යාලුවන්ටත් පෙන්න ලයික් එකක් දාලම යන්න.

පොටෝ එක ලොකුවට බලන්න ඒක උඩ ක්ලික් කරන්න |
ඔබට ජය!
like සහ send බට්න් බ්ලොග් එකට දා ගමු..
ඔබේ බ්ලොගයේ පොස්ට් එකකින් පස්සේ facebook like සහ send බට්න් දෙකක් එකතුකර ගැනීමෙන් ඔබට බ්ලොගයේ ට්‍රැෆික් තවත් වැඩිකර ගත හැක.ඔබේ පොස්ට් එක කියවන තැනැත්තාට එය ඔහුගේ යාලුවෙකුට කියවීමට ලබාදීමට සිතුවහොත් ඔහු එය ඔහු ගේ facebook ප්‍රොෆයිල් එක හරහා පබ්ලිෂ් කරාවි.එය ඔබට වාසියක්.එයින් ඔබේ බ්ලොගයට අමතර ට්‍රැෆික් එකක් ගෙන්වා ගත හැකියි.ඒ සඳහා බ්ලොගර් වලට දැමිය හැකි ගැජට් එකක් ලබාදෙන්නම්.මෙන්න මෙහෙමයි කරන්නේ.
1.blogger>dash board>template>Edit html යන්න.
2.දැන් ලැබෙන පිටුවේ ඉහලින්ම ඇති Expand Widget Templates යන කොටුවට හරි ලකුන දාන්න.
3.ඊළඟට යතුරු පුවරුවෙහි ctrl හා f බට්න් එකවර තද කරන්න.පහලින් ලැබෙන කොටුවේ මෙම <data:post.body/>කෝඩ් එක කොපි කර පේස්ට් කරන්න.
4.විවුර්ත වී ඇති html පිටුවේ ඔබ ලබාදුන් කෝඩ් එක කොළ පාටින් වර්ණ ගැන්වී පෙනේවි.ඊට පහලින් පහත කෝඩ් එක කොපිකර පේස්ට් කරන්න.
<!-- Facebook Like+Send script Start -->
<b:if cond="data:post.isFirstPost">
<div id="fb-root"></div>
<script>(function(d, s, id) {
var js, fjs = d.getElementsByTagName(s)[0];
if (d.getElementById(id)) {return;}
js = d.createElement(s); js.id = id;
js.src = "http://connect.facebook.net/en_US/all.js#xfbml=1";
fjs.parentNode.insertBefore(js, fjs);
}(document, 'script', 'facebook-jssdk'));
</script>
</b:if>
<!-- Facebook Like+Send script End -->
<!-- Facebook Like+Send button Start -->
<div style='float:left;padding:5px 5px 5px 0;'>
<fb:like expr:href='data:post.url' font='' layout='standard' send='true' show_faces='false' width='450' colorscheme='light'></fb:like>
</div>
<!-- Facebook Like+Send button End -->
5.දැන් preview බලන්න.ඔබේ පොස්ට් වලට පහලින් like හා send බට්න් එකතු වී ඇති නම් වැඩේ හරි.දැන් save templates ක්ලික් කරන්න.
ගැටලුවක් ඇතිනම් කොමෙන්ට් කරන්න.මෙය යාලුවන්ටත් දැන ගැනීමට send කරන්න.

Monday, March 18, 2013
පෝස්ට් වලින් ට්‍රැෆික් ගන්න හැටි..
ඔබ බ්ලොග් අඩවි පවත්වාගෙන යන්නෙක් නම් ඔබේ බ්ලොග්වලට සෙනග වැඩිපුර ඇද ගැනීමට ඔබ කැමති ඇති.ලෝකයේ සෑම පුද්ගලයෙකුම පාහේ නව තොරතුරු හා කාලීන තොරතුරු පිපාසයකින් පෙළෙනවා.ඔබ ලියන කාලීන තොරතුරු වෙත සෙනග ඇදී එන්නේ නිරායාසයෙන්.උදාහරණ ලෙස පසුගියදා උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වු දින ඒ බව දන්වා මම මගේ බ්ලොගයේ ලිපියක් දැම්මා.අතිවිශාල පිරිසක් එම ලිපිය කියවීමට පැමිණ තිබුනා.
එමෙන්ම වැඩි පිරිසක් කියවීමට රුචි ලිපි පළකිරීමත් වැදගත්.එම ලිපිවල නිවැරදි බව ගැන ඔබ වඩ වඩාත් සැලකිය යුතුයි.අනුන්ගේ ලිපි කොපි කර දැමීම ද නොකල යුතුයි.උපුටා ගැනීමක් ඇතිනම් එම ලිපිය ලබාගත් මුලාශ්‍රය හා එයට සබැදුමක් එක් කිරීම සදාචාරාත්මක සම්ප්‍රදායකි.ලිපියේ මාතෘකාව දැමීමේ දී එය දුටු වහාම ජනතාවට සිත ඇදීයන අන්දමින් දැමීමට කල්පනාකාරී විය යුතුයි.අනුන් හෙලාදකින අසබ්‍ය වචන සහිත ලිපි ලිවීමත් ඔබ අඩු තක්සේරුවට ලක්වීමට හේතු විය හැකියි.ලිපියේ විවිධ තැන වලින් තවත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යනම් වෙනත් පිටු වලටත් වෙනත් බ්ලොග් වලටත් ලින්ක් දීම කල යුතුයි.එය ඔබේ බ්ලොගය සෙවුම් යන්ත්‍ර වලට හසු වීම පහසු කරවනවා.ඔබ ලියන ලිපියට ගැලපෙන කුඩා පින්තූරයක් දී මට ද මතක තබාගන්න.එය අඩු ධාරිතාවකින් යුතු එකක් වීම වැදගත්.නැතිනම් කියවන්නාට දිස්වීමට වැඩි වේලාවක් ගතවේ.තවත් මෙවැනි උපක්‍රම ඔබ දන්නේ නම් කොමෙන්ටුවක් ලෙස දක්වන්න.

අලුත්ම ගේම් නොමිලේ..
ඔබ ගේම් ක්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් නවතම ගේම් ලබාගැනීමට කැමති ඇති. ඉතින් මම අද ඒ අවස්තාව ඔබට ලබා දෙනවා..ඔබට අවශ්‍ය නම් මුදල් ගෙවාත් එම අඩවියෙන් ගේම් ලබා ගත හැකියි.නොමිලේ ගේම් බා ගැනීමට මෙතන ක්ලික් කරන්න.
ඔබට ජය!
ඔබට ජය!
හෙටදින ඉලෙක්ට්‍රොණික පන්තිය..
ඔබ පියමනින්නේ ඉලෙක්ට්‍රොණික ලෝකයට.අද හැම දෙයක්ම ඉලෙක්ට්‍රොණික කරණය වී ඇත.අපගේ ජීවිතය ද ඉලෙක්ට්‍රොණික උපාංග හා දක්වන්නේ සමීප සම්බන්දක්.නුතනයේ පාසැල් විෂයට ද ඉලෙක්ට්‍රොණික විෂය ඉගෙනීමට පෙලබෙන සිසුන් ගනනද වැඩි වී ඇත.මෙම ශේත්‍රය තුල රැකියා අවස්ථා බහුල ය.ජංගම දුරකතන,එදිනෙදා නිවසේ භාවිතා කරන විදුලි උපකරණ අලුත්වැඩියාව ඔබට ඉගෙන ගත
හැකිනම් ඔබට තෘප්තිමත් විය හැකි අමතර ආදායම් මාර්ගයක් විවර කර ගත හැකිය.ඇරත් මෙම විෂය ඉගෙනීම කවදාවත් අපතේ යන්නේ ද නොවේ.තම එදිනෙදා ජිවිතයේ කටයුතු වලට ඉලෙක්ට්‍රොණික දැනුම අද කාලේ නැතුවම බැරිය.ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්නාක් මෙන් මෙම විෂය පරිෂය ප්‍රගුණ කිරීමෙන් ඔබට අසීමිතව අදායමක් ලද හැකිය.
බොහෝ දෙනා ඉලෙක්ට්‍රොණික විෂයට කැමතිය.මම ද මෙම විෂයට කුඩා කල සිටම කැමැත්තෙන් සිටි අයෙකි.කෙදිනක හෝ මෙම විෂය වැඩිදුරටත් ඉගෙන ගන්න බව මාගේ අදිෂ්ඨානයක් විය. එහෙයින් කුඩා කල සිටම විවිධ ඉලෙක්ට්‍රොණික උපාංග අතපත ගෑමටත් ඒවා ගලවා නැවත සවිකිරීමත් මාගේ විනෝදාන්ශයක් විය.පසුව හොරණ වුර්තිය පුහුණු ආයතනයෙන් ඉලෙක්ට්‍රොණික පුහුණු ප්‍රාඨමාළාවක් හැදෑරීමෙන් මගේ අරමුණ වඩාත් සඵල විය.ඉලෙක්ට්‍රොණික විෂයට අයත් මුලික හරය දැන ගැනීමෙන පසු එය ඉගෙනීම ඉතා පහසුය.ලංකාවේ පාසල් සිසුන් ටත් අමතර ආදායම් මගක ඇතිකර ගැනීමටත් කැමති අයට මම ඉලෙක්ට්‍රොණික පාඩම් මාලාවක් සංවිධානය කර ඇත.එය කාටත් නොමිලේ ලබාගත හැක.කොටස් වශයෙන් පල කෙරෙන මම පාඩම් මාලාව හෙටදින අඩවිය ඔස්සේ ලබාදීමට මම සුදානමින් සිටිමි.කුඩා වයර් කැබැල්ලේ සිට පරිඝනකය දක්වා දැනුම නොමිලේ ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.ELD බල්බ සකස් කිරීමේ පාඩම් මාලාවට ඉහල ප්‍රතිචාර ලැබී තිබේ.මෙම පාඩම් මාලාව කෙසේ සංවිධානය විය යුතු දැයි මා වෙත කොමෙන්ටුවක් ලෙස එවන්න..

කටුනායක ගුවන් තොට වහන්නේ නෑ..
කටුනායක ජාතියන්තර ගුවන් තොටපල වසා දමා එහි පැමිණෙන ගුවන් යානා මත්තලට හරවා යවන බවට ඇතැමුන් කරන ප්‍රකාශය අසත්‍ය බව ඇති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මත්තල ගුවන් තොට විවෟර්ත කරමින් ප්‍රකාශ කලේය.ලොව වසර සියයකටත් අදික ගුවන් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ගුවන්සේවය මෙම මත්තල ගුවන් තොටත් සමග ලොව විශාලම ගුවන් යානාද මෙහි ගොඩබැස්ස විය හැකි
බව එතුමා වැඩිදුරටත් ප්‍රකාෂ කළේය.ගුවන් තොට ඉදිකිරීමට ආධාර දෙන ලද්දේ චීන රජය විසිනි.රැකිරක්ෂා දහස් ගණනක් බිහිවන මෙම ගුවන් තොටුපලින් අනාගත ජනයා ට මහඟු ප්‍රතිඵල අත්වනු ඇති බව ජනපති තුමා ප්‍රකාෂ කළේය.

Sunday, March 17, 2013
ඇත්තටම අන්තර්ජාලයෙන් අතිවිශාල මුදලක් ඉපයිය හැකිද.
ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් අතිවිශාල මුදලක් ඉපයිය හැකිය යන්න වැරදි අදහසකි.
කුමන හෝ ව්‍යාපාරයකින් ඉතා පහසුවෙන් මුදල් ඉපයිය නොහැක.අන්තර්ජාලයෙන් සාධාරණ ලෙස මුදල් ඉපයිය
හැකි ක්‍රම ගණනාවක් ඇත.එහෙත් එය ඉතා කල්පනාවෙන් කළයුතුව ඇත.නැතිනම් කාලයත් මුදලත් දෙකම නාස්තිවේ.
විශේෂයෙන් ඔබ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හොඳ දැනීමක් තිබිය යුතුය.එමෙන්ම අන්තර්ජාලය පිලිබඳව හොඳ වැටහීමක් ද තිබිය යුතුය.
ඔබගේ දක්ෂතාව මෙහිදී වැදගත්වන අතර වෙබ් අඩවි නිර්මාණය කිරීමේ හැකියාව ඔබ සතු නම් විද්‍යුත් ලිපින සපයන ඉලෙක්ට්ට්‍රොනික් ඩිරෙක්ටරියක්
සොයා එහි ලිපින වෙත දැන්වීම් යැවීමෙන් පාරිබෝගිකයන් දිනා ගත හැක.
තමන් සතු නව නිර්මාණ භාණ්ඩ එම වෙබ් අඩවි හරහා ප්‍රචලිත කර ඒවා විකිණීමෙන් අදායමක් ලද හැකිය.
ඔබ නිර්මාණය කරන වෙබ් අඩවි මනා හරයකින් යුක්ත විය යුතුය.
එම අඩවි ජනප්‍රිය වූ පසු එහි දැන්වීම් ප්‍රචාරණය කර අදායමක් ලද හැකිය.
පුවත්පත් ආයතන තම පුවත්පත් ඉන්ටනෙට් තුල පිහිටු වීමෙන් ඒවා නොමිලේ ජනතාවට කියවන්නට ලබා දී වෙළෙඳ දැන්වීම් ලබා දී විශාල ලාභයක් ලබාගනී.
google,yahoo වැනි ප්‍රසිද්ධ වෙබ් අඩවි වල වෙළෙඳ දැන්වීම් වල කේත ඔබ වෙබ් අඩවි වලට එක් කිරීමෙන් එම දැන්වීම් පාරිභෝගිකයන් නරබන වීට
අදාල සමාගම් වලින් අපට යම මුදලක් ගෙවයි.එය ඔබ වෙබ් අඩවි යේ ප්‍රචලිත බව අනුව තීරනයවේ.
google adsense මේ සඳහා උදාහරණයකි.එම වෙබ් අඩවි වල නීතිරීති දැඩි වන අතර ඔබ අතින් යම වංචාවක් සිදුවන බව ඔවුන් ට ඒත්තු ගිය හොත් ඔබගේ
adsense ගිණුම ජීවිත කාලයටම අත්හිටුවනු ඇත.
අන්තර්ජාලය භාවිතාකර මුදල් ඉපයීම
ඉක්මනින් කල නොහැකි අතර ඒ සඳහා දිගුකලක් වැයවන බව කිව යුතුය.
විවිද ආයතන වලින් දහස් ගණනක් ගෙවා ව්‍යාපාර අවස්ථා සඳහා ඔබට ආරාදනා කලද ඒවායින් ඒ අය කියන තරමට මුදල් ඉපයිය නොහැක.ඔබ ඒවා පිරමීඩාකාර
ව්‍යාපාර දැයි කල්පනකාරී විය යුතුය.
අන්තර්ජාලය භාවිතාකර මුදල් ඉපයීම ලිපි පෙලක පළමුවැන්න වන මෙය
ඔබ මන්මුලාවේ වැටීම නැවැත්වීම සඳහා ඉදිරි දිනවල දීත් ලිපි පල කරන්නෙමු..
ඔබට ජය.!

ලංකාවට ආ සුනාමිය..
වර්ෂ 2004 දී ලංකාව බිලිගත් සුනාමිය අපකාටත් අමතක නොවන්නකි.එකල දී ලාංකිකයන් සුනාමි යන වචනය පවා අසා තිබුනේ නැත.නොදැනුවත්කම නිසා විනාශයේ තරම දෙගුණ තෙගුණ විය.
එහෙත් සැබවින්ම ලාංකිකයන් 2004 දී සුනාමි ගැන නොදැන සිටියා යයි කීම වැරදිය.1994 අප්‍රියෙල් 27 වන බදාදා ලංකාවේ ප්‍රකට විද්‍යා සඟරාවක් වන විදුසර පුවත්පත මගින් 'භූමිකම්පා' නමැති විශේෂ
අතිරේකයක් මගින් සුනාමි ගැන මනාව පැහැදිලි කර තිබුණි.මා මෙම ලිපිය ලියන්නේ කුඩා කල සිටම විදුසර සඟරාව පරිශීලනය කල මා ඔවුන් කල කාර්යයට තුති පුදන්නටය.එම ලිපිය කියවූ කිහිප දෙනෙකු හෝ එදින සිය ජීවිත බේරා ගන්නට ඇති බව මම විශ්වාස කරමි.
යලි යම් දිනක භූමිකම්පාවක් ඇති නොවෙතියි අපට කෙසේවත් කිව නොහැක.එබැවින් හෙට දිනයේ අනතුරට මුහුණ දීමට අප සුදානම් වී සිටිය යුතු වෙමු.පහත දැක්වෙනු යේ භූමිකම්පා අවස්ථාවක ඔබ පිළිපැදිය යුතු කරුණු සමුදායකි.
1.කම්පනයක් දැනුන වහාම එළිමහන් තැනකට දිවයන්න.
2.එසේ කල නොහැකි තම නිවසේ හෝ ගොඩනැගිල්ලක උළුවස්ස යටට වී සිටින්න.ඔබේ හිසට යමක් වැටීම එමගින් වැළකෙනු ඇත.
3.ජනෙල් හා බිත්ති අසලින් ඈත් වන්න.වැටෙන කොටස් වලින් ආරක්ෂාවීමට.
4.ඔබට උඩ විසිවී බිම වටුනාක් මෙන් කම්පනයක් දැනුන හොත් මහා විනාශකාරී ද්විතීක තරංග ළඟම එනවා විය හැක.හැකි ඉක්මනින් එළිමහන් තැනකට යන්න.
5.වාහනයක් පදවන්නේ නම් වහාම වාහනය නවතන්න.
6.බිංගෙවල් තුල රැදී නොසිටින්න.
7.ගිනි ගන්නා වායු නල පුපුරා යාහැකි බැවින් භුමිකම්පා අවස්ථාවක කිසිවිටකත් ගිනිකුරක් හෝ නොදල්වන්න.
8.ප්‍රධාන වහරුව විවුර්ත කිරීමෙන් නිවසේ විදුලිය විසන්දි කරන්න.
9.අතේ ගෙනයාහැකි රේඩියෝ වැනි උපකරණ ඔබ ළඟ තබා ගන්න.
10.කම්පනයක් දැනුන විට මුහුදු වෙරළ අයිනෙන් රට තුලට යන්න.
11.මුහුදු රළ නැරඹීමට නොයන්න.
විචාරශීලීව කටයුතු කිරීමෙන් ඇතිවන අනතුරු අවම කර ගත හැකිය.

එදා මතකය |
Saturday, March 16, 2013
පැරණි ලින්ක් අක්‍රිය වන්නේ ඇයි..
ඔබ බ්ලොග් ලියන්නෙකු නම ඔබේ බ්ලොගයේ දමා ඇති සමහර ලින්ක් කල්යත්ම අක්‍රිය වී ඇති බව ඔබ අත්දැකීමෙන් දැක ඇති.හැබැටම මෙහෙම වෙන්නේ ඇයි?ගොඩක් වෙලාවට ඊට හේතුව තමයි බ්ලොග් අඩවි හිමිකරුවන් තම අඩවි ප්‍රතිසංවිධානය කිරීම.එවිට ඔබ ලින්ක් එකක් සපයා ඇති වෙබ් පිටුවක ඔවුන් යම් වෙනසක් කලේනම් එහි URL ඒකත් ඉබේම වෙනස් වෙනවා.නමුත් ඔබ ලබාදී ඇති URL එක පැරණි එකම නිසා එම ලින්ක් එක තුලින් අදාළ වෙබ් පිටුවට යාමට නොහැකි වෙනවා.තවත් හේතු ලෙස ස්ර්වර් වල පවතින දුර්වලතා ද තිබිය හැකියි.
ඇතැම් විට ඔබේ දත්ත මැකී තිබෙන්නට පුළුවන්.ඉතින් මෙයට විසදුමක් ලෙස ඔබට ඔබේ බ්ලොගය පරික්ෂාකර එහි ලින්ක් නැවත පිහිටු වීමට කලයුතු වෙනවා..නැතිනම් ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවී යන්න පුළුවන්..ඔබේ බ්ලොගයේ අධික ලෙස වෙනත් අඩවි සඳහා ලින්ක් සපයා ඇතිනම් අක්‍රිය වී ඇති ලින්ක් පිළිබඳව දැනුම් දෙන ලෙස ඉල්ලා ඔබේ බ්ලොගයේ දැන්වීමක් දාන්න පුළුවන්.තවත් හේතු තියෙනවා නම් කොමෙන්ට් කරන්න...

හිතට වද දෙන ප්‍රශ්නයක්ද..මෙන්න සහනයක්.
ඔබේ කල්ගෙවන්නේ දුකින්ද?සිත් තැවුලෙන්ද?තනිවෙලාද?ජීවිතය එපාවෙලාද?ප්‍රශ්නය මොකක් වුවත් ඒ සඳහා දැන් නිවැරදි විසදුමක් දෙන්නට ලංකාවේ කණ්ඩායමක් ඉන්නවා.ඒ තමයි 'cccline'.ඔබට විසදුමක් නෑ වගේ පෙනන හිත
රිදවන පීඩාකාරී ගැටලු වලට ඔබේ වටිනා ජීවිත
යටකරන්න එපා.මෙම සේවාව සඳහා Dialog,Mobotel,SLT,Lnkabelයන දුරකථන ජාල ඔස්සේ නොමිලේ උපකාරක සේවාව සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා 1333 ඇමතීමෙන් සේවාව ලබාගත හැකියි.ඔබේ පවුද්ගලිකත්වය සම්පුර්ණයෙන්ම ආරක්ෂා කෙරෙන අතර ඔබට අවශ්‍ය නම් ඔබට සහාය දියහැකි ආයතන වලට ඔබට යොමු විය හැක.මෙය ccc Fundation හි මහඟු සත්කාරයකි.
ඔවුන්ගේ බ්ලොග් අඩවියට මෙතනින් පිවිසෙන්න.

Friday, March 15, 2013
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.
නවතම විදුලි බල්බ නිෂ්පාදනේයේ පෙරලිය ලෙස මෙම LED විදුලි පහන හදුන්වා දිය හැක.මෙම පහනක් සවිකර නිවසේ විදුලි මීටරය පිරික්සන්න.ඔබට විදුලි මීටරයේ දර්ශකය කරකැවෙන අන්දම නොපෙනෙන තරම්ය.මෙම පහන් සවි කළහොත් නිවසේ විදුලි පිරිමැස්ම 90%කටත් වඩා වැඩි වේ.ලොවට මුලින්ම විදුලි පහන දායාද කලේ තෝමස් අල්වා එඩිසන්ය.එතැන් පටන් විදුලි බුබුල විශාල දුරක් පැමිණියද විදුලිබලය ඉතා හොඳින් පිරිමසින පරිදි නවීකරණය වුයේ නැත.LED පහන ඊට කදිම විසදුම ලබා දී ඇත
.LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින් LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
අද අපි බලමු LED 100 කින් යුතු පහනක් සකස් කරගන්න අයුරු.ඒ සඳහා මම එදා කියූ පිටකොටුවේ කඩ සාප්පුවලින් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත හැක.ඔබට ඔබ කැමති පරිදි පහන් වර්ග රාශියක් සැදිය හැක.
1.LED 48 කින් යුතු පහන.
2.LED 100කින් යුතු පහන.
3.LED 126කින් යුතු පහන.
4.LED 07කින් යුතු රාත්‍රී පහන.
5.LED 07කින් යුතු බුදු පහන.
6.ආගමික ස්ථාන සඳහා පහන.
LED 100කින් යුතු පහනට පහත උපාංග අවශ්‍ය වේ.
1.IN 4007 දියෝද -04 (D1 සිට D4)
2.560 Ohms 1/2 වොට් ප්‍රතිරෝධක -01(R3)
3.680 Ohms 1/4 වොට් ප්‍රතිරෝධක -02(R1-R2)
4.4.7 මයික්‍රෝ ෆැරඩ් 400v ඉලෙක්ට්‍රොලිටික් කැපෑසිටර් -01(C2)
5.0.68මයික්‍රෝ ෆැරඩ්400v කැපෑසිටර් -01(C1)
6.බ්‍රයිට් LED 100ක්
7.පහත රූපයේ පරිදි බල්බ ආවරණයක්.
ඉහත උපාංග නිවැරදිව පරිපථ පුවරුවට පාස්සා ගන්න.පහත රූප පෙළ අනුගමනය කරන්න.රූපය විශාලව බැලීමට නම් රුපය උඩ ක්ලික් කරන්න.
වැදගත්.
LED සවිකිරීමට පෙර ඒවා දැල්වෙන ඒවා දැයි එකින් එක පරීක්ෂා කල යුතුය.මන්ද එක LED එකක් හෝ නොදල්වෙන්නේ නම පරිපථයේ ඇති සියලුම LED ද නොදැල්වේ.මෙන්ද මෙහි ඇත්තේ ශ්‍රේණිගත සම්බන්දයක් නිසාය.LED පරික්ෂා කිරීමට පෙන්ටෝච් බැටරි කැබලි දෙකක් ගෙන එය PVC බට කැබැල්ලක් තුලට දමා දෙපසින් වයර් කැබලි දෙකක් සවිකර එම වයර් දෙකෙලවරට කනෙක්ටර් කැබැල්ලක් සවිකර සරල LED පරීක්ෂයක් සාදා ගන්න.
ඔබට ඇති ගැටළු ලියා එවන්න..ඊ ළඟ පාඩමින් හමුවෙමු..

මත්තලට එන ගුවන් කුරුල්ලෝ..
අපට දැන් මත්තල,ජාතියන්තර ගුවන් තොටකි.ඇත්ත වශයෙන්ම මෙය ශ්‍රී ලංකාවට තවත් දායාදයකි.ලංකාවේ දෙවන ජාතියන්තර ගුවන් තොටුපල වන මෙය ලොව විශාලතම ගුවන් යානය ද ගොඩ බැස්සවීමේ පහසුකම් වලින් යුක්තය.තවත් දින කීපයකින් මීට පෙර ලංකාව නරඹමින් අප රට උඩින් පියාසර කල විදේශීය ගුවන් යානා මෙහි ගොඩ බස්වනු ඇත.එමගින් ලැබෙන විදේශීය ආදායම සුළුපටු නොවනු ඇත.අද දිනයේ අප විද්යුත් මාද්‍යය වලින් කියවුනේ මත්තලට ගුවන් යානයක් ගොඩ බැසීමේදී පක්ෂීන් රැලකට මැදිවූ බවය.පක්ෂීන් සිටිනුයේ මත්තල පමණක් නොවේ.ලෝකයේ වෙනත් රටවලද ගුවන් යානා වල නිරන්තරයෙන්ම පක්ෂීන් ගැටෙති.එහෙත් එම පක්ෂි ගැටීමකින් නවතම ගුවන් යානා වලට හානි දෙන්නේ අවම වශයෙනි.
ඇරත් නවීන ගුවන් යානා සැලසුම් කල ඇත්තේ මෙවැනි උවදුරු පවා සැලකිල්ලට ගෙනය.අපේ රටේ දියුණුව ඊර්ශාවට ලක්කරන ඇතැමුන ට මෙවැනි දේ මහා ප්‍රවුර්තියකි.අපේ රටේ මද්‍යය වලට දැන් ප්‍රව්ර්ති නැත.මන්ද යුද්ධය අවසාන බැවිනි.එනිසා ඉතා සුලුදෙයක් වුවත් අතිශෝක්තියෙන් වර්ණනා කිරීමට ඔවුන් රුසියෝය.වැඩිමනක් දෙනනා මෙවැනි ප්‍රව්ර්ති ගෙන එන්නේ තම මාද්‍ය වල ට වැඩි සෙනගක් අද්දවා ගැනීමටය.පසුගිය කාලයේ හම්බන්තොට වරාය නිමකළ කාලයේ ඇතැමෙක් කිවේ වරායේ මැද මහ ගලක් ඇති බවය එනිසා නැව් වලට එන්නට බැරි බවය.එහෙත් අද එය පුස්සක් බවට පත්ව ඇත.
අපේ අයට මෙවැනි සිදුවීම් වලින් පවා නිදහසේ තෙපර බාන්නට අවස්තාව උදා කරදුන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය.එතුමා නොසිටින්නට අප මෙලහකටත් පොලවයට භූමිධාන වී සිටින්නට ඉඩ තිබිණි.
සියල් සිරින් සැරදේ!

Thursday, March 14, 2013
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.
එදා මම ඔබට පොරොන්දු වූ පරිදි අද දෙවන කොටසින් හමු වෙමු.(LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1 බැලීමට මෙතන ක්ලික් කරන්න)ඉතින් අද අපි බලමු මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන උපකරණ හා වෙනත් ද්‍රව්‍ය මොනවාද කියා.
අවශ්‍ය උපකරණ
1.වොට් 40 ක පමණ ඊයම් පාහනයක්.
2.ඊයම් පාහන ආධාරකයක්.
3.සයිඩ් කටර් එකක්.
4.සකර් එකක්.
5.උල් අඩුවක්.
6.මල්ටිමීටරයක්.
මෙම උපකරණ වලින් ඔබට දැනට අවශ්‍ය වන්නේ සයිඩ්කටර් එකයි,බවුත් එකයි,සකර් එකයි විතරයි.ඉතිරි බඩු බල්බ හදලා විකිණීමෙන් ලැබෙන ආදායමෙන් ලබාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
මෙම ද්‍රව්‍ය සියල්ලම පිටකොටුවේ පළමු හරස්වීදියේ කඩසාප්පු කීපයකින්ම මිලදී ගත හැකියි.පළමු හරස් වීදියේ වික්‍රමප්ලාසා ගොඩනැගිල්ලේ දෙවන මහලෙහි අංක 59 8/2 ස්ථානයේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් ඒකෙන් තමයි මම නම් බඩු ගන්නේ.
මුලින්ම කියන්න ඕනා බල්බ් හදන කොට ඉතා ඉවසිලිවන්ත ලෙස එය කල යුතුයි.ඔබට ඊයම් පාහනය තවම අතට හරියට හුරු නැතිනම්.තඹ කම්බි(වයරින් කිරීමට ගන්නා වයර් ශුද්ද කර ලබා ගන්න)අඟල් 10 ක් පමණ දිග කැබලි ගෙන ඒ වා කොටු දැලක් සිටින පරිදි එකිනෙක සම්බන්ද වන තැන වලින් පාස්සන්න.සකර් මැෂින් එකත අතට හුරු කර ගන්න.ඉවත දමන සකිට් බෝඩ කැබැල්ලක් ගෙන එහි ඇති ඊයම් ඇති ස්ථාන බවුතය මගින් උණුකර සකර් කරමින් පුරුදු වන්න.ඔබේ අත කීපවරක්ම පිච්චෙන්න පුළුවන්..ගනන්ගන්න එපා..පුරුදු වෙන කොට වැරදෙනවා තමයි.
ද්‍රව්‍ය හදුනා ගනිමු..
1. දියෝඩය.(Diode)
මෙය එක් පසකට පමණක් විදුලිය දෙන යන උපාංගයක්.එහි ඉරක් වැනි සලකුණකින් එහි කැතෝඩය(ඝෟණ අග්‍රය )හදුන්වා තිබේ.ඔබ මෙම සංකේත ගැන කලබල විය යුතු නැත.මොකද මෙම උපාංග වල අග්‍ර හා එය සවිකල යුතු ආකාරය අපට ලබා දෙන මුද්‍රිත පුවරුවේ සටහන් කර තිබෙනවා..ඔබට තියෙන්නේ පිට පැත්තෙන් උපාංගය ඇතුළු කර අනික පසින් ඊයම් ඩොට් එකක් තැබීම පමණයි.අප මෙහිදී 1N 4007 දියෝඩ භාවිතා කරනවා.මෙවැනි දියෝඩ හතරක් එක් LEDබල්බයකට අවශ්‍ය වෙනවා.
2.ප්‍රතිරෝධකය.(Resistors)
මෙය විදුලියේ ගමනට බධා කරන උපාංගයක් ලෙස දැක්විය හැකියි.පරිපතයේ අපට අවශ්‍ය තැනට අවශ්‍ය විදුලි ප්‍රමාණය සැපයීමට මෙය යොදා ගන්නවා.ප්‍රතිරෝදකයේ අගය ලියා ඇත්තේ එහි බඳ මත මුද්‍රනය කර ඇති විශේෂ වර්ණ වළලු වලින්.කළු,දුඹුරු ,රතු,තැඹිලි,කහ,කොළ,නිල්,දම්,අළු සුදු එම වර්ණ වළලුය.මේ ගැන මම පස්සේ වෙනම පාඩමකින් කියා දෙන්නම්.
3.ධාරිත්‍රකය.(Capasitors)
මෙය තාවකාලික විදුලිය ගබධා කර තබා ගන්න උපාංගයක් බව කිව යුතුයි.මෙහි කැතෝඩ හා අනෝඩ ඇති නැති ලෙස දෙවර්ගයක් ඇත.එනම් අග්‍ර බේදයක් ඇති ඒවා මෙන්ම නැති ඒවා ද ඇත.අග්‍ර බේදය ඇති ඒවායේ ඝෟණ අග්‍රය හා ධාරිතාව ධාරිත්‍රකය මත මුද්‍රණය කර ඇත.අග්‍ර බේදයක් නැති ඒවා යේ එහි ධාරිතාව මුද්‍රණය කර ඇත.අග්‍ර බේදයක් ඇති ඒවා නිවැරදිව එහි අග්‍ර පරිපතයට සවිකළ යුතුය නැතිනම් ඒවා විනාශවේ.
4.LED බල්බය.
මෙයද දියෝඩයකි වෙනසකට ඇත්තේ එහතුලින් විදුලිය ගමන් කරන විට ආලෝක පිට වීමයි.මෙහි ධන හා ඝෟණ බේදය ඇත.නිවැරදිව පරිපතයට සවිකල යුතුය.අප මෙම බල්බය සඳහා යොදා ගන්නේ සාමාන්‍ය LED නොව බ්‍රයිට් ELD ය.
5.ඊයම් (Led)
උපාංග සියල්ල පරිපතයට පාස්සන්නේ මෙමගිනි.ඔබ සෑම විටම හොඳ ඊයම් තෝරා ගත යුතුය. නැතිනම් කාල්යත්ම පෑස්සුම් ගැලවීමට පුළුවන.
ඊළඟ පාඩමින් LED 96ක් ඇති බල්බයක් සකසන අයුරු කියා දෙන්නම්.ගැටළු තිබේනම් කොමෙන්ට් කරන්න.

මාසිකව අසීමිතව උපයන්න..අලුත් මගක්..
led bulbs sri lanka |
ඔබේ සුළු ඉලෙක්ට්‍රොණික හැකියාවෙන් ගෙදර සිටම ආදායමක් ලබා ගන්නා හැටිය..මේ සඳහා ඔබට කිසිඳු ප්‍රාඨමාලාවක් හැදෑරිය යුතු නැත.මෙන්න මේකයි අලුත් ක්‍රමය.
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 01.
ආලෝකය ලබා ගැනීම සඳහා අප දැනට භාවිතා කරන සුත්‍රිකා පහන කෙතරම් නාස්තිකාර විදුලි පහනක් දැයි ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැත.එම බල්බයට යෙදෙන විදුලි ශක්තියෙන් 90% ක් පමණ තාපය වශයෙන් අපතේ යයි.තාපය නොව අපට අවශ්‍ය වන්නේ ආලෝකයයි.මා හදුන්වා දෙන LED විදුලි පහනට සැපයෙන විදුලි ශක්තියෙන් 90% ක් ආලෝකය බවට හැරේ.එය හැල්මේ දිවයන ඔබේ නිවසේ විදුලි මීටරයට මහා අස්වැසිල්ලක් වනු ඇත.ළඟදීම විදුලි බිලද වැඩිවන නිසා මෙවැනි අලුත්දෙයකට අත ගැසීම සැබවින්ම අත්යවශ්‍ය දෙයකි.දැනට අප භාවිතා කරන CFL බල්බ වලද අප හිතනතරම් විදුලියක් ඉතිරි නොවේ.බාල හා ව්‍යාජ CFL බල්බ් වෙළෙඳ පොළ ආක්‍රමණය කර ඇත.ඒවා දැමීමෙන් කොහෙත්ම විදුලියක් ඉතිරි නොවේ.රටට අත්‍යවශ්‍ය මොහොතක LED විදුලි බල්බ ඉතා පහසුවෙන් සකසන අයුරු මම ඔබට නොමිලේ කියාදෙමි.මා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අත ගැසුවේ කුඩා කලම නිසා මෙම තාක්ෂනය පිළිබඳව හොඳ අත්දැකීමක් මාහට ඇත.ඔබට මා මෙය පියවරෙන් පියවර පාඩම් මාලාවක් ලෙස හදුන්වා දෙන අතර.ඔබේ එය කියවා ඔබට ගැටළු ඇත්නම් geek.lk හරහා හෝ මාහට කොමෙන්ට් එකක් ලෙස එවන්න.ඒ සෑම ගැටළුවකටම මම පිළිතුරු ලබාදෙමි.
අද පලමු පාඩමින් අප LED විදුලි බල්බ වල වාසි අවාසි කතාකරමු.
වාසි
1.වැයවන විදුලි බලය ඉතා අඩුය.
2.සුදු ආලෝකයක් විහිදුවයි.
3.ඉතා දිගුකලක් භාවිතා කලහැකිය.(වසර 5ක්)
4.ඉතා අඩු මුදලකින් අලුත්වැඩියා කල හැකිය.
5.දැනුමින් අඩු අයකු ට වුවද සැකසිය හැක.
6.නිවසේ සිට කල හැකි ලාභ දායි ව්‍යාපාරයකි.
7.අමුද්‍රව්‍ය ඕනෑ තරම් ඇතිනිසා සපයා ගැනීම පහසුය.
8.ස්වයං රැකියාවක් ලෙස ආරම්බ කර ඉක්මනින් දියුණුවිය හැක.
අවාසි
1.මුලික වියදම තරමක් වැඩිය.(එහෙත් බල්බය දල්වන විට එම මුලික වියදම මෙන් කීප ගුණයක ලාභයක් ලැබේ.)
ඊළඟ පාඩමින් හමුවෙමු..
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 4.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 6.මෙතනින්

Subscribe to:
Posts (Atom)